theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශ්‍රි ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය පළමු සංවත්සරය සමරයි!

3 අවම කියවීම
ශ්‍රි ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය පළමු සංවත්සරය සමරයි!ශ්‍රි ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය පළමු සංවත්සරය සමරයි!

ආදරණිය මව්වරුන් රැසකගේ කැපවීම සහ ශක්තිය කැටි කොට,  අද්විතීය සමාජ මෙහෙවරක් කරන ශ්‍රී ලංකන් මම්ස් ෆේස්බුක් සමූහය අද ඔවුන්ගේ පළමු සංවත්සරය සමරනවා. 

සමාජීය මතයක් වන, කාන්තාවන්ට එක්ව වැඩ කල නොහැකියි යන මතය පුස්සක් කරමින්, එකිනෙක අත්වැල් බැඳගත් ආදරණිය මව්වරුන් රැසකගේ කැපවීම සහ ශක්තිය කැටි කොට,  අද්විතීය සමාජ මෙහෙවරක් කරන ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය අද ඔවුන්ගේ පළමු සංවත්සරය සමරනවා. 

ක්‍රියාශීලී සහ නිර්මාණශීලි සාමාජිකයින්ගෙන් හා  ඇපකැප වූ ඇඩ්මින් මඬුල්ලකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකන් මම්ස් ෆේස්බුක් සමූහය මව්වරුන්ගේ එදිනෙදා ගැටලුවලට විසඳුම් දෙන තෝතැන්නක් බව ඔබ දැනටමත් දන්නා කරුණක්..

දරුවාගේ පෝෂණය, ලෙඩ රෝග, ආහාර, ළමා මනසට ක්‍රියාකාරකම්, වයායාම  සහ වෙනත් විශේෂාංග සමූහයකින් සැදුම්ලත් මෙම සමූහය දෙස් විදෙස් ලාංකීය මව්වරුන් 50,000කට අධික සංඛ්‍යාවකගේ සිත් සතන් සනසවමින් විශාල මෙහෙවරක නියැලී සිටී.

මව්වරුන්ට දිනපතා තම ලදරුවන් පිලිබඳව පැනනගින ගැටලු හමුවේ සාර්ථක ලෙස පිළිතුරු සපයමින් උපකාර කරනා පරිපාලිකාවන් හා එම සේවය හා සම්බන්ධ අනෙකුත් සේවාදායිකාවන් තම සමූහය වෙනුවෙන් උර දෙන්නේ සමූහයේ සාමාජිකාවන්ට හරවත් හා වැදගත් දැනුම් සම්භාරයක් තිළිණ කරන්නටය.

එවන් වූ සමූහයක පළමු සංවත්සරය සමරමින් ඉතාමත් ආදරයෙන් ඔබට තිළිණ කරන්නට ඔබ වෙනුවෙන් ලස්සන ගීයක් නිර්මාණය කර තිබෙනවා...

මෙම ගීතය තිළිණ කරන්නට විශේෂයෙන් වෙහෙස වූ පුද්ගලයින් තිදෙනෙක් ඉන්නවා.. ඔවුන්ගේ සහයෝගය කොයිතරම් වටිනවා ද යන්න  වචන වලින් කියන්න අපහසුයි..

ශ්‍රි ලංකන් මම්ස් ගීතයේ තතු 

පද රචනාව 

ප්‍රබල නාටකීය අවස්ථා මත තම කතාව රඳවාගෙන සිටීමින් මුල-මැද- අග සහිත වටකුරු ප්‍රබල කතා වස්තුවක් ඇති නව කතා නිර්මාණකරුවෙකු වන “ගාමිණී අබේවික්‍රම” මහතා මෙම ගීයෙ පද රචනය කර ඇත..

පාට සරුංගල් (ටෙලි නාට්‍යයකට නැඟිණ), හංසරාජිණී, අංගාරා, ප්‍රථම වසන්තය, මිහිදුම් මනමාලි, මල් බෝනික්කෝ, රන් සැළලිහිණි,පියාඹන්නට තටු සලා,සිරිපා නුදුටු සමනල්ලු,පුරසඳ අහස,අපෙ ආදර කතන්දරේ,මාල ගිරා තටු,පරසතු කුසුම,පෙම් ජල රේඛා,බක්මහේ නිවාඩුව වැනි ප්‍රසිද්ධ නවකතා ඔහු විසින් රචනා වූ ඒවාය..

සංගීතය 

ශ්‍රි ලංකන් මම්ස් ගීතය සංගීතයෙන් රසවත් කලේ සමූහයේ ආදරණීය සොයුරියක් වන සංගීත විශාරද  නිමාෂා චරනී ලියනසූරිය මහත්මිය හා ඇයගේ ආදරණීය සැමියා වන විශාරද චතුරංග අමරසූරිය මහතායි.. පැණිදෙනිය - මප/දෙනු /විමලධර්මසූරිය මහ විදයාලයේ සංගීත ගුරුවරිය වශයෙන් කටයුතු කරන ඇය ඔවුන් විසින් මෙහෙය වනු ලබන"නාද් oriental Music Band ", "Angels Music Band "සහ "නාද් Acoustica Full band "හි කටයුතු කරගෙන යනු ලබයි...

ශ්‍රී ලංකන් මම්ස්

ඉතිං දැනට ශ්‍රි ලංකන් මාම්ස් වසරකට පෙර ආරම්භ කල ඒ ගමන තුළ  .......

කුස තුළ වැඩෙනා කැකුළට පිනි ඉසින්නට

මව් පදවිය වෙත නිබඳ ව ගරු කරන්නට

විකසිත කැකුළට රැකවරණය සදන්නට

දෙමාපියන් සේ තනියට ළඟ ඉන්නට

උතුම් මවුන් වෙත පුද දෙන අත්වැල වන්නට

ශ්‍රී ලංකන් මම්ස් බිහි වුනා......

ශ්‍රී ලංකන් මම්ස් ගීතය

ඉතින් මෙම සමුහයේ සාමාජිකයින් 50,000 ක් පමණ සමග පළමු සංවස්තරය  සමරන මෙම අවස්ථාවේ ඔවුන්ගේ නව අදහස් සහ විවිධ නිර්මාණ වලින් දිනපතා මවිත කරවන කුසලතාපුර්වක සාමාජිකයින් ගැනත් කතා නොකරම බැහැ.

ශ්‍රී ලංකන් මම්ස් සමූහය උපකාර වලින්, දැනුමෙන්, කෑම වට්ටෝරු, කලා නිර්මාණ හා මෙකී නොකී දෑ වලින් පැහැ ගන්වා රසවත් කර මෙවන් සුවිශේෂී සමුහයක් බවට පත් කර ඇත්තේ ඔබ වැනි මව් පියවරුන්ගේ නොමසුරු දායකත්වයයි.

නිහතමානී ලාංකීය අභිමානයක් අප සිත් තුළ සනිටුහන් කරමින් සමුහයේ පලමු සංවත්සරය සමරන්නටත් මෙවන් විවිධ නිර්මාණ රැසක් සමග ඔබටත් ශ්‍රී ලංකන් මම්ස් පිටුවට එක් වී ඒවා රස විඳින්නට පුළුවන්.

සමූහයේ සාර්ථකත්වයේ කුළුණු

 ශ්‍රි ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය පළමු සංවත්සරය සමරයි!

ශ්‍රි ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය පළමු සංවත්සරය සමරයි!

තව දුරටත් මෙම අනුපමේය සේවය සපයමින් ලක් මෑණියන් සුවඳවත් කරමින් ඉදිරියටම ගමන්ය කරමින්මි චිරාත්කාලයක් වැජඹෙන්නට TheAsianParentහි අපෙන් ආසිරි!

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පසුගිය ඔක්තෝබරයේ, සමුහයේ සාමාජිකයින් 25000ක කඩඉම පසුකලදා-ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය සාමාජිකයන් 25,000කගේ එකතුව සමරයි!

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • උත්සව
  • /
  • ශ්‍රි ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය පළමු සංවත්සරය සමරයි!
බෙදාගන්න :
  • ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය සාමාජිකයන් 25,000කගේ එකතුව සමරයි!

    ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය සාමාජිකයන් 25,000කගේ එකතුව සමරයි!

  • ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

    ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

  • ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය සාමාජිකයන් 25,000කගේ එකතුව සමරයි!

    ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය සාමාජිකයන් 25,000කගේ එකතුව සමරයි!

  • ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

    ශ්‍රී ලංකන් මාම්ස් සමූහයේ ආදරණීය ඇඩ්මින් දිල්රුක්ෂි ජෑන්ස් හඳුනාගනිමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it