මෙන්න මේ ක්‍රියාවන් 4ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

lead image

අද කාලයේ විවාහයෙන් වෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. විවාහක යුවලකගේ වෙන්වීම  ඇසෙන විට අපිට කණගාටුවටක් ඇතිවෙනවා.

අද කාලයේ විවාහයෙන් වෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. විවාහක යුවලකගේ වෙන්වීම  ඇසෙන විට අපිට කණගාටුවටක් ඇතිවෙනවා.

මෙම විවාහයන් විසිර යෑම විශාල දෙයකින් ආරම්භ වෙන්නේ නැහැ. ඒ වෙනුවට තම තමන්ගේ වැරදි ක්‍රියා හා පුංචි පුංචි හිත් රිදවීම් ටිකෙන් ටික එකතු වෙලා ඇතිවෙන විශාල තත්වය එයට හේතු වෙනවා.

Hannah Chudleigh ගේ Family Share නම් ලිපියෙහි ඔබ නොදනුවත් කමින් කරන විවාහයට අවසන් තිත තැබිය හැකි ක්‍රියාවන් හතරක් විස්තර කරනවා.

1. ස්තුතිවන්ත නොවීම

මෙය ඔබේ සැමියා අගය නොකර සීටිමක් බවටද පත්වෙනවා. විවාහය හෝ ආදරණීය වීම පමණක් නොව ඕනෑම සම්බන්ධතාවයකදී ස්තුතිවන්ත වීම වැනි පුංචි වදන් පෙලක් පැවසීම මෙන්ම ඔබගේ සහකරුගේ උත්සහ අගය කිරීමත් ඉතා අත්‍යාවශ්‍ය වෙනවා.

Hanna ට අනුව සහකරුගේ උදව් අගය කරමින්  ස්තුතිවන්ත භාවය පෙන්වීම ඔහුව දිරිමත් කරනවා. ඒ තුලින් ඔබේ සැමියා කටයුතු ඉටුකිරීම සදහා පහසුවෙන් යොමුවීම සහතික වන අතර වැදගත් දේ වන්නේ ඔබ විසින් ඔවුන්ගේ උත්සහයන් හදුනා ගැනීම හා අගය කිරීමයි.

2. ඕපාදූප කීම

ඔබේ පෞද්ගලික දේවල් අනෙක් අය සමග පැවසීම ඔබේ විවාහය තුල කල හැකි නරකම දෙයක් වෙනවා. ඒවගේම ඔබේ සහකරුගේ දුර්වලතා සමාජ මාධ්‍ය තුලින් කථා කිරීමත් හානිදායක වෙනවා.

ඒ මගින් ඔබේ සම්බන්ධතා වළක්වනු ලබන අතර ඔබගේ සහකරු ගැන ධනාත්මක දේවල් වෙනුවට ඍනාත්මක දේවල් වෙතට ඔබව යොමු කරනවා.  කොහොම නමුත් අපවාදාත්මක අවස්ථා වල නිසි බලධාරින්ගේ සහය ලබාගන්න.

3. සමාජ මාධ්‍ය භාවිතය

සෑම දෙයකම උපරිමයට යෑම නරකයි. සමාජ මාධ්‍ය සුවිශේෂී නෑ. සමාජ මාධ්‍ය විසින් ඔබ දෙපලට එක්ව ගත කල හැකි වැදගත් කාලයට බාධා කරනවා පමණක් නොව අනෙක් පුද්ගලයන්ගේ වැරදි පුරුදුද ඒ මගින් නිරූපණය වන බව Hanna තර්ක කරනු ලබනවා.

" සමාජ මාධ්‍ය මගින් සම්පුර්ණයෙන්ම විස්තර ලබා නොදෙන නිසා  වෙනත් පුද්ගලයෙකුගේ තරම් ඔබේ සම්බන්ධතාවය සාර්ථක නැහැ කියන වැරදි උපකල්පනය  ඔබේ හිතේ ඇති කරන්න එයට පුලුවන්. "

4. ඔබේ සහකරුට වඩා දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දීම 

මෙය ඔබට වැරදි උපදෙසක් සේ පෙනෙන්නට පුලුවන්. සම්බන්ධතා වලදී ඔබේ සහකරු තරමට  දරුවන්ද වටිනවා.

"නමුත් ඔබ සහකරු සමග ගත කිරීමට ඔබ දෙපලටම වෙන්වු කාලයක් සොයා ගැනීම අවශ්‍ය වෙනවා. ඔබේ සම්බන්ධතාවය සුවිශේෂී බව කවදාවත්ම අමතක කරන්න එපා. ඔබේ විවාහය අලුත් කර ගැනීම මෙන්ම ඔබ එකිනෙකා ගැන සිතීමට නිතර මද වේලාවක් යොදා ගන්න."

ඔබේ විවාහය සුරකින්න මේ ඔවදන් ඔබ වෙත ගෙන එන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී