විවාහය තුළ හොඳ සන්නිවේදනයක් පවත්වාගන්නේ කොහොමද?

lead image

ඔබේ විවාහය ප්‍රාණවත්ව තබාගන්න සන්නිවේදනය වැදගත් බව ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැ. ඉතින් මේ වෙනුවෙන් ඔබේ බැඳීම තුළ යම් යම් අවස්ථාවන් ශක්තිමත් විය යුතු වෙනවා.

ඔබේ විවාහය ප්‍රාණවත්ව තබාගන්න සන්නිවේදනය වැදගත් බව ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැ. ඉතින් මේ වෙනුවෙන් ඔබේ බැඳීම තුළ යම් යම් අවස්ථාවන් ශක්තිමත් විය යුතු වෙනවා.

සමහර කෙනෙක් හිතනවා සන්නිවේදනය මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් ඒක හිතන තරම් ලේසි පහසු නැහැ. ඒක හරියට මංතීරු දෙකක් ඇති පාරක් වගේ. ඉතින් මංතීරු දෙකම හොඳින් ධාවනය වෙන්න අපි ඔබට නැවුම් අදහස් ටිකක් දෙන්නම්. සමහර විට ඔබ එකිනෙකාට කතා කරන ආකාරයම එහි අවසානය වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔබට ඊට ඇති ආකර්ෂණය විශ්වාසය ඇති කරගන්න උදව් කරන්නම්.

පැහැදිළි බව

දෙදෙනාට දෙදෙනා විවෘත වීම ඉතා වැදගත්. මෙහිදී ඔබ කියන දේ පැහැදිළිව කියන්න. ඔබ දෙදෙනා කොයිතරම් කාලයක් එකට ජීවත් වුනත් ඔබේ සහකරු ඔබේ හිත කියවාවි යැයි සිතන්න එපා. පිරිමින් හා කාන්තාවන් සිතන ආකාරය වෙනස්. ව්‍යංගය, රහසිගත ලෙස ඇතිවන බලාපොරොත්තු, සිදුවීම් තවත් නරක අතට හරවන්න පුළුවන්. ඔබට කියන්න ඇති දේ කියන්න. අදහස් කරන දෙයක් කියන්න. මූලිකව ඔබ හිතන් ඇති දේ විවෘතව කතා කරන්න.

ඔබේ වචනය වෙනස් කරන්න එපා

ඔබ යමක් කරන්නට පොරොන්දු වුනොත් එය කරන්න. විශ්වාසය තැනෙන්නේ එවිටයි.

ඔබේ හැඟීම් සඟවන්න එපා

ඔබේ සිතුම් හා හැඟීම් ප්‍රකාශ කරන්න බැරි වුනොත් සිදුවන්නේ කුමක්ද? සමහර විට ඔබේ වෙනස්කම් තුළින් සහකරු එය හඳුනා ගනිතැයි ඔබ සිතුවත්, ඔබ ඔහුට එය නොකීවොත් ඔහු එය සදාකාලිකවම වටහා ගන්නේ නැහැ.  ඔබට හැඟෙන දැනෙන දේ කියන්න ධෛර්යය උපදවා ගන්න. එය සඟවාගෙන සිටීමෙන් ඔබට වන සෙතක් නැහැ. ඔබට ඔබේ හැඟීම් වලට වටිනාකමක් ඇතත් ඒවා ගැන සහකරු දැන සිටීම වැදගත්. මෙය සැමියාටත් බිරිඳටත් පොදුයි. සහකරුවා නිතර අගයන්න. ඔහුව පහත හෙලන්න එපා.

ගෞරවය

මෙය දෙපාර්ශවයටම අදාලයි. ගෞරවය බිඳුන තැන ඔබේ සබඳතාවය යන්නේ අගතියටමයි.

කරුණු ඇවිස්සීමට පෙර සියල්ල දැනගන්න

යමක් අනුමාන කරන විට එහි සියලු දේ හා සත්‍ය තොරතුරු දැනගන්න. එම සිද්ධියේ හැම පැත්තක්ම ගැන සිතන්න. අනුමාන කිරීම් උපකල්පන මත තීරණ ගන්න එපා. ඒ ගැන කතා කරන්න. කරුණු සාකච්ඡා කරන්න.

එකිනෙකාගේ අවශ්‍යතාවයන් බලන්න

සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන්න අමාරුයි. ඔබේ අවශ්‍යතා ඉටු නොවන විට ඊට දොස් කියන්න එපා. විචාරය, විවේචනය කරන්නත් එපා. පුංචි ඉල්ලීමක් කර බලන්න. සමහර විට සහකරු ඔබේ අවශ්‍යතාවය නොදන්නවා වෙන්න පුළුවන්. දෙවන වරටත් ඔබ ඉන් ශක්තිමත් නැතිනම් එය කළයුතු ආකාරය ඔහුට විස්තර කර දෙන්න.

හැකි තරම් සවන් දෙන්න

නිතරම ඇහුම්කන් දීම වැදගත්. සමහර විට සහකරු කියන දෙයට පිළිතුර හිතේ හැදිලා ඉවරයි වෙන්නත් පුළුවන්. නමුත් ඔහුට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ කතා නොකර සිටීම, ඔබේ කන් දීම නිසා සිදුවන්නක් බව අඟවන්න. ඔහු දෙසට හැරී ඔහුට සවන් දෙන්න.

“ඔව්. මට තේරෙනවා. ඉතින්... ඉතින්...” ඔබ දෙදෙනා හොඳින් වටහා ගෙන ඇති බව ඉන් කියවෙනවා. විටින් විට “ඒ කියන්නේ? මෙහෙම වෙලා, එතනින් පස්සේ...” ඔහුගේ කතාවට ඔබේ අවධානය ඇති බව ඉන් වැටහෙනවා. 

හැමදේම වැදගත්

කතාව විතරක් නෙමෙයි සන්නිවේදනයේදී ඔබේ ඉරියව් පවා බලපානවා. ඇස් අතර සබඳතාවය, ශරීරයෙන් දෙන ඇඟවීම්, උච්චාරණය, හඬ, ස්වරය, තෝරා ගන්න වචන, ඔබේ බැලුම් මීට බලපානවා. කතා කරන වාරයක් ලබාගන්නවා වගේම සවන් දෙන්න.  ඒ වගේම ඔබ දෙදෙනාම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් තෝරා ගන්න. දෙදෙනාම පීඩනයෙන් ඉන්න වෙලාවකට එක් මතයකට පැමිණීමට අමාරුයි.

චෝදනා කරන්න එපා

විවේචනයක් හෝ කතාවක අවසානයක් චෝදනාවකින් එය අවසන් කරන්න එපා. නිතරම ‘මම’ වෙනුවට ‘ඔයා’ යන්න යොදා ගැනීමෙන් චෝදනාව දරුණු වෙනවා. උදාහරණයක් ලෙස “ ඔයා කවදාවත් රෑ කෑමට ගෙදර එන්නේ නැහැ” වෙනුවට “මම තනියම අපි දෙන්නටම රසට කෑම හදලා, මම විතරක් තනියම කෑම කනවා. මට හුඟක් හිත රිදෙනවා”. ඒ නිසා තමාව එල්ල කර චෝදනා කරන බවත් අනෙක් කෙනාට දැනෙන්නේ නැහැ. නමුත් ඔබේ සහකරුට ඔබට හැඟෙන දේ හරියටම දැනෙනවා.

අතීතයේ වළලා දැමූ දේ නැවත ඇදගන්න එපා

මෙය තේරුම් කිරීමට අවශ්‍ය නැහැ. අමිහිරි අතීතයේ දේවල් කිසිවක් වර්තමානයට ඈඳා ගන්න එපා.

එක් වරකට එක මාතෘකාවක් කතා කරන්න

සමහර අඹුසැමියන් මුදල් ප්‍රශ්නයක් ගැන කතා කරන්නට මුල පිරුවත් එය අවසන් වන්නේ නැන්දම්මාගේ ගැටළුවක් ගැන කතා කරන්න නම් එක ප්‍රශ්නයකටවත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඉන් ඔබ තවත් අසහනයට පත්වෙනවා විතරයි. ඒ නිසා වරකට එක් ගැටළුවක් ගැන කතාකර ඊට විසඳුමක් ලබාගෙන අනෙකට යන්න.

කතා කරන්න පෙර දෙවරක් සිතන්න

ඔබේ කතාකරන දෙය නැවත ගන්න බැහැ. ඒ නිසා ඔබේ හැඟීම් වලට ඉඩ නොදී මනසින් සිතා බලන්න. සිත් රිදීම් ඉන් වැඩිවෙන්න පුළුවන්.

ආදරය හා සමව දෙන්න

මේ වන විට ඔබ දන්නවා ඔබේ සහකරු සර්ව සම්පූර්ණ නැති බව. නමුත් ඕනෑම දෙයකට මුහුණ දෙමින් මේ ගමන යන්න ඔබ ඔහු තෝරාගෙන අවසන්. ඉතින් හැමදේම ආදරය වෙනුවෙන් ඉටු කරන්න. අතපසු වීම් වලට සමාව දෙන්න. කියන්න ලේසියි. නමුත් ඔබට එය කළහැකි බව සිතන්න.

නිතර ඇතිවෙන බැඳීම්

හැම විවාහක යුවලකටම පෞද්ගලිකව ඔවුන්ටම වෙන්වූ කාලයක් අවශ්‍යයි. ඉන් නැවත ආදරයෙන් බැඳෙනවා. විශේෂයෙන් දරුවන් ලැබුණු පසු කිසිවිටකත් ඔබට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න මැලිවන්න එපා. ඕනෑම සිහිනයක්, බලාපොරොත්තුවත් බෙදාගන්න. එය කුඩා වුනත්, විශාල වුනත් ගැටළුවක් නැහැ.

ඉවසීම හා අනුකම්පාව

සමහර විට ඔහු තුළින් වන වැරදි ගැන ඔහුගේ පැත්තෙන් බලන්න. ඔහුගේ පසුබිම ගැන සිතන්න. මේ ගුණාංග දෙක ඇත්නම් හුඟක් දුර යන්න පුළුවන්.

යුග දිවියක් සාර්ථක කර ගැනීම අරගලයක් වගේ. එය එතරම්ම ගැඹුරුයි. සංකීර්ණයි. නමුත් ඔබට ඊට තිබිය යුත්තේ උවමනාව හා කැමැත්ත පමණයි. ඒ උවමනාව වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය ලිව්වා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ