theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට විනය, හික්මවීම සහ අවනතකම හුරුකල හැකි සාර්ථක ක්‍රම 10ක්

4 අවම කියවීම
දරුවන්ට විනය, හික්මවීම සහ අවනතකම හුරුකල හැකි සාර්ථක ක්‍රම 10ක්දරුවන්ට විනය, හික්මවීම සහ අවනතකම හුරුකල හැකි සාර්ථක ක්‍රම 10ක්

මේ ක්‍රම 10 උපයෝගී කොට දරුවන්ව සාර්ථකව යහමගට යොමු කල හැකියි.

දරුවන්ට විනය

1 බැහැ කී විට හා කියන්න

දරුවා තම සෙල්ලම් බඩු අස් පස් කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඒ මොහොතේ ඊට බල නොකොට ඔහු/ඇය හා එකඟ වන්න. මද වෙලාවකට පසු නැවතත් ඔහුගේ සෙල්ලම් බදු ඇස පස් කරන ලෙස ඔහුගෙන් ඉල්ලන්න.

දරුවා නැවතත් එය ප්රතික්ෂේප කරන්නේ නම් ඔහු/ඇය කැමතිම සෙල්ලමක් බඩුවක් මතක් කොට එය සොයා දෙන ලෙස ඉල්ලන්න. දරුවට එය සොයා ගැනීමට අපහසු වුවහොත් සෙල්ලම් බදු ඇස පස් කරන්නට කියන්න.

එයට ත්‍යාගයක් ලෙස ඔබ එම සෙල්ලම් බදු සොයා දෙන බවට පවසන්න. දරුවා එය සොයාගත්තොත් හෝ අස් පස් කළහොත් දරුවාට ප්‍රශංසා කොට ඔහු/ඇය සමඟ සෙල්ලම් කරන්න.

2. ප්‍රශංසාව

දරුවා විශේෂිත යමක් කළ විට ඔහුව/ඇයව ප්‍රශංසා කරන්න. විශේෂයෙන්ම දරුවාට අනපේක්ෂිත අවස්ථා වලදී නොහොත් ඔබ එම ක්‍රියාව දුටුවේ යයි දරුවා නොසිතන අවස්ථාවක.

මෙසේ දරුවා සිපගැනීමෙන්  හෝ වාචිකව ප්රශංසා පිරිනැමීම දරුවාගේ එම හොඳ ක්‍රියා දිගටම කරගෙන යාමට ඔහු හෝ ඇය දිරිගන්වනු ඇත.

3. ඔවුනට කන් දෙන්න

දරුවා ඔබ සමඟ කතා බහක යෙදෙන අවස්ථා වල කිසිඳු බාධා කිරීමකින් තොරව දරුවාගේ සිතුම් පැතුම් නිදහසේ ඔබ හා කියාගෙන යාමට ඉඩ හරින්න.

විශේෂයෙන්ම ඔවුන් ඉස්පාසුවක් නැතිව ඔබ සමඟ කතා කරන්නට බලා ඉන්නේ නම් ඔබ කරන දේ නවතා දරුවා වෙත යොමු වන්න. ඔබ යෙදී සිටින ක්‍රියාව ගැන පහදා දරුවාගේ වාරය එන තුරු මදක් රැඳී ඉන්නා ලෙස ඔහුට/ඇයට පහදා දෙන්න.

හැකි සෑම විටකම ඇය හේතු රහිතව දරුවා ප්‍රතික්ෂේප නොකොට ඔවුනට ඔබේ තත්වය පහදා දීමෙන් ඔවුන් නොසන්සුන්ව ඉන්නා පුරුද්ද මගහරවා ගත හැකි වනවා.

4. ඔබේ ස්ථාවරයේ සිටින්න

ඔබේ දරුවාගේ නිසි හැසිරීම ප්‍රගුණ කිරීම සඳහා ඔබේ නීති රීති ස්ථාවරව ක්‍රියාත්මක කිරීමට ඔබ වග බලාගත යුතු වනවා.

නිදසුනක් ලෙස, ඔබ ඔහුට බෙදා දෙන සියල්ල ඉතුරු නොකොට කෑමට ගත යුතු යයි නියෝග කොට ඔහු කෑම ඉවර නොකළහොත් ඔහුට අතුරුපස නොදෙන බවට තරවටු කරනවා. එවිට ඔබ දරුවා කාම ඉතුරු කළහොත් අතුරුපස නොදී සිට ඔබේ ස්ථාවරයේ සිටිය යුතු වනවා.

5. එළිමහනට යාම පුරුද්දක් කරගන්න

දරුවාගේ නරක හැසිරීමට කෑ කෝ ගසනවා වෙනුවට, දරුවා නරකට දඟ කමට යොමු වන අවස්ථා මග හරින්න. කෑ ගසනවා වෙනුවට දරුවාට නියමිත කාල වල එළිමහනේ ක්‍රියාකාරකමට හෝ ගෙදරදීම ඔහුගේ අවධානය ඔහු සතුටු කරවන ක්‍රියාකාරකමක් වෙත යොදවන්න.

මෙය බයිසිකල් පැදීමට යාම හෝ ඔහු/ඇය කැමති අතුරු කෑමක් පිළියෙළ කිරීමක් විය හැක. ඔබ දෙදෙනාම අනෙක් දවසේ කෑ ගැසුවොත් දෙදෙනාම එළිමහනේ ඇවිදින්නට යමු කියා කල් තියාම තීරණයකට එළඹෙන්න. එවිට ක්‍රියාවට ප්‍රතික්‍රියාව හැමෝටම පොදු බවත් දරුවා වටහාගනු ඇත.

6. පුංචි ත්‍යාග භාවිතය

පුංචි පුංචි තෑගී වලට අපි හැමෝම කැමතියි. ප්‍රසිද්ධ ස්ථාන වල දරුවා හඬා වටේ නම්, ඔබ නවත්වන්නට කියූ සැනින් කියන දේ අසාවි නම්, එම මොහොතේ පංචි ත්‍යාගයක්, පොඩි චොකලට් එකක් වැනි දෙයක් දීමෙන් ඔබේ ප්‍රසාදය පල කරන්න.

දරුවා අගය කිරීමේ වගුවක් අනුගමනය කිරීමත් ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයක්. දරුවා යහපත් ක්‍රියාවක් කළ විට තරුවක් ලකුණු කරන්න. එක තරුවක් ලබා ගැනීමෙන් දරුවාට රුපවාහිනිය නැරඹීම සඳහා වැඩිපුර පැය භාගයක් දිනාගත හැකි බව පෙන්වන්න.

ඔහු නරක දෙයක් කරන්නේ නම්, තරුව ඉවත් කරන්නට සිදු වනවා. තරු පහක් එකතු කිරීමෙන් ටිකක් දරුවා කැමති ටිකක් ලොකු තෑග්ගක් පොරොන්දු වන්නට පුළුවන්. මෙම ක්‍රියාදාමය දරුවා යහමගට යැවීමට මෙන්ම දරුවාගේ ඉවසීම ප්‍රගුණ කිරීමටද බොහෝ උදව් වනවා.

7. දරුවාට තමන් විසින්ම විසඳුම් සොයාගන්නට හුරු කරන්න

දරුවා යම් කාරණාවකට කිපී සිටී නම් ඊට ඔහු/ඇය විසින්ම විසඳුමක් සොයාගැනීමට උදව් වන්න. දරුවා කාමරය පවිත්‍ර කිරීමෙන් රුපවාහිනිය නැරඹීමට පැය භාගයක් වැඩිපුර ඉල්ලයි නම් ඊට එකඟ වන්න. මෙම විසඳුම් සාමාන්‍ය සාධාරණ ඒවා ලෙස ගිවිසුමකට එළඹීමට ඔබ සුපරික්ෂාකාරී විය යුතුය.

8. අවධානය බිඳින්න

සැම දෙයකටම ‘එපා!’ කියනවා වෙනුවට දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඔබත් හුරු වන්න. දරුවා සෙල්ලම් බදු පොලේ ගසයි නම් ඊට එපා නොකියා දරුවාට බෝල ගැසීමට ආරාධනා කරන්න. නැතහොත් ඔහු/ඇය කැමති වෙනත් දෙයකට යොදවන්න.

දරුවා බිත්තියේ අඳියි නම් එම රූප ඉතා අලංකාර බවත්, ලොකුකොලයක ඒවා ඇඳීමෙන් ඔබට එය රාමු කරන්නට හැකි බවත්, පුවත් පත් වෙත යොමු කල හැකි බවත් පවසා දරුවා ඊට උද්යෝගමත් කරන්න.

9. නොසලකා හරින්න

දරුවා යම් දෙයකට කෑ කෝ ගසමින් විලාප තියයි නම් ඊට ප්‍රතිචාර දක්වන්නට එපා. දරුවාට නිවුනු ස්වභාවයෙන් කිව යුත්තේ ඔහුට කියන්නට ඇති දෙයක් සන්සුන්ව කිවහොත් ඔබ ඊට ඇහුන්කන් දෙන බවයි. දරුවා එතරම් හොඳින් තවම කතා නොකරයි නම් සංඥාවන් අධාරයෙන් ඔබ හා කතා කරන්නට යොමු කරන්න.

10. දරුවාට එය පහසු කරවන්න

දරුවා කිපිය හැකි අවස්ථාවන් මගහරින්න. දරුවා සෑම විටකම අලුත් සෙල්ලම් බඩු ඉල්ලන්නේ නම්, දරුවා සෙල්ලම් බඩු සාප්පු වලට එක්කන් යාමෙන් වලකින්න. ඔබ සෙල්ලම් බදුමිලදී ගන්නට යන්නේ නම් පමණක් දරුවා රැගෙන යන්න.

ඇය ඇත්ත වශයෙන්ම ඇය මිලදී ගැනීමට යන්න හැර සෙල්ලම් බඩු සාප්පු වෙත රැගෙන යාමෙන් වළකින්න. දරුවා තවම බෙදා හදා ගැනීමට හුරු වී නැතිනම් ඔහුව/ඇයව දරුවන් ගැවසෙන සෙල්ලම් පිටි වලට රැගෙන යාමෙන් වලකින්න.

මේ අදහස් වලට එකතු කරන්නට වටිනා අදහස් ඔබටත් තිබේ නම් ඒවා අප සමඟ බෙදාගන්නට ආරාධනා කරනවා!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවන්ට විනය, හික්මවීම සහ අවනතකම හුරුකල හැකි සාර්ථක ක්‍රම 10ක්
බෙදාගන්න :
  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it