විෂබීජ පැතිරෙන ක්‍රම: ඔබේ තුවායත් විෂබීජ පතුරවන මධ්‍යස්ථානයක්ද?

lead image

විෂබීජ රැදුනු අපිරිසුදු තුවායකින් ඇග පිසදැමීමට පෙර දෙවරක් සිතන්න.

ඔබේ නාන කාමරයේ ඇති වඩාත් විෂබීජ ආසාදිත උපකරණය ඔබ සිතන දෙය නම් නොවේ. එය ඔබේ  තුවායයි.

ඔබේ ඇග සෝදා අවසන් වු විට ඔබේ සිරුර පිරිසිදුයි නමුත් ඔබේ සිරුර වටා වියලි පිරිසිදු තුවාය දවටා ගත් විට ඔබේ මැරුණු සම තුවායේ ඇතිල්ලී ගැලවී එහි කෙදි අතර රැදේ.

තුවාය ඇදහිය නොහැකි ලෙස උරා ගැනීම සිදු කරයි. ඒවා නිෂ්පාදනය කර ඇත්තේ ඒ සදහායි. එහි රැදෙන තෙතමනය බැක්ටීරියාවන් බෝවීමට සුදුසු වාතාවරණයක් ඇති කරයි. ඇග සෝදා පිසදැමීමෙන් පසු ඔබේ තුවාය සම්පුර්ණයෙන්ම වියළා ගැනීම ඉතා වැදගත් වන්නේ අන්න ඒ නිසයි.

"එහි තෙතමනය තිබුනොත් , බැක්ටීරියා වර්ධනය වේවි."

තුවායේ සනීපාරක්ෂාව

"ස්පොන්ච් එකක තියෙන ගැටළුවම මෙහිත් තියෙනවා. එහි තෙතමනය තිබුනොත් , බැක්ටීරියා වර්ධනය වේවි"  මර්වින් රොබට් නැමැති මහචාර්යවරයා yahoo beauty වෙත පවසා ඇත.

"බැක්ටීරියා තෙතමනයට කැමතියි. නමුත්  තෙතමනය ඉවත් කරන ස්ථාන වලට ඒවා කැමති නැහැ. නාන කාමරයේ  තෙතමනය රැදී තිබීමට ඉඩ ප්‍රස්ථා වැඩියි. ඔබ ඔබේ තුවාය වියළන්නේ නැතිනම් එය උදේ සිට හවස් වෙනතුරුම තෙත්ව පවතිනවා."

ඔබේ සමේ සිටින බොහෝ බැක්ටීරියා අහිතකර නොවුනත් ජලයෙන් පැමිණෙන බැක්ටීරියා ඔබේ තුවායේ රැදී සිටිමෙන් ඒ මත වර්ධනය වේ.

උදාහරණයක් ලෙස නාන කරාමයෙන් සොයා ගන්නා ලද nontuberculous mycobacteria විසින් පෙනහළු ආසාදනයට හේතු වේ.

ජල කරාම පද්ධති වල වෙසෙන Legionella නැමති බැක්ටීරියාව ඔබේ ශ්වසන පද්ධතියට හානිදායක වේ. ඒවගේම තුවාය බෙදා පාවිච්චිය තුලින් gonorrhoea, trichomoniasis,  staph වැනි රෝග වලට ඔබ ගොදුරු විය හැකිය.

නිවසේ අයෙක් රෝගී නම් අත්පිස්නාව  බෙදා ගැනීමෙන් ආසාදනයේ විෂබීජ පැතිරීම පහසුවෙන් සිදුවේ.

"නිවසේ අයෙක් රෝගී නම් නානකාමරය සමේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, නිස්සාරණ මුඛයෙන්  ආසාදන (නිස්සාරණ ද්‍රව්‍ය පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට ඇතුල් වීම) බෝවෙන ස්ථානයක් වන බව ඔබ වටහා ගත යුතුයි."  බොහෝ මිනිසුන් ඔවුන්ගේ අත් හොදින් සෝදන්නේ නැහැ,"රොබට් තවදුරටත්  පැවසුවා.

"ආසාදන බෝවීමට නාන කාමරය හොද තෝතැන්නක් "

Fieldcrest හි වෙළද අධ්‍යක්ෂක වරයා Reader’s Digest වෙත කියා සිටියේ බොහෝ මිනිසුන් ඇග සෝදන විට විදුලි පංකාව ක්‍රියාත්මක කර ජනේල විවෘත කර ඇග පිසදාගත් පසු විදුලි පංකාව ක්‍රියා විරහිත කර ජනේල වසා දමනවා.

කොහොම නමුත් ඇග සෝදා ගැනීමෙන් පසු තෙතමනය ඉවත් වීමටත්, තුවාය වියළා ගැනීමට හැකීවීමටත් වාතය සංසරණය ඉතා වැදගත් වේ.

ඔබේ තුවාය ඉක්මනින්ම වියළා ගැනීමට

• විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න

• ජනේල විවෘත කරන්න

• තෙතමනය ඇති නානකාමරයේ නොව නිදන කාමරය වැනි තැනක ඔබේ තුවාය එල්ලා තබන්න.

ඒ වගේම ඔබේ තුවාය තුන් පාරක් භාවිතා කල පසු සෝදන්න.

විෂබීජ පැතිරීම පිලිබඳ ඔබේ අදහස් හා ගැටළු පහතින් සටහනක් යොදන්න.

ඔබේ සනීපාරක්ෂාව ගැන හැමදාම සැලකිලිමත් the Asianparent Sri Lanka විසින් විෂබීජ පැතිරෙන මේ ක්‍රම ගැන මේ තොරතුරු තිළිණ කරයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී