theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහයේ මුල් වසර 10 කටුක එකක් වේවි. නමුත් ඔබ එය ජය ගන්නවා නියතයි!

3 අවම කියවීම
විවාහයේ මුල් වසර 10 කටුක එකක් වේවි. නමුත් ඔබ එය ජය ගන්නවා නියතයි!විවාහයේ මුල් වසර 10 කටුක එකක් වේවි. නමුත් ඔබ එය ජය ගන්නවා නියතයි!

ඔබේ විවාහයේ මුල් වසර දහය විවාහයේ සොඳුරුතම අවස්ථාත් කටුකතම අවස්ථාත් එක සේ ගෙන එන ගමන් මඟක් වේවි. නමුත් එම ගමන ඉක්මනින්ම මෘදු ලෙස ගලා යන ගංගාවක් සේ වනවා නොඅනුමානයි..

විවාහයේ මුල්ම වසර කිහිපය බොහෝ සහකරුවන්ට ඉතාම සුන්දර අත්දැකීමක් වනවා. මෙම වසර තුල එකිනෙකා හඳුනාගැනීමත් තම තමන් හඳුනාගැනීමත් සිදු වීම විශේෂයක්. මේ ගවේෂණය තුළින් සහකරුවන්ගේ බැඳීම ශක්තිමත් වනවා. තම නිවසට දරුවන් එකතු වීමත් සමඟම ජිවිතයේ නවතම අත්දැකීම් බොහොමයකට මුහුණ දෙන්නටත් දෙදෙනාට සිදුවීම අතිශයෝක්තියක් නොවේ.

නමුත් ඇමරිකාවේ සිදුකල පරීක්ෂණයකින් පෙනී ගියේ විවාහ වූ අලුත සහකරුවන් අතරසන්නිවේදනයේ ගැටළු මතු වීම නිසා විවාහය පලුදු වීම ආරම්භ වන බවයි. වසරක් පාසා මෙම තත්වය තව තවත් අප්‍රසන්න වන්නට පටන් ගන්නවා.

මෙම බාධක කම්කටොලු මැද්දේ වසර 10ක හිනිපෙත්ත පසු කරන්නන් හට විවාහ දිවිය සුන්දර වීම ඇරඹෙන බව තමා පැවසෙන්නේ.

විවාහයන් දෙදරන්නේ ඇයි?

විවාහ දිවියට අවතීර්ණ වීමේදී සිහි තබාගත යුතු මුලික කාරනාව වන්නේ විවාහය යනු තමන් පෙම්වතුන් ලෙස හමු වූ කාලයට වඩා සහමුල්න්ම වෙනස් අත්දැකීමක් බවයි. ඔබගේත් සහකරුවාගේත් දින චරියාව වෙනස් නොවිය හැකි මුත් දෙදෙනාගේ වගකීම් විශාල ලෙස වෙනස් වනවා. පවුලට දරු මල්ලන් එක් වීමත් සමඟ වැඩි වන ආර්ථික හා ශ්‍රමික වගකීම් ඉහටත් උඩින් වැඩි වීමත් සමඟම විවාහය තුළ නොයෙක් ඝට්ටන ඇති වීමට පටන් ගන්නවා ඇති.

බොහෝ සහකරුවන් විවාහ වී වසර 10ක් ඇතුළත පවුල් දිවියට අවතීර්ණ වන්නේ දරුවන් බිහි කිරීම තුලින්. දරුවන් ලැබීම සුන්දර අත්දැකීමක් වුවත්, මේ නවතාවය හා වෙනස් අත්දැකීම් තුළ මානසික හා ශාරීරික ආතතියක් ඇති නොවෙනවාම නොවේ. නිදි නොමැතිව රැය පහන් කරමින් උදේ සිට රෑ වන තුරු ගේදොර වැඩ, දරු මලන්ගේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරමින් ගත කරන දිවිය වෙහෙසකාරී විය හැකි අතර මෙය විශේෂයෙන්ම පළමු වසර 10 තුල සහකරුවන් අතර මතභේද වලට තුඩු දිය හැක.

සහකරුවන් අතර බහින් බස් වීම් සහ ගැටුම් පවා ඇති විය හැකි අතර කුණු විසි කිරීම, දරුවාගේ නැපිය මාරු කිරීම වැනි සුළු අතපසු වීම් නිසා පවා මතගැටුම් ඇතිවිය හැකි තත්වයක් ඇති වන්නට පුළුවන්. මෙය එතරම් හිතකර තත්වයක් නුවත් මෙවන් සිදුවීම් මුල් වසර 10 තුළ සුලභ වන්නට පුළුවන්

විවාහ දිවිය කෙනෙක් සිතන තරම් විනෝදකාමී නොවන්නට පුළුවන්. එය විනෝදකාමී කිරීම සඳහා සහකරුවන්ගේ  කැපවීමත්, නොමද සහයෝගත් සියල්ලටම වඩා එකිනෙකා කෙරෙහි ඇති අවබෝධයත් ඉතාම අවශ්‍ය වනවා.

විවාහය සාර්ථක කරගැනීමට සහකරුවන්ට කල හැක්කේ මොනවාද?

ඉතින් ඉහත කී ගැටළු වැලක්වීමට සහකරුවන් කුමක් කල යුතුයි ඔබ අසාවි. කෙටි පිළිතුර නම් “කල හැකි දෙයක් නැත” යන්නයි.

ලොව සුන්දරම යැයි පෙනෙන්නට සිටින සහකරුවන් අතර මෙවන් මත ගැටුම් ඇති වීම ඉතාමත්ම සාමාන්‍යයි. මෙය විවාහය ශක්තිමත් කිරීමෙහි ලා සිදු වන තවත් එක් සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර සියලු සිදුවීම් දෙස සුභාවදිව බලා කටයුතු කර, මත ගැටුම් තුළින් පාඩමක් උගෙන විවාහය ශක්‌තිමත කරගැනීමට අදිටන් කිරීම තුළින් ඒවාට සුභවාදිව මුහුණ දීමේ හැකියාව වැඩි වනු ඇත.

ඔව්, දරුවන් ලොකු මහත් කිරීම, නිදි මරමින් උදේ හවා වෙහෙස මහන්සි වීම මානසික හා ශාරීරික තෙහෙට්ටුවක් ඇති කරන බව සත්‍යයක් වුවත් දරුවාගේ සුරතල් සිනහව සහ සුරතල් වැඩ බලා දරුවා සමඟ සෙල්ලම් කිරීමෙන්, සිනහ ගැස්වීමෙන් ඇති වන සතුට ඒ සැම මන්සියකම මහඟු ප්‍රතිඵලයක් සේය. ඔබේ සහකරු චිත්‍රපට වල පෙනෙන ආදරවන්තයෙකු සේ නොවුවත්, අන් හැමටම වඩා හොඳින් ඔබ හඳුනන ඔහුත් ඔබත් අතර සබඳතාව දිනෙන් දින ශක්තිමත් එකක් වන්නේ භාහිර ප්‍රේමයට වඩා ඔබ්බට ඔබේ සබඳතාව ගෙනයමින්.

වසර 10ක විවාහ දිවියක් සපුරන ඔබ පිවිසෙන්නේ දෙදෙනාට දෙදෙනා අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ වැටහීමෙන් යුතුව පරිනතව එළඹුණු නව දිවියකට. ඔබ දෙදෙනා අතර තිබු නොයෙක් නොගැළපීම් තව දුරටත් ගැටලුසහගත නොවන බව ඔබට පසක් වේවි. සන්නිවේදනය, තේරුම් ගැනීම වැනි බාධක පහව  ගොස් ඇති බව ඔබට දැනේවි. ඉතින් ඔබේ විවාහ දිවියේ ගැටලු තිබේ නම් කනස්සලු වන්නට එපා. ඔබ දෙදෙනාගේ උනන්දුව සහ කැපවීම මත ඉක්මනින්ම විවාහය සුන්දර අත්දැකීමක් වේවි!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහයේ මුල් වසර 10 කටුක එකක් වේවි. නමුත් ඔබ එය ජය ගන්නවා නියතයි!
බෙදාගන්න :
  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it