theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සතුටෙන් ඉන්න යුවලකගේ වැදගත් පුරුදු 10 ක්

5 අවම කියවීම
සතුටෙන් ඉන්න යුවලකගේ වැදගත් පුරුදු 10 ක්සතුටෙන් ඉන්න යුවලකගේ වැදගත් පුරුදු 10 ක්

සතුටින් ඉන්න යුවලක් තුළ දැකිය හැකි විශේෂ පුරුදු 10 ක් ගැන අපි සොයා බලමු.

සතුටින් ඉන්න යුවලක් හරිම වාසනාවන්තයි. ඇයි එහෙම කියන්නේ කියලා දන්නවාද? ඔවුන් සාර්ථකයි කියන්න ඒක ‌හොද සලකුණක්. ඔවුන්ගේ ඒ සතුට මුළු පවුල පුරාම විසිරෙනවා. එතකොට දරුවන් පවා සතුටින් ජීවත් ව‌ෙනවා.  ‌මෙහමෙ සතුටින් ඉන්න යුවල කරන ‌දේවල් තියෙනවාද කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඔව් එහෙම පුරුදු 10 ක් ගැන විස්තර ඇති වටිනා ලිපියක් ඔබ ව‌ෙත ‌ගෙන එන්න තමයි අද අප‌ගේ සුදානම. ‌මේ ‌තොරතුරු කියවා දැනුවත් ‌වෙන්න .ඔබ ‌ෙදෙපළ අතර ආදරය රැක ගනිමින් හැමදාම සතුටින් ඉන්න.

සබඳතා පවත්වා ගැනීම සිතන තරම් පහසු නැහැ. ඒ වගේම සතුටෙන් ගෙන යන සබඳතාවයක් ගැන සොයා බලමු.

සතුටෙන් ඉන්න අය වෙනුවෙන් ඔවුන් කෙතරම් නම් උත්සාහයක් දරනවද යන වග තේරුම් ගැනීම හා පුළුල් ඉවසීමක් ඊට අවශ්‍යයි.

මේ එවැනි සතුටින් ඉන්න යුවලක් තුළ දැකිය හැකි විශේෂ පුරුදු 10 ක් ගැන අපි සොයා බලමු.

1.සතුටින් ඉන්න යුවලක් සහකරු සහකාරිය සිපගන්නවා, සමුගැනිමකදී ගුඩ් බායි කියනවා

මනෝ වෛද්‍ය හා සබඳතා පවත්වා ගැනීම පිළිබඳ පුහුණුව ලබාදෙන වෛද්‍ය සමන්ත රොඩ්මන් පවසන ආකාරයට තම බිරිඳ සැමියාට ‘කොහොමද ?’ නැතිනම් ‘goodbye’ කියන එකේ වැදගත්කම කතා කරනවා.

මෙය තේරුම් ගතහැකි දෙයක් වගේ පෙනුනත් ඔබ දෙදෙනා එකට බැඳ තබන්න එය උපකාරී වෙනවා.

අඩුම වශයෙන් දවසට දෙවතාවක් වත් එය කිරීම වැදගත්.

හුඟක් අසතුටින් කල්ගෙවන සබඳතා ඇති අය කියන්නේ අන්තිමට ඔවුන්  ‌මෙ‌ලෙස එකිනෙකාට ආචාර කරගැනීම හෝ සිප ගැනීම සිදු කළ අවසන් අවස්ථාව ගැන මතකයක් නැති බවයි.

ඔබ ඔබේ සහකරු සමග නෙතින් නෙත ගැටෙමින් ඔහුව සිප ගැනීම ඉතා කලබලකාරී වෙහෙසකර සවසක හා උදෑසනක වුනත් තම සබඳතාවයට දෙන වැදගත්කම කියාපානවා.

2. සතුටින් ඉන්න යුවලක් ද‌ෙදනාම දෙදෙනාව වර්ණනා කරනවා

සතුටෙන් ඉන්න යුවලකගේ වැදගත් පුරුදු 10 ක්

 

පුංචි අගය කිරීමක් හුඟක් වටිනවා. ඒ නිසයි ඔබේ සැමියාව හෝ බිරිඳව අගය කළ යුතු වන්නේ. ඇගේ පෙනුම ගැන පමණක් නොවෙයි ඇය පිසින ආහාර ගැනත් ඔබට වර්ණනා කරන්න පුළුවන්. ඒ වගේ අද දවසේ කළ දේවල් ගැන හෝ ඔබේ දරුවන්ව ඉතා හොඳින් බලාකියාගත්තට ඇගයීමක් වචනයෙන් වුනත් ප්‍රමාණවත්.

3.ඔවුන් රණ්ඩු ඇතිකර ගන්නවා. නමුත් සීමාවන් ඉක්මවන්නේ නැහැ

පොඩි රණ්ඩුවක් ඇතිවීම සබඳතාවයක සාමාන්‍ය දෙයක් වගේම එය තවත් ශක්තිමත් කරනවා.

නමුත් මෙහි වෙනස හොඳින්ම පෙනෙන්නේ මෙය ඉතා සතුටින් ඉන්න යුවලකට වුණ විටයි.

ඔවුන් එකිනෙකාට අපහාස කරමින් අතීතයේ ප්‍රශ්න ඇදගනිමින් රණ්ඩු කිරීම ඔවුන් කරන්නේ නැහැ.

ඒ වෙනුවට ශාරීරිකව වගේම මානසිකවත් සහකරු සහකාරිය තලාපෙලා දමන්නේ නැහැ.

4.සතුටින් ඉන්න යුවලක් නිතරම ධනවාදී පැත්ත පමණක් දකිනවා

කාල් කැරොල් පවසන ආකාරයට ඔවුන් නිතරම ශුභවාදී පැත්ත දකිනවා. කපල් තෙරපියස්ට් කෙනෙකු ලෙස සේවය කරන ඇය Gottman ආයතනය මගින් දශකයක කාලයක් කළ අධ්‍යන අනුව ධනාත්මක දැක්ම යුවලක් තුළ සතුට ඇතිකරවන බව පැවසෙනවා.

යම්කින් ලැබෙන උණුසුම, මිත්‍රත්වය වැනි හැඟීම් කියාපෑම සහකරුට සහකාරියට දක්වන කැමැත්ත නිසා ඇතිවෙනවා.

ඔවුන් කිසි විටකත් තමන් නගාගත් සබඳතාවය පළුදු වන්නට ඉඩ තබන්නේ නැහැ වගේම කැපකිරීම් සිදු කරන්නත් සැහැල්ලුවෙන් හා විහිළු තහළුවෙන් ඉන්නත් වගබලා ගන්නවා.

5. එකිනෙකාට ඇති ආකර්ෂණය වියැකී යන්නට ඉඩ දෙන්නේ නැහැ

අඹුසැමි අවශ්‍යතා

විවාහය පවුල පිළිබඳ චිකිත්සකයෙකුද ලෙස සේවය කරන ආරන් ඇන්දසන්  පවසන කාරයට දරුවන් ලැබීමත් සමග මේ තත්වය වෙනස් වුවත් ඔවුන් කිසි විටකත් එකිනෙකාට ඇති ආකර්ෂණය අඩු කරගන්නේ නැහැ.

එය ප්‍රසිද්ධියේ පෙන්වීමට ඔවුන් පසුබට වන්නේ නැහැ.

ප්‍රසිද්ධ ස්ථානයකදී ඇගේ අතින් අල්ලාගෙන යන්නත් යහළුවන් අතරේදී අයව ලඟට ගෙන ආදරය පාන්නටත් ඔහු කිසි විටෙක මැලි වන්නේ නැහැ. මෙවැනි පුංචි පුංචි දේ සබඳතාවයක දිගු පැවැත්මට හුඟක් වැදගත්.

6. සතුටින් ඉන්න යුවලක් ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් සහකරුට කියනවා

ආරන් ඇන්දසන් විවාහය හා පවුල් පිළිබඳ චිකිත්සකවරියක වන අතර ඇය පවසන ආකාරයට සතුටින් ඉන්න යුවලවල් ඔවුන් කැමති මොනවාදැයි අනෙකාගෙන් අහන්න කාලය යොදවනවා.

එය අනුමාන කිරීමෙන් සිදුකරනවාට වඩා ඍජුව අසා දැනගන්නවා. නිරන්තර සන්නිවේදනය හා විවෘත වීම හොඳ සබඳතාවයක ලක්ෂණයක් වගේම හොඳ පුරුද්දකුත් වෙනවා.

7. නැවත සම්බන්ධ වීම

දිගුකාලීන සබඳතා ඔවුන් වටහා ගන්නවා. එකපාරටම පනින්නේ නැතුව ක්‍රමානුකූලව මෙම සබඳතාවය ස්ථාවර කර ගැනීමට ඔවුන් උනන්දු වෙනවා.

සබඳතාවයක මුල් කාලයේදී නම් යුවලක් එකිනෙකා ළංකරගෙන ඉන්නවා තරම් දෙයක් නැති තරම්.

නමුත් පසු කාලයේදී ඔවුන් ළංකරගන්නේ දුරකතනය නැතිනම් පරිගණකය වෙන්න පුළුවන්.

නමුත් සබඳතාවයක සතුට රැකගන්නට උත්සාහ කරන ඇය එකට ඉඳීමේ වැදගත්කමට මුල් තත්වය දෙන අතර එය ගැන හදාරමින්, වැඩෙමින් ලිංගිකත්වය කරා ගොඩනගා ගන්නවා. ඔවුන් තමයි සතුටින්ම සිටින්නේ.

ලිංගිකත්වය හා සබඳතා පිළිබඳ උපදේශකයෙකු වන සෙලෙස්ට් හර්ෂ්මන් පවසනවා.

8. සතුටින් ඉන්න යුවලක් ඔවුන් නිදහසේ සිනාසෙනවා

3

වෛද්‍ය සමන්ත රොඩ්මන් පවසන ආකාරයට සමහරුන් තමන්ගේ සිත තුළ සිනහවට හා විනෝදයට ඇති ඉඩ තමන්ගේ  රාජකාරි සම මිතුරන් හා යහළුවන් සමග බෙදාගනිමින් එය සහකාරිය හා බෙදානොගන්නවා නම් එය වැරද්දක් බවයි.

එක්ව සිනාසීම ඉතා හොඳ සබඳතාවයක ලක්ෂණයක්.

9.මුදල් ගැන කතා කරන්න ඔවුන් කාලය ගන්නවා

කර්ට් ස්මිත් පවසන ආකාරයට සල්ලි වෙනුවෙන් රණ්ඩු ඇතිවෙන තත්වයේ සබඳතා දික්කසාදයෙන් අවසන් වන බව පැවසෙනවා.

අවාසනාවකට බොහෝ යුවලවල් අවසානය තෙක්ම එවැනි ගැටළු ගැන කතා කරන්නේ නැහැ. නමුත් ගැටළුව විශාල වෙද්දී එය මග හැරීමට බැහැ

. ඊට සුදුසුම විසඳුම වන්නේ ගැටළුව විශාල වන්නට පෙර ඒ ගැන සාකච්ඡා කිරීමයි.

ඒ නිසා ඔබේ සබඳතාවය දිගු කාලයක් පවත්වා ගන්න හැකි වෙනවා.

10. සැකයේ වාසිය සහකරුට දෙන්න

සමහර පුද්ගලයන්ට තමාගේ සහකරු තමන් සමග නැතිව වෙනත් පිලක ජිවත් වෙනවා වගේ දැනෙන්න ගන්නවා.

සැකය නැතිවීමත් හොඳ සබඳතාවයකට ශක්තිය ලබාදෙනවා වගේම ඔබ දෙදෙනාම ඉන්නේ එකම පිලක ලෙස සිත කටයුතු කළයුතු වෙනවා.

අප නොසිතන නොපතන අවස්ථාවන් වලදී ජීවිතයේ සැප දුක සමබරව අපිට ලැබුනත් සබඳතාවයකදී එය වෙනස් වෙනවා.

ඒ බව වටහා දෙන්න theAsianparent Sri Lanka ගත තවත් උත්සාහයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සතුටෙන් ඉන්න යුවලකගේ වැදගත් පුරුදු 10 ක්
බෙදාගන්න :
  • විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

    විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

    විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

  • විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

    විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක්

  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

    විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it