theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ දැරිය මතකද? ඇය මේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුන් දෙපලගේ ඥාතී දියණියයි

3 අවම කියවීම
මේ දැරිය මතකද? ඇය මේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුන් දෙපලගේ  ඥාතී දියණියයිමේ දැරිය මතකද? ඇය මේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුන් දෙපලගේ  ඥාතී දියණියයි

මේ වීඩියෝ සංසරණය හා සම්බන්ධ ප්‍රතිචාර ගැන මොවුන් ඇඟිලි දික් කරන්නන් ගැන අපැහැදීමට පත් වන හේතුව ගැන අද ඔබට කියන්නේ. ඔවුන් හා එකඟද?

දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්  ලිපියෙන් ඔබ වෙත ගෙන ආ  කඳුළු පිරි දෑසින්, මුවේ රැඳුනු  දහසකුත් හැඟීම් පොදි බැඳගෙන, ගුටි කමින් බැනුම් අසමින්, අති මහත් පීඩනයකින් අකුරු ඉලක්කම් ඉගෙනගත් පුංචි දියණියගේ වීඩියෝව මහත් ආන්දෝලනයක් ඇති කරමින් ලොව වටා අන්තර්ජාලය පුරා සරිසන්නට වී ගත වුයේ සතියක් පමණයි.

  The fact that the pain and anger of the child is ignored and ones own ego to make the child learn is so massive that compassion has totally gone out of the window. This is shocking and saddening to another dimension. A child can never learn if intimidated. This is hurtful.

A post shared by Virat Kohli (@virat.kohli) on Aug 18, 2017 at 10:08pm PDT

ඉන්දියාවේ නිවසක සිදු වූ මේ සිදුවීම අවුරුදු 4ක් හෝ 5ක් වූ පුංචි දෝණිට තම මව විසින් ඉලක්කම් 1 සිට 5 දක්වා කෝපයෙන් හා වියරුවෙන් ඉගැන්වූ ආකාරය හුවා දැක්වූ වීඩියෝ පටයක්.   

මෙම වීඩියෝව ඉන්දියාවේ විරාධ් ඛෝලි වැනි සුප්‍රසිද්ධ පුද්ගලයින් අතින් පවා අන්තර්ජාලයේ බෙදා ගැනුනේ ඔවුන්ගේ අප්‍රසාදය පල කෙරුණු සටහන්ද සහිතව.

කඳුළු පිරි දෑසින් යුත් දැරියගේ අනන්‍යතාව සොයා ගැනේ

  dancing with my darling???#gypsyking???

A post shared by Sharib Sabri (@sharibsabri) on Feb 21, 2016 at 10:59pm PST

අන්තර්ජාලයේ පාඨකයන් සොයා ගත පරිදි මේ දැරිය කාගේ කවුද යන්න දැන ගැනීමට වැඩි කාලයක් ගියේ නැහැ. තුන් හැවිරිදි හායා (Haya) සුප්‍රසිද්ධ බොලිවුඩ් සංගීත අධ්‍යක්ෂ යුගලක් වන ෂරිබ් සහ ටෝශි (Sharib and Toshi) ගේ ඥාතී දියණිය බව සොයා ගැනුනා. 

අන්තර්ජාල සරිසනන්නන් විසින් මැගේ අනන්නයතාව සොයා ගනු ලැබුවේ ඇගේ මාමණ්ඩිය වා ෂරිබ් ශබ්රිගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා. මාද්‍යවේධින් ඔහු හා සම්බන්ධ වී ප්‍රශ්න කෙරු විට ඔහු ප්‍රකෝපයෙන් කියා සිටියේ මෙම වීඩියෝව මව විසින් රූගත කලේ පවුලේ සාමාජිකයින්ට පමණක් පෙන්වන්නට බවත්, ඒ දැරියගේ මුරණ්ඩු කම හුවා දක්වන්නට බවත්ය.

ඔහු තවදුරටත් කියා සිටියේ තමන්ගේ දරුවාට සුදුසු නුසුදුසු දේ මැනවින් දන්නේ දරුවාගේ දෙමාපියන් බවත් තම සොයුරියට මව් පදවිය ගැන කියාදීම නරඹන්නන්ට අදාළ දෙයක් නොවන බවත්ය.

අපගේ දරුවා ගොඩක් මුරන්ඩුයි     

විරාධ් ඛෝලි හා ශිඛාර් ධවාන් වැනි ප්‍රකටයන් කල සටහන් ගැන ෂරිබ් කිවේ “ඔවුන් අප කවුද කියා දන්නේ නැහැ. අපේ දරුවාට සුදුසු හා නුසුදුසු දේ ගැන දන්නේ අපියි. ඒ ඇයගේ ස්වභාවය. තත්පර ගානකින් ඇය සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඇයව පාඩුවේ තනිව තිබ්බොත්, ඇය කියාවි ඒ විහිළුවක් කියා. එසේ ඇයට පාඩුවේ ඉන්නට හැරියොත් ඇයගේ ස්වභාවය නිසා ඇයට කොහොමටවත් ඉගෙන ගන්නට වෙන්නේ නැහැ.” කෙසේ නමුත් ඈ ඔවුන්ගේ දියණිය බවත් ඇයට හානි වන කිසිවක් ඔවුන් ඇයට නොකරන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඔහු කියා සිටියේ “සැම දරුවෙක්ම වෙනස්. අපගේ දරුවා ගොඩක් මුරණ්ඩු දරුවෙක් මුත් අප ඇයට ගොඩක්ම ආදරෙයි.” කියාය. “මගේ සොයුරිය දෝනිව දස මසක් කුසේ දරා වැදු අම්මා. ඒ අම්මෙකුගේ ආදරය; මොහොතක වීඩියෝවක් බලා මිනිසුන්ට නිගමන වලට එන්නට බැහැ.”

  dancing with my darling???#gypsyking???

A post shared by Sharib Sabri (@sharibsabri) on Feb 21, 2016 at 10:59pm PST


අවසාන වශයෙන් ඔහු කියා සිටියේ දරුවෙක් මුරණ්ඩු වූ පමණින් ඔවුන්ට ඉගැන්වීමේ කාර්යය අත්හැර දමන්නට බැහැ කියාය.

දරුවා අසීමිත ලෙස මුරණ්ඩු නම්, ඔහුගේ පැත්තෙන් බැලුවහොත් කතාවේ ඇත්තක් ඇති. නමුත් තුන් හැවිරිදි දැරියකට ගුටි දෙමින් තරවටු කර ඉගැන්වීම නම් අනුමත කරන්නට බැහැ.

අද කාලයේ දරුවන් වෙනස්ය. එබැවින් දරුවන් දැනමුතු කිරීමේ ක්‍රමද සාපේක්ෂව වෙනස් විය යුතුය.

සතියකට ඉහතදී අප කතාව පලකල විට ඇතැම් මාපියන් අපට අදහස් ඒවා තිබුනේ අප කුඩා කල ගුටි බැට කෑම සාමාන්‍ය දෙයක් වුවත්, අද කාලයේ ඊට ළමා හිංසනය කියමින් අනවශ්‍ය විරෝධතාවක් පෙන්වන බවයි. 

මේ ගැන අපේ අදහස නම් හැම දෙයක්ම සීග්‍රයෙන් දියුණු වන ලෝකයේ ළමයින් ලොකු මහත් කිරීමේ ක්‍රමත් කාලයා අනුව වෙනස් විය යුතු බවයි.

80 හා 90 දශක වල ගුටිබැට දීම ‘සාමාන්‍ය’ දෙයක් ලෙස සැලකුවත්, මෙය 20වන සියවසේ දරුවන්ට කොහෙත්ම ‘සාමාන්‍ය’ ක්‍රමවේදයක් නොවන බව අපි නැවතත් උකහා දක්වන්නවා. ඉතින් මොනවද මේ විසිවන සියවසේ ක්‍රමවේද? අපි එය ඉදිරි දිනකදී සවිස්තරව සාකච්චා කරමු. 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • මේ දැරිය මතකද? ඇය මේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුන් දෙපලගේ ඥාතී දියණියයි
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

    දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

    දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it