සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

කාන්තාවකගේ අදුරු පුංචි රහසක් ( විවාහයේ ගැටළු ) හෙළිවෙයි.

බිරිඳගේ මිතුරියන් ගැන සිහින මවන පුරුෂයන්  ගැන කථා අපි අසා ඇති නමුත් එහි අනෙක් පැත්ත එසේ අසා නැත.

හොඳම මිතුරන් සඳහා අසාවෙන කාන්තාවන් ගැන ඔබ දන්නවාද? ඔබගේ සැමියාගේ හොඳම යාළුවා ගැන ඔබ කවදා හෝ හීන දැක තිබේද?

විවාහයේ ගැටළු: ලින්ඩා මෑතකදී පාපොච්චාරණය කලා.

සාමාන්‍ය බවෙන් ඉවතට...

සාමාන්‍යයෙන් අපේ ජීවිත සාමාන්‍ය සීමාව තුල පවත්වා ගන්නා අතර පොතක්, ගීතයක්, පුද්ගලයෙකු හෝ පුදුම හිතෙන දෙයක් අපිට යලිත් ජීවයක් දෙනවා.

අපි අපේ දරුවන්ට  පාසැල් යන්න සූදානම් වෙන්න උදව් කරනවා. අපේ සහකරු රාජකාරියට යන නිසා ඔවුන් පිටවෙන විට සිපගන්නවා. ඊට පස්සේ අපි අපේ දේවල් කරනවා. අපේ හිතෙන් ඉවත් කරන්න බැරි සමහර දේවල් පැමිණෙනවා.

ලින්ඩාට එසේ වුයේ ඇගේ සැමියාගේ හොඳම යාළුවායි. ඇත්ත වශයෙන්ම ඇය තම සිතුවිලි තමන් තුලම තබාගත් අතර ඔවුන් ඉදිරියේ පෙන්නුවේ නැහැ.

එහෙත් අභිලාෂය හා සීමාවන් තුළ රැඳී සිටීමේ අවශ්‍යතාවය අතර ඇයට සටන් කරන්න වුනා. සැමියාගේ හොඳ මිතුරා ගැන සිහින දැකීම හෝ නොදැකීම කිසිවෙකුට ඔවුන්ගේ නොහික්මුණ සිතුවිලි නවත්වන්න බැහැ.

ඇය සැමියාගේ හොඳම යාළුවා ගැන රහසේම  කාමුක සිතුවිලි  ඇති කර ගත්තා.

මෙන්න ලින්ඩාගේ සම්පුර්ණ පාපොච්චාරණය:

අවුරුදු පහකට කලින් මට දැන් ඉන්න මගේ සැමියාව හම්බවුනා. මම පෙම්වතෙක් ගෙන් වෙන් වුන ගමන් නිසා ටොම් සහ මම මුලින්ම යාළුවන් වුනා.

සාදයකදී මට ටොම්ව හමුවෙද්දී මම පැරණි සම්බන්ධතාවයෙන් දැඩිලෙස වේදනා විදිමින් හිටියා. ඒ නිසා ටොම්ගේ උනන්දුව නිසා මම සතුටට පත් වුනත් මිතුරු කමට වඩා වැඩිදෙයක් එහි වුනේ නැහැ.

එය මිතුරු හමුවක් පමණක් නිසා මම ඔහු හා කෝපී කෝප්පයක් බොන්න යන්න එකග වුනා. මම ඉතා හොඳ කාලයක් ගතකලා.

නමුත් මට ඔහුට අවංකවෙන්න අවශ්‍ය වුනා. එබැවින් මම මගේ තත්වය ගැන ඔහුට පැවසු අතර ඔහුට එහි ගැටලුවක් නොමැති බව කිව්වා .අපි එකට රැදිලා හිදිමින් එය සිදු වන්නේ කෙසේදැයි  බැලුවා.

වසර දෙකකට ආසන්න කාලයක් අපි මිතුරන් ලෙස හොද කාලයක් ගත කළා. මට තනියම සිටීමට කාලයක් දීම හා ඒ තුලට කිසිවක් ඇතුල් වීමට ඉඩනොදීම ගැන මම ස්තුතිවන්ත වුනා.

අපි එකිනෙකා මාසෙකට  කිහිපවරක්  වරක් මුණගැසුනා. බොහෝ විට කෝපි එකක් බොන්න  හා චිත්‍රපටයක්  බලන්න ගියා. අපි අතින් ඇල්ලුවේ හෝ සිපගත්තේ නැහැ .

එය පිවිතුරු ප්‍රේමයක් වුනා.  

මම ඔහු හොඳ මිනිසෙක් බව දැනගත් නිසා ටොම් මගේ විශ්වාසය දිනාගත්තා.

අවසානයේදී මම ඊට වඩා වැඩි යමකට සුදානම් බව තීරණය කලා.

ඒ කාලය තුළ අපි එකිනෙකාගේ මිතුරන් කිහිපදෙනෙකුව මුණගැසුණද  අපි දෙදෙනා එකව ජීවත් වෙන්න පටන් අරන් ටික කාලෙකට පස්සේ ටොම්ගේ හොඳම මිතුරා වන නික් මට හදුනාගන්න ලැබුනා.  

ඔහු වසරකට විදේශගතව කටයුතු කර තිබු බැවින්, ටොම් ඔහු ගැන මට කියා  තිබුනද මට ඔහු  කලින් කවදාවත් හමුවී නැහැ.

විවාහයේ ගැටළු: රාගයෙන් බැදීම

නික් මට හමු වු විට එය දුටු පමණින්ම ඇති වු රාගික හැගීමක් වුනා. ඔහු මට හමුවූ වඩාත්ම කඩවසම් මිනිසා වු අතර ඔහු හා මුල් හමුවීමෙන් පසුව, මම ඉතා පහසුවෙන් ඔහු සමඟ ආදරයෙන්  බැදිය හැකි යැයි සිතුනා. ඒත් එසේ වුනේ නැහැ .  

ඇත්තටම මා හා ටොම් අතර තිබුණු සම්බන්ධය පුදුම සහගත එකක් වුනා. ඒ වගේම මම  ලස්සන පස්සේ ගියේ  නැහැ. විශේෂයෙන් ඒ ලස්සන  මගේ පුරුෂයාගේ මිතුරා සතු වුනා.

නික්  සිය විදේශීය තනතුරු අවසන් කිරීමෙන් අනතුරුව සිංගප්පූරුවට පැමිණ තියෙනවා. ඔහු ඉක්මනින්ම ඔහුගේ සුපුරුදු ජීවිතයට යලිත්  පැමිණි  අතර ටොම් සමඟ එකතු වුනා.

මම ටොම්ගේ ජීවිතයේ කොටසක් වූ නිසා, මම ද නික් නිතර  දකිනවා. ඒ වනවිට ටොම් සහ මම එක්ව ගොඩාක් කල් ජීවත්ව තිබු අතර මම නික්ව අඩුම වශයෙන් මාසයකට කිහිපවරක්  වරක් දැක්කා. මම ඔහුව දුටු සෑම අවස්ථාවකදීම ඔහු මගේ ප්‍රාණය අරන් ගියා.

එය හවස මුහුදු වෙරළේ දී හෝ ඔහුගේ මිතුරන් සමඟ රාත්‍රී  භෝජන සංග්‍රහයක්දී වුවද, ඕනෑම අවස්ථාවක ඕනෑම දවසක ඕනෑම මොහොතක දී ආකර්ෂණීය පෙනුමක් නික් සතු වුනා.

එක් සති අන්තයේදී ටොම් සහ මම ඔහුගේ කාර්යාලයට ගිය අතර  සති අන්තයම වැඩ කර සිටි  නික් වෙහෙස අතරින් වුනත් සරාගීව දිස් වුනා.

මම මගේ ද්‍රෝහි කම මං තුලම තබාගත්තා. මට එය මගේ යාළුවන්ට වත්  කියන්න බැරි වුනා. මම එය ටොම්ට කිසිදා කියන එකක් නැහැ . මම කියන්නේ, තමන්ගේ  පෙම්වතාගේ හොඳම යාළුවා ගැනීමට ඇල්මක් ඇතිකර ගන්නේ මොන වගේ කාන්තාවක්ද? (මම.)

විවාහයේ ගැටළු: තබාගන්න නම් නොවේ

මම ටොම් සමග වු සම්බන්ධතාවයට නික් බලපෑමක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඔහුගේ කඩවසම්  මුහුණ හැරුණු කොට  මම ඔහු ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ . ඔහු පෙර සහ තවමත් නළුවකු වෙනවා.  

ඔහු මට හා ටොම්ගේ  මිතුරන්ටත්  ප්‍රියමනාප  වුවද, ඔහු ඔබ සිතන පෙම්වතෙකුට හොද  උදාහරණයක් නම් නොවේ.

වසර ගණනාවක් පුරා නික් හා එක්ව ජීවත් වු  කාන්තාවන් කිහිපදෙනෙකු මට මුණගැසුණු අතර, නික්  පෙනුමෙන් යුත් කාන්තාවන්ට  කැමති වුවා පමණක් නොව ඔහු මද  කලකින්  ඔවුන්  අත්හැර දමයි. ඔහු සම්බන්ධතා වලට කැමති වුවෙක් නොවු අතර එය මාව විශාල ලෙස නතර කරන්නක් වුනා.

ඒත් මට ඔහු ගැන සිහින දැකීම නතර කරන්න බැරිවුනා.  අවුරුදු දෙකකට පෙර ටොම් සහ මම විවාහ වෙලා ලිංගික සම්බන්ධකම් පටන්ගත්තා.

එය පුදුමසහගත  වුනා . මම ඔහු සමඟ ලිංගික සම්බන්ධතා වලින් සතුටු වුනා. නමුත් මාස කිහිපයකට පසු අපේ උනන්දුව අඩුවුනා. අපි දෙදෙනාගෙන් කෙනෙකුට  හෝ වරද පැටවිය නොහැකියි.

අප ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන අතර මානසික පීඩාවෙන් ,රැකියා වල නිතර වීම නිසා අපට ලිංගිකව හැසිරීමට අවශ්‍ය වුවද, සමහර වේලාවට  එයට  කාලය  සොයා  ගත නොහැකි වුනා. සමහර අවස්ථාවලදී  අපිට ඒ සදහා තිබුනේ ටික වේලාවක් වු අතර ඉන් මම නිතර  සෑහීමකට පත් වුනේ නැහැ.

විවාහයේ ගැට‍ළු: සැබෑ සිහින දැකීම

එක දවසක් ටොම් සහ මම නිදා සිටියදී මම නික් ගැන කල්පනා කරන්න පටන් ගත්තා. අපි ඊලග සතියට යෙදුන නික්ගේ උපන් දිනය හා ඔහුට තෑග්ගක් ගන්නේ කෙසේද යන්න ගැන  කලින් කතා කලා. තිබුණේ ඊළඟ සතියේයි. ඒ නිසා මම ඒ සාකච්ඡාව වෙත මනසින් ගමන් කලා.

සොදුරු ඇදුමකින් සැරසුන සුන්දර හෝටලයක පැවැත්වෙන ඔහුගේ උපන් දින සාදය කෙසේ වේදැයි මම කල්පනා කලා. මගේ හැගීම් අවදිවෙන බව මම තේරුම් ගත්තා.   ඔව්, ටොම් ඒ මොහොතේ මා සිප ගන්නා විට  මම වෙනදාට වඩා පුබුදු වුනා.

නික් ගැන සිතුවිල්ල මාව උද්‍යෝගීමත් කල බව මම දැනගත්තා.  ඉතින්, මම එය දිගටම කරගෙන ගිය අතර, ටොම් සමඟ පුදුම සහගත ලෙස ලිංගිකව හැසිරුනා.

ඇත්ත වශයෙන්ම ඔහුට ඒ ගැන  අදහසක් තිබුණේ නැහැ . එදින රාත්‍රියේ  අපි දෙදෙනාම ඉතා තෘප්තිමත්ව වීම ගැන ඔහු සතුටට පත්වුනා.

මෙය ටොම් සමඟ ලිංගිකව හැසිරීමේදී  නික් ගැන මම  සිතූ එකම අවස්ථාව   නොවේ. මම හා ටොම්   ලිංගික සම්බන්ධකම් පවත්වන සෑම අවස්ථාවකදීම මම එය නොකලත් , මට උත්තේජනයක් අවැසි විට එය කලා.

විවාහයේ ගැටළු : සිතුවිල්ල  සහ ක්‍රියාව

මා කරන දේ කිසිම වැරැද්දක් මම දකින්නේ නැහැ . බොහෝ කාන්තාවන් තමන්ගේ සගයන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන අතරම ප්‍රසිද්ධ  පුද්ගලයන් ගැන සිහින දකිනවා.

මම සිහින  දකින පුද්ගලයා දන්නා හදුනන්නෙකු වු පමණින් එය වෙනස් වන්නේ කෙසේද ? ඊට අමතරව, මම කිසි විටෙකත් නික් සමග කිසිවක් කරන්නේ නැහැ. ටොම්ට  වංචා කිරීම ගැන අදහසක් මගේ හිතේ  වත් නැහැ.

මගේ ස්වාමිපුරුෂයා සමඟ මම සතුටින් ඉන්නවා . වෙන කිසිවෙකු වෙනුවෙන්  ඔහුව අත්හැරීමට හෝ වෙනත්  සම්බන්ධතාවයක්  පටන් ගන්න හිතන්න වත් බැහැ.

නික් මේ දවස්වල රැකියාවක් සඳහා බොහෝ දුර යනවා . ඒනිසා මම ඔහුව වෙනදා වගේ  නිතරම  දකින්නේ නැහැ. එය මට සුදුසුයි.

මට සැබෑ ලෝකයේ ඔහු ගැන උනන්දුවක් නැහැ . නමුත් මට ඕනෑ සෑම විටම ඔහු මගේ හීන වලට ගෙන්න මම කැමතියි . ඒ සඳහා ඔහු හෝ ටොම්  නැතහොත් මගේ මිතුරන් ඒ ගැන දැන ගැනීමට අවශ්‍ය නැහැ .

විවාහයේ ගැටළු: ඔබට අවශ්‍ය මොනවාද ?

අවශ්‍යතාවය  අපි ගැනයි. අපේ අඩුව එය වේ. අපි අපගේ අවශ්‍යතා සහ අවශ්‍යතාවන් මත පදනම්ව අපගේම ලෝකය ගොඩනගා ගන්නවා. අප විසින් ගොඩනඟන ලද ලෝකයන්හි බලය අප සතුව තබාගන්නවා.

විවාහයේ ගැටළු ඇතිවෙන ගැහැණු  සිතේ නොපෙනන මානය ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී