විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

lead image

විවාහය එපා වූ සහකරු එය කටු ගෑමට නිතර සිත දෙන්නේ නම්, ඔවුන් විවාහය තුල රඳවා ගැනීමට ඔබට කල හැක්කේ කුමක්ද?

අසතුටුදායක විවාහයක් තුළ ජිවත් වීම පහසු කරුණක් නොවේ. ඉන් ඔබ දෙදෙනාම මානසිකව කඩා වැටෙන්නේ බලාපොරොත්තු විරහිත පරාජිත හැඟීමකින්. දෙකඩ වනවා හැරෙන්නට වෙනත් විසඳුමක් ඔබට පෙනෙන තෙක් මානයේ නැති වන්නට පුළුවන්.

නමුත් නොයෙක් හේතුන් මත ඔබේ සහකරුට දෙකඩ වීමට අවශ්‍ය මුත් ඔබේ බලාපොරොත්තුව කෙසේ හෝ විවාහය පවත්වාගැනීම නම්, ඔබට දෙකඩ නොවී විවාහයේ රැඳෙන්නට කළ හැකි යමක් වේ නම් කෙතරම් අගනේද?

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/get partner to stay 1.jpg විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

ඔබගේ සබඳතාවේ තත්වය මත අසතුටින් සිටිනා සහකරු වෙත වෙන් නොවී ඔබ හා රඳවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්

1 ඔහුගෙන්/ඇයගෙන් තව කාලයක් ඉල්ලා සිටින්න

ඔබේ සහකරුගෙන් තරණයක් ගැනීමට පෙර මාස හයක හෝ වසරක කාලයක් ඉල්ලා සිටින්න. මෙම කාලය තුළ ඔබ දෙදෙනාගේ උත්සාහයෙන් අනතුරුවත් සබඳතාවේ වෙනසක් සිදු නොවේ නම්, එය සුහද වෙන්විමකට කාලය වන්නට පුළුවන්. මෙවන් කාලයක් ඔවුන්ට ලබා දීමෙන් ඔවුන්ට විවාහයේ සිර වී සිටින ලෙස නොහැඟෙන්නට පුළුවන්. තවද, ඔබේ තත්වයේ බාල්දු වීමක් නොමැතිව ඔබ මේ ගැන සාධාරණ ආයාසයක් ගන්නා බව පිළිබිඹු වනවා ඇත.

2 ඔබේ දිගු කාලීන කැපවීම පෙන්වන්න

විනිශ්චයකට ලක් නොවී, ඔබට නිරවුල් කරගැනීමට අවශ්‍ය අදාළ ගැටළු ගැන සහකරුට පැහැදිළිව අවබෝධ කර දෙන්න.  මෙය සමාව දීම පිලිබඳ ගැටළුවක් නම්, ඔබට මෙම වේදනාවෙන් අත්මිදීමට පියවර ගැනීමට සැදී පැහැදී සිටිනා බව සහකරුට කියා සිටින්න. මෙය ඔබ විසින් විශ්වාසය කඩ කිරීමේ ගැටළුවක් නම් ඔබ පැහැදිලිව වෙනස් වෙමින් සිටින බවට ඔප්පු වන ලෙස ක්‍රියා කරන්න.

3 අවශ්‍ය සියලු උපකාර ලබාගන්න

ඔබේ සහකරුට සියල්ල එපා වී ඇත්නම්, කිසි කෙනෙකුගෙන් දනමුත් කමක් නොගෙන දමා ගසා යාම අන්තිම විසඳුම නොවන බව ඒත්තු ගැන්විය යුතුයි. ඔබට හදවතින්ම හිතවත් නෑදෑ මිතුරකුගේ උදව් ගැනීමට පකිලෙන්නට එපා. ඔබ නොදකින මානයක් ඔවුන් දකින්නට පුළුවන්.

4 ඔබේ වැරදීම් අනුන් පිට පටවන්නට එපා

ඔබෙන් යම් වරදක් වුයේ නම් එහි වරද බාරගන්නට නිහතමානි වන්න. සහකරුවන් අතර ගැටළු ඇති වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වැරදි නොපිලිගනිමත්, තම වැරදි වලට අනුන් පිට වැරදි පැටවිමත්ය. ඔබේ විවාහය තුළත් මෙය ගැටළුවක් නම් මේ පුරුද්දෙන් මිදී වෙනසක් ඇති කිරීමට අදිටන් කරන්න. ඒ වෙනස ඔබ අතින් සිදු කර ඉදිරි ගමන එකට එක්ව යන සර්තකෙකක් කරගන්න.

5 සුදුසු දේවලට මුල් තැන දෙන්න

සමාජයේ බහුලතම ගැටළුවක් වන්නේ විවාහය වෙනුවෙන් අඩුම තැනක් ලබා දීමයි. ඔබ අසතුටින් සිටිනවා නොවන්නට පුළුවන්. නමුත් ඔබේ සහකරුට අවශ්‍ය ආදරය සෙනෙහස ලබාදෙන්නට ඔබට කාලයක් නැතිව ඇත්තේ අනෙක් සියලු කටයුතු වලට මුල් තැන දී ඇති හෙයිනි. කාලයක් තිස්සේ ඉන්නන් වාලේ සිටියා නම් විවාහය නැතිනම් ඔබේ සහකරු ඔබේ ජිවිතයේ මුල්තැන කරගන්න. ඔබ මුලින්ම ආදරය කල කාලයේ මෙන් ඔහුට/ඇයට ආදරය ලබා දෙන්න. මෙවිට ඔබගේ සබඳතාව අලුත්ම කෝණයකින් දකින්නට ඔබට හැකි වනවා ඇති.

ඉතින් ඔබ එකිනෙකා වෙනුවෙන් මෙපමණ කාලයක්, ජිවිතයෙන් කොටසක් කැප කර එය නිරපරාදේ දෙකඩ වන්නට ඉඩ නොදී මෙලෙස කැප වී යම් උත්සහයක් ගැනීමෙන්, දෙදෙනාට එක්වී නව පිටුවක් තෝරා ගැනීමට හැකි වනවා ඇති.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා