පසුගිය වසර ගාණනක් පුරා විවාහයෙන් මා උගත් පාඩම් 12 ක්

"විවාහය ඉතාම සොඳුරු ගමනක් වගේම එහි සම්පූර්ණයෙන් විරුද්ධ අත වෙන්නත් පුළුවන්. මම මගේ ජීවිතයේ අත්දැකීම් තුළින් වටහාගත් දේවල් හුඟක් තියෙනවා. මේ පුංචි එහෙත් වටිනා ඉඟි ඔබේ යුග දිවියේ සතුට රඳවා ගන්න උදවු වෙන්න පුළුවන්."

විවාහය උත්සාහයක්, ඒ වගේම සතුට හා ජයග්‍රහණය ඒ හරහා ලැබෙනවා. මේ හැම දෙයකටම ඔබ ඔහුව විශ්වාස කිරීම, සමාව දීම, ඔහු වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වෙනවා. අවසානයේ ඔබ දෙදෙනා ඔබ දෙදෙනා වෙනුවෙන් මේ ගමන යායුතු වෙනවා.

පළවෙනි පාඩම

විවාහය ඉතාම නීරස වන්නේ සමහර විට ඉතාම සොඳුරු විනෝදජනක සිනහවෙන් පිරුණු අරුමැසි මතක ගෙනෙන දෙයක් වන්නටත් පුළුවන්. නමුත් එය මේ කොයි අතට හරවා ගැනීමටත් ඔබට වගකීමක් තිබෙනවා.

දෙවැනි පාඩම

ඔබ කොයිතරම් කාලයක් ඔහු සමග විවාහ වෙලා හිටියත් ඔහු සැරින් සැරේ ඔබව රිදවීම ගැන ඔහුට සමාව දෙන්න. 

තුන්වෙනි පාඩම

හැමවිටම ඔබ, ඔබ දෙදෙනාගේ මත වලට එකඟ නොවන්න පුළුවන්, සාධාරණ ලෙස තර්ක කිරීම හෝ දබඹර කිරීම කරන්න.

හතරවන පාඩම

විශ්වාසය තනන්න කාලාන්තරයක් ගියත් එය බිඳ වැටෙන්න තත්පරයක කාලයක් ප්‍රමාණවත්.

පස්වෙනි පාඩම

නිදහසට හේතු සමග සමාව ගන්න. ඔබ වරදක් කළා නම් එය ඍජුවම පිළිගෙන සමාව ගන්න.

හයවෙනි පාඩම

ඔබ දෙදෙනා තරග කිරීම නොකළ යුතුයි. මන්ද ඔබ දෙදෙනාටම තියෙන්නේ එක් කණ්ඩායමක් පමණක් නිසා.

හත්වෙනි පාඩම

පැවැත්ම වෙනුවෙන් මුදල් ඉස්සර කර ගැනීම නිසි වැදගැම්මකට නැති උපායක්.

අටවෙනි පාඩම

මට තරහා ආවොත් තරහා ගැනීමට අයිතියක් ඇතත් ඉන් මට අමානුෂික හෝ ඉතා නරක ලෙස හැසිරීමට අයිතියක් දෙන්නේ නැහැ.

නමවෙනි පාඩම

ප්‍රීතිමත් යුග දිවියක මිත්‍රත්වය හා ආදරය සමසමව තිබිය යුතුයි.

දහවෙනි පාඩම

ඔබට උවමනා ලෙස කෙනෙක් ආදරය නොකලාට ඔහු ඔබට ආදරය නැතැයි සිතන්න බැහැ. 

එකොළොස්වෙනි පාඩම

දෙදෙනෙක් තර්ක කළා කියලා ඔවුන් එකිනෙකාට ආදරය නැතැයි සිතන්න බැහැ. ඒ වගේම සමහර අය තර්ක නොකළා කියලා ඔවුන් ආදරෙන් ඉන්නවා කියලා හිතන්නත් බැහැ.

දොළොස්වෙනි පාඩම

තවත් ඔහු වෙනුවෙන් ඔබ ළඟ ආදරය නැතත් ඔහු එය අයදින්නේ නම් ඔබට ඊට ශක්තිය තියෙනවා. ඔබ ඒ වෙනුවෙන් උදවු කරන්න.

විවාහය ඉතාම අභියෝගාත්මකයි. නමුත් දෙදෙනෙකුගේ කැපවීම ඒ අභියෝගය වටහා ගන්න පාලමක් සේ උදවු වෙනවා. theAsianparent Sri Lanka මේ අදහස් ඒ වෙනුවෙන් ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ