theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

3 අවම කියවීම
විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

ඔබේ සැමියා ගෙන් ලොකු දේවල්  බලාපොරොත්තු වීම ඔබේ විවාහයේ ගැටළු ඇති කරන්න පුළුවන්.

ඕනෑම විවාහයක බිරිද හා සැමියා එකිනෙකා කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීම සාමාන්‍යයි.

ඔවුන් අරමුණු කරා ගමන් කිරීමේදී ඔවුන්ගේ සහකරුවන් ඔවුන්ට සහය දැක්වීමට හැකිවිය යුතු බවත් ඔවුන් ආදරය,තේරුම් ගැනීම හා ගෞරවය ලබාදිය යුතු බවත් බොහෝ විවාහක යුවල බලාපොරොත්තු වෙනවා.

විවාහයේ බලාපොරොත්තු තබාගැනීම හොද වන නමුත් සමහර සැමියන් හා බිරින්දෑවරුන් ලොකු බලාපොරොත්තු තබාගැනීමට නැඹුරු වෙනවා.

කිසිම විවාහයක් සර්වසම්පුර්ණ නොවන නිසාත් විවාහයේ ලොකු බලාපොරොත්තු වැඩියෙන් තබාගැනීම සම්බන්ධතාවයටද අයහපත් කරන නිසාත් එය ගැටළු සහගත විය හැකිය.

ඇයි මෙසේ වන්නේ? මෙයින් ගැලවීමට යුවලට කල හැක්කේ කුමක්ද ?

විවාහයේ බලාපොරොත්තු: ඒවා වඩා වැඩි වන්නේ කුමන අවස්ථා වලද?

විවාහක යුවල එකිනෙකා ගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා.

සැමියන් හා බිරින්දෑවරුන් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු වලට ගැලපෙන "සර්වසම්පුර්ණ විවාහයක්" අවශ්‍ය වෙනවා.

එක අතකට සැමියන් හා බිරින්දෑවරුන් යන දෙපාර්ශවයම ඔවුන්නොවුන්ගේ බලාපොරොත්තු සංතෘප්ත කල යුතු නිසා එහි ගැටලුවක් නැහැ. එවිට ඔවුන්ට විවාහ ජීවිතයේ සංතෘප්තිය ලැබිය හැකිය.

නමුත් ජීවිතයේ බොහෝ දේවල් වාගේ විවාහයද සර්වසම්පුර්ණ නැහැ. මිනිස්සුන්ට අතපසුවීම් වෙනවා.

සමහර වේලාවට සැමියන් සිය බිරින්දෑවරුන්ගේ අවශ්‍යතා දැකීමට අසමත් වෙන අතර බිරින්දෑවරුන් සැමියන්ගේ උත්සාහයන් හදුනා ගැනීමට අසමත් වෙනවා.

බොහෝ අවස්ථා වල මෙය පුංචි සිත් නොහොඳ වීමකට මුල වුනත් මොහොතකින් එය ඔවුන් ගෙන් ඉවතට යනවා.

නමුත් විවාහයේ බලාපොරොත්තු ලොකුවට ඇති යුවල සදහා එය සම්බන්ධතාවය ගැන ඍනාත්මක අදහස් මුල් බැස ගන්නා වස්තු බීජයක් බවට එය පත්වේවි.

මේ විදියට හිතන්න. ඔබේ සැමියාගේ ඔබ අකමැති තෑග්ගක් දී ඔබව කලකිරීමට පත්වේවි යැයි ඔබ  කවදා හෝ සිතුවාද?  

ඔබට දුක හිතුනා. ඔබ බලාපොරොත්තු වුනේ පුදුම හිතෙන තෑග්ගක් ඒත් ඒ වෙනුවට වෙනත් දෙයක් ඔහු දුන්නා.

සම්බන්ධතාවයන් තුලදී මිනිසුන් එකිනෙකා ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා.ඒ හා සමාන දෙයක් සිදුවෙනවා.

නමුත් ඔවුන් එකිනෙකා ගෙන් බොහෝ දෑ බලාපොරොත්තු වෙන නිසා පුංචි කළකිරීමක් බොහෝ වාදවිවාද හා ගහ මරා ගැනීම් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.

එය සෙමින් පටන් ගෙන එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනොවුන්ගේ සතුරුකම් ඇතිකර ගැනීමට පටන් ගනිවි.

විවාහක යුවල සදහා කල හැක්කේ කුමක්ද?

පළමුවෙන්ම යුවල විවාහයේ බලාපොරොත්තු ගැන දැනගත යුතු දෙය වන්නේ විවාහය සර්වසම්පුර්ණ විය යුතු නැහැ.

මෙහිදී යුවල තම බලාපොරොත්තු හීන කරගතු යැයි අදහස් කෙරෙන්නෙ නැහැ. අවශ්‍ය වන්නේ යුවල තම සහකරුගේ හැකියාවන් දැනසිටීම හා තම බලාපොරොත්තු එම හැකියාවන්ට අනුව හැඩ ගැස්වීමයි.

එකිනෙකා අදහස් හුවමාරු කරගන්න.ඔබ දෙපලගේ බලාපොරොත්තු එකිනෙකා දැනුවත් වෙමින් ඒවා ඉටුකර ගත හැකි එකගතාවයක්  හදුනාගන්න.

අදහස් හුවමාරු කරගැනීම විවාහයකදී වැදගත් වෙන අතර සමහර දේවල් ගැන ඔබ සිතන ආකාරය ඔබේ සහකරුවාට දැන ගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ට පහසුවෙන් ඔබේ අවශ්‍යතා හදුනා ගැනීමට උදව් කල හැකිය.

අපිට එකගතාවයකට නොහැකි මෙවැනි අවස්ථා මොන වගේද? අපිට කරන්න පුළුවන් මොනවාද?

ඔබ දැන් පුදුම වෙනවා ඇති, මෙවැනි අවස්ථාවක කල හැකි හොදම දේ නම් ඒවා තිබෙන අයුරින්ම තිබීමට ඉඩ දීමයි.

කිසිම විවාහයක් සර්වසම්පුර්ණ නැහැ . ඔබ හා ඔබේ සැමියා සර්වසම්පුර්ණ පුද්ගලයින් නොවේ. ඔබ කොතරම් උත්සහ කලත් සමහර ගැටළු හෝ ඔබට විසදිය නොහැකි අරගල ඔබේ සම්බන්ධතාවය තුල තිබෙන බවත් එසේ සිදුවීම හරි බවත්  අදහස් වේ.

සත්‍ය නම් හැමවිට දේවල් ඔබට අවශ්‍ය විදියටම සිදුවෙන්නේ නැහැ.

ඔබ හා ඔබේ සැමියා සෑම කුඩා ප්‍රශ්නයක්ම විසදා ගැනීමට උත්සහ කරනවා වෙනුවට ක්‍රියාත්මක වන දේවල් කිරීමට අරමුණු  කරගන්න.

දවස අවසානයේදී  වැදගත්ම දෙය වන්නේ ඔබේ විවාහය ශක්තිමත්ව , නිරුපද්‍රිතව පැවතීමයි. ඒ වගේම ඔබ දෙපල අතර ගැඹුරු තේරුම් ගැනීමක් හා එකිනෙකා කෙරෙහි  ආදරයක් තිබීමයි.

ඔබේ විවාහයේ ලොකු ලොකු බලාපොරොත්තු ඔබ නොදැනුවත්වම ඔබේ විවාහයට බලපෑම් කරන අයුරු මෙසේ පෙන්වා දෙන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it