පවුලේ වැඩිමහල් දරුවා ඔබද? නුවණින් වැඩිත් ඔබද? බොහෝ විට වෙන්න පුළුවන්!

නව සමීක්ෂණයන්ට අනුව පවුලේ වැඩිමහල් දරුවන් ඥානයෙන් ද වැඩිමහල් බව පැවසෙනවා.

නව සමීක්ෂණයන්ට අනුව පවුලේ වැඩිමහල් දරුවන් ඥානයෙන් ද වැඩිමහල් බව පැවසෙනවා.

නමුත් මේ පර්යේෂණය මට නම් අදාල වෙන්නේ නැහැ. මොකද මම පවුලේ බලයා. මට හිතාගන්න බැහැ ඔවුන් මෙහෙම තීරණයක් කරන්නේ කොහොමද කියලා. ඒත් මේ සමීක්ෂණ වලට අනුව එය සත්‍යක්.

අධ්‍යනයන්ට අනුව පළමුව ඉපදෙන දරුවා අනිත් බාල දරුවන්ට වඩා ඉතා හොඳින් ක්‍රියාකාරකම් කරනවා. මෙය වයස අවුරුදු 1 දී අධ්‍යනයක් ලෙස සිදුකර තියෙනවා. මන්ද පළමු දරුවාට ඉතා හොඳ මානසික උද්දීපනයක් හා මව්කිරි ලැබෙන බව ඔවුන් කියනවා. ඒ වගේම කුළුඳුල් දරුවා ලැබෙන්න ඉන්නකොට හුඟක් වෙලාවට දෙමාපියන් දුම්බීම හා මත්ද්‍රව්‍ය ගැනීම ගැන සැලකිලිමත් වෙනවා.

මම මෙහි තාර්කිකත්වය දන්නවා. මොකද කුළුඳුල් දරුවා ලැබෙන්න ඉන්නකොට අම්මලා ඉතාමත් සුපරික්ෂාකාරී ලෙස හැසිරෙනවා. ඔවුන් උපරිමයෙන් එය කරනවා. නමුත් දෙවන වර ගැබ් ගැනීමෙන් පසු පළමු වර ඔබ මෙවැනි දේවල් වලට නිකරුණේ කලබල වූ බව දන්නවා. ඒ නිසා සුපරික්ෂාව නම් ටිකක් අඩුවෙනවා.

අනෙක් අතට ඔබට එක් දරුවෙකුට වඩා ඉන්නවා නම් ටිකක් විවේකයෙන් ඉන්න ලැබෙනවද? දරුවන් දෙන්නෙක් එක්ක මට මතකයි අපේ ගෙදර යුධ පිටියක් වගේ තිබුණා යි මගේ අයියා මට වඩා අවුරුදු 7 ක්ම වැඩිමල් නිසා එයා ඔක්කොම දන්නවා වගේ තමයි හිටියේ. ඒ වගේම වැඩි වයස් පරතරයක් නැතිව ඉන්න දරුවනුත් අපි දකිනවා. ඉතින් ඒ වෙලාවට කටයුතු කරගන්නේ කොහොමද? මේක පොදු ප්‍රශ්නයක්. ඉතින් දරුවන් කීපදෙනෙක් ඉන්න දෙමාපියන්ට මේ ගැන සිතන්න කරුණු කිහිපයක් ගැන සොයා බලමු.

  1. හොඳින් සැලසුම් කරන්න

දරුවන් දෙදෙනෙකු අතර අවම අවුරුදු දෙකක හෝ තුනක එහා පරතරයක් තියාගන්න. විශේෂයෙන් වැඩිමහල් දරුවාට ඔහුගේ හැකියාවෙන් ඇවිදින්නට පුළුවන් වනතුරුවත් සිටීම වැදගත්. දෙවැනි දරුවා පැමිණි පසු ඔබ උවමනාවෙන් නොකළත් දෙවැනි දරුවාට ලැබෙන අවස්ථාවන් අඩු වෙන්න පුළුවන්. මෙය හුඟක් වෙලාවට පවතින ගැටළුවක්.

  1. කිසිවිටකත් එක් අයෙකුගේ පැත්ත ගන්න එපා

හැමවිටම සසඳන්න හෝ බාලයා වයසින් අඩු නිසා නිතර එයාගේ පැත්ත ගැනීම සුදුසු නැහැ. හරි පැත්ත ගන්න. දරුවන්ට ඔවුන්ගේ සිතැඟි සන්නිවේදනයට අවස්ථාවක් දෙමින් හරි දේ වැරදි දේ පෙන්වා දෙන්න.

  1. සසන්න එපා

මෙය පැහැදිළි කිරීම අවශ්‍ය නැතත් කිසිවෙක් තමන්ව සසඳනවට කැමති නැහැ. එය දරුවෙකුටත් පොදුයි. දරුවන් දෙන්නම එකසේ නැති බව දැනදැනම ඔවුන්ව සසඳන්නේ ඇයි?  බලන්නකෝ අයියා දුවන ලස්සන. එය අනිත් දරුවාට බලපෑමක් වෙනවා.

  1. සෙල්ලම්බඩු බෙදාගන්න, තල්ලු කරන්න එපා

තල්ලු කරන්න එපා. එක වයසේ දරුවන් ඉන්න විට එක වගේ සෙල්ලම් බඩු ලබාදීම කරන්න ලෙසත් ඒවා බෙදාගන්නා ලෙසත් කියන්න එපා. ඔවුන් එය කැමැත්තෙන් කරනවා නම් ඊට ඉඩදෙන්න. හුඟක් වෙලාවට පීඩනය වැඩිමහල් දරුවාට වන නිසා ඔහුට එය නිතරම බෙදාගන්නට සිදු වෙනවා. දරුවා බෙදාගැනීම ගැන අවබෝධකර කරනවා නම් එය වෙනත් කාරණයක් වුනත් ඊට තල්ලු කිරීම කරන්න එපා.

සමහර විට ලොකු වුනහමත් දරුවන් හුඟක් තේරුමක් නැති රණ්ඩු ඇති කරගන්නවා. පරණ මතකයන් පවා වෙන්න පුළුවන්. නිතරම දරුවන් අතර ගැටළු විනිශ්චය කරද්දී තනියෙන් විනිසුරුවෙකු වෙනවට වඩා සාධාරණ ලෙස වැඩකිරීම ඉතා වැදගත්.

සහෝදර සහෝදරියන් අතර සමගිය ඇති කරන්න දෙමාපියන්ට වගකීමක් හා යුතුකමක් තියෙනවා. ඒ වගකීම වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ