දෛවයේ සරදමට පෙරලා සරදම් කරමින් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

lead image

සියළු සැප සම්පත් තිබියදී ජිවිතයෙන් පලා යන වැඩිහිටියන් වෙසෙන සමාජයක මෙවන් පුංචි දිරිය දියණියන් අනෙක් දරුවන්ට පමණක් නොව, වැඩිහිටි අපටත් දෙන්නේ මහඟු ආදර්ශයක් නොවේද?

සියළු සැප සම්පත් තිබියදී ජිවිතයෙන් පලා යන වැඩිහිටියන් වෙසෙන සමාජයක මෙවන් පුංචි දිරිය දියණියන් අනෙක් දරුවන්ට පමණක් නොව, වැඩිහිටි අපටත් දෙන්නේ මහඟු ආදර්ශයක් නොවේද?

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දුෂ්කර පළාත් වලින් මෙන්ම දුෂ්කරතා මධ්‍යයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දක්ෂ දූ දරුවන් රැසක් දක්නට ලැබුනා. මෙය මහත් සතුටට කරුණක්. අද ලිපිය තුලින් එම දරුවන් අතුරින් මෙම දැරියන් දෙදෙනා ගැන විශේෂයෙන් සඳහනක් ගෙන එන්නට සිතුවේ ඔවුන්ගේ කර්කෂ්ටක ජිවිත ගමන සමස්ථ  දරු පරපුරටම මිල කල නොහැකි ආදර්ශයක් ගෙන දෙන බැවිනි.

සේමිණී උදානධවනි

රටේගොසිප් වෙබ් අඩවියෙන් වාර්තා වුනු පරිදි  පසුගිය මැයි මස අරණායක සාමසර කන්ද නායයාම නිසා අවතැන් වී වසරකට වැඩි කාලයක් කුඩාරම් 7ක කලින් කලට ජිවත් වූ උස්සපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සේමිණී උදනධවනි දැරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185 ක් ලබා ඉහළින් සමත් වීමට සමත් වී තිබෙනවා.

තම ජයග්‍රහණය පිලිබඳ සේමිණී ප්‍රකාශ කළේ “මං රෑ දවල් නොබලා වෙහෙස මහන්සියෙන් පාඩම් කළා. අම්මයි තාත්තයි බඩගින්නේ ඉඳල අපිට ඉගැන්නුවා. මං කැමතියි ලොකු වෙලා මහනුවර මහාමායා ඉස්කෝලේ ටීචර් කෙනෙක් වෙන්න”

දියණියගේ මව සතුටු කදුළු සලමින් කීවේ විදුලි බල්බයක්වත් නොමැතිව ලන්තෑරුමෙන් විභාගයට පාඩම් කළ අතර කඳවුරුවලදී විදි දුක් ගැහැට හේතුවෙන් මානසික දුර්වලතා හමුවේ තම දියණිය ජයග්‍රහණය කළ බවයි. නමුත් මේ දුෂ්කරතා මැද පාඩම් කිරීමට අපහසු වුවාදැයි ඇසූ පැනයට සිනහමුසු මුහුණින් සේමිණී කීවේ පාඩම් කිරීම අපහසු නොවූ බවයි! කෙතරම් විශ්මයජනකද?

සේමිණීගේ වැඩිමල් දියණියද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ බවත් කුමන අගහිඟකම් පැවතියද තම දියණියන්ට ඉගැන්වීම මුල්ම කරුණ සේ තමන් හා සැමියා සැලකූ බවත් සේමිණීගේ මව කියා සිටියා. සමෘද්ධි දීමනාව පවා තම පවුලට නොතිබූ බවත් රැකියාව ලෙස පිංතාරුකිරීම කරමින් දියණියන්ට ඉගැන්වූ බවත් සේමිණීගේ පියා සඳහන් පැවසුවා.

මේ අතරතුර වාර්තා වූයේ වෙනත් කඳවුරුක සිටින අකාශි විජේවර්ධන නම් තවත් දියණියක්ද ලකුණු 171 ක් ලබාගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති බවයි.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/Semini Ft.png දෛවයේ සරදමට පෙරලා සරදම් කරමින් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

දුලාංජලි මදුමාලි

රටේගොසිප් වෙබ් අඩවියෙන් ලැබුණු තවත් වාර්තාවකට අනුව දහසකුත් ප්‍රශ්න හමුවේ සිය පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ තවත් දිරිය දියණියක් ගැන සඳහන් වන්නේ ගලේවෙල ප්‍රදේශයෙන්. දුලාංජලි මදුමාලි ගලේවෙල දේවහූව පහල දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දිරිය ශිෂ්‍යාවක්.

වසර කිහිපයකට පෙර දුලාංජිගේ පියා වකුගඩු රෝගය වැලදීමෙන් මිය යාමත් සමග දැඩි දුෂ්කරතාවයකට පත් වන ඔවුන් ජීවිතය ගැටගහගන්නේ නොවිඳිනා දුක් විඳිමින්. සොච්චම් මුදලකට ගොඩොල් කපමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොනිමි අරගලයක නිරත වන දුලාංජිගේ මව සහ වැඩිමහල් පුතණුවන්ගේ දුලංජලිගේ ජයග්‍රහණය යම් හෝ අස්වැසිල්ලක් සහ බලාපොරොත්තුවක් ජිවිතයට එක් කර තිබෙනවා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/dulanjali.png දෛවයේ සරදමට පෙරලා සරදම් කරමින් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ පුංචි දිරිය දියණියන්

මේ දැරියන්ගේ ඇති දුෂ්කර ජිවිත ගමන තුළ අත්පත් කරගත් මෙම ඇති විශිෂ්ඨ ජයග්‍රහණය දරුවන්ට පමණක් නොව දෙමාපිය අපටත් මහඟු ආදර්ශයක් නොවේද?

screengrab: රටේGossip පිටුවෙනි.