වසර 26කට පසු තමාගේ වැදූ මව හමු වූ ඒ හැඟුම්බර මොහොත: ෂෙරීගේ කතාව

26 වසරකට පසු තමා ලොවට බිහිකල අම්මා මුහුණට මුහුණ හමු වීමේ මෙම හැඟුම්බර මොහොත ෂෙරී හැඳින්වූයේ ඇගේ ජිවිතයේ නැති වුනු පුරුක ඇයට යළි ලැබුණු ලෙසයි. 

උත්පත්තියෙන් ලාංකික වන ෂෙරී ඇචේසන් බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාවන් 50 දෙනා අතරට එක්න් වනවා.

පසුගියදා තමා ලොවට බිහි කළ මව සොයා ඇය  ලංකාවට පැමිණියා. නිව්ස් ෆස්ට් මාධ්‍ය හරහා ඇයගේ මව සොයා දීමට ඔවුන්ගේ උදව් ඇය විසින් ඉල්ලා තිබුනේ සුළු කලකට ඉහතදී. ඒ අනුව ඔවුන් විසින් කළ විශේෂ ගවේෂණයක් හරහා මහත් ඇවෑමෙන් ෂෙරීගේ මව සොයාගැනීමට ඔවුන්ට හැකි වුනා. එම ගවේෂණය පිලිබඳ වැඩි විස්තර නිව්ස් ෆස්ට් හරහාත් අමරසර පුවත්  පිටුවේත්ර සඳහන්ම්භ කර තිබෙනවා. 

පෙරේදා උදෑසන ෂෙරීට නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයට ආරාධනා කර තිබුනා. එහෙත් ඇයව බිහි කල මවද මෙහි රැඳී සිටින බව ඇය දැන සිටියේ නැහැ.

ෂෙරී බලාපොරොත්තු නොවුණ දේ ඒ මොහොතේම සිදුවිය.

ඒ හැඟුම්බර අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙලෙසින්...

ෂෙරීව භාර දුන් එක්සත් රාජධානියේ අයර්ලන්ත යුවළ සමඟ තම ජිවිතය ජයගත් ෂෙරී, මෙම හමුවීම හැඳින්වූයේ ඇගේ ජිවිතයේ නැති වුනු පුරුක ඇයට යළි ලැබුණු ලෙසයි. 

මුලාශ්‍රය: නිව්ස් ෆස්ට් වෙතිනි