වයස අවරුදු 20, 30, 40 ගනන් වල ගැබ් ගැනීම ගැන ඔබ දත යුතු දේ

lead image

අම්මා කෙනෙක් වීමට සූදානම් වන ඔබ කුමන වයස් කාණ්ඩයකට අයත් වුවත් ඒ ඒ වයසට බලපෑ හැකි අවධානම් ගැනත් දැනුවත් වීම වැදගත් වනවා... මේ ඒ ගැන මනා දැනුවත් කිරීමක්.

ඔබ ජිවිතයේ කුමන අවධියේ සිටියත් ගැබිණි සාමය යනු කාන්තාවකගේ ජිවිතයේ අත්විඳිය හැකි සුන්දරතම අත්දැකීමක් කියා ඔබ එකඟ වනවා නියතයි. නමුත් මේ හැම අවධියක්ම සුවිශේෂී වන්නට තුඩු දෙන යම් යම් අවදානම් තත්ව මෙම සෑම අවධියකම නැතුවා නොවේ.

කාන්තාවකට ගැබ් ගැනීමට සුදුසුම වයස අවුරුදු 34 ක් බව විශේෂඥයන් නිගමනය කලත් අවුරුදු 30න් පසුව ගැබ් ගැනීම කිරි කජු වගේ පහසු කාරණාවක් බව අප කිවේ නැහැ.

ඉතින් අවුරුදු  20, 30 සහ 40  වයස් වල ගැබිණි මව්වරුන් ඒ ඒ වයස අනුව සුදානම් විය යුතු ආකාරයන් ගැන හුවා දක්වන්නට මේ ලිපියෙන් බලාපොරොත්තු වනවා.

වයස අවුරුදු 20 ගණන් වල ගැබ් ගැනීම

මෙය කාන්තාවකගේ "සාරවත් වයස" ලෙස ද හඳුන්වනු ලබන අතර මෙම වයස් සීමාවේ කාන්තාවන් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරයි නම් සැම මසකම 20%ක ගැබ් ගැනීමේ ප්‍රවනතාවක් ඇති බවයි පර්යේෂකයෝ පවසන්නේ.

මෙම වයස් කාණ්ඩයේ කාන්තාවන්ට අධි රුධිර පීඩනය හා ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු වනවා. පහසු දරු ප්‍රසුතියක් සඳහා වෛද්‍යවරුන් විසින් ව්‍යායාම සහ සෞඛ්ය සම්පන්න ආහාර වේලක්ද නිර්දේශ කරනවා.

පර්යේෂණ වලට අනුව වයස අවුරුදු 20 ගණන් වල දරු ප්‍රසුතිය සිදු කල කාන්තාවන් තුල පසු කාලෙක පියයුරු හෝ ඩිම්බ කෝෂ පිළිකා වර්ධනය වීමේ අවධානම අඩු බවයි පැවසෙන්නේ.

එමෙන්ම වයස 20 ගණන් වල ගැබ් ගන්නා මවකට ගබ්සා වීමේ අවධානම 9.5%ක් පමණයි. මෙය සෑම වයස් කන්දයකින්ම අඩුම ප්‍රතිශතයයි.

වයස අවුරුදු 30 ගණන් වල ගැබ් ගැනීම

වයස අවුරුදු 35 න් පසුව කාන්තාවකගේ සාරවත් බව ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගන්නවා.

කාන්තා සෞඛ්ය වන්විධානයට අනුව, ගබ්සාවීමේ අවදානම මෙන්ම උපත් විකෘතිතා හා වෙනත් අඩුපාඩු ඇති වීමේ අවධානමද වැඩි වනවා. අධි රුධිර පීඩනය හා ගර්භණී දියවැඩියාව වැනි තත්වයන් නිතර නිතර ඇති වන්නට පුළුවන් වන මුත් එය අධෛර්යයට පත්වීමට හේතුවක් නොවිය යුතුය. මවගේ සෞඛ්ය නිලධාරියාගේ අධික්ෂණය යටතේ කටයුතු කිරීමෙන් හා සුපරීක්ෂාකාරිව කටයුතු කිරීමෙන් ගැටළු රහිත ගැබිණි සමයක් ඇත විඳින්නට පුලුවන් වනවා.

මේ හා සම්බන්ධ තවත් රසවත් දත්තයක් වන්නේ අවුරුදු 30 ගණන් වල ගැබ් ගන්නා මව්වරුනට නිවුන් සහ ත්‍රිත්ව දරු ගැබ් ගැනීමේ අවස්තාව වැඩි වන බවයි. එනමුදු එවන් බහු ගැනීමක් නිසා නොමේරූ දරු උපත් සිදුවීමේ අවධානමද වැඩි වන බව සිහි තබාගත යුතුයි. 

වයස 30 ගණන් වල ගැබ් ගන්න මව්වරුන්ගේ ප්‍රසුත කාලය වඩා දිගු විය හැකි අතර, රුධිර වහනය හෝ වෙනත් ගැටලු හේතුවෙන් බොහෝ විට ප්‍රසුතිය සිදු කරනුයේ සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙනි.

C-කොටස් බොහෝ විට අවසානයි. ප්ලාසන්ටා පෙරියා වැනි ශ්රම හා ප්රසූති සංකූලතාවන් 30 ට වැඩි මවුවරුන් තුල බහුලව දක්නට ලැබේ. ශුභාරංචිය? මෑතකදී සිදු කළ අධ්යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 33 ට වැඩි කාන්තාවන්ට වැඩි කාලයක් ජීවත් වීමට හැකි බවය.

මෙම වයක් කාණ්ඩයේ මව්වරුනට ගැබ්ගෙල අවහිර වීම නොහොත් ප්ලැසන්ටා ප්‍රිවියා වැනි ප්‍රසූති සංකූලතාවන් ඇති වීමේ අවධානම වැඩි වන අතර ශුභාරංචිය වන්නේ මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූ පරිදි වයස අවුරුදු 33න් පසුව දරුවන් ප්‍රසුත කරන කාන්තාවන් හට දිගු කාලයක් ජීවත් වීමේ හැකියාව ඇති බවයි.

වයස අවුරුදු 40 ගණන් වල ගැබ් ගැනීම

ඔබ දන්නා පරිදි වයස අවරුදු 40 ගණන්වලදී ගැබ් ගැනීමෙන් වඩාත් වැඩි අවදානමක් ඇති බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ගබ්සාවකට මුහුණ දෙන මව්වරුන්ගෙන් 1/3 ක් පමණ වයස අවුරුදු 40 ත් 44 ත් අතර වයසේදී ගබ්සාවට මුහුණ දෙන බව සොයාගෙන තිබෙනවා. වැදෑමහ පහතින් පිහිටීමත්, අඩු බර දරු උපත් ඇති වීමේ අවධානම්ත් මේ වයස් කාණ්ඩයේ මව්වරුන් අතර වැඩි බව දක්නට ලැබෙනවා.

ඇමරිකානු පර්යේෂකයෝ සොයාගෙන ඇති පරිදි වයස අවරුදු 45ට වැඩි කාන්තාවන්ගෙන් ගැබ් ගැනීම් වලින් අඩක්ම ගබ්සාවකින් කෙලවර වන බව සොයාගෙන තිබෙනවා.

වයස අවරුදු 40ට වැඩි කාන්තාවන් ප්‍රසුත කරන දරුවන් 66කට 1 දරුවෙක් ඩවුන් සින්ඩ්රෝමය වැනි වර්ණදේහයක් සමග උපත ලබන බව කියෙවනවා. මෙය මර්දනය කිරීම සඳහා, ගර්භනී කාලය පුරාවට වෛද්‍ය අධික්ෂණය යටතේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ක්‍රියා කල යුතු වනවා.

එනමුත් කනස්සලු වන්නට අවශ්‍ය නැහැ. සුභවාදී පුවතක් වන්නේ මෑතකදී සිදු කළ අධ්යයනයකට අනුව, සහායක ඖෂධ නොමැතිව දරුවන් ප්‍රසුත කරන වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් වඩාත් දිගු කලක් ජීවත් වන බවට පර්යේෂකයන්ට සැකයක් ඇති වී ඇති බවයි. එස්ට්රොගන් හෘදය, ඇටකටු හා වෙනත් අවයව ශක්තිමත් කිරීමට ප්රසිද්ධ වී තිබේ. මීට හේතු විය හැක්කේ සිරුරේ නිපදවෙන බහුල ඊස්ට්‍රජන් ප්‍රමාණය නිසා විය හැකි බව උපකල්පනය කෙරෙනවා. ඊස්ට්‍රජන්  මගින් හෘදය, ඇටකටු හා වෙනත් අවයව ශක්තිමත් කරන බව ප්‍රසිද්ධ කරුණක්.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා