ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) ෆේස්බුක් සමූහය සාමාජිකයන් 25,000කගේ එකතුව සමරයි!

ක්‍රියාශීලී සහ නිර්මාණශීලි සාමාජිකයින්ගෙන්, වෛද්‍ය මඬුල්ලකගෙන් සහ ඇපකැප වූ ඇඩ්මින් මඬුල්ලකගෙන් සැදුම් ලත්ශ්‍රී ලංකන් මම්ස් ෆේස්බුක් සමූහය මව්වරුන්ගේ එදිනෙදා ගැටලුවලට විසඳුම් දෙන තෝතැන්නකි.

මව්වරුනට අතිමහත් සේවයක් කරන මොකද්ද මේ ශ්‍රී ලංකන් මම්ස් සමූහය?

ලාංකීය මවුවරුන් හා ඔවුන්ගේ දරුවන්ගේ ගැටලූ නිරාකරණය කිරීමට අතදීමක් ලෙස සැකසු ෆේස් බුක් පිටු අතර ඇති ජනප්‍රියම සමූහයකි ‘ශ්‍රි ලංකන් මම්ස්'සමූහය. දරුවාගේ පෝෂණය, ලෙඩ රෝග, ආහාර, ළමා මනසට ක්‍රියාකාරකසහ සහ වෙනත් විශේෂාංග සමූහයකින් සැදුම්ලත් මෙම සමූහය දෙස් විදෙස් ලාංකීය මව්වරුන් 25,000කට අධික සංඛ්‍යාවකගේ සිත් සතන් සනසවමින් විශාල මෙහෙවරක නියැලී සිටී.

මව්වරුන්ට දිනපතා තම ලදරුවන් පිලිබඳව පැනනගින ගැටලු හමුවේ සාර්ථක ලෙස පිළිතුරු සපයමින් උපකාර කරනා පරිපාලිකාවන් අතර වෛද්‍යවරියන් සම්බන්ධ වීමද විශේෂයක්. රෑ දවල් නොබලා ඔවුන් කරනා සේවය අතිශයින්ම ඇගයීමට ලක් කල යුතුය. එම සේවය හා සම්බන්ධ අනෙකුත් සේවාදායිකාවන් තම සමූහය වෙනුවෙන් උර දෙන්නේ සමූහයේ සාමාජිකාවන්ට හරවත් හා වැදගත් දැනුම් සම්භාරයක් තිළිණ කරන්නටය.

සමූහය විසින් සාමාජිකාවන්ට සපයන මූලික සේවාවන්

SL Moms සාමාජික අදහස්වි හුවමාරුව සහ වෛද්‍ය උපදෙස් 

සමුහයේ ක්‍රියාශීලී සාමාජිකයින්ගේ දැනුමෙන් පොහොසත් මෙම සමූහය බොහෝ මව්වරුන්ගේ එදිනෙදා ගැටලුවලට විසඳුම් දෙන තෝතැන්නක් වී ඇත. මෙම සමුහය තුළ බොහෝ මව්වරුන් එදිනෙදා ගැටළු වලට පිළිතුරු සොයා පිවිසෙන අතර වෛද්‍ය දිනු ගුරුගේ තෙබුවන මහත්මිය ප්‍රමුඛ ඇඩ්මින් මඬුල්ල සහ අනෙකුත් මව්වරුන්ය එම ගැටළු වලට පිළිතුරු සැපයීමෙන්ද හා තැතිගත් මව්වරුන් අස්වසාලිමෙන්ඉටු කරනා නොමද සේවය සැබවින්ම ප්‍රශංසනීයයි.

ශ්‍රී ලංකන් මම්ස් (Sri Lankan Moms) විශේෂාංග ලිපි සැපයීමේ කමිටුව

විවිධ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ලත් සාමාජිකාවන් විසින් සතිපතා සමූහයට වැදගත් හා හරවත් ලිපි මාලාවක් තුලින් මව්වරුන්ට අවශය දැනුම බෙදාගදා ගනු ලබයි.

පුර්ව ළමාවිය ,ළමා අධ්‍යාපනය, ළමා මනස, ළමා රෝග හා සෞඛ්‍යය, ගර්භනී සමයේ ඇතිවන ගැටලු ,මවක් වීමේ අත්දැකීම්,ආහාරපාන පිළිබඳව හඳුන්වාදීම්, ඒවායේ ගුණ හා පෝෂණය ,ආහාර පිළියෙල කිරිම මෙන්ම ආහාර පිළිගැන්වීමේ වැදගත්කම (food arts) යනාදි වශයෙන් පුළුල් පරාසයක විහිදී ගිය මාතෘකා ගණනාවක් මේ කමිටුව හරහා සාකච්ඡා කරන්න අවකාශය ඇත. ඒ සදහා;
* රජයේ භාෂා පරිවර්තකවරියක් ලෙස සේවය කරන පබෝදානී තෙන්නකෝන් මහත්මිය
* පුර්ව ළමාවිය පිළිබඳ අධ්‍යාපනවේදිනියක් ලෙස අයේෂා චතුරානි සිරිබද්දන මහත්මිය
* වෘත්තීය චිකිත්සක නිළධාරිණියක් කිත්මා වාසනා දහනායක මහත්මිය
* රජයේ පාසල් ගුරුවරියක් ඉරංගා චාරිත්‍රානී ජයසුන්දර මහත්මිය
* කළමණාකාරවරියක් ලෙස රොෂිතා ප්‍රේමතිලක මහත්මිය
* ආහාර කලාව පිළිබඳ උපදේශකවරියක් ලෙස චමාලි මදනායක මහත්මිය
* අත්දැකීම් සපිරී මවුන් ලෙස රේෂිකා දිසානායක මහත්මිය හා සෆා ඉර්ෆාන් මහත්මිය
යන අය කටයුතු කරගෙන යන අතර ඔවුන් විසින් සම්පාදනය කරනු ලබන ලිපි සියල්ලම පහත විස්තර කල දිඟු ඔස්සේ කියවන්නට හැක.

උපදේශන කමිටුව

අම්මාවරුන් දරුවන් වෙනුවෙන් නේක කැපකිරීම් කරද්දි ඔවුන්ගේ මානසික විඩාව නිවන්න සහයෝගයක් සහ මව්වරුන්ට හා බිරින්දෑවරුන්ට ජීවිතය ජය ගන්නට උපකාරයක් වශයෙන් මෙම කමිටුව සහයෝගය දක්වයි.මෙහි විශේෂත්වය වන්නේ දරුවා සහ මවයි. දරුවන් නිසා මතුවන ගැටලුකාරී මානසික වේදනාවන් සමඟ ඒ සදහා උපදේශන හා මග පෙන්වීමක්, අනාගතයට මුහුණ දීමෙ ශක්තියක් වැනි නේක විධ ප්‍රශ්න අතරින් සමූහයේ මව්වරුන්ට උපකාර විය හැකි උගත් හා විද්වත් මඩුල්ලකින් සමන්විතය.

සචින්තනී අමුගොඩ මෙනෙවිය(Sachinthani Amugoda) (SLMC Reg No 0088-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව/ SLNIPC Reg No 1028-ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක වරුන්ගේ ජාතික ආයතනය) වාග් ව්‍යාධිවේදිනී සහ මනෝ විද්‍යා උපදේශිකාවක(BSc in Speech and Hearing Sciences (spi. in Speech therapy), Dip.in Psy, Dip. in Psy. Council)වශයෙන් සේවය කරන ඇය ගැටලුවක දී ඒ සදහා අවශය අයට යොමුකිරීම්න්කරනු ලබනවා.

බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මිය(Buddhika Erandi Jayasinghe) මනස හා මනෝභාවයන් පිලිබඳ විශේෂඥ, සවිඥානක මනෝ චිකිත්සක සහ භාවමය බුද්ධි චිකිත්සක ලෙස කටයුතු කරනු ලබන ඇය ඔවුන්ගේ ආදරයේ, ශක්තියේ, ජීවමාන පහස විදගන්ගන්න මව්වරුන් මේ සමූහය හරහා ඉඩ ලබා දීම කෙතරම් භාගයක්ද?

නිලූෆ පෙරේරා මහත්මිය(Niloufer Perera) ස්වාධීන ලේඛිකාවක ලෙස කටයුතු කරන ඈ NLP (Neuro-Linguistic Programing) නොහොත් වාග්-නියුරෝන යාන්ත්‍රණය ආශ්‍රයෙන්න සමුහයේ සාමාජිකාවන් වෙත පවුල් සබඳතා, ආරම්භක ව්‍යාපාර ආශ්‍රිත ගැටළු වලට පිළිතුරු සපයනවා.

ශ්‍රි ලංකන් මම්ස් ස්වයං රැකියා අත්වැල

සමුහයේ ප්‍රධාන පරමාර්ථයට අමතරව සාමාජිකාවන්ගේ ජීවන වෘත්තීන් වලට අත්වැලක් වන්නට සමූහය තුල සාමාජිකාවන්ට අවස්ථාව ලබා දීමට කටයුතු යොදා ඇත. ස්වයං රැකියාවක් වශයෙන් ගැබිණි මවුවරුන් හා කුඩා දරුවන් මුල් කරගෙන කරන නිෂ්පාදන පිළිබඳව සමුහය තුළ පළ කිරිමට අවස්ථා ලබා දීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තීන් නංවාලීම මහගු අවස්ථාවකි.

සමූහය විසින් සාමාජිකාවන්ට සපයන අමතර සේවාවන්

ඉහත වෙබ් දිඟු හරහා සමූහයේ වැදගත් තොරතුරු ඇතුලත් ලිපි සියල්ලම ගොනුකර ඇති අතර සියලූම වැදගත් ලිපි අලලා කරනු ලබන "ශ්‍රි ලංකන් මම්ස් මාසික සගරාව" [email protected] යන ඊමේල් ගිණුම හරහා ඔබටද ලබාගත හැකි වන ලෙස, කයටුතු සම්පාදනය කරගෙන යනු ලබයි.

සමුහයේ සාර්ථකත්වයේ කුළුණු වන Admin මඬුල්ල 

සමූහයේ විනය රකිමින්, දවස පුරා ලැබෙන නානාවිධ විමසීම් නිසි පුද්ගලයින් වෙත යොමු කරමින් සහ නොයෙක් විමසීම් වලට ඍජුවම පිළිතුරු සපයමින් දිවා රෑ නොබලා වෙහෙස වී මේසා විශාල සේවයක් සපයන ෆේස් බුක් පිටු අතර රැජිණක් බදු ශ්‍රි ලංකන් මම්ස් සමූහයේ අත්තිවාරම බදු පරිපාලිකාවන් ගැනද කතා නොකරම බැරිය.

දිනු ගුරුගේ තෙබුවන මහත්මිය(MBBS - Lumumba University/PFUR, Moscow ) - ඇය Lumumba විශ්වවිද්‍යාලයෙන් MBBS වෛද්‍ය උපාධිය හදාරා අපේ මව් රටට සේවය කරනා අනර්ඝ මැණිකකි. ඇය විසින් සමූහයට කරනා සේවය සුඑපටු නොවන අතර සමූහයේ ඇය නොදන්නා කෙනෙකු නැති තරම්ය.

දිල්රුක්ෂි ජෑන්ස් මහත්මිය (Mphil - University of Peradeniya ) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෙද්විද්‍යා පශ්චාත් උපාධි(M.Phil)සම්බන්ධයෙන් උපාධිධාරිණියක් ලෙස හා මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණඩලයේ ලේකම්වරිය වශයෙන් සහ චිකිත්සකවරියක්ද ලෙසද, පෙර පාසල් ගුරුවරියක වශයෙන් කටයුතු කර ඇති ඈ දැනට ලංකාවෙන් බැහැරව ඉන්නේ නැවත මව් රටට විත් සේවය කරන බලාපොරොත්තුවෙනි.

දිනූෂි ජයරත්න මහත්මිය(BA - University of Colombo) - ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේද(BA) උපාධිධාරිණියක හා අර්ධ රාජ්‍ය පාසලක ගුරුවරියක් වශයෙන්ද කටයුතු කර ඇත. දිනෙන් දින අලුත් අදහස් වලින් සමූහය පෝෂණය කරන ඈ සමූහයට විශාල ශක්තියකි. 

දිලුක්ෂි පෙරේරා මෙනෙවිය (MBBS - China, MSc-TMR- Germany) - ප්‍රංශයේ මාරි කියුරි පර්යේෂණ ආයතනයේ පියයුරු පිළිකා පිළිබඳව විශේෂ පුහුණුවක් ලද ඈ මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විකිරණවේද දෙපාර්තමේන්තුවේ සේවය කරන්නීය.

කල්පනී නිසංසලා ගමගේ මහත්මිය ලංකාවෙන් එපිට සිටිමින් නොමද මෙහෙවරක් ඉටු කරන ඇගෙන් ලැබෙන සහයෝගය සමූහය  ඒකාලෝක කරයි.

වෛද්‍ය. පවිත්‍රා සේමගේ මහත්මිය (MBBS - Kursk State Medical University, Russia) - අනුරාධපුර වෛද්‍ය පුහුණු රෝහලේ ළමා රෝග වාට්ටු වල සහ ප්‍රසව හා නාරිවේදී වාට්ටුවල වෛද්‍යවරි‍යක් ලෙසත්, එමෙන්ම මූලතිව් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරියක් ලෙසත් කටයුතු කර ඇති ඇය දැන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයෙහි වෛද්‍ය නිළධාරිනියක් ලෙස කටයුතු කරන්නිය.

වෛද්‍ය සංජීවනී පතිරණ මහත්මිය (MBBS-University of Colombo) - කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ඇය සමූහයේ මුල් අවස්තාවේ සිටම සමූහය හා රැදෙමින් මව්වරුන් වෙනුවෙන් විවිධ ලිපි සපයමින් සහයෝගය දැක්වූවාය.

ෆා ඉර්ෆාන් මහත්මිය - නිහතමානී, සුහද මිතුරියක් වන්ව ඇය ලබා දෙන නොමද සහය නිසා සමූහයේ කාර්‍යක්ෂමතාවය වැඩි වී ඇත. සිංහල භාෂාව හොදින් හසුරුවන ඇය සමූහයේ විවිධ වගකීම් දැරීම අපහසුව කාර්යක් නොවේ.   

ලොවින් එකෙක් එක් දෙයකට වේ සමත

ඉතින් මෙම සමුහයේ සාමාජිකයින් 25,000ක එකතුව සමරන මෙම අවස්ථාවේ අපව නව අදහස් සහ විවිධ නිර්මාණ වලින් දිනපතා මවිත කරවන කුසලතාපුර්වක සාමාජිකයින් ගැනත් කතා නොකරම බැහැ. ශ්‍රී ලංකන් මම්ස් සමූහය උපකාර වලින්, දැනුමෙන්, කෑම වට්ටෝරු, කලා නිර්මාණ හා මෙකී නොකී දෑ වලින් පැහැ ගන්වා රසවත් කර මෙවන් සුවිශේෂී සමුහයක් බවට පත් කර ඇත්තේ ඔබ වැනි මව් පියවරුන්ගේ නොමසුරු දායකත්වයයි. නිහතමානී ලාංකීය අභිමානයක් අප සිත් තුළ සනිටුහන් කරමින් සමුහයේ 25,000 වන එකතුව සමරන්නටත් මෙවන් විවිධ නිර්මාණ රැසකින් ඔවුන්ගේ සාමාජික සාමාජිකාවන් දායක වී තිබෙන අතර ඔබටත් ශ්‍රී ලංකන් මම්ස් පිටුවට එක් වී ඒවා රස විඳින්නට පුළුවන්.