සතුටින් විවාහය ගෙවමින් වුවත් එකිනෙකා රවටන්නේ ඇයි?

lead image

සතුටින් පවුල් ජිවිතයක් ගත කරමින් වුවත් ඔවුන් තම සහකාරිය සහකරුවා රවටන්නේ ඇයි?

තම සහකාරිය හෝ සහකරුවා රැවටීමට කෙනෙකුට බොහෝ විට අප නොසිතන හේතු තිබෙන්නත් පුළුවන්. ඔවුන් සතුටින් තම පවුල් ජීවිතය ගෙවුවත් මේ කරන දේවල් හා සම්බන්ධ ඒවා නොවෙයි.

විවාහ ගැටළු පිළිබඳ ඇහුන්කම් දෙන විශේෂඥවරයෙකු වන ආරන් ඇන්ඩර්සන් ට අනුව ඔහුගෙන් උදවු ඉල්ලන බොහෝ අය කියන්නේ “අපි කවදාවත් හිතුවේ නැහැ එහෙම සම්බන්ධයක් ඇතිවෙයි කියලා”.

ඔහුට අනුව ගොඩක් සහකරුවන් සහකාරියන් රැවටීම් කරන්නේ ඔවුන් තම විවාහයෙන් අසතුටෙන් ජිවත් වන නිසයි. එත් පුදුමයට කාරණය මෙම අනෙක් කොටස; එනම් සතුටෙන් පවුල් ජිවිත ගෙවමින් රැවටීම් කරන අය කියන්නේ.

ඔවුන් තවමත් තම බිරිඳට, සැමියාට, දරුවන්ට පෙර වගේම මුළු හදින්ම ආදරය කරන බවයි.

ඉතින් ඔය තරම් සතුටින් ආදරෙන් ඉන්නවා නම් ඇයි රැවටීමක්?

විවාහය රැවටීම

බොහෝ දෙනෙකු තම පුද්ගලික පසුබෑම් මතත් මේ තත්වයට යොමු වෙනවලු

සමහර පුද්ගලයන් තමාගේ අතීතය වලලා දමන්න කැමති නැහැ. එය තම වර්තමාන ජිවිතයට ගේන්නේ අන්න ඒ නිසයි. ඇන්ඩර්සන් ට අනුව මෙවැනි අය කිසිවක් නොවන ආකාරයට වැඩකටයුතු කරන පිරිසක්.

හැමදේම හොඳින් සිදුවෙන බව ඔවුන් ලෝකයට පෙන්වන නමුත් ඔවුන් තුළ ඔවුන් විසඳනු නොලැබූ අමිහිරි මතක නිදන්ගත කරගෙන තියෙනවා. ඔවුන් ලෝකයට හොරෙන් ඒ සමග ජිවත් වෙන්න උත්සහ ගන්නවා.

අසම්පූර්ණ ඉටු නොවූ අවශ්‍යතාවන්  රහසින් පුරවගන්න සිහින මවනවා

බොහෝ විටෙක ඔවුන් තම පසුතැවීම්, කලකිරීම් හා අනාරක්ෂිත බව මුදා හරින්න හේතු සොයමින් ඔවුන් ඔවුන්ගේ සැබෑ තත්වය වසන් කරන්න උත්සහ ගන්නවා.

ඔවුන් මනඃකල්පිත  ලෝකයක ඔවුන්ගේ සතුට විඳිනවා. නමුත් ඔවුන් වේදනා විඳින අර නිදන්ගත ප්‍රශ්න ටික ඒ විදිහමයි.

ඉතින් මේ වියවුල ලෝකයට කියාගන්න බැරි නිසා ඔවුන්ගේ ගුප්ත ලෝකය ඔවුන් තවත් කා සමග හරි බෙදාගන්නවා. උදාහරණයක් ලෙස ඔවුන් වෙනත් සබඳතාවයක් පටන් ගන්නවා වෙන්න පුළුවන්.

රැවටීම හැමතැනම නොසිතන ලෙස සිදුවන්නේ ඇයි?

ඔවුන්ගේ මේ මවාගත් ලෝකය පවත්වාගෙන යද්දී අවධානම වන්නේ ඔවුන් නොදැනම ඔවුන් පිරිහීමට ලක්වෙන එකයි.

ඊට හේතුව ඔවුන් මේ රහස් සදාතනිකවම නිදන්ගත කරන්නට උත්සහ කලත් නොසිතන මොහොතක මේ අවිචාරවත් අනාචාර හැසිරීම එළිදකින්න පුළුවන්.

විවාහයක අවසානය රැවටිමක හෙළිවීමක්  විය යුතු නැහැ

වැදගැම්මකට නැති දේවල් කතා නොකර ඍජුවම අමාරු මාතෘකාවට එළබෙන්න. හදවතට දැනෙන දේවල් කතා කරන්න අමාරු වුනත් එය කළ යුතු වෙනවා. සමහර විටෙක හිත රිදුනත් එය කළ යුතු වෙනවා.

සමහර විට ඇහුම්කන් දීම, තීන්දු දීමට වඩා වැදගත් වෙනවා. ඒ නිසා අපහසු දෙයට වඩා ඔබට ඉන් මිදීමට පහසු ක්‍රමය සිතන්න. විවාහයක අවධානම් සහිත බව අඩු කරගන්න නම් අඩුපාඩුකම් ගැන නිතර දැනෙන හැඟීම්, අනාරක්ෂිත බව දෙදෙනාම කතා කල යුතු වෙනවා.

මෙවැනි පුද්ගලයන්ට ඔබ සමග ඕනෑම දෙයක් කතා කල හැකි බව අවබෝධ කරවන්න. ඔබත් සමග කිසිවක් සැඟවිය යුතු නොවන බව ඔවුනට ඒත්තු ගන්වන්න.

මේ මගින් සහකරුවෙකු හෝ සහකාරිය විසින් නිදන්ගත කරගෙන සිටි අමිහිරි මාතෘකා එලියට ගන්න ඔබට පුළුවන්.
ඔබ කතා කරන තරමට අනාරක්ෂිත බව පහවෙනවා.

ඔවුන් සඟවාගෙන සිටි රහස් තව දුරටත් රහසක් වන්නේ නැහැ. එය ඉතා අප්‍රසන්න අවස්ථාවක් ලෙස මුලදී සිතුනත් ඉන් ලැබෙන සහනය කෙතරම් වටිනවද කියලා අවසානයේ සිතේවි.

කිසිවෙක් රැවටෙන්න කැමති නැහැ...

එය එතරම් අප්‍රසන්නයි. එහි අතුරු ඵලයක් ලෙස ඔබේ දරුවන් ඉන් වේදනා විඳීම ඉතාම කණගාටුදායකයි. ඒ නිසා සිත තුළ සිරවූ හැඟීම් ඔබට විශ්වාසවන්තම අයෙකුට නැතිනම් සහකරුවා සමග බෙදාගන්න.

 ඔබේ දරුවන්ගේ ලෝකය නිදහසේ සතුටින් ගතකරන්න ඔබේ යහ පැවැත්ම හරිම වැදගත්. theAsianparent Sri Lanka අපි මෙවැනි ගැටළු ගැන ළගම ඉන්න හොඳම මිතුරියක් වගේ ඔබව දැනුවත් කරන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ