මගේ විවාහ ජීවිතය බේරා ගැනීමට දරුවෙක් හදාගන්නට මා ගත් තීරණය වැරදිද?

පළමුව ආදරය, ඊලගට විවාහය ඊටපස්සේ දරුවෙක්. ඒක  වෙන්නේ එහෙම  නේද? විවාහ ජීවිතයේ ගැටලු සංකීර්ණ වෙනතුරුම ලයිනෙත් සිතුවෙත් එහෙමයි...

අවුරුදු දෙකක කාලයක් වු ඩේවිඩ්ගේත් මගේත් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවුනා. අපි ලංවෙලා ඉන්නවාට වඩා වැඩි කාලයක් දෙපැත්තට වෙලා ඉන්න පටන් ගත්තා. අපි ආදරය කළාට වඩා අපි රණ්ඩු කළා.

මගේ විවාහය බිදවැටෙමින් තිබුනා.  

කරන්න දෙයක් හිතාගන්න බැරුව මම අසරණ වුනා. විවාහය තුළ අසතුටට පත්ව සිටින සමහර අවබෝධයෙන් තොර  කාන්තාවන්  ඒ සදහා විසදුමක් ලෙස දරුවෙකු හදාගත යුතුයැයි සිතන බව මම අසා තිබුනා. මමත් ඔවුන්ගෙන්  කෙනෙක් වුනා.

මේ මගින් අපිව එකතු කරමින් අපේ නොපවතින සම්බන්ධතාවය දැඩි කරමින් අපි එකිනෙකා සමීප වේයැයි මම හිතුවා.  

අපේ විවාහය තුල ඇති මතබේද තුලින් අපේ අවධානය බැහැර කර ඩේවිඩ් හා මං අතර ගැටලු දරුවෙකුට නිරාකරණය කරන්න පුළුවන් වේවි කියලා මං හිතුවා.

මම උපත් පාලන පෙති ගන්න එක නැවැත්තුවා. ඊට සති කිහිපයකට පස්සේ ඩේවිඩ් සහ මම සංසර්ගයේ යෙදුනා.

ඒ අපි අන්තිමට එකතුවෙලා බොහෝ කාලෙකට පස්සෙයි. ඒ නිසාම ඔහුට ලංවීම කොයිවගේද කියලත් මට අමතක වුනා.

මම උපත් පාලන පෙති නොගන්නා බව ඔහුට ඇගෙව්වේ වත් නැහැ. ඒ ඇයි කියලා මම  දන්නේ   නැහැ,

ඒත් මම ඔහුට ඒ ගැන කිව්වේ නැහැ . සමහර විට ඔහු මට කම්බුල් පාරක් ගහයි කියලා හරි මගෙන් දුරස්වෙයි කියලා හරි මම බය වුනා වෙන්න පුළුවන්.

එම මාසයේ කිහිප වතාවක්ම සංසර්ගයේ යෙදීමට අපි උත්සාහ කලා. මම සෑම විටම එය ආරම්භ කලා ඔහු කිසිවිටෙකත් එය ප්‍රතික්ෂේප කලේ නැහැ.

මාස දෙකකට පසු මම ගැබ්ගත් බව දැනගත්තා. මට සතුටක් දැනුනා. ඒත්  බයකුත් හිතේ තිබුනා.

මම එයාට ඒක කිව්වා.

ඔහු කම්පිත වෙලා මම  ඔහුව රැවටීමට හේතුව දැන ගන්න ඕනි වුනා. නමුත් පුදුමයකට මෙන් ඔහු මම හිතු තරම් කෝපයට පත් වුනේ නැහැ. ගර්භනී සමය එක්ක අපේ දවස් ගත වුනා.

ඔහු මාව ආදරයෙන් රැකබලා ගත් අතර ගැබිණි සමය තුල මං ලගින්ම හිටියා. ඒ නිසාම මගේ හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් ඇති වුනා.

නමුත් දරුවා පැමිණි විට සියල්ල බිද වැටුණා.  

ළදරුවෙකුගේ ලැබීමේ යථාර්ථය එක්ක වෙහෙස, අපිරිසිදු ඩයිපර්, ඇඬීම, හැගීම් දෝලනය  (සියළුම පවුලේ සාමාජිකයන් තුල) සියල්ලම ඔහු මත පැටවී ඩේවිඩ් සම්පූර්ණයෙන්ම තිගැස්මට පත් වුනා.

අපේ අලුත උපන් පුතු සියල්ල අසීරූ කලා. දැනටමත් අසාර්ථක අපේ විවාහය තනි වෙන්න ඉඩ හැරියා.

මම කරපු දේ වැරදියි කියලා මට තේරුණේ එතකොටයි. ඔහුව රවටා දරුවෙකු ලබාගැනීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ.

මම මොනවාද හිතමින් හිටියේ? ජේඩන් නිදා සිටියදී අපි සතුටින් කියලාද? ඔහුගේ  පුංචි දේවල් අපි එකතුවෙලා සතුටින් රස වින්දා කියලාද? ඔව්, මම නම් එහෙම කළා.

වැඩිපුර කාර්යයන්  හා ආතතිය පිරි ජීවිතය අපිව නැවත එකතු කරාවි යැයි මම බලාපොරොත්තු වුනාද?

මාව වැරදියට  හිතන්න එපා මම මගේ දරුවාට ආදරෙයි, නමුත් අලුත්  දරුවා නිදා ගැනීමේ රටාව, අපිරිසිදු කෑම පිගන් සහ නිමක් නැති රෙදි සේදීම, සහ තවත් බොහෝ දේ එක්ක නව ගැටලු  ගෙන එනවා කියලා මම මුලින්ම කියනවා.

ඔහුට වඩා වැඩි වගකීම් ලැබීමෙන් අපේ බැදීම යහපත් වේ යැයි මම සිතන්නේ කොහොමද? මම සොයන්නේ කුමක්ද? වරක් ආදරණීය වු මිනිසෙකුගේ නැවත ඉපදීමක්ද?

එය අපට දුෂ්කර කාලයක් වුනා. මට මගේ සැමියාගෙන් මම බලාපොරොත්තු වුන ආදරය සහ අවධානය නොලැබේ නම්, දරුවෙක් සමග පවුල් ජීවිතය යහපත් වනු ඇතිද?

ඔහුගේ ආදරණීය පුතු නිසා මගේ සැමියා ගෙදර වැඩිය රැදේවි යැයි වැඩිපුර උදව් වේවි යැයි මම හිතුවා විය හැකිය.

ඒ මම අනාරක්ෂිත වෙමින් ඇතුලාන්තයම දැවෙමින් සිටි නිසයි.

ඩේවිඩ් වසර තුනක් ජේඩන් හදා වඩා ගැනීමට උදව් කලා. ඉන්පසු ඔහු එය අතහැර දැමුවා.  

එයට ඇලී ඉන්නට තරම් ශක්තියක් ඔහුට තිබුනේ නැහැ. මෙය මාස 2 කට පෙර සිදු වූ නිසා, වේදනාව  තවමත් අලුත් සෑම මතකයක් තවමත් ඇත්ත වගේ

ඔහු යන්න ගිහින්, දොස් පවරගන්නත් ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. මගේ දෙදරා ගිය විවාහයට විසදුමක් විදියට දරුවෙක් හැදීම මට තෝරා නොගන්නයි තිබුනේ.

මට සියල්ල  වෙනස් කරන්න පුළුවන් නම්, මම එහෙම කරනවා. දැන් මගේ පුතා නැතිව මට ජීවිතය ගැන හිතන්න බැහැ.

නමුත් මම අපේ බැදීම පුළුල් කර ගැනීමට පෙරම  එය බිද වැටීමට කටයුතු කරලා තියෙනවා.

ඔබේත් ඔබේ සහකරුගේත් ජීවිතය සතුටින් පුරවමින් ඔබ අසීමිතව ආදරය කරන සුරතල් දරුවෙක් එක්ක ආදරය යලි යලිත් ඔබ වෙත පහසුවෙන් එනවා, ඔබට ශක්තිමත් විවාහයක් තිබේ නම් එය විශිෂ්ටයි.

මා සිටින තත්වයේ සිටින කාන්තාවන්ට දෙන්න මට අවවාදයක් තියෙනවා.

ඔබ අවධානය යොමු කරන්න. ඔබ විවාහ වුයේ ඇයිදැයි මතක තබා ගැනීමට උත්සාහ කරන්න. ඔබ ඔබේ සම්බන්ධතාවයට යලිත් විනෝදයත්  සිනහාවත් ගෙනාවොත්, ‍එම සම්බන්ධතාවය යලිත් යථා තත්වයට පත්කර ගත හැකිය.

විවාහ ජීවිතයේ ගැටලු ජය ගන්න වැරදි තීරණ ගන්න එපා මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී