මෙන්න මේ පුරුදු දෙකට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්.

විවාහය තුල ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ කෙසේද?

මෙම පුරුදු දෙක ඇතිකර ගැනිමෙන් ගැඹුරු සමීපතාවයක් පවත්වා ගනිමින් ඔබේ විවාහය ශක්තිමත් කරන්න.

ඔබේ සහකරු සමග ඇති ඔබේ බැදීම ශක්තිමත් කිරීමටත් ආදරය ගැඹුරු කිරීමටත් ක්‍රම බොහොමයක් තියෙනවා. සම්බන්ධතාවයන් පිලිබඳ විශේෂඥයින් විසින් ආදරයෙන් උද්දාමයට පත් කර විවිධ ක්‍රම මගින් ලිංගික සමීපතාවය ඉහල නැංවිමට ඉගි සපයා තිබේ.

නමුත් අනිවාර්යයෙන්ම යුවලක් සතුවිය යුතු වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. නමුත්  මේවා නිසැක හා පහසු ලෙස පෙනුනද මේවා පුරුදු ලෙස පවත්වා ගැනිමට යුවල සදහා අමතක වෙන බව ඇසුවිට ඔබ පුදුම වේවි.

ඔබේ ඔබේ විවාහය ශක්තිමත් කරන්න හා නොබිදෙනා එකක් කර ගැනීමට ඉතාම වැදගත් ක්‍රම දෙකක් මෙන්න.

1.ඔබේ සහකරු ආකර්ෂණය කරගැනීම නවත්වන්න එපා.

එදිනෙදා ජීවිතයේ වගකීම් හේතුවෙන්  ජීවිතයේ ලස්සන බොද වී යන්න ඉඩදෙන්න එපා. දිනපතාම ඔබට  ප්‍රේමයක් ලබාගත හැකි විට වෙහෙසකර හා දුක්බර වීමට ඔබ නොසිතිය යුතුය. මිහිරි, කල්පනාකාරී වචන සහ ක්‍රියාවන්ට බොහෝ දේ කල හැකි නිසා  විසල් වටිනා ඉඟි සඳහා ඔබට  යන්න සිදු නොවේවි. ප්‍රශංසා කරන්න. ඔවුන්ව ආදරයෙන් ස්පර්ශ කරන්න.

ඔබේ සහකරුවා සමඟ ආකර්ෂණය වීම ඉතා වැදගත්ය. එය ඔබ වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වු පසුවද දේවල් උද්‍යෝගීමත්ව හා  විනෝදජනකව පවත්වා  ගැනීමට උපකාරී වේ. මේ නිසා ඔවුන් තුල ආශාවන් ඇති කරන අතර එය ඔවුන්ගේ ආත්ම අභිමානය  වැඩි කරයි. ඇයි දවස පුරාම ආදර සටහන් ලියන්නේ නැත්තේ? රසවත් කෙටි පණිවිඩ යවන්නේ නැත්තේ ?ඇත්ත වශයෙන්ම   ඔවුන් පවසන "පුදුම කරන  තෑගි" කොතරම් සරල වුවද කම් නැත.

එයට  ලොකු අදසක් ලබාදිය හැක. නිර්මාණශීලී වන්න, වඩාත් සැලකිලිමත් සහ කල්පනාකාරී  වන්න  . අඛණ්ඩ ආකර්ෂණය  සමග, නිරන්තරයෙන් ආදරය ලබාගන්න. ඔබ නිරන්තරයෙන් ඔවුන් දිනා ගැනීමට උත්සාහ කරන බව   ඔබේ අනෙක් අර්ධයට  දැනෙන්න ඉඩ දෙන්න.

2. එක්ව කාලයක්  ගත කිරීම  පුරුද්දක් කරගන්න.

මෙය කිසි තේරූමක් නැති සේ පෙනෙන්නට තිබුණද, සමහර යුවල  සැබවින්ම එක්ව කාලයක්  ගත කිරීමට අමතක වේ. එක්ව කාලයක්  ගත කිරීම වර්ධනය වන විවාහයේ අත්‍යාවශ්‍ය  අංගයක් නොවේ. එය ගැඹුරු සබඳතාවේ වැදගත් කොටසකි. දිගු කලක් තිස්සේ ඔබ එකට එකතු වී සිටියද, කාලය හා උත්සාහ  කිරීම මගින් ආදරය නැවුම්ව  ආරක්ෂා කර ගැනීමට සහය දක්වයි. එය තරමක් දුර්වල නම් එය විස්මයජනක කරයි.

එකිනෙකා වෙනුවෙන්ම එක් දිනක් තෝරාගන්න අඩුම තරමින් එක් ආහාර වේලක්වත් සතියකට තෝරාගන්න.   නිවසේදී පවා රාත්‍රී    ආහාර වේල ඔබ දෙපලට එක්ව ගත හැකි  අතර, ඔබට බාධාවකින් තොරව ඔබේ අවධානය සොරා ගන්නා උපකරණ  වලින් තොරව  සංවාදයක් පවත්වා ගත හැකිය.

රාත්‍රී  කාලයේදී දරුවන්    විශ්වාසවන්ත ඥාතීන් සහ මිතුරන්ගේ භාරයේ තබා ඔබ දෙපල තනිව එකට ඉන්න. යම් කලකට වරක් පරික්ෂා කිරීම විවාහයේ දී ඉතා වැදගත් වේ. ඒ, ඔබ එකට   ජීවත් වන විට ජීවිතය පුළුල් වීම හා එකිනෙකා අතර  තහවුරු කරගැනීම  නිසයි.   ඔබ දෙපල එක්ව සිටීමෙන් පැමිණෙන ඕනෑම දෙයකට කණ්ඩායමක් ලෙස මුහුණ දිය හැකිය.

ඔබේ විවාහය ශක්තිමත් කරන්න හා ප්‍රීතිමත්ව තැබීමට මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී