අවාසනාවන්ත ලෙස සමූහ දූෂණය කල හම්බන්තොට දැරිය අවසන් ගමන් යයි!

මෙවන් සමූහ දූෂණ, ස්ත්‍රී දූෂණ යළි සිදු නොවේවා! පුතුන් සිටිනා මව්වරුනි, උගත් කම දෙන අතර ඕනෑම ජීවිතයකට ගරු කරන්නට කුඩා කල සිට ඔබේ පුතනුවන් හුරු කරන්න.

BBC සිංහල වාර්තාවට අනුව හම්බන්තොට ප්‍රදේශයේ සමුහ සමූහ දූෂණය ට ලක් වූ ශිෂ්‍යාවක් පසුගියදා ගෙල වැල ලා මිය ගියා.

පාසැල් සිසුවියක් වන මෙම දැරිය ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ අතර බීමතින් සිටි ඇයගේ පෙම්වතා ඇය රවටා ගෙදරින් එළියට ගෙන්වා, වෙනස් ස්ථානයකට ගෙන ගොස් තිබෙනවා. ඉන්පසු ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද කැටුව ඇයට වද දී සමූහ දුෂණයකට ලක් කළා. 

මින් දැඩි මානසික කම්පනයකට ලක් වූ දැරිය නිවසට ආ පසු ගෙල වැල දා සියදිවි නසාගන්නට තැත් කර තිබෙනවා. 

මෙය දුටු දැරියගේ සොහොයුරා ඇය ඉක්බිති හම්බන්තොට දැඩි සත්කාර ඒකකයට ගෙන ගිය මුත් පසුව ඇය එහිදී මියගොස් තිබෙනවා.

මෙම අනුවේදනීය කතාව පුණ්‍ය භූමියක් වූ අප මාතෘ භුමියේ සිදු වූවක්දැයි  සිතාගන්නට බැරි තරම්. 

මියගිය තරුණ ජීවිතයට යළි පන පොවන්නට බැරි මුත් ඇය ලොවට පුංචි පණිවුඩයක් ඉතිරි කර යනවා.

මෙම සමූහ දූෂණය තුලින් තරුණ දියණියන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන් ඔවුන්ට කියා දිය යුතු මුලික දේ 

1. කෙතරම් සුන්දර පුණ්‍ය භූමියක් වුවත් වන මෘගයන්ට අන්ත තිරිසන් මිනිසුන් ඇති බව සිහි තබාගත යුතුයි.

2. තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ට වඩා උනන්දු වන වෙන කිසිවෙක් නැත. තම ආරක්ෂාවට මුල් තැන දෙන්න 

3. තම දෙමාපියන් කෙතරම් සර පරුෂ යැයි හැඟුනත්, තමන්ට පණ මෙන් විශ්වාස කල හැක්කේ තම දෙමාපියන් බව සිහි තබාගන්න. ඔවුන්ගේ මගපෙන්වීම නිතර ලබාගන්න.

4. තම පෙම්වතා වුවත්, පමණට වඩා විශ්වාස කරන්නට එපා! 

5. තමන්ට අනතුරක් වුවහොත්, ඉක්මන් වන්න එපා. තමන්ට ගැඹුරු අවශ්‍යතාවකදී ලං විය යුතු කෙනෙක් කල් තියා හඳුන්වා දෙන්න/ හඳුනාගන්න. 

පුතුන් සිටිනා මව්වරුනි, උගත් කම දෙන අතර ඕනෑම ජීවිතයකට ගරු කරන්නට කුඩා කල සිට ඔබේ පුතනුවන් හුරු කරන්න. විශේෂයෙන්ම ඕනෑම කාන්තාවකගේ ආරක්ෂකයෙකු වන්නට, ඔවුනට ගරු කරන්නට ඔබේ පුතුන් යොමු කරන්නැයි ආදරයෙන් ඉල්ලා සිටිමු. 

ආරක්‍ෂිත හෙට දිනක් හදන්නට මවකගේ ශක්තියට බැරි වන්නේ නැහැ.