වැසිකිලි මදින බුරුසු වලින් තේ කෝප්ප මදින චීනයේ සුපිරි හෝටල්

චීනයේ සුඛෝපභෝගී හෝටල් තුනක ගෘහ පාලිකයන් විසින් වැසිකිළි මදින බුරුසු වලින් ‍තේ කෝප්ප පිරිසිදු කිරීම වැනි සනීපාරක්ෂාව නොවු පිරිසිදු කිරීමේ ක්‍රම භාවිතා කරන අයුරු විඩීයෝවකින් හෙලි වී ඇත.  

ඔබ චීනයේ සුඛෝපභෝගී හෝටලයක නැවතී සිට තිබෙනවාද? මෙය අසන්න සූදානම් වන්න. හෝටලයක පිරිසිදු කරන්නෙකු වැසිකිළි මදින බුරුසුවකින්  තේ කෝප්ප මදින  අයුරු  කැමරාවකට හසු වී ඇත.

ඒ රට පුරාම හෝටල් වල මෙය ක්‍රියාත්මක වනවාදැයි නොදන්නා අතර ශ්‍රීලංකාව තුල ද සනීපාරක්ෂාව කෙරෙහි බලපාන මෙවැනි තත්වයන් පැවතිය හැකි බැවින් ඔබට යම් අවබෝධයක් ගෙන ඒමට අපි මේ කථාව ඔබ වෙත ගෙන එන්නෙමු.

සමහර මාධ්‍යවේදීන් විසින් කරන ලද වාර්තාවකින් සුඛෝපභෝගී හෝටල්වල  පිරිසිදු කිරීමේ පිළිකුල් සහගත පිළිවෙත හෙලිදරව් වී තිබේ.

cleaner washes tea cups

ඉතා විශාල මුදලක් අය කරන සුපිරි පන්තියේ හෝටල් වල ගෘහ පාලකයන් වැසිකිළි මදින බ්‍රෂ් එකකින් තේ කෝප්ප මදිනු ලැබ හසුවී ඇත. ඒ වගේම ඔවුන් නාන තුවා වලින් වැසිකිළි  බිම පිසදැමීම හා වෙනත් මෘදු ඇතිරිලි බිම එලීම වැනි ක්‍රියා වල යෙදී හසුවිය.

පිරිසිදු කරන්නෙක් වැසිකිළි මදින බුරුසුවකින් තේ කෝප්ප පිරිසිදු කරයි.

මාධ්‍ය වේදීන් වෙහෙස මහන්සි වී පුහුණු වන පිරිසිදු කරන්නන් ලෙස රහසිගතව සේවය කළ අතර රහසිගතව ඔවුන්ගේ  ජේෂ්ඨ  සගයන් විසින්  රැකියාව කරන අයුරු කියාදෙන විට රහසිගතව රූගත කළහ.

එහි ප්‍රතිඵලය චීනයේ වෙබ් අඩවියක් වන  Pear Video විසින් නිකුත් කරන ලදී.  එහි චීනයේ සුපිරි සුඛෝපභෝගී හෝටල්වල සනීපාරක්ෂාව කෙරෙහි  නුසුදුසු ක්‍රමවේදයක් සොයාගෙන ඇති බව වාර්තාව සඳහන් කරයි.

සුඛෝපභෝගී හෝටල්වල සනීපාරක්ෂාව

1. Kempinski හෝටලය

මෙම වීඩියෝව Kempinski හෝටලයේ ජේෂ්ඨ හෝටල් පිරිසිදු කරන්නෙකු ගෙන් ආරම්භ විය. පිරිසිදු කරන්නා විසින් වැසිකිළි බුරුසුවකින් අමුත්තන්ගේ කාමරයක් තුල තේ කෝප්ප සෝදමින් සිටියා.

මෙම පිරිමි පිරිසිදු කරන්නා කෝප්ප පිරිසිදු වෙන ආකාරය නොසලකා හරින ලෙස වාර්තාකරුවෙකුට කියන අයුරු ඇසෙනවා.

පිරිසිදු කරන්නා වැසිකිළිය ඇතුලත පිරිසිදු කරන ලද බුරුසුවෙන්ම තේ කෝප්ප මැද්දා. ඇය ප්ලාස්ටික් ‍රැදවුම තුළ වැසිකිළ බුරුසුව රැදෙව්වා. ඉන්පසු ඇය කෝප්ප වියළීම සඳහා නාන තුවායක් භාවිතා කළා.

ඊට පස්සේ  වාර්තාකරු පිරිසිදු කරන්නා ගෙන් සියලුම ගෘහ පාලකයන් කරන්නේ මෙසේදැයි  ඇසුවිට නිශ්චිතවම "ඔව්" නොකීවත්   "එය අප කවදාවත් කතා කරන්නේ නැහැ " යැයි පවසමින් එය එසේ බව ඇඟවුම් කලා.

ඉන්පසු එසේ  කියු පිරිසිදු කරන්නා බිම පිස දැමීමට පෙර නාන තුවාය  වැසිකිළිය තුළ ගිල්ලුවා.

Kempinski Hotel අධික මුදලක් අය කරන හෝටලයකි.

2. Shangri-La Harbin

වාර්තාව ඊලගට  Shangri-La Harbin හෝටලය දෙසට  හැරෙන අතර, එයද මිල අධික හෝටලයකි.

මෙම වීඩියෝවෙහි පිරිසිදු කරන්නා එකම පිරිසිදු කරන රෙදි කඩෙන් තේ කෝප්ප, කුණු බක්කිය හා වැසිකිළිය පිරිසිදු  කරන ලදී. ඇය ඉන්පසුව නාන කාමරයේ පාපිස්ස එහි වු නාන බේසමේ දමා පිරිසිදු කලා.

cleaner washes tea cups

විඩියෝවෙහි දැකිය හැකි පරිදි, වෙනත් පිරිසිදු කරන්නකු එකම බුරුසුවකින් නාන බේසම හා වැසිකිළිය පිරිසිදු කලා.  

එහිදි  හෝටලය විසින් ඔවුන්ගේ ක්‍රම තහනම් කර ඇති බව ඇය පැවසුවද, එම නීතිරීති අනුගමනය කිරීම සඳහා ඇය "කම්මැලි"  බව පැවසුවා.

"ඔබ වැඩ කරන විට ඔබේ වැඩ කටයුතු කළ යුත්තේ ඔබේ ප්‍රධානියා  නොදකින ලෙසයි" පිරිසිදු කරන්නා තව දුරටත් කිව්වා.

ඉන්පසුව පිරිසිදු කරන්නා විසින් නාන බේසම සහ වැසිකිළිය පිරිසිදු කිරීමට භාවිතා කළ  බුරුසුව භාවිතා කර තේ කෝප්ප පිරිසිදු කලා. පසුව ඇය නාන තුවාය අමුත්තන්ගේ කාමර බිම පිස දැමීමට   භාවිතා කළා .

3. Sheraton

cleaner washes tea cups

 

වාර්තාවේ අවසාන කොටසෙහි වාර්තාකරුවන් තවත් අධික මිලක් අය කරන හෝටලයක් වන Sheraton වෙත ගියා.

Sheraton හි පාලකයා විසින්  විවෘත  කර නොමැති  තුවා මාරු කිරීම අනවශ්‍ය  බව කිව්වා. පිරිසිදු කරන්නා සින්ක් එක හා වැසිකිළිය මදින ලද බුරුසුවම තේ කෝප්ප මැදීමට භාවිතා කලා. පසුව, ඇය මෘදු ඇතිරිලි පොළවේ එලුවා.

සුඛෝපභෝගී හෝටල්වල දුර්වල කළමනාකරණයන් සහ ඔවුන්ගේ පිරිසිදු කරන්නන්ගේ සදාචාර විරෝධී හැසිරීම ඉක්මනින්ම චීන අන්තර් ජාල භාවිතා කරන්නන් හෙලා දැක්කා.

පරීක්ෂණ යටතේ

මෙම හෝටල්  තුනම සම්බන්ධයෙන්ම තවදුරටත් විමර්ශනය කිරීම සඳහා  මේ වන විට පළාත් පාලන බලධාරීන්  කටයුතු කරමින් සිටින බව විමර්ශනවලදී අනාවරණය විය.

Kempinski Hotels විසින් ඔවුන්ගේ ප්‍රමිති හා ක්‍රියා පටිපාටි ගැන වු වාර්තාවට අවංකවම කණගාටුව ප්‍රකාශ කර ඇත. ඔවුන් සිය සේවකයින් දැඩි සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමිති වලට කටයුතු කරන බව සහතික කර ගැනීම සඳහා අතිරේක පියවර ගෙන ඇති බව  පැවසූහ.

Shangri-La හෝටලය  වීඩියෝ දර්ශනය බැලු වහාම  විමර්ශනයක් දියත් කළා. වැඩ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම, පුහුණු කිරීම වැඩි කිරීම සහ දැඩි ලෙස අධීක්ෂණය කිරීම ආරම්භ වුනා. හෝටලය  මෙසේ සදහන් කලා.

වීඩියෝව පෙන්වන දේවල් අපටද අනුමත කල නොහැකි සහ සත්‍ය නම් එය අපගේ  සනීපාරක්ෂාව පිළිබඳ දැඩි උල්ලංඝනය කරනවා."

මේ අතර, Sheraton  හෝටලය සිය වෙයිබෝ පිටුවේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා  සිටියා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන් අනුගමනය නොකිරීම වෙනුවෙනි. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල වැදගත්කම තව තවත් අවධාරණය කිරීම සඳහා ඔවුන්ගේ සියලූම පිරිසිදු කරන්නන්ට අමතර පුහුණුවක් ලබාදීමට සමාගම තීරණය කර ඇති බව පැවසුවා.

දෙසැම්බර් මස 27 වන දින වාර්තාවේ සත්‍යතාවය තහවුරු කරන ලද හෙයින් ආන්ඩුව ‍එම හෝටල්වලට දඩ මුදල් සහ ලිඛිත අවවාදයක් ලබා දුනි.

ඔබේ හෝටල් කාමරය විෂබීජහරණය කරන්නේ  කෙසේද ?

ඊළඟ වතාවේ ඔබ හෝටලයක සිටින විට, ඔබේ මනසේ සැහැල්ලු කරගැනීම  සඳහා මෙම අමතර පිරිසිදු කිරීමේ උපදෙස් උත්සාහ කරන්න.

නාන කාමරය පිරිසිදු කරන්න

වැසිකිළි ආසනය, වැසිකිලි හසුරුවනය, සින්ක් එක සහ කවුන්ටරය වැනි ස්ථාන සනීපාරක්ෂක දියරයක් යොදා සේදීමට මතක තබා ගන්න.

නෑමට  පෙර උණුසුම් ජලය සහ හෝටලයෙහි දියර සබන් (හෝ ෂැම්පු) යොදා  නාන බේසම  පිරිසිදු කරන්න.

ඔබේ පාදයේ තුවාලයක් ඇත්නම්, එය ෂවර් එක යට සිටගන්න පෙර බැන්ඩේජ් එකක් යොදා ජලය නොයන ආවරණයක් පැළඳ ගන්න.

පොදු භාවිතය  ඇති ස්ථාන  පිස දමන්න.

දොර අදිනයන්, ආලෝක ස්විච්, දුරකථන, එලාම් ඔරලෝසුව, රූපවාහිනිය දුරස්ථ පාලකය හා කුඩා ශීතකරණය වැනි නිතර අත ගැටෙන තැන් නිතර පිරිසිදු කරන්න.

ඇදන් පරීක්ෂා කරන්න 

මෑතදී සෝදා හෝ වෙනස් කර ඇති බවක් නොපෙනේ නම් ඔබ රැදී සිටින විට ඇඳ ඇතිරිලි ඉවත් කර තබන්න.  

ඕනෑම නොදකිනා දේවල් සඳහා බෙඩ් ෂීට් හා මෙට්ටය යට පරීක්ෂා කරන්න. ඔබ යමක් හොයාගත්තොත්, නව කාමරයක් ඉල්ලන්න නැතිනම් හෝටලය හැර යන්න.

වීදුරු කෝප්ප පරීක්ෂා කරන්න

මේවා බොහෝ විට භාවිතා නොකළ අතර එමනිසා දින ගණනාවක් තිස්සේ නොසෝදා තිබිය හැකි අතර සබන් හා උණු වතුර යොදා ඒවා සේදිය යුතුය.

හෝටලකදී ඔබේ සනීපාරක්ෂාව වෙනුවෙන් මේ තොරතුරු ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

කියවන්න: හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී