නීරස අවලස්සන දේවල් වලටත් විවාහක දිවිය රසවත් කරන්න පුළුවන්

අපි කවදාවත් නොසිතන සමහර අවලස්සන නීරස දේවල් අපේ විවාහ දිවිය රසවත් කරන හැටි මේ මනෝවෛද්‍යවරිය ඉතා අපූරුවට විස්තර කරනවා.

හැම යුවලක්ම තමන්ගේ විවාහ දිනය කිසිම අඩුපාඩුවක් නැතිව සිදුකරන්න හැකි වෙහෙසක්ම දරනවා.

ඉන්පසුව මේ ආදර සැමරුම දිගු කාලීනව පවත්වාගෙන යා යුතු වෙනවා. නැවත නැවත ඔබේ විවාහ දවස ගැන හෝ ඔබ සහභාගී වූ විවාහ උත්සවයක් ගැන සිතා බලන්න.

ඔබ හෝ ඔවුන් ඊට කෙතරම් වෙහෙසක්, මුදලක් වැය කරනවද? අනෙක් අතට හැකි ඉහළම දෙය කරන්නත් එය උපරිමයෙන් කරන්නත් ඔබ උත්සාහ කරනවා.

නමුත් මංගල උත්සවයෙන් පසුවත් එය එතරම්ම සොඳුරුද? එවිට සංස්කරණ කිසිවක් ඔබේ මංගල වීඩියෝවට මෙන් ජීවිතයට කරන්න බැහැ. දැන් ඔබ මුහුණ දෙන්නේ සැබෑ ජීවිතයට. බාධක නැති ජීවිතයක් නැහැ. එසේ දිවිය සිතන තරම් සුන්දර නැහැ.

නමුත් කටුක බව සුන්දරත්වය කරා ගෙනියන්නේ කොහොමද? මනෝ උපදේශන වෛද්‍ය ජෝන් ග්‍රීසල්  “අද මනෝවිද්‍යාව” නමැති ග්‍රන්ථය වසර 30 ක් පුරා විවාහක යුවලවල් සමගින් කළ කතාබහ හා අත්දැකීම් මගින් විවාහයක හරි දේවල් වැරදි දේවල් කියා දේවල් නැති බව පෙන්වා දෙනවා. ඇය මේ ගැන කතා කරන්නේ වසර 35 ක ඇගේ පෞද්ගලික විවහ දිවියේ අත්දැකීම්ද සමගයි.

මධුසමය කාලය හුඟක් දෙනෙකුට ඉතා මනරම් කාලයක් වුවත් ඒ කාලය ගෙවී යත්ම ඔවුන්ට යථාර්තය, ආර්ථික ගැටළු වැනිදේ ගැන ඉඟි ලැබෙන්න ගන්නවා.

ශරීර සෞඛ්‍ය ගැන අපිට අනුමාන කරන්න නොහැකියි වගේම ඒ ගැනත් අනුමාන අනුව සිදු නොවන බව වැටහෙන්න ගන්නවා. මේ වැනි හේතු ගැන පෙර දැන්වීමක් නැති නිසාම ඔවුන් ඉක්මනින් කනස්සල්ලටත් විවාහය තුළ පීඩනයටත් පත්වන්නට පුළුවන්.

මේ අනුව වෛද්‍යවරයා විවාහයේ අංශ දෙකක් හඳුන්වා දෙනවා. එය හරියට ගණදෙනුවක් වගෙයි. තරමක් ළපටි ගස් විවාහ වූ කාලය වගේ නැවුම් ජීවී ගතියෙන් වැඩියි. ඉතින් හරි ප්‍රියමනාපයි. දෙවැනි ගස් මහළු වෙමින් යන ලක්ෂණ පෙන්නුම් කරනවා. කාලය සමග මුහුණ දුන් විපර්යාසයන් ඔබට දැනෙනවා. නමුත් ඔහු ආස කරන්නේ මේ ආදරණිය බවටයි.  එහි පරිනත බව, පැවැත්ම, ශක්තිය පෙන්වනවා. ඔහු කියන්නේ වඩාත් සුන්දර පැරණි ගස් බවයි.

විවාහ දිවියේ ගිරි දුර්ග ජයගන්න වෛද්‍යවරයා කියනවා.

විවාහ දිවියේ අසීමිත ගැටළු කලකිරීම් දිහා වෙනස් මනසකින් බලන්නත් ඊට ශක්තිමත්ව සිට ගැනීමටත් වැදගත් බව කියනවා.

ජීවිතයේ කැළැලි පවා ආඩම්බරයෙන් දරාගැනීම ඵල රහිත හා ඵල පිරි කාලය එකසේ දරාගැනීම විවාහයේ පැවැත්ම බව ඔහු දකිනවා.

අපි විවාහයේදී එකිනෙකා හා ගිවිස ගන්නේ දුකේදී මෙන්ම සැපේදීත් එක ලෙස ජීවත් වීමටයි, ProDad.com සඳහන් කරනවා. නමුත් විවාහ දිවියකදී අත්තනෝමතික හිරිහැරයන් නම් ඉවසා සිටිය යුතු නැහැ.

අපි අපේ යුතුකම් අමාරුකම් ලෙස හඳුනාගන්නේ  අත්දැකීම් ලෙස ඒවා විඳිමින් ජීවිතය ඉදිරියට සහයෝගයෙන් ගෙවා යාමටයි. අමාරු කාල වලදී එය සවියක් කරගෙන දෙදෙනාම එක ලෙස එක්ව කටයුතු කිරීම වැදගත්. එකිනෙකාට චෝදනා එල්ල කරනවාට වඩා තමන්ගේ දියුණුව තුළින් අවසානයේ දියුණුව ලබා ගැනීමට උත්සාහ කිරීම වැදගත්.

ඔබ ආදරයට දෙන අර්ථකතනයන් හැම දිනයකම ඔබේ සහකරුට සහකාරියට පෙන්වන්න අමතක කරන්න එපා. විවාහ දිවියේ ‘දිග’ තීරණය වන්නේ එතැනදීයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ