විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

lead image

සෑමවිටම ජෝර්ජ්  කුමරා සියා පියාගේ අතේ එල්ලී සිටින විට චාලට් කුමරිය සිය මවගේ  ඇගේ දැවටී ඉන්නේ ඇයි කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? මෙන්න පැහැදිලි කිරීම් කිහිපයක්,

කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන දෙදෙනා ම කැප වූ දෙමාපියන් වූවත්, චාලට් කුමරිය, "අම්මාගේ දියණිය " ලෙස හැදි වැඩෙයි.

ඔබ රාජකීය පවුල ප්‍රසිද්ධියේ පෙනී සිටින විට සමීපව බැලුවහොත්, විලියම් කුමරු බොහෝ විට ඔහුගේ පුතා ජෝර්ජ්ගේ අත අල්ලා ගෙන සිටින අතර කේට් කුමරිය සිය බාලම දරුවා රැක බලා ගන්නා අයුරු ඔබට දකින්නට ලැබේවී.

චාලට් කුමරිය: " අම්මිගේ පුංචි සෙවනැල්ල"

මෙය අහඹු ලෙස නොවන බව වාර්තා වෙන අතර මිඩ්ල්ටන් පවුලේ විශ්වාසවන්ත මූලාශ්‍රයක් විසින් ආදරයට ඇයට අම්මාගේ සෙවනැල්ල කියන බව පැවසුවා.

"කේට් කොහෙන් ගියත්, චාලට් එතැනයි. එය හරිම ආදරණීයයි. ඇය ජෝර්ජ්ට වඩා වැඩිපුර  නිවසේ  සිටින නිසා, චාලට් මුළුතැන්ගෙයි දේවල් වලට උපකාර කරමින් කාලය ගත කරනවාලු," මුලාශ්‍ර  පවසනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2018/01/kate charlotte.jpg විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

ගෘහසේවිකාවක් හෝ කේට් ආහාර පිළියෙළ කරන සෑම අවස්ථාවකම, චාලට්ට ඇයගේ සෙල්ලම් ඉහුම් පිහුම් කට්ටලය සමග එය අනුකරණය  කිරීමට  අවශ්‍ය වෙනවා.

රාජකීය විචාරකයෙකු හා කතෘවරයෙකු වන රොබට් ජොබ්සන් Business Insider වෙත පැවසුවේ,

"සාමාන්‍යයෙන් තනි දරුවෙක් සහ දෙමව්පියෙක් අතර ඇති සබඳතාවය බිදවැටෙන්නේ එම සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන්නා නිසා වුවත්  විලියම් සහ ජෝර්ජ්ගේ සම්බන්ධතාවයේදී එය වෙනස්  වෙනවා."

බ්‍රිතාන්‍ය සිංහාසනයට සෘජු උරුමක්කාරයා කෙබඳු විය යුතුද  ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි දන්නා අයෙක් රැජින හා චාල්ස් කුමරු හැරුණු විට සිටින්නේ  විලියම් කුමරු පමණි,  යයි ජොබ්සන් තවදුරටත්  පැවසුවා.

විලියම් ස්වභාවිකවම  සිය පුතුට මඟ පෙන්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ජොබ්සන් විශ්වාස කරනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2018/01/royal fam 2.jpg විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

හැසිරීම්  පුහුණුකරු විලියම් හන්සන් විශ්වාස කරන්නේ එය හිතාමතා සිදු කරන්නක් නොවේ කියායි. එහෙත් බ්‍රිතාන්‍ය රාජ පවුලට වැදගත් වන පරම්පරාව හා අනුප්‍රාප්තියේ පෙළපතට උපහාර කිරීමට එය තවමත් හොඳ ක්‍රමයක් වෙනවා.

2018 මැයි මාසයේදී අවුරුදු  තුනක් සපිරීමට නියමිත චාලට් කුමරිය,  2018 ජනවාරි  මාසයේදී  පෙර පාසැල් යාම ඇරඹීමට නියමිතය.

රාජකීයන් තෝරන පාසැල ? ලන්ඩන්හි ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථානයේ විල්ක්ලොක් පෙර පාසැලයි. කීර්තිමත් පෙර පාසැල  කෙන්සිංටන් මාලිගය ලගින්ම පිහිටා ඇත.

2018 ජුලි මාසයේ දී අවුරුදු පහක් සම්පුර්ණ  කරන වැඩිමල් සහෝදරයා  වන ජෝර්ජ් අනිවාර්යයෙන්ම තම පියා වන විලියම්ට ඉතා සමීප වෙනවා.

src=https://sg.theasianparent.com/wp content/uploads/2018/01/royal fam.jpg විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

"විලියම් පවසන පරිදි මේ දිනවල පුදුම හිතෙන ගැඹුරු සංවාද ඔවුන් අතර ඇතිවෙන අතර  ලෝකය ගැන ඔහු දරන ආකල්පය අතිශයින්ම ආකර්ෂනීයයි", මුලාශ්‍රයක් අනාවරණය කරනවා. ඔහුගේ වයසට එන විට ජෝර්ජ් කොතරම් දීප්තිමත් වේදැයි විලියම්ටම සිතා ගත නොහැකි බව ප්‍රභවය තවදුරටත්  පවසනවා .

එවන් මාපියන්ගෙන් යුත් මේ කුඩා රාජකීයන්, ඔවුන් මහජනතාවට ආචාර කරන සෑම විටම ඔවුන් දෙස බලා සිටින්නන් නොතකමින් අම්මා හා තාත්තා යන දෙදෙනාටම සමීපව කටයුතු කරන බවට නිසැකයි.

දරුවන් හදාවඩා ගැනීමේදී රාජකීයන් ගෙන උගත හැකි අපූරු පාඩම් ඔබ වෙත ගෙන ආවේ  the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී