දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

lead image

මිනිස් සිරුරේ විවිධ ස්ථාන වල අභ්‍යන්තරයේ කෝෂ සාදාගෙන ජීවත්වන මෙම පණුවන් බොහෝ දුරට ගෘහස්ථ සතුන්ගෙන් හා මදුරු විශේෂයක් මඟින් ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

මෙම භයංකර මෙන්ම ප්‍රියජනක නොවන පුවත වාර්තා වන්නේ ලංකාදීප පුවත්පතින්.

දඹුල්ල නගරයේ පුද්ගලයින් 20දෙනකුගේ සිරුරෙන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කල පණුවන් ගණනාවක් ගැන දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරනවා. පසුගිය 26 වනදා කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් මෙලෙස ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් අතින් සාර්ථකව සිදුවූ බවට වආර්තා වනවා.

මේ වසර තුළ පුද්ගලයන් විසි දෙනකුට පමණ මෙවන් සැත්කම් සිදු කර  පණුවන් ඉවත් කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක  මහතා පැවසුවා. මෙලෙස ශරීරගත වන පණුවන් අඟල් 3ත් 5ත් අතර වන බවත් ඒ දිගැටි සුදු පැහැති පණු විශේෂයක් බවත් වෛද්‍යවරුන් පවසනවා.

සිරුරේ විවිධ ස්ථාන අභ්‍යන්තරයේ කෝෂ සාදාගෙන මෙම පණුවන් ජීවත්වන බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම පණු විශේෂයට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

අර්ථනායක  මහතා පැවසුවේ මෙම පණු විශේෂය බොහෝ දුරට ගෘහස්ථ සතුන්ගෙන් හා මදුරු විශේෂයක් මඟින් ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්ය. කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමු වී තිබෙන බවද ඔහු පැවසුවා.

රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවත් ලංකාවේ අවස්ථා කිහිපයකදී මෙවන් සිද්ධීන් වාර්තා වී ඇති බවත් ඔහු තවදුරටත් පැවසුව මුත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් රෝගීන් පැමිණීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරුන්ගේ  මතයයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පණු විශේෂය සහ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ  බව අර්ථනායක මහතා කීය. බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතු වීමෙන් මෙම පණු රෝගය අනාවරණය කරගැනීමට හැකියාව පැවතිය ද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණුවන් රැඳී සිටියොත් හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බව ද වෛද්‍යවරු පවසති.
 
මෙවන් රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අර්ථනායක මහතා ප්‍රකාශ කළා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/worm1.png දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/worm3 1.png දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/worm4 1.png දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/worm6.png දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/worm2 1.png දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/worm7 1.png දඹුලු ප්‍රදේශයේ 20 දෙනෙකුගේ සිරුරෙන් පනුවන් එලියට ගනී

 

මූලාශ්‍රය හා තිර සටහන් (screengrab) ලංකාදීප පුවත්පතින්.