theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඒ අදුරු රාත්‍රියේ සියල්ලන්ගේම සිත් මොහොතක් නතර කර හදිසියේම ආ අමුත්තිය

2 අවම කියවීම
ඒ අදුරු රාත්‍රියේ  සියල්ලන්ගේම සිත් මොහොතක් නතර කර හදිසියේම ආ අමුත්තියඒ අදුරු රාත්‍රියේ  සියල්ලන්ගේම සිත් මොහොතක් නතර කර හදිසියේම ආ අමුත්තිය

හදිසියෙන් වෝටර් බෑග් එක කැඩුනොත් ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබ දන්නවාද?

ඒ 2012 වර්ෂයේ සොදුරු දෙසම්බර් මාසයේ සාමයේ කුමරුන්ගේ උපන් දින රාත්‍රියයි. තවත් සති හතරකින් තුරුල් කර ගන්න බලාපොරොත්තුවෙන් සිටි සිගිත්තියක කුස දරා සිටි මා සති තිස් හයක ගැබිණියකව උන්නෙමි.

දවස් දෙකකට පෙර වු විශේෂඥ වෛද්‍යවරයාගේ හමුවීම යොදා ගැනීම  අමතක වීමකින් මග හැරුනෙන් එය තවත් කිහිපයකින් කල් ගොස් අනිද්දාට යෙදුනි.

" හෙට පෝය, පරිස්සම් වෙන්න"

කොන්ද රිදෙනවා යැයි කෙදිරිගාමින්  ඇදට වී වුන් මගේ හිස අත ගෑ අම්මා කිව්වාය.

" තව මාසයක්ම තියෙනවා අම්මා "

කිසිම පළපුරුද්දක් නොවු මා දරුවන් තිදෙනෙකු වැදු ඇයට එසේ එදා කිව්වෙමි.

නත්තල් තිබු මගේ සැමියා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජනයක් අම්මා පිලියෙල කර තිබුනෙන් මම ඔහුත් සමග ඒ රාත්‍රියේ එයට සහභාගි වුනෙමි. කොතරම් අපහසු කම් තිබුනද මං එදා රාත්‍රියේ මොකද්දෝ හේතුවකට සිත් පුරා කුස පිරෙන සේ ආහාර ගතිමි.

වේලාව රාත්‍රී 9.30 වුවා පමණි. අපි අපේ නිවසට යන්නට නැගි සිටියෙමු. එකවරම මගේ දෙපා දිගේ වතුර ගලා එන්නට විය. නිවසේ වු සතුට කොහේ ගියා දෝ නොමැත. මගේ තාත්තා එළියට බැස වහා වහා වාහනයක් සොයා ගියේය. සැමියා වෛද්‍යවරයා අමතමින් උපදෙස් ලබා ගනිමින් සිටි අතර අම්මාත් නංගිලාත් මගේ බඩු සකස් කරමින් වුන්නේය.

සනීපාරක්ෂක තුවායක් අන්දවා ලොකු බෙට් ෂීට් එකක් මතින් මා වාඩි කර වු අයුරු මට සිහිවේ. තාත්තා පත්තිනි මෑණියන්ට භාරයක් වෙද්දී අම්මාත් ලොකු නංගීත් , එහා ගෙදර අක්කාත් මගේ සැමියාත් මා හා කිලෝ මීටර් තිස්පහක් එහායින් වු පෞද්ගලික රෝහල වෙත පිටවිය.

කොතරම් අමාරුකම් තිබුනත් මා විලාප තියමින් රියදුරා ඇතුලු පිරිස කලබල නොකලෙමි. වාහන තදබදය මග හරිමින් හදිසි අවස්ථාවකදී යා හැකි අනෙක් රෝහල්ද ඇති මාර්ගයක් ඔස්සේ අපි රෝහලට ලගා වුවෙමි. ඒ නිසාම ආරක්ෂාකාරී දරු උපතකට මුහුණ දීමට මා වාසනාවන්ත වුවෙමි.

හදිසියේ වෝටර් බෑග් එක කැඩුනොත්:

1. දරු උපත ලංවෙද්දී රෝහලට ගෙන යන බෑග් එක සුදානම් කර තබා ගන්න.

2. ඔබ තනියම ගමනක් යනවා නම් අවශ්‍ය ද්‍රව්‍ය , ගැබිණි පත, හදිසියේ දැන්විය යුතු අයගේ අංක, වෛද්‍යවරයාගේ අංක ලගම තබා ගන්න.

3. ගැබිණි මව රෝහල් ගෙන යෑමට වාහනයක් සුදානම් කර තබන්න.

4. වෝටර් බෑග් එක කැඩී ඇත්නම් වහාම සනීපාරක්ෂක තුවායක් අන්දවා ඇයව සුදානම් කරන්න.

5. වෛද්‍යවරයා හා රෝහල වහා දැනුවත් කරන්න . පවුල් සෞඛ්‍ය සේවිකාවද දැනුවත් කරන්න.

6. රෝහලට ඉක්මනින්ම ලගාවිය හැකි පහසු මාර්ග දැනුවත් වෙන්න.

7. එවැනි අවස්ථාවක ක්‍රියා කල යුතු ආකාරය අවශ්‍ය නම් උපදෙස් ගන්න.

8. මුදලක් අත තබාගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ඒ අදුරු රාත්‍රියේ සියල්ලන්ගේම සිත් මොහොතක් නතර කර හදිසියේම ආ අමුත්තිය
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අදහස් බෙදා ගන්නත් එක්ක පුංචි ගේම් එකක් කරමුද?

    අදහස් බෙදා ගන්නත් එක්ක පුංචි ගේම් එකක් කරමුද?

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • අදහස් බෙදා ගන්නත් එක්ක පුංචි ගේම් එකක් කරමුද?

    අදහස් බෙදා ගන්නත් එක්ක පුංචි ගේම් එකක් කරමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it