සරු බව ස්වභාවිකව වැඩිකර ගන්න ක්‍රම 6 ක්

lead image

කාන්තාවකගේ කිරි සිහිනය සැබෑ කරගන්නට නොයෙක් ක්‍රමෝපායන් තිබෙනවා. ඉන් ඉතා ප්‍රයෝජනවත් ක්‍රම කිහිපයක් ගැන තමා මේ කියන්නට යන්නේ...

සෞක්‍ය සම්පන්න ගැබිනි සමයක් හිමිකර ගැනීම එතරම් ලෙහෙසි නැහැ.  මේ අනුව එක වැදගත් කරුණක් වන්නේ ඔබේ සරු බව වැඩිකරගැනීමයි.  ඉතා සාර්ථක පිළිසිඳ ගැනීමකට මෙම සරු බව වැඩිකරන කරුණු මතක තියාගන්න. 

ඔබේ සරු බව වැඩිකරගැනීම

1. දුම් පානයෙන් තොර වෙන්න

දුම් පානය ශරීරයට අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම අලුත් කාරණයකුත් නෙමෙයි. ඉතින් දුම්බීමේ ආදීනව විස්තර කරනවට වඩා දරුවෙක් පිළිසිඳ ගැනීමට එහි බලපෑම කෙසේද කියලා විතරක් කියන්නම්. මේ පුරුද්දෙන් ඈත්වීම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ඉතා හොඳයි.

2. කැෆේන් සහ මධ්‍යසාර භාවිතය සරු බව අඩු කරයි

ඵලදායි සරුබවක් ලබා ගැනීමට නම් මේ දෙකෙන්ම ඉවත් වීමට සිදුවෙනවා. The Fertility Society of Australia මගින් කරන ලද සමීක්ෂණ වලට අනුව කෝපි කෝප්පයක් බොන කාන්තාවකට මවක් වීමට ඇති අවස්ථාවන් දෙකක මග හැරෙන අතර නිතර කෝපි බොන අයට මිට සමානුපාතිකව ඵලදායිතාවට බලපානවා.

ඒ වගේම මධ්‍යසාර භාවිතය කාන්තාවන්ගේ ගැබ්ගැනීමට බලපාන අතර පිරිමින්ගේ සරු බව හීන කිරීමටද බලපෑම් ඇති කරනවා. එමෙන්ම මධ්‍යසාර නිසා පිරිමින්ගේ ශුක්‍රාණු වල ඵලදායි බව අඩු වෙනවා.

3. මානසික ආතතිය

බොහෝ රෝග වලට මුලාරම්භය මානසික අතතියයි. සරු භාවය හා ආතතිය යන දෙක අතර ඍජු සම්බන්ධයක් නැතත් සමීක්ෂණ මගින් ඒ අතර සම්බන්ධය තහවුරු කරන සාක්ෂි සපයනවා. උවමනාවට වඩා පිළිසිඳ ගැනීමකට උත්සාහ දැරීම නිසාද මද සරු භාවය ඇතිවන අතර ප්‍රතිශතයක් ලෙස එය 1/3 ක් පමණ බව පැවසෙනවා.

ඇමෙරිකාවේ වෛද්‍ය ඇලන් මෝගන්  පවසන ආකාරයට   වෛද්‍යවරුන් ආතතිය මදසරු  භාවයට හේතුවක් ලෙස නොසැලකුවද අධ්‍යන මගින් මෙතෙක් ආතතියෙන් සිටි කාන්තාවන් ආතතියෙන් මුදවා පිළිසිඳ ගැනීමට සැලැස්වීමෙන් පෙරට වඩා යහපත් ප්‍රතිඵල ලබාගත් බව පවසනවා.

4. මල්ටි විටමින් හා අමතර පෝෂක සරු බව වැඩි කරයි

මද සරු බව ට මල්ටි විටමින් ඉතා සුදුසු බව පවසනවා. විශේෂයෙන් ෆෝලික් ඇසිඩ් අඩංගු මල්ටි විටමින් හා අමතර පෝෂක සැබෑ වෙනසක් ඇතිකිරීමට සමත් වෙනවා.

5. ශරීරයේ බර පාලනය

British Medical Journal මගින් කරන ලද වැඩසටහනකට අනුව සෑම කෙට්ටු හා මහත කාන්තාවක් අතරම පිළිසිඳ ගැනීමේ වෙනස්කම් පවතිනවා. වඩා වැදගත් වන්නේ ගර්භණි සමය තුළ ව්‍යායාම වල යෙදීමයි. ඔබේ උසට සරිලන බර දැනගෙන (MBI>38 ඕස්ට්‍රේලියානු රජයේ ලේඛනයකට අනුව) නිරෝගිමත් බර ප්‍රමාණ දැනගන්න පුළුවන්. 

6. දෙදෙනෙකුට හරියන කෑම ගැනීම

ඔබේ දරුවාට ඔබේ කුස තුළ හොඳ වාතාවරණයක් නිර්මාණය කරන්න නම් ඔබ ගැබ්ගෙන ඇති බව සිතා ඊට පෙර සිටම හොඳ ආහාර ගැනීම වැදගත්. විශේෂයෙන් නැවුම් එළවළු, පලතුරු හා ඔමේගා 3 අඩංගු ආහාර ගැනීම වැදගත් වෙනවා. මුහුදු ආහාර සැමන් වගේම මේඩිටර්රේරියන් කෑම විලාසයට පුරුදු වීම ඉතා හොඳයි.

නිරෝගී බව හා ස්වභාවික දේ ශරීරයට ගැනීම ඇතුළු බොහෝ කරුණු නිරෝගී දරු උපතක මුලාරම්භයට  වැදගත්. theAsianparent Sri Lanka මේ කරුණු ගෙන අවේ ඒ ආරම්භයට ශක්තියක් වන්නයි. 

Written by

theAsianparent

app info
get app banner