වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

lead image

"වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප" යනු කුමක්ද?

ඔබ වැසිකිළිය ෆ්ලෂ් කරන විට ඔබ හෝ ඔබේ දරුවන්  වැසිකිළි ආසනය විවෘතව  තබා ඉවත්ව යනවාද?

නමුත් මෙසේ කිරීමෙන් ඔබේ පවුල වැසිකිළියෙන් පිට වන වාෂ්ප වලට නිරාවරණය වන බව ඔබ දැනගෙන සිටියද?

"වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප" යනු කුමක්ද?

බිස්නස් ඉන්සයිඩර් හී ලිපියකට අනුව, "වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප" සිදුවන්නේ ඔබ වැසිකිළියේ පියන විවෘතව තබා ෆ්ලෂ්  කල විටයි.  ඔබ ෆ්ලෂ් කරන විට වැසිකිළි පෝච්චියේ  අපද්‍රව්‍ය  මිශ්‍ර අපිරිසිදු ජල වාෂ්ප  වාතයට එකතු වී විසිර යයි.

මෙයින් අදහස් වන්නේ  වැසිකිළි ආසනය විවෘතව ෆ්ලෂ් කිරීමෙන්  මෙම කුඩා අංශු ඔබ හා ඔබේ නාන කාමරයේ තුල ගමන් කරමින් විෂබීජ හා බැක්ටීරියා පතුරවන බවයි.

මෙම වාෂ්පයේ ප්‍රබලතාව මත එය අඩි පහළවක් පමණ උඩට ගිය හැක. එය ඔබේ සින්ක් එක හා නාන කාමරයේ දත් බුරුසු පවා අපවිත්‍ර  කළ හැකිය.

බිස්නස් ඉන්සයිඩර් තවදුරටත් පෙන්වා දෙන්නේ "කිහිපවිටක් ෆ්ලෂ් කිරීමෙන් පසුත් අහිතකර ක්ෂුද්‍රජීවීන් වැසිකිළි පෝච්චියේ පෝසිලේන් මතුපිට මත රැඳී සිටි අතර, දෙතුන් වතාවක් ෆ්ලෂ් කරන විට ක්ෂණිකව ක්ෂුද්‍ර ජීවීන්ගේ සංඛ්‍යාව පළමු වරට අඩු වන අතර, එය අතුල්ලා (වැසිකිළි සෝදන දියරයක් ඇතුව හෝ නැතිව)  ඉවත් කරන  තුරු  ක්ෂුද්‍ර ජීවී ගහණය  මුළුමනින්ම තුරන් වන්නේ නැත.

වැසිකිළිය භාවිතා කිරීමට වැදගත් උපදෙස්

වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප නිසා ඔබේ පවුලේ අය රෝගී  වීම වැළැක්වීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කිරීම වැදගත් වේ.

• ඔබ වැසිකිළිය ෆ්ලෂ් කරන  විට වැසිකිළි ආසනය වසා තබන්න. මෙය වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප වළක්වයි.

• දත් බුරුසු, දන්තාලේප වෙනම කබඩ් එකක ගබඩා කරන්න. මෙමගින්  මුඛය අපිරිසිදු වීම වැළැක්විය හැකිය.

•වැසිකිළිය භාවිතයෙන් පසු අත් සෝදන්න.

• කිසිදු  බැක්ටීරියා වර්ධනයක් සිදු නොවන බවට වග බලා ගැනීම සඳහා සතියකට වරක් වත් අවම වශයෙන් වැසිකිළියේ සෑම මතුපිටක්ම පිරිසිදු කරමින්  ඔබගේ වැසිකිළිය පිරිසිදු කරන්න.

වැසිකිළියේ සනීපාරක්ෂාව පිලිබඳ මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ  the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී