ශිල්පා ශේට්ටිගේ පුතාට නම් රූපවාහිනිය තහනම්

lead image

ප්‍රමුඛ Bollywood නිළියක් වන ශිල්පා ශේට්ටි, පුතාට රූපවාහිනිය නරඹන්න නොදෙන හේතුව ඔබ දන්නවද? මෙම ලිපය කියවා දැනගන්න.

හැම අම්මා කෙනෙකුම වගේ ශිල්පාත් එයාගේ දරුවට නීති රීතී දාලා තියෙන්නේ. තවමත් අවුරුදු 4 ක් වන ශිල්පාගේ පුතා ගැන එයා හරියට සොයලා බලන, වදවෙන අම්මා කෙනෙක් කියලා ටිකක් ප්‍රසිද්ධයි. ඉතින් ශිල්පත් පුතාට පුංචි පුංචි නීති දාලයි එයාව බලාගන්නේ. මේ අතරේ විවාන් ට රූපවාහිනිය තහනම් කලාපයක්ලු.

මේ සුරූපී අම්මා කියන්නේ රූපවාහිනිය නැරඹීමෙන් විවාන්ගේ හැදියාවට බලපානවා කියලයි. “මම හුඟක් ආරක්ෂාව ගැන හිතන අම්මා කෙනෙක්. සමහර වෙලාවට රුපවාහිනියේ පෙන්වන නොවටිනා දේවල් නිසා මං පුතාට රූපවාහිනිය බලන්න දෙන්නේ නැහැ.”

ඒත් මේ ළඟදි නිකුත් වෙන Super Dance වැඩසටහන නම් මම ඔහුට පෙන්වන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේක ඔහුගේ පළවෙනි අත්දැකීම වේවි. ඇය අදහස් දැක්වුයේ නර්තනය සම්බන්ධ රියලිටි වැඩසටහනක මාධ්‍ය හමුවකදීයි.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/12/shilpa 2.jpg ශිල්පා ශේට්ටිගේ පුතාට නම් රූපවාහිනිය තහනම්

Image from Shilpa Shetty’s official Instagram

ඔබේ දරුවාගේ හැසිරීමට රූපවාහිනිය බලපාන්නේ කෙසේද?

ශිල්පාගේ කතාවේ ඇත්තක් තියෙනවා. දරුවෝ ඔබට කතා කරන විදිහ වගේම යහළුවන්ට, අමුත්තන්ට කතාකරන විදිහෙත් බලපෑමක් රූපවාහිනිය නිසා ඇති වෙනවා. දරුවන්ගේ දඩබ්බර ගති ඇති වීමට රූපවහිනිය බලපාන බව විද්‍යාවෙන් ඔප්පුකර තියෙනවා. ඒ වගේ කියවීමට ඇති අවධානය අඩු වීම, පාසලේ ක්‍රියාකාරකම් වලට ඇති නොකැමැත්ත, නරක සෞක්‍ය පුරුදු වගේම, ගති ලක්ෂණය වල මේ වෙනස්කම් ද මේ නිසා සිදු වෙන පුළුවන්.

රූපවාහිනිය තුළින් ප්‍රචණ්ඩත්වය දැකීමෙන් ඇතිවන ප්‍රතිඵල 3 ක් මනෝ විද්‍යා පරීක්ෂණයක් මගින් සනාථ කර තියෙනවා.

  • දරුවන් අන් අයගේ හැඟීම් සහ සංවේදනා ගැන සංවේදී නොවීම.
  • දරුවන් ඔවුන් අවට ලෝකයට බියවීම.
  • දරුවන් අන් අයට දඩබ්බර හා කරදරකාරී ලෙස හැසිරීම.

ඒ වගේම පර්යේෂණ වලට අනුව රූපවාහිනිය නිතරම බලන ළමුන් තුළ ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ, අඩුවෙන් බලන ළමයින්ට වඩා වැඩි බව සොයාගෙන තියෙනවා. ඒ නිසා ප්‍රචණ්ඩකාරිත්වය ඔවුනට සාමාන්‍ය දෙයක් බවට පත් වීමටත් එහි වැරද්දක් නොදැකීමටත් ඔවුන් නැඹුරු වෙනවා.

නමුත් දරුවන්ව රුපවාහිනියෙන් ඈත්ව තැබීම එතරම් ලේසි නැහැ. ඒ නිසා මේ උපක්‍රම කිහිපය ගැන සලකා බලන්න.

  • දරුවන් නරඹන වැඩසටහන් ගැන කල්පනාකාරී වෙන්න. ඔවුන් ප්‍රචණ්ඩත්වය සහිත කාටුන් නරඹනවා නම් චැනලය මාරු කරන්න. ඒ වගේම ඉන් අත්වන ප්‍රතිඵල ඔවුන්ට කියා දෙන්න.
  • හොඳම දේ තමයි ඔබ ඔවුන් සමග සිට රූපවාහිනිය නැරඹීම, එවිට ප්‍රචණ්ඩකාරී දේවල් පෙන්වන විට ඔබට එය නැවත්වීමට හෝ මාරු කිරීමට පුළුවන්.
  • කිසි විටෙකත් නිදන කාමරය තුළ රූපවාහිනිය සවි කරන්න එපා.
  • ළමයින්ට ළඟා විය නොහැකි විසන්ධි කිරීමේ ක්‍රමයක් (Child lock) එකක් හෝ සමහර චැනල් ඔබට අවහිර කිරීමටත් පුළුවන්.
  • දරුවාට කෑම ගනිමින් රූපවාහිනිය නරඹන්න දෙන්න එපා. ඉන් දරුවා පමණ ඉක්මවා ආහාර ගැනීම වගේම ආහාර වල රස ගුණ ගැන අවබෝධයක් ලබගන්නෙත් නැහැ.

රූපවාහිනිය පාවිච්චි කරන ආකාරය ගැන ඔබ සැලකිලිමත් වුනොත් දරුවන්ගේ හිත නොරිදෙන ලෙස ක්‍රියා කරන්න අපිට පුළුවන්. ඊට අවබෝධය වැදගත්. theAsianparent Sri Lanka මේ උත්සාහය ඒ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ