දෙකඩ වන්නට යන ඔබේ විවාහය රැකගන්න ක්‍රියා කල යුතුදැයි හඟවන සලකුණු 9ක්

lead image

දෙකඩ වූ තැනට පැමිණි ඔබේ විවාහය රැකගන්න තවමත් ඔබට පුලුවන්ද? මේ ක්‍රම තුළින් විවාහය රැකගන්න හැකි වේවි!

ඇතැම් විට විවාහය රැකගන්න කිසිඳු  හැකියාවක් නැති බවක් හැඟෙන අවස්ථා ජීවිතය තුල නැතුවා නොවේ. විවාහයක් දෙදරී යාමට හේතු සාධක දස දහස් ගණනින් ඇත. නමුත් විවාහය පවත්වා ගැනීමටත් හේතු සාධක දස දහස් ගණනින් ඇති බව ඔබට සිතුනාද?

විවාහයේ අන්තිම කඩඉමට අවා සේ හැඟෙන ඔබට බලාපොරොත්තුවක සේයාවක් ගෙන එන්නේ ඔබේ අන්තිම උත්සාහයත් ගන්නට හේතු වන ලක්ෂණ කිහිපයකුත් පෙන්වා දෙමින්.

මෑතකදී හෆින්ටන් පෝස්ට්හි  පල වූ ලිපියකින් ඔබේ විවාහය රැකගන්න උදව් කළ හැකි අපූරු ක්‍රම කිහිපයක් ගෙන හැර පෑවා. මෙම ලිපියේදී විවාහය හා දික්කසාදය පිළිබඳව විශේෂඥයන් විශාල ප්‍රමාණයක් තම අදහස් කැටි කොට ඔබේ විවාහය රැකගන්න හැකිද නොහැකිද යන්න නිශ්චය කරගත හැකි නිශ්චිත උපදේශ කිහිපයක් ලබා දුන්නා. මෙම විචිත්‍රවත් අදහස් ඔබ හා බෙදාගන්නේ ඉමහත් සතුටින්. දෙකඩ වන්නට යන කැදැල්ලක් ගොඩනගාගන්නට මෙවන් ලිපියක් උපකාර වන්නේ නම් එය කෙතරම් පිනක්ද? 

ඔබගේ විවාහය රැකගන්න ඔබ වෙහෙස විය යුතුදැයි කියා පාන සලකුණු 9ක්:

1. දෙදෙනාට තවමත් අන්‍යොන්‍ය ලෙස ගරු කිරීම

මනෝ චිකිත්සකවරියක වන එලිසබෙත් ජෝයි ලාමොට් පවසන්නේ "ඔබේ සහකරු හෝ සහකාරිය ඔබට තවමත් ගෞරව කරනවා නම් සහ ඔබෙන් ගෞරවය ලැබෙනවා සේ හැඟෙ නම්එම සම්බන්ධතාවය සුරැකීමට එය වටිනා ලකුණක්" ලෙසයි.

වෙනත් වචනවලින් කියතොත්, අන්යොන්ය ගෞරවය පිළිබඳ සාක්ෂි තවමත් පවතී නම්, සියලු බලාපොරොත්තු නැති කරගැනීමට අවශ්‍ය නැත.

2. මුහුණ දෙන ගැටලු කෙළින්ම විවාහයට සම්බන්ධ ඒවා නොවීම

විවාහයට අභියෝගයක් හෝ කලකිරීමක් හෝ අසතුටුදායක තත්වයක් ඇති වන විට සහකරුවන්ට සාමාන්‍යයෙන් පහල වන සිතිවිල්ලක් වන්නේ තම විවාහයෙන් පිටත ඔවුන් සොයන සතුට ඇති බවයි. මෙය මිථ්යාවක් වන්නේ එම සතුට මුලදී නැවුම් සතුටක් විය හැකි මුත් කල් යත්ම දැන් මුහුණ දෙන තත්වයටත් වඩා ව්‍යාකුල ගැටළු සමුදායක් බවට පත් විය හැකි බැවිනි.

3. සබඳතා අරගල බොහෝ විට මව් පිය පදවිය හා සම්බන්ධ අරගල විය හැකිය

ප්‍රකට නීතිඥවරියක් වන  ඇලිසන් පට්න් පවසන්නේ “ඔබ දෙදෙනාට දාව දරුවන් බිහි කර දැන් දෙපැත්තට වී නම් එය පමණක් දික්කසදයකට හේතුවක් වන්නේ නැහැ. දරුවන් යනු දෙමාපිය ආදර අන්දරයට බාධාවක්. එය අප පිළිගත් යුතු සත්‍යයක්. ඔබ දෙමාපියෙකු බවට පත්වීමෙන් පසුව මානසිකව සහ ශාරීරිකව විඩාවට පත් වීම සාමාන්‍ය දෙයක්. බොහෝ සහකරුවන් දරුවෝ බිහිකළ පසු දැඩි දුෂ්කරතාවන් වලට මුහුණ දෙනවා. එකට රැඳී සිටින සහකරුවන් මෙය සාමාන්‍ය ක්‍රියාදාමයක් බව තේරුම් ගන්නවා.

එකිනෙකාට ගෞරවය සහ එකිනෙකා ගැන යම් සැලකිල්ලක් තිබෙන තාක් කල් මෙවන් අභියෝග ජය ගෙන විවාහය රැකගන්න අපහසු වන්නේ නැහැ. කල් විවාහය රැක ගත හැක.

ඔබ ශිතබාගත යුතු කරුණක් වන්නේ දරුවන් සිටින තාක් කල් ඔබගේ සහකරු සමඟ සබඳතා තබාගත යුතු බවයි. මේ නිසා  දික්කසාද වීමෙන් පසුව වුවත් ඔබට ඔබේ සහකරු සමඟ සම්බන්ධ වීමට සිදුවනු ඇති බව තේරුම් ගන්න. මේ අවබෝධය ඔබේ විවාහය නොකඩා පවත්වාගෙන යාමට රුකුලක් වනු ඇත.

විශේෂයෙන් ඔබේ දරුවන් ඔබේ විවාහයට දැඩි ලෙස පීඩනයක් ඇති කළ හැකි නමුත්, ඔබේ මවුපිය පදවියේ ගැටලුවක් විවාහ ගැටළු වලට වඩා වෙනස් ඒවා බව සිහි තබාගත් යුතුය. ඔබ නොදැනුවත්ව ඇත විඳින්නේ එවන් පීඩනයක් වන්නට පුළුවන් අතර මේ නිසා ඔබට විවාහය නුරුස්සනවා විය හැක.

4. අනාගතය ගැන සිහින දකින්න

ඔබේ සහකරු හෝ සහකාරිය නොමැතිව ඔබේ අනාගත ජීවිතය දකින්නට ඔබට හැකි නම්, ඔබ ඉන්නා තත්වය සුභදායි එකක් නොවේ. අනෙක් අතට, ඔබ ඔබේ සහකරු නොමැතිව ජීවත්වීමට හිත හදාගැනීම අපහසු නම් ඔබේ සබඳතාව ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නුවනට හුරු ක්‍රියාවකි.

ඔබ මුහුණ දෙන ගැටලුවට පිළිතුරක් ඔබේ හදවතින්ම විමසා බලන්න, නැතහොත් ආවේගයක් නොමැති වෙලාවක සහකරු සමඟ ඒ ගැන කතා බහ කරන්න.

5. විවාහය දෙකඩ කිරීම ගැන ඔබ ඉන්නේ දෙගිඩියාවෙන්

ප්‍රවීණ විවාහ උපදේශිකාවක වන මිෂෙල් වයිර් ඩේවිස් පවසන්නේ මෙසේය: "විවාහය දෙකඩ වීම නිසා කැළඹීමෙන් සිටින ඔබට නින්ද යන්නෙත් නැතිනම් ඉන් කියැවෙන්නේ විවාහය පවත්වාගෙන යාමට තවත් උත්සහ කිරීම යෝග්‍ය බවයි. සහකරුවන්ට නිසැකවම දෙකඩ වීමට අවශ්‍ය වූ විට දෙගිඩියාවක් ඉතිරි වන්නේ නැත. නමුත් ඔබේ කැළඹීම තුළින් ඔබ විවාහයේ සාර්ථක වූ යම් හෝ ජවනිකාවක් ඇත්නම් ඒවා ගැන මෙනෙහි කරන්න. ඔබේ විවාහයේ සුභවාදී දේට ආලෝකය ලබා දී එය නැවත ආලෝකමත් කරන්නට උත්සාහ කරන්න.

6. නිවෙන්නට යන පහන් යළි දල්වාගන්න

ඔබ ඔබේ සහකරුට පැහැදිලිවම ආදරෙයි නම්, ඔබේ සම්බන්ධතාවය තුළට යම්  නව රසයක් එකතු කිරීමට අවශ්ය නම්, ඔබේ විවාහය සුරැකීමට වටින එකකි. මෙය කිරීමට බොහෝ ක්‍රම තිබේ. සෑම විවාහයක්ම යම් කාලපරිච්ඡේදයකට පසු ඒකාකාරී එකක් වනවා. ඉන් අදහස් කරන්නේ එවිට දෙකඩ වීම නොවෙයි. සෑම දිනකම ටහි  කරන පුංචි පුංචි උද්දිපනයන් තුළින් විවාහයට නව පණක් එක් කරන්නට පුළුවන් වනවා. ඔබේ විවාහය බොහෝ සේ ඒකාකාරී වී ඇත්නම් එය ප්‍රාණවත් කළ හැකි විවිධ ක්‍රම ඔබේ සහකරු සමඟ සාකච්ඡා කරන්න. ඔබේ සම්බන්ධතාවය තුළ යම් උද්දීපනයක් ඇති කරවන ආකාර ගැන කතා කරන්න.

ඔබේ සබඳතාවට නවතාවක් එක කරන්නට ඔබට හැඟෙ නම් එය දෙකඩ විය යුතු විවාහයක් වන බවට කදිම සලකුණකි. බොහෝ අවස්ථාවලදී, එකිනෙකා අතර සම්බන්ධතාවක් අලුත් කරගැනීමෙන් සහ ඔබ දෙදෙනා ලං කල අතීතය මෙනෙහි කිරීමෙන් විවාහයට නව රැසක් ගෙන ආ හැක.

7. දෙදෙනා එකතු වී වැඩ කිරීමට ඇති කැමැත්ත

ඇතැම් විට විවාහයන් දෙදරා යන්නේ සහකරුවන් දෙදෙනාම තම සබඳතාව නිරෝගීව තබා ගැනීමට ප්‍රමාණවත් ලෙස උත්සාහා නොකිරීම නිසායි.  දෙදෙනා අතර සම්බන්ධය නැවත ගොඩනැංවීමට දෙදෙනාම කැමති නම්, ඔවුන් තවමත් එකිනෙකාට ප්‍රේම කරනවා නම් ගෞරවය දක්වනවා නම්, විවාහය පවත්වාගෙන යාමට උත්සාහ කිරීම යෝග්‍ය වනවා.

වෙහෙසකර විවාහයක් තුළ හෝ දෙකඩ වන්නට ආසන්න විවාහයක දෙදෙනා මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීම සඳහා දෙපාර්ශ්වයටම කැමැත්තෙන් සිටී නම්, විවාහය තවදුරටත් පවත්වාගෙන යාමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.

8. හොඳ පදනමක් තිබුණු විවාහයක් වීම

සියලුම විවාහ පාහේ කලකට ඉහතදී ශක්තිමත් පදනමක් මත ගොඩනැඟූ ඒවාය. මෙය වටහා ගැනීම සඳහා ඔබට අවබෝධයක් තිබේ නම්, ඔබ තවමත් ඔබගේ විවාහය රැක ගැනීමට සුදුසු යුවලකි.

වර්තමානයේ අඳුරු සේයාවක් ලෙස දිස් වුවද ඔබේ විවාහයේ මුල් අවධියේදී ඔබ අතර සුන්දර හැඟීම්, ශක්තිමත් සම්බන්ධතාවයක්, ආදරයක් සහ යනාදිය තිබුනේ නම්, එය නැවත ආරම්භ කළ හැකි යැයි විශ්වාස කල හැක.

මිෂෙල් වේයර් ඩේවිස් පවසන පරිදි: මා වෙත උපදේශ ලබාඵන්නට පැමිණෙන සහකරුවන් ඇතැමෙක් පවසන්නේ මුල් කාලයේ පවා ඔවුන් අතර උද්යෝගයක් නොතිබූ බවයි. ඔවුන් වැරදි හේතුන් නිසා විවාහ වූවා විය හැක. විවාහයේ යම් කාලයක එය සුන්දරව බැබලුනු එකක් වී නම් එම තත්වය යළි ඇතිකරගැනීමට ඔබේ කැපවීම තුලින් පුළුවන් වනවා.

9. ඔබ තවමත් එකිනෙකාගේ ආශ්‍රය භුක්ති විඳිනවා

විවාහක යුවල් අතර තර්ක විතර්ක, ගෝරනාඩු, සඳු සරුවල් ඇතැයි පැවසීම පහසුයි. ඇත්තෙන්ම මෙය ඉතා සාමාන්‍ය තත්වයක්. ඔබ ඔබෙන් ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය වන්නේ ඔබ එකිනෙකාගේ ආශ්‍රය තවමත් රස විඳිනවාද යන්නයි

පිළිතුර ‘ඔව්’ නම්, සතුටු වන්න. ඔබගේ විවාහය සඳහා බලාපොරොත්තුවක් ඇත!

ඇතැම් විට යුවළක් දුර්වල සන්නිවේදනය නිසා වසර ගණනාවක් තිස්සේ වෙන් වී සිටින්නට පුළුවන්. දෙදෙනාටම ජීවිතයේ එකම දේ අවශ්ය නම්, විවිධ ක්‍රියාකාරකම් එකට කිරීම රස විඳින්නේ නම් දෙදෙනා අතර සන්නිවේදනය ප්‍රගුණ කිරීමට ක්‍රියා කිරීම තුලින් විවාහය පවත්වා ගත හැකි වනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

විවාහය ශක්තිමත් කරන්නට උදව් වන තවත් ලිපියක් මෙතැනින් මෙන්න මේ පුරුදු දෙකට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්.