විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

lead image

විවාහයේ බොහෝ අසීරු කාලයන් තුළදී සමහරවිට සියල්ලම ඔබේ සහකරු දිරි ගන්වමින් සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට හැකි  ප්‍රතිඥාවක් අවශ්‍ය වෙනවා.

විවාහයේ බොහෝ අසීරු කාලයන් තුළදී සමහරවිට සියල්ලම ඔබේ සහකරු දිරි ගන්වමින් සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට හැකි  ප්‍රතිඥාවක් අවශ්‍ය වෙනවා.

විවාහය පුදුමාකාර මොහොතවල් වලින් පිරී තිබුණද ඔබට එය සකස් කළ නොහැකි යැයි බියෙන් තර්ක කරන අසීරු කාලයක් ද තිබෙනවා.

අතීතයේ චලනය වන රළු පැල්ලම්  එක දවසක මතු කිරීමට මෙන්ම පුංචි සෙලවීමකින් පවා ලෝකය තුළ වෙනසක් ඇති කිරීමට එය මාර්ගය දක්වනවා.

අසීරු කාලයන් තුල ඔබ තුල දුරස් බව  ඇති කිරීමට පහසුවන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවන් ඇතිවීමද වළක්වනවා. නමුත් මෙම උත්සාහ කරන කාලය තුළ ඔබ කතා කල යුතුය. ඔබේ සහකරු ඔබ තවම එය සකස් කිරීමට අදහස් කරන බව පෙන්විය යුතුයි.

ඔබට උත්සාහ කිරීමට වචන  නැත්නම් මෙන්න පටන් ගැන්මට  පුංචි දේවල් කිහිපයක්

1. මම ඔබට උදව් කරන්නේ කෙසේද?

ඔබගේ සහකරුගේ දිනය යහපත් කරන්නේ කෙසේ දැයි ඔහුගෙන් අහන්න. එය ආදරණීය විදියට කරන්න. ඔවුන් උද්වේගකාරීත්වයට පත්වී ඇති බව ඔබ  දුටුවහොත් ආත්මයෙන්ම සහය  දක්වමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න. දෙමව්පියන්ට එය ඩයිපරය  මාරු කිරීමේ කාර්යය තරම් පහසු වනු ඇත.

2. අපි මෙයින් ගැලවෙමු.

ඔබේ සහකරුට  අත්හරින හෝ බිදුනු බලාපොරොත්තු ඇති කාල තිබිය හැකිය. මේ කාලය අතරතුර ඔබට එක කණ්ඩායමක් බව  ඇඟවීම ඔහුට විශාල සහනයක් වේවි. අපි යන වචනය නිතර භාවිතා කරමින් ප්‍රශ්ණ වලදී ඒවා දරාගැනීමට ඔවුන් තනි වී නොමැති බව මතක් කරන්න.

3.මම සත්‍ය ලෙසම ඔබ ගැන සැලකිලිමත් වෙනවා.

ආදරණීය හැසිරීම තුළින් අදහස් හුවමාරු කරගත හැකි වුවත් සමහර විට  ඔබට එය ඔබට ඔබේ සහකරුට කියන්නට අවශ්‍ය වෙනවා. ප්‍රශ්න වඩා උද්වේගකාරී වන විට ඔවුන්ට අනුකූලතාවය දැක්වීමට අසීරු වනු ඇත. සුන්දරම දෙය නම් ඔවුන් ගැන සැලකිලිමත් වන බව පෙන්වීමයි.

4. මතකයිද එදා?

සතුටු කාලය මතක් කිරීම ඔබට ඉදිරිය බලන්න උදව් වෙන්න පුළුවන්. විශ්වාස කරන්න. ඒ කාලය නැවත ඒවි. චාරිකාවක  මතකය ඔබ දෙපළ උත්තේජනය කර  ගැටලුකාරි අවධීන්  අතීතයට තල්ලු කරමින් ජීවිතේ කටුක අවධීන්ද අතීතයට තල්ලු කර දමනු ඇත.

5. මට ඔබේ උදව් අවශ්‍ය වෙනවා.

අවශ්‍යතාවය පෙන්වීම තුළින් ඔබේ සහකරුට ඔහු අගය කරන බව දැන ගන්න ලැබෙනවා. එය ඔබට නිහතමානී විය හැකි ක්‍රමයක්ද වෙනවා. ඔබට මේ සියල්ල තනිව කරන්න බැහැ. ඔබ යුගල එක කණ්ඩායමක්, ඔබේ සහකරු හොඳක් දැනවීමට  පමණක් නොවේ ඔබ කරන කාර්යයන් පහසු කිරීමට උදව් කල හැකි බව සහතික කරගන්න.

6. මට සමාවෙන්න

ඔබ ඔබේ සහකරු රිදවා හෝ අවමානයට ලක් කර ඇති විට  ඔබේ ආඩම්බරය පවත්වා ගැනීම තුලින් අසීරු කාලය තවත් කටුක කරනු ඇත. මට  සමාවෙන්න  යැයි පැවසීමට ඉහළින් යන්න එපා. ගැටුම් කාරිත්වය විසඳීමට ආදරණීය  ක්‍රමයක් මගින් අසීරු කාලය  පහසු කර ගත හැක.

7. මට ඔබ හා විවාහ වීම ගැන සතුටුයි.

ඔහු ඔබේ පසෙකින් සිටීම ආඩම්බරයක් බව පවසමින් ඔබේ සහකරු ශක්තිමත් කරන්න. ඔබේ යහළුවන්, ඔබේ දරුවන් ඔබේ පවුල ඉදිරියේ ඔහුව අගය කරන්න.

8. මොනවා වුණත් මම ඒක කරනවා.

ඔවුන් සමඟ බැඳී ඇත්තේ කුමක්  නිසාද  යන්න ඔබේ සහකරුට පවසන්න. ඔබ ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් බවත් පවසන්න. එකිනෙකා කැප වූ සහ සෑම දෙයක් තුළම ඔවුන්ගේ  සම්බන්ධතාවය පවත්වා ගන්නා යුගලයන්  වලට මේ අසීරු  ගැලපෙන්නේ නැහැ.

කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. ඒ වගේ තමා විවාහය තුළ කටුක කාලයකට පස්සේ හොඳ කාලයක් උදා වෙනවා. අසීරු කාලය ගෙවා ගන්න මේ උපදෙස් ටික ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka ඔබගේ හිතවතිය විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී