theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය

5 අවම කියවීම
ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලියගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය

සමාජයේ මිනුම් දඬු වලට යටත් නොවී ප්‍රයෝගික ලෙස ජිවිතයට මුහුණ දුන් ඇය නවයොවුන් වියේ පසු වන අපගේ දූ දරුවන්ට මහත් ආදර්ශයක්.

විවාහ මංගල්‍යයක වඩාත්ම කැපී පෙනෙන්නේ නොහොත් විවාහ මංගල්‍යයේ මූලික වන්නේ මනාලිය බව ඔබ කවුරුත් නිතැතින්ම පිළිගනීවි.

මේ හේතුව නිසාම මනාලියගේ මංගල ඇඳුම, රූපලාවන්‍ය මෙන්ම වටිනා රන් අභරණ වලට ඇත වන්නේ අද්විතීය තැනක් මෙන්ම විශාල වියදම් සම්භාරයක්.

බොහෝ ආසියාතික රටවල විශේෂයෙන්ම ඉන්දියානු උපමහාද්වීපයට අයත් රටවල පවුලක සමාජ තත්වය, ආර්ථික තත්ත්වය ආදිය පිළිබිඹු වන මිනුම් දණ්ඩක් වන්නේ මනාලියයි.

ඇතැම් ඉන්දියානු ප්‍රාන්ත වල මනාලියගේ බරට සමාන බරකින් යුත් රන් අභරණ වලින් සැරසීමේ පිළිවෙතක් පවතින බව මා කියවා තිබෙනවා. මේ නිසා මනාලියක්  අතිවිශේෂ ස්වර්ණාභරණ වලින් සුන්දරව හා අලංකාරව සැරසීම සුලභ දසුනක්.

මනාලිය හැඩ ගැන්වීම පිණිස බොහෝ පවුල් මුදල් වියදම් කිරීම ගැන දෙවරක් සිතන්නේ නැහැ. බොහෝ විට මෙම තත්වයන් හමුවේ මිනිසුන් ණයට වැටීමද සාමාන්‍ය දෙයක්.

සම්ප්‍රදායට පිටුපෑ මනාලිය

සම්ප්‍රදායට පිටුපෑ මනාලිය ගේ වෙනස්ම මංගල උත්සවයක්

මෙවන් සිරිත් විරිත් සමුදායක් හමුවේ සම්ප්‍රදායට සම්පුර්ණයෙන්ම වෙනස් ලෙස විවාහ මංගල්‍යය සැමරු යුවතියක් ගැන බංගලාදේශයෙන් වාර්තා වනවා. ඇය ටස්නීම් ජරා (Tasnim Jara).

මංගල දිනය මනාලියක් පිටි වලින් වැසු සේ රුපලාවන්‍ය වලින් වැසී සිටින්නටත්, රන් ආභරණ වලින් ගත වෙලා සිටින්නටත් අවශ්‍ය  දිනයක් නොකරන බවට ඇය අභියෝග කළා.

ලොව පුරා අනෙකුත් මනාලියන් සේම ටැස්නීම් ද එම මාසය මුලදී සැමරූ ඇගේ විවාහ මංගල්‍යයේදී ගත් ඇගේ සැමියාගේත් ඇගේත් චායාරුප සමඟ අයගේ ෆේස්බුක් පිටුවේ පල කළා.

නමුත් මේ පින්තූරය ඔබ සාමාන්‍යයෙන් දකින අනෙකුත් මගුල් පින්තුර වලට වඩා වෙනස්.

දිළිඳුන්ට වෛද්‍ය ආධාර සපයන සමාජ සත්කාර ඒකකයක සේවය කරන ඇය කිසිඳු රුපලාවන්‍යයක් හෝ අභරණ කිසිවක් පැළඳ නොසිටියාය.

ටැස්නීම්ගේ මංගල ඇඳුම වූයේ ඇගේ මිත්තනියගේ කපු සාරියකි. අනෙකුත් මනාලියන් වගේ ඇගේ ගෙල වටා හෝ අත් වල රන්වන් කනකර තිබුනේ නැහැ.

ඇය මෙතරම්ම චාම් සහ මිල අඩුවෙන් සැරසුනේ රන් ආයිත්තම්, කනකර ආභරණ හා විශේෂ රූප ලාවන්‍ය සඳහා මිල මුදල් නැතිව නොවේ.

ඇය උවමනාවෙන්ම මෙලෙස සැරසුනේ පරම්පරා ගණනක් ඔස්සේ පැවත එන ගතානුගතික මෙන්ම පුස් අරුත් ඇති නිෂ්ඵල සම්ප්‍රදායකට එරෙහිව නැගී සිටීම සඳහායි. ඇයගේ ෆේස් බුක් ගිණුමේ ඇය විසින්ම කල සඳහනකට අනුව;

සමාජයේ ඇති මනාලිය කෙරෙහි ඇති ප්‍රතිරූපය

"අප සමාජයේ ඇති මනාලිය කෙරෙහි ඇති ප්‍රතිරූපය ගැන මා තුල තිබුනේ කලකිරීමක්. ඇය වනාහි ටොන් ගණනක් බර ඇඳුමක්, ඊටත් වඩා බර රන් ආභරණ බරක් දරාගත්, සැබෑ මුහුණ නොපෙනන තරම් තට්ටු ගණනකින් යුත් රුප ලාවන්‍ය වලින් මුහුණ වසාගත් සුන්දර කාන්තාවක් නොවේද?

මෙය බොහෝ විට මනාලියගේ කැමැත්තට එරෙහිව ඇගේ පවුලේ සමාජීය තත්වය පිළිබිඹු කිරීමට පවුලේ ඥාතීන් විසින් ඇය මත පටවන බරක්  මත නොවේද?” “මෙයටත් වඩා විහිළුවක් වන්නේ ලෝකෙට ණය වී දරාගත නොහැකි වියදමක් දරා පෙන්වන්නට වැයම් සමාජ තත්වයයි.මෙයින් පවුලට නරකක් මිසක් ඇති වන හොඳක් නැහැ.”

ඇත්තෙන්ම කියනවා නම් "මනාලිය ලස්සන ඇතිද" "ඇය කෙතරම් රත්තරන් ප්‍රමාණයක් පැළඳ සිටිනවාද?" "ඇගේ ඇඳුමට කොතරම් මුදලක් වැය වන්න ඇත්ද?" වැනි දේ කතා බහ නොවන මංගලෝත්සවයකට මම සහභාගී වෙලා නැහැ.

මෙවැනි ප්‍රශ්න නගන ඕපාදුප වලින් උත්සව ශාලාවේ සිව්කොනේම කුටු කුටු ගැවෙනවා. කුඩා කල සිටම මෙවැනි ඕපාදුප මධ්‍යයේ යොවුන් වියට එළඹෙන දියණියකගේ විවහොත්සවය ඇය මත පටවන්නේ අනවශ්‍ය  පීඩනයක්.

ටැස්නීම් ඇගේ පවුලේ ඥාතී මිතුරන්ගේ කුඩා කල සිට උගෙන තිබුනේ  මනාලියකගේ පවුලේ තත්වය රඳා පැවතුනේ මනාලිය අඳින පළඳින රන් අභරණ ප්‍රමාණය මත බවයි.

රන් අභරණ නොමැති මනාලියක් අසම්පුර්ණ මනාලියක් වන බවත් ඕනෑම ගැහැණු දරුවකු රත්රන් පැළඳිය යුතුම බවත් එය කාන්තාවකගේ අනන්න්‍යතාව බවත්ය.

ඇය සහ ඇගේ පවුලගේ අභිමානය ඇයගේ ස්වර්ණාභරණ ප්‍රමාණය අනුව නිශ්චිතවම තීරණය වනවාද? යන්න ඔවුන්ගෙන් පෙරලා ප්‍රශ්න කිරීමට ශක්තියක් එකල ඇයට තිබුනේ නැහැ.

මෙවන් පුහු දේවල් සමාජය විසින් නිරන්තරයෙන් ඇය තුලට යොමු කරන ප්‍රශ්න නිසා ඇයගේම විවාහය ඇය මත පටවන්නේ අනවශ්‍ය අභියෝගයක්. ඇයගේ සාමාන්‍ය රූපය, සමේ පැහැය ඇයගේම විවාහයට නුසුදුසු බවක් හැඟවෙන නිසා සමාජයේ පිලිගත්ම වේශ නිරුපන ශිල්පින්, මංගල උත්සව සංවිධායකයින් ආදිය තෝරා ගැනීම ඇයගේ විවාහයේ මූලික අවශ්‍යතාවක් වනවා.

"මා වරදවා තේරුම් ගන්නට එපා" සම්ප්‍රදායට පිටුපෑ මනාලිය කියයි

“මා වරදවා තේරුම් ගන්නට එපා. ගැහැණු ළමයෙකුට රුපලාවන්‍ය පාවිච්චිය හෝ රන්ආභරණ වලින් සැරසීමට ආශාවක් ඇතිනම් එහි කිසි වරදක් මා දකින්නේ නැහැ.

ප්‍රශ්ණය ඇත්තේ ඇයට ස්ව කැමැත්තෙන් සැරසීමේ නිදහස නැති වී සමාජයේ මතිමතාන්තර අනුව තම උතුම් මංගල දිනයේ සැරසීමට සිදුවීමයි.  සමාජය විසින් ඇගේ අනන්‍යතාව යටපත් කොට වෙනම පුද්ගලයෙකු ලෙස සැරසීමට සිදුවීමෙන් යුවතියකට තම ස්වභාවික පෙනුම සමාජයට නුසුදුස්සක් ලෙස හුවා දැක්වීමයි.”

“පුද්ගලිකව මට හැඟෙන්නේ මෙම මානසිකත්වයෙන් අපගේ යවුවනියන් මුදා ගතයුතු බවයි. යවුවනියක් සමාජයේ පිළිගත් මනාලියක් වීමට හෝ ආත්ම විශ්වාසය ඇතිකර ගැනීමට නම් රන් අභරණ වලින් සැරසී, ඇගේ සාමාන්‍ය පෙනුම රුපලාවන්‍ය වලින් වසා, අධි මිලැති සාරි වලින් සැරසීමට අවශ්‍ය නැහැ.

මේ නිසා මම මගේ විවාහ මංගල්‍යයට අවතීර්ණ වුනේ මගේ මිත්තණියගේ කපු සාරියකින්. කිසිඳු රුපලාවන්‍ය ආලේපයක් හෝ රන් අභාරණයකින් මා සැරසුනේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මගේ සාරිය ඉතාම ලාභ, සාමාන්‍ය සාරියක් යැයි කෙනෙක් කීවත් එහි ඓතිහාසික වටිනාකම මට මිල කරන්නට බැහැ. මෙය මාගේ අනන්‍යතාවයි, අභිමානයයි.

මට මේ තීරණය ගැනීම ගොඩක් දුෂ්කර වුනා.  මගේ පවුලේ කිට්ටු ඥාතීන් සමහරෙක් පවා කියා මා සම්මත මනාලියක් ලෙස සැරසී නොසිටි බැවින් මා සමඟ චයාරූපයකටවත් පෙනී සිටින්නේ නැති බවයි.

මෙම තීරණයේදී මා සමඟ කරට කර හිඳ සහයෝගය දුන් සැමට මගේ ගෞරවාදරය පුද කරනවා. විශේෂයෙන්ම මට සහයෝගය පමණක් නොව, ගතානුගතික සම්ප්‍රදායට පිටුපා තරුණියන් හට යථාර්ථවාදී සහ ප්‍රයෝගික ලෙස තමන්ගේ හිතට සරිලන මනාලියක් ලෙස සැරසීම වෙනුවෙන් නැගී සිටීම ගැන  මා ගැන ආඩම්බර වී මට අත දුන් කලිද් Khaled  හට මගේ හර්දයාංගම විශේෂ ස්තුතිය පුද කරමි.

සම්ප්‍රදායට පිටුපෑ මනාලිය ගතානුගතික සම්ප්‍රදායට පිටුපෑම

 පුහු සම්ප්‍රදායට පිටුපා තම මංගලෝත්සවයට පෙනී සිටීම ගැන ටස්නීම් සම්ප්‍රදායික මනාලියන් ලෙස පෙනී සිටි අය ඇතුළුව රට පුරා මුස්ලිම් තරුණියන්ගේ ප්‍රශංසාවට ලක් වුනා.

"ඔබට ස්තුතියි! ඔබ වැනි අද්විතීය තරුණියන් තව තවත් මේ රටට හා ලෝකයට අවශ්‍යයි."යනුවෙන් නස් සානා මොහසින්ගේ (Naz Zina Mohsin)ඇතුළු තව බොහෝ දෙනාගේ අදහස වේ.

මේ සමඟම ටස්නීම් හට ඍණාත්මක ප්රතිචාරත් නොලබුනාම නොවේ. සමහර සමාජීය විශ්වාස පද්ධතීන් සහ සම්ප්‍රදායික (විශේෂයෙන්ම ස්ත්‍රීන්ට සම්බන්ධ) කෙතරම් ගැඹුරට මුල්බැස ඇතිද යන්න ඒ ප්‍රතිචාර වලින් පෙනී යනවා.

එහෙත්, අඩිබා නුරයිනා රිෂා (Adeeba Nuraina Risha) වැනි සඳහන් කලේ “, "මෙම තීරණයට වෛර කරන පුද්ගලයින් සංඛ්යාව විශ්වාස කරන්නට බැහැ. ඇය වරදක් කර නැහැ.

ඇය කලේ සමාජීය සම්මතයන් බිඳ දමමින් ඇයගේ පුද්ගලික ආශාව මත ඇය මනාලියක් ලෙස පෙනී සිටිය යුතු අකාරය ගැන තීරණයක් ගැනීම පමණයි.

මෙහි රසවත් පුවත වන්නේ ටස්ලින් ඉතාම ප්‍රියංකර මනාලියක් බවට හැමෝම කතා බහ කිරීමයි.

කාන්තාවන්ට සම්බන්ධ ගතානුගතික සම්ප්‍රදායන් වලට පිටුපෑම් බොහෝ අසීරු කාර්යයක්. පුංචි පුංචි පියවර තැබීමෙන් ලොව පුරා කාන්තාවන්ට අරුත්ශුන්ය සම්ප්‍රදායන් වලින් මිදීමට හැකියාව ලැබෙනවා.

මේ සමඟම අපි  ටැස්නීම් ජරා යන මෙම නිර්භීත තරුණියටත්, ඇය වෙනුවෙන් පෙනී සිටි අයගේ දයාබර ස්වාමිපුරුෂයා කලිඩ් ටත් ඔවුන්ගේ යුග දිවිය සාර්ථකව ගෙන යාමට අවශ්‍ය ශක්තිය ප්‍රාර්තනා කරනවා.        

ටස්නිම්ගේ කතාව, ඇයගේම වචන වලින් මෙතනින් කියවන්නට පුළුවන්.   

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • ගතානුගතික සම්ප්‍රදායට නිර්භීතව පිටුපෑ බංගලාදේශි මනාලිය
බෙදාගන්න :
  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

    මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

  • සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

    සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

    මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

  • සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

    සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it