සති අන්තයේ කොළඹ අවට නොමිලේම වගේ සුපිරි නිවාඩුවක්

පවුලේ සැමදෙනා සමඟ නිවාඩුවක් ගත කරන්න ඔබ කොළඹින් පිට යන්නම ඕනෑ නැහැ කියා ඔබ දැන සිටියාද?

වාර විභාගත් අවසන් වෙලා, නිවාඩු දෙන දවසෙම පෝයක් වැටිලා දිග සති අන්තයකුත් ඒ ගමන්ම. පවුලේ සැම හා එකතු වෙලා අගනා නිවාඩුවක් ගත කරන්න දුලභ මෙන්ම අගනාම අවස්ථාවක්. අපි ඉතින් නුවරඑලිය පැත්තේ යන්න තමා කල් තියාම තීරණය කලේ. මේ නිවාඩුවේ නුවරඑලිය යන්න අපගේ පවුලේ  හොඳම මිතුරන් වන අනුෂාගේ පවුලටත් සහභාගී වෙන්න ආරාධනා කළා. නමුත් මා බලාපොරොත්තු වූ උද්යෝගය අනුෂාගෙන් ලැබුනේ නැත්තේ ඇගේ සැමියාගේ රැකියා කරන ස්ථානයේ විශේෂ වැඩසටහනක් නිසා ඔවුන්ට කොළඹටම වෙලා නිවාඩුව ගත කරන්න සිදු වන නිසයි. ආර්ථික ප්‍රශ්ණ කිහිපයක් නිසා ඔවුන්ට නිවාඩුවක් වෙනුවෙන් මුදලක් වය කරන්න පුළුවන් කමකුත් නැහැ කියා පසුව දැනගන්නට ලැබුන.

නමුත් ඉතින් ගෙදර හිටියත් වියදම් වන මුදලට සමාන මුදලකින් නැතහොත් නොමිලේම වගේ සුපිරි නිවාඩුවක් ගත කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් හොයා ගත්තට පස්සේ අනුෂාගේ උද්යෝගය මගේ උද්යෝගයත් වඩා දස දහස් ගුණයකින් වැඩි වුනා.

ඔබත් අනුෂා වගේ කොළඹ කිට්ටුව හෝ නිවාඩුව නිවසේම ගත කරන්නේ නම්, මේ අදහස් වලින් ඔබට නොමැකෙන මතකයන් සමඟ සුපිරි නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.

කොළඹ අවටම නිවාඩුවක් ගත කරන්න කල හැකි දෑ ගණනාවක් අතුරින් අපි අදහස් කිහිපයක් පමණක් අද දින ඔබ හා බෙදාගන්න තීරණය කළා.

කොළඹ අවට දවස පුරා අඩුම මිලට නිවාඩුවක් ගත කල හැකි ක්‍රම හතරක්.

1 කැළණි වඳින්න  

මා බෞද්ධාගමික නොවුවත් කැළණි විහාරයේ සොඳුරු ලිය සෙවනේ මල් හා සුවඳ හදුන්කුරු සමග මුසු වූ මෘදු සුළං පහස ලබන්නට නිතර එහි යනවා.   කැලණිය නගරයේ කැළණි විහාරය කියන්නේ නගර මද්‍යයේම නිශ්චල ලිය සෙවනකට අපව ක්ෂණයකින් ගෙන ගොස් අප දැහැන්ගත කරන්නේ ක්ෂණයකින්.

පාන්දරම කැළණි විහාරය වටේ ඇවිද, පන්සල් වැඳ, යාබද ගඟ අයිනේ ටිකක් වාඩි වෙලා බෙලිමල් වතුර එකක් බී, පන්සල පිටුපස පාරුවෙන් එගොඩට යාම පවුලේ සැමට මිහිරිම අත්දැකීමක් වනවා නියතයි. එගොඩ තිබෙන උළු ගඩොල් කම්හලක් නරඹා ගෙදරින් ගෙනා බත් මුලක් හෝ ළඟ ඇති පුංචි අවන්හලකින් රස අහාර වේලක් රස විඳින්න පුළුවන්.

පන්සල අවට පුංචි මැටි කඩ අවට සක්මන් කොට, අච්චාරු, බුන්ධි, දොදොල් ටිකක් ආදිය රස විඳ සවස් වරුවේ පන්සල් සෙවනේ පුංච් භාවනවකුත් කර කියා ගත් කල නොදැනුවත්වම දවස නිස්කලන්කවම ගෙවී තිබේවි. මෙවන් නිශ්චල නිදහස් සති අන්තයක් පවුලේ ය සමඟ කොළඹදීම විඳින්නට ලැබීම කෙතරම් භාග්‍යයක්ද?

එහෙමත් නැතිනම් දවල් කෑමෙන් පසුව ළඟ පාත (දළුගම, කිරිබත්ගොඩ, බොරැල්ල) ආදී ප්‍රදේශයක සිනමාහලකින් පවුලේ චිත්‍රපටියක් බලන්නට යාමත් නරක නැහැ, බොහොම විනෝදජනක වේවි.

2 අපේ ගම

බත්තරමුල්ල ප්‍රදෙශයේ පිහිටි අපේ ගම අද වනකොට බොහෝ ප්‍රසිද්ධ ස්ථානයක් වී අවසන්. කළා කේන්ද්‍රය අසබඩ පිහිටි අපේ ගම තුල දරුවන්ට විශේෂිත නොයෙක් අංග විශේෂාංග, දැනුවත් කිරීම්, නැටුම් ගැයුම් අඩිය විශේෂයෙන් සති අන්ත දිනවල පැවැත්වෙනවා. උදේ වරුව තුල අත්දැකීම් සමුදායක් ලබා අපේ ගම තුල ඇති අවන්හලෙන් රසවත් කෑම වේලක් රස විඳ හවස් යාමයේ ඔබට දියවන්නා ඔය අසල පිහිටි දියත උයන දෙසට යන්නට පුළුවන්.

දරුවන්ට විශේෂිත සෙල්ලම් කරන ස්ථාන හා විශේෂාංග වලින් සමන්විත දියත උයන තුල ඔබේ සන්ද්‍යාව ගත කොට දියත උයන අවන්හලේ රටවල් ගණනාවක අහාර වර්ග සහිත අවන්හල් සමුහයෙන් වෙනස්ම ආකාරයේ රාත්‍රී අහාර වේලක් රස විඳින්නත් ඔබට පුළුවන්.

3 සීතාවක රාජධානිය

සීතාවක රාජධානිය කොළඹට නුදුරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි රාජධානියකි. මෙය ආරම්භ වූයේ 1521 සිදුවූ විජයබා කොල්ලයෙන් පසුවයි.  දරුවන්ට මෙම රාජධානිය ගැන කියා දී දවසක පහසුවෙන්ම මෙහි සුසිශේෂී ස්ථාන, ලෙන් විහාර හා සීතාවක වැව ආදිය අලුත්ම අත්දැකීමක් වනවා නියතයි. මිතුරන් දෙදෙනෙක් බස් රථයේම ගොස් දවසින් ලබා ගත අත්දැකීම් සමුදායක් ගැන විස්තරයක් මට හමු වුනා.

4  ගාලුපුරේ සවාරියක්

ගෙදර වහනෙත් අරන් රථ වගේ යන්න බලනවා නම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ drive එකක් ගොස් ගාලු කොටුවට ගිහින් එන එකත් නරකම නැහැ. ගාලු කොටුවත් බලා, මුහුද පාගල දකුණු රටේ අත්දැකීමක් අරන් එන්න පුළුවන් නම් කෙතරම් අගේද?

ලංකාව කියන්නේ අදින් අඩිය විසිතුරු අත්දැකීම් සමුදායක් අත්විඳිය හැකි රටක්. ඔබ කොළඹ අවට කෙනෙක් නූනත් ඉහත ස්ථාන වලට සමාන බොහෝ ලස්සන තැන් ඔබ අවටම තිබෙනවා නොඅනුමානයි.

මිට අමතරව ඔබ බැංකු ණයපත් (Credit Cards) භාවිතා කරන්නෙක් නම් මේ දිනවල අදිවිතිය වට්ටම් ලබා දෙනවා. ඒවායින් ප්‍රයෝජන ගන්න ඔබට පුළුවන්.

ඉතින් ඔබට සුපිරි සති අන්තයක් ගත කරන්න මේ අදහස් ඉවහල් වුනා නම් අපට ඒ ගැන කියා එවන්න, පින්තුරු එවන්න. TheAsianParentහි අපි අසාවෙන් බලා ඉන්නවා ඔබේ නිවාඩුව ගැන විස්තර අහන්න.