ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

ශීතකරණයේ ගබඩා නොකර නිදහස් ස්ථානයක තැබිය හැකි ආහාර වර්ග ගැන දැනගන්න.

ඔබේ ආහාර දීර්ඝ කාලයක් නැවුම්ව තබා ගැනීමට ශීතකරණය උදවු වෙනවා. නමුත් සමහර ළදරු ආහාර වර්ග ඇත්තටම ශීතකරණයේ තැබිය යුතු නැහැ.

මෙම ලැයිස්තුවේ ඇති ආහාර වර්ග ශිතකරණයෙන් පිටත නිදහස් ස්ථානයක තැබීමෙන් ඒවායේ නැවුම් බව හොඳින් සුරක්ෂිත කරගත හැකි බව CNet සහ Lifehack මගින් පෙන්වා දෙනවා.

අර්තාපල්

අර්තාපල් ශීතකරණයේ ගබඩා කිරීමෙන් එහි රසය නැති වෙන අතර ඒවා ඉක්මනින් කුණුවී යනවා. ඒ වෙනුවට ඒවා කඩදාසි බෑගයක දමා සිසිල් වියළි පැන්ට්‍රි එකක ගබඩා කර තබන්න.

ලූණු

අර්තාපල් වගේ ලූණුත් ශීතකරණයේ දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නොකළ යුතුයි. සුදුසුම ක්‍රමය ඒවා වියළි හා හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තැබීමයි.

තක්කාලි

ශීතකරණයේ ඇති සීත ගතිය මගින් තක්කාලි වල ඇතුලත ස්වභාවය විනාශ කරනවා. ඔබේ ඇසුරුම් බඳුනක් තුළ දැමීම සුදුසුම ක්‍රමයයි.

මීපැණි

මීපැණි නරක් නොවන නිසා ශීතකරණයක ගබඩා කරන්න ඕනේ නැහැ. නිදහස් ස්ථානයක එය අසුරා තබන්න පුළුවන්.

කෝපි

කෝපි වලට අවට සුවඳ අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇති නිසා ශීතකරණ වල ඇති අනෙක් සුවඳ වල් ඊට අවශෝෂණය වෙනවා. ශීතකරණයේ ඇති සිසිල් බව නිසා කෝපි වල රසයත් නැතිවී යනවා.  

සුදුලූණු

අර්තාපල් සහ සුදුලූණු වගේමයි. සුදුළුණු ශීතකරණයේ ගබඩා කිරීමෙන් එහි අන්තර්ගත ස්වභාවය විනාශ වනවා සේම ඒවා පුස් වර්ධනයටත් ගොදුරු වෙනවා.

පාන්

පාන් ශීතකරණයේ ගබඩා කිරීමෙන් ඒවා ඉක්මනින් නීරස වෙනවා. ඒ වෙනුවට ප්ලාස්ටික් බෑගයක හොඳින් අසුරා කාමර උෂ්ණත්වයේ තබන්න.

පීනට් බටර්

කාබණික ආකාරයේ නම් මිස පීනට් බටර් ශීතකරණයේ තැබීම අනවශ්‍යයි. එය ඔබේ පැන්ට්‍රි එකේ මාසයක් පමණ තබා ගත හැකියි.

හාල්

පිසූ බත් පමණක් ශීතකරණයේ තැබිය යුතුයි. වියළි සහල් ඔබේ පැන්ට්‍රි එකේ අවුරුදු ගණනක් වුවත් තබා ගත හැකියි. සුදු සහල් (සුළං නොවදින ලෙස ඇසුරුම් කර) අවුරුදු 10 කට වඩා කාලයක් හා රතු සහල් අවුරුදු 2 ට වඩා කල් තබා ගත හැකියි. 

ධාන්‍ය වර්ග

සහල් වගේම ධාන්‍ය වර්ගත් ශීතකරණයේ තැබීම අනවශ්‍යයි. ඇත්තටම ශීතකරණයේ තැබීම මගින් ඒවා පැළවීමට ඉඩ තියෙනවා.

කෙචප් සහ අබ

මෙම කුළුබඩු වර්ග ශීතකරණයෙන් තොරව මසකට වඩා තැබිය හැකි අතර ඇසිඩ් වර්ග නිසා බැක්ටීරියා වර්ධනය අඩාල කරනවා.

ආහාර ශීතකරණයට දැමීමට පෙර ඒවා ශීතකරණයට දැමිය යුතුද නැද්ද යන්න දැනගැනීම ඔබේ ආහාර වල සුරක්ෂිත බවටත්, අපතේ යාම වළක්වා ගැනීමටත් පිළියමක්. ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබව මෙලෙස දැනුවත් කළේ ඒ නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ