ගැබිණි මවකගේ කුසේ හට ගන්නා වැදෑමහ සහ එහි ක්‍රියාකාරිත්වය

lead image

ගර්භනී සමයේ වැඩෙන කලලයේ පෝෂණය සපයන්නට මවකගේ කුසේ හටගන්නා මේ අද්විතීය ඉන්ද්‍රිය ගැන ඔබ නොදත් දේ මෙතැනින් දැනගත හැකියි. වැදැමහ හා සම්බන්ධ සෞක්‍යය ගැටළු හා ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථා ගැනද මෙතැනින් ඔබව දැනුවත් කරමු.

ගර්භණි අවධිය ගැන කල්පනා කරන විට එය මහත් ආශ්චර්යජනක අවධියක් නොවේදැයි ඔබටත් සිතෙනවා ඇති නේද?

ඔබේම කුස තුළ අලුත්ම අලුත් ජීවිතයකට පණ පොවන්නට හැකි වීම කෙතරම් අශ්චර්යයක්ද? ඒ හා සමාන තවත් ආශ්චර්යයක් වන්නේ මෙසේ ජිවය දෙන්නට හැකියාව ඇති කරන, ගර්භණි අවදියේ පමණක් මවකගේ කුසේ හටගන්නා අද්විතීය අවයවයක් වන වැදෑමහයි.

මෙසේ මවකගේ කුසේ හට ගන්නා වැදැමහ දරුවකු පිළිසිඳගෙන මවගේ කුසේ වැඩී මෙලොව එළිය දකුණ තුරාවටම දරුවාට අවශ්‍ය සියලු පෝෂණය ඇතුළු කුස තුළ ජීවයට සියලු අවශ්‍යතාවයන් නන් ලෙසින් සපයනු ලබනවා.

ඉතින් මේ ලිපිය අද වැදැමහ වටා ගෙතෙන අතර ඒ ගැන ඔබ දත යුතු සියලු දේ මෙන්ම යම් ගැටළුකාරී තත්ව පිලිබඳ ඇති වන අනතුරු ඇඟවීම් සහ ඔබ ඊට මුහුණ දිය යුතු ආකාර ගැන විස්තරයක්ද මේ ලිපිය තුලින් ගෙන එනවා.

මොකද්ද මේ වැදෑමහ කියන්නේ?

වැදෑමහ යනු ඔබේ දරුවා පිළිසිඳගත් මොහොතේ පටන් දරුවා ප්‍රසුත කරන තුරුම දරුවාට අවශ්‍ය පෝෂණය සපයන්නට තැනුණු ඉන්ද්‍රියකි.

කුසේ දරුවා නොහොත් කළලය නිර්මාණය කල සෛල වල්කින්ම වදමහත් සැදී ඇති අතර එය ගර්භාෂ බිත්තියේ රැඳී පෙකණි වැල ඔස්සේ අනෙක් කෙළවරින් භ්‍රෑණයට සම්බන්ධ වනවා.

මෙනිසා වැදැමහ දරුවාගේ පෙකණි වැලේ මුලාරම්භය වන අතර දරුවාගේ වැඩීමත්, ඇම්නියන තරලයේ වැඩි වීමත් සමඟ මෙහි ප්‍රමාණයත් විශාල වනවා.

දරුවා ප්‍රසුත කිරීමත් සමඟ බත් පිඟානක් තරමට වන් විශාල වූ වැදැමහත් ප්‍රසුතිය සමඟම සිරුරෙන් ඉවත් කෙරෙනවා. නුතන ලෝකයේ ඇතැම් මවුවරුන් මෙම වැදැමහ සංරක්ෂණය කරගන්නේ බෙහෙත් පෙත්තක් අකාරයෙන්.

වැදෑමහ කරන කාර්යභාරය කුමක්ද?

ගර්භණී කාලය පුරාවටම කලලයේ වැඩෙන දරුවාට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂණය සැපයෙන්නේ මේ වැදැමහ හරහායි.

මෙය සිදු වන්නේ කලලයේ ඇති සියලුම දේ පාහේ දරුවාගේ වර්ධනය වෙනුවෙන් සැපැයීම ස්වභාවයෙන්ම සිදු වන්නක් නිසායි. විශේෂඥයින් පෙන්වා දෙන්නේ කලලයට අවශ්‍ය පෝෂණය සැපයීම සඳහා සැම මිනිත්තුවකදීම රුධිරය මි.ලී. 550ක් වැදැමහ හරහා ගර්භාෂයට පොම්ප වන බවයි.

ගර්භනී සමයේ මවකු කන බොන දේ, ගන්නා බෙහෙත් ද්‍රව්‍ය ආදිය ගැන සැලකිලිමත් විය යුත්තේ මවගේ භාහිරව පරිභෝජනය කරන කුමන දෙයක් වුවද වැදැමහ හරහා දරුවාට සම්ප්‍රේෂණය වන බැවිනි.

වැදෑමහ මගින් දරු ප්‍රසුතියට අවශ්‍ය හෝර්මෝනද නිෂ්පාදනය කෙරෙන අතර දරුවා ප්‍රසුත කිරීමට නියමිත් කාලය එළඹෙන තුරු ප්‍රසුතිය මැඩපවත්වන ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝමෝන සිරුරට මුදා හරිනු ලබනවා.

මෙම අද්විතීය ඉන්ද්‍රිය මගින් කලලයට පෝෂණය සපයන අතරම කලලයේ ඇති අපද්‍රවය කලලයෙන් ඉවත් කොට මවගේ රුධිරයට මුදාහැරිමත් සිදු කෙරෙනවා.

මෙහිදී මවගේ හා දරුවාගේ නොහොත් කලලයේ රුධිරය වෙන්ව පවත්වාගෙන යාමත් විශේෂයක්. මෙහිදී එය මවගේ රුධිරයේ තිබිය හැකි ආසාදන හෝ හානිකර ද්‍රවය දරුවාගේ රුධිරයට යාම වලක්වන පෙරහනක් ලෙස ක්‍රියා කරනවා.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්ය සේවයට (NHS) අනුව, ගර්භණී කාලය අවසන් වකවානුවේදී වැදැමහ මගින් දරුවාට අවශ්‍ය ප්‍රතිදේහ පවා ලබා දීමෙන් දරුවාගේ උපතේ සිට මාස තුනක් පමණ වන තුරු දරුවාට ඇතිවිය හැකි අසාදන වලින් මර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දෙන බව පවසනවා.

මිට අමතරව වැදැමහ ගර්භාෂය තුළ සිටින දරුවාට පුරවලක් නොහොත් කුෂන් එකක් මෙන්ද ක්‍රියා කරමින් දරුවාගේ වැදීමට අවශ්‍ය සුව පහසු අසමසම වාතාවරණයක් පවා සකසා දෙන බව සැබවින්ම කෙතරම් සුවිශේෂද?

වැදෑමහ හා සම්බන්ධ සෞඛ්‍ය තත්වය

මායො සායනයේ වෛද්ය විශේෂඥයන් පවසන පරිදි වැදෑමහගේ සෞඛ්යයට බලපාන විවිධ සාධක තිබෙනවා. මේවායින් ඇතැම් සාධක වෙනස් කිරීමට කළ හැකි කිසිවක් නොමැති අතර ඇතැම් සාධක වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.

ගැබිණි මවගේ වයස: වයස අවුරුදු 40 ට වැඩි ගර්භණී කාන්තාවන් හට වැදැමහ සම්බන්ධ ගැටලු මතුවීමේ ඉහළ අවදානමක් තිබෙනවා.

අධි රුධිර පීඩනය: ගර්භනී සමයේ ඇති විය හැකි අධි රුධිර පීඩනය වැදෑමහට සෘණාත්මකව බලපාන්නට පුළුවන්.

නියමිත කාලයට කලින් පටක වල ඇති විය හැකි පලුදු වීම: නියමිත කාලයට කලින් දරුවාගේ ඇම්නියොටික් මලුවේ කාන්දු වීමක් හෝ පලුදු වීමක් සිදු වුවහොත් මෙයින් වැදැමහට හානි සිදුවිය හැකි වනවා.

මත්ද්‍රව්‍ය භාවිතය: ගර්භණී සමයේදී කොකේන් භාවිතා කරන හෝ දුම් පානය කරන හෝ කාන්තාවන්ට වකුගඩු ගැටලු ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

බහු ගර්භනී භාවය: නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් සංක්‍යවකට ගැබ් ගත මවකට වැදැමහේ ගැටළු ඇති වීමේ අවධානය වැඩිය.   

උදරයේ කම්පන තත්ව: ගර්භනී මවකට ඇගේ උදරයේ හෝ ඒ හා සමාන වෙනත් කම්පනයකට මුහුණ දීමට සිදු වුවහොත් වැදැමහ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ දීමේ වැඩි අවධානමක් තිබෙනවා.

රුධිරය කැටි ගැසීමේ අවධානය: මවක් රුධිරය කැටිගැසීමේ අවධානයට ලක් වූ කෙනෙක් නම් ඔවුනටද වැදැමහ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ දීමේ වැඩි අවධානමක් තිබෙනවා

වැදැමහ ආශ්‍රිත සුලභ සෞඛ්‍ය ගැටළු මොනවාද?

සාමාන්‍යයෙන් ගර්භණි සාමය තුළ වැදැමහ හොඳින් ක්‍රියාත්මක වනවා. නමුත් සමහර අවස්ථාවලදී ගැබිණි මව්වරුන් වැදැමහ හා සම්බන්ධ ගැටළු වලට මුහුණ දිය හැකි ඒවා අතරින් සුලභ ගැටළු කිහිපයක් හුවා දක්වන්නට පුළුවන්. 

කලල බන්ධනය, ගැබ් ගෙල අවහිර වීම නොහොත් පලැසන්ටා ප්රිවියාව

මේ කුමක්ද? මෙම තත්වය ඇති වන්නේ ඇතැම් අවස්ථා වල වැදැමහ ගැබ් ගෙල අවහිර වන සේ පිහිටීමේ ප්‍රතිපලයක් ලෙසයි. බොහෝ අවස්ථා වල ගැබිණි කාලයේ මුල් අවධියේ වැදැමහ මෙසේ පිහිටුනත් පසු කාලීනව ගර්භාෂ බිත්තියේ ප්‍රසාරණයත් සමඟ එය ගර්භාශයේ උඩු දෙසට  ගමන් කර සාමාන්‍ය තත්වයට පත් වනවා. කලාතුරකින් මෙසේ නොවූ අවස්ථා වල මෙම කලල බන්ධන තත්වය දක්නට ලැබෙනවා.

මිට තුඩු දියහැකි හේතු: උදරයට ඇති වූ කම්පන තත්වයක්, වයස අවුරුදු 35 ට වඩා වැඩි වීම, බහු ගැබ් ගැනීම්, ප්‍රමාණවත් නොවන ඇම්නියන දියරය, නියමිත කාලයට කලින් ඇම්නියෝටික මලුව පලුදු වීම, අධි රුධිර පීඩනය, දුම් පානය සහ ඖෂධ භාවිතා කිරීම.

සෞඛ්‍යට ඇතිවිය හැකි හානි

මෙහිදී දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හා පෝෂණය හීන වීම නිසා දරුවා පිඩනයට පත් විය හැකිය. වැදෑමහ පලුදු වීම නිසා නොමේරූ දරු උපතක්  ඇති වීමේ අවධානමක්ද ඇත.

සංකූලතා සහ රෝග ලක්ෂණ: වේදනාකාරී හෝ හදිසි උදර වේදනාව, යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම, ගර්භාෂයේ අපහසුතාවන් හා කැළඹිලි ස්වභාවයක් ඇති වීම.

ප්‍රතිකාර: ගැබිණි කාලය සම්පූර්ණ කිරීමට ආසන්න කාලයේදී මෘදු වේදනාකාරී තත්ත්වයක් ඇති වුවහොත්, ඔබේ වෛද්‍යවරයා දරුවාව සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙන් හෝ ක්ෂණිකව ප්‍රසුත කිරීමට උපදෙස් දෙනු ඇත. ගර්භණී සමයේ මුල් අවධියේ මෙම තත්වය හඳුනාගත්තේ නම් ඔබගේ සෞඛ්ය නිලධාරියා විසින් ඔබව සමීපව නිරීක්ෂණය කරනු ඇත.

වැදෑමහ කාවැදීම (Placenta Accreta)

මේ කුමක්ද? වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙය වැදෑමහ හා සම්බන්ධ රුධිර නාල ගර්භාෂ බිත්තියේ ගැඹුරට කා වැදීම නිසා ඇත වන තත්වයක් බවයි. මෙම තත්වය තවත් බැරෑරුම් ලෙස දිස් වන තත්ව කිහිපයක් වන්නේ වැදෑමහ ගර්භාෂ බිත්තියේ සෛල ආක්‍රමණය කිරීමෙන් ඇති විය හැකි (placenta increta) තත්වය හා ගැබ්ගෙල ආරම්භ වන ප්‍රදේශයේ බිත්ති පසාරු කරමින් වදුනහොත් ඇති වන (placenta percreta) තත්වයයි.

මිට තුඩු දියහැකි හේතු: කළල බන්ධන තත්වය හෝ ගර්භාශයේ ශල්‍යකර්මයක් කර ඇත්නම්.

සෞඛ්‍යට ඇතිවිය හැකි හානි:  අධික රුධිර වහනය ඇතුළු නොමේරූ දරු උපත් අවධානම.

සංකූලතා සහ රෝග ලක්ෂණ: ගැබිණි සමයේ තුන්වන කාර්තුවේ ඇති විය හැකි රුධිරවහනය.

ප්‍රතිකාර: සිසේරියන් සැත්කමක් මගින් දරු ප්‍රසුතිය සිදු කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය ඉවත් කිරීම කල හැක.

වැදෑමහ සිරුරෙන් ඉවත් නොවීම:  

ඇතැම් අවස්ථා වල දරු උපතින් පසුව වැදෑමහ ගර්භාෂය තුළ සිරවීම නිසා ප්‍රසුතිය අවස්ථාවේ එය පිටතට එන්නේ නැහැ. මෙය වැදෑමහ ගර්භාෂ බිත්තියට සම්බන්ධ වී ඇති නිසා හෝ ගැබ්ගෙලෙහි යම් අවහිරතාවක් ඇතුළු විවිධ හේතු නිසා සිදුවිය හැක. 

සෞඛ්‍යට ඇතිවිය හැකි හානි:  අධික රුධිර වහනය හා ඒ හේතුවෙන් මවගේ සෞඛ්‍යයට ඇති වන බලපෑම.

සංකූලතා සහ රෝග ලක්ෂණ: දරුවාගේ ප්‍රසූත කර පැය භාගයක් හෝ පැයකට හෝ පසුවත් වැදෑමහ සිරුරෙන් ඉවත් නොවීම.

ප්‍රතිකාර: දරු උපතෙන් පසු විනාඩි 30 සිට 60 දක්වා කාලය තුළ මවගේ වැදෑමහ නොලැබුණහොත්, ශල්‍යකර්මයක් තුලින් හෝ සින්ටෝසීනෝන් එන්නත් කිර ගර්භාශයේ සංකෝචන ඇති කර වැදෑමහ ඉවත ලෑමට මවට සහය දෙනු ලබනවා.

ඉතින් ආදරණිය මවුවරුනි, ඔබ ගැබිණි මවක් නම්, ඔබට ලේසියෙන් හෝ පහසුවෙන් මෙවන් අත්දැකීම් වලට මුහුණ දීමට සිදු නොවන අහර මෙකී රෝග ලක්ෂණ වලට ඔබේ මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය සහය පතන්නට අමතක කරන්නේ එපා!

පහත රෝග ලක්ෂණ දිස් වේ නම් ඔබ සැලකිලිමත් විය යුතුයි

යෝනි මාර්ගයේ රුධිර වහනය

උදරයට ඇති වූ කම්පනයක්

ගර්භාෂයේ පුංචි වේදනාවල්

දරුණු පසුපස කොන්දේ වේදනාව

ඉහත ලක්ෂණ දිස් වේ නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු අතර ඔබේ ගර්භනී සාමය පුරාම ඔබේ සෞඛ්ය නිලධාරියා වෙත යොමු විය යුතු බවට වග බලා ගත යුතු වනවා.

මක් නිසාද යත් වැදෑමහ ආශ්‍රිත ගැටළු කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීම දරුවාගේ සංකුලතා ඇති වීමට වඩා හොඳ බැවිනි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා