ඔබේ සහකරු චිත්තවේගීය බුද්ධියෙන් අඩු කෙනෙක් බව පෙන්වන ලක්ෂණ 12ක්

ඔබේ සහකරු චිත්තවේගීය බුද්ධියෙන් අඩු කෙනෙක් බව පෙන්වන ලක්ෂණ 12ක්

චිත්තවේග බුද්ධිය දියුණු කරගැනීම මුළුමහත් මිනිස් සංහතියේම වගකීමක්. අප හැමෝම අදිටන් කරගත යුත්තේ චිත්තවේග බුද්ධිය දියුණු කරගැනීමටයි.

දෙමාපිය අපට නිතර ඇසෙන්නට ලැබෙන දෙයක් තමයි අප දරුවන්ගේ සාර්ථකත්වය බොහෝ විට දරුවාගේ බුද්ධි (චිත්තවේග බුද්ධිය) මට්ටම නොහොත් චිත්තවේගීය බුද්ධියෙ මත රඳා පවතින්නක් බව.

නමුත් දරුවන්ගේ සාර්ථකත්වය බොහෝවිට දෙමව්පියන් අන්‍ය්යන් සමඟ දක්වන සම්බන්ධතා මතද රඳා පවතින්නක් බව අපට නිතරම අමතක වන දෙයක්.

ඉතින් ඔබගේ සහ සහකරු භාවමය බුද්ධියෙන් පිරිපුන් කෙනෙක් ද නොඑසේනම් භාවමය විශිෂ්ට නැතහොත් උසස් භාවමය බුද්ධියක් (EQ) සහකරුවන් සතුනම්, සහකරුවන් අතර ඉතාමත්ම සාර්ථක සබඳතාවයකට එම ඉහළ මානසිකත්වය නොහොත් ඉහළ මට්ටමේ භාවමය බුද්ධිය බලපානවා. 

ඔබේ සහකරු චිත්තවේගීය බුද්ධියෙන් අඩු කෙනෙක් බව පෙන්වන ලක්ෂණ 12ක්

young attractive woman bored angry frustrated and upset while husband or boyfriend plays videogames ignoring her in technology and gaming addiction concept

ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ චිත්තවේග බුද්ධිය නොහොත් භාවමය බුද්ධිය (EQ) අඩු මට්ටමක පවතින බව පෙන්වන සාධක මොනවාද? 

1. ඔවුන්ගේ හැඟීම් පාලනය කරගත නොහැකි වීම

සුළු කාරණා වලදී පවා ඔබේ බිරිඳ/සැමියා කේන්ති ගන්නවාද? කිසිදු හේතුවක් නැතිව පවා  කෝපයට පත් වනවාද? මෙවැනි හැසිරීම් තුළින් එම පුද්ගලයාගේ චිත්තවේග බුද්ධිය/ භාවමය බුද්ධිය අඩු මට්ටමක පවතින බව පෙන්වනවා. ඔවුන්ගේ හඟීම් නිසි කාලය නිසි ස්තානය ආදිය අනුව පාලනය කරගත නොහැකි බව පෙන්වනවා.  

අනෙක් අතට, ඉහළ EQ අගයක් ඇති පුද්ගලයින් හනික නොකිපී, මනාව හැඟීම් පාලනය කරගන්නෝ වෙති. 

2. ඔබේ හැඟීම් ගැන අවධානයක් නොමැත 

අප ජීවට් වන වටා පිටාවේ තවෙකෙකුගේ මුහුණේ ඉරියව්, අංගචලන තුළින් ඔහුගේ හෝ ඇයගේ හැඟීම් දැනීම් තෙරෙරුම්ගැනීම ඉතා වැදගත් වනවා. 
 
මෙම තේරුම් ගැනීම තූලින් ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ දුක සතුට තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. නමුත් හැගීමක් වැරදියට තේරුම් ගැනීම හෝ සහකරුට දුකක් දැනෙන අවස්ථාවක එය විහිඋවකට ගැනීම වැනි දේ තුළින් සහකරුගේ බුධියේ හීන බව පෙන්වනවා. 
මෙම වැරදි වැටහීම් වෙනත් ගැටුම් වලට තුඩු දිය හැකියි.  
බිරිඳගේ

3. අළුත් මිතුදම් සහ යහළු මිත්‍ර සබඳතා කෙටි කාලීන වීම

ඔබගේ සහකරු හෝ සහකාරියට අලුත් මිත්‍ර සබඳතා ඇතිකරගැනීම අභියෝගයක්ද? නැතිනම් දැනට පවතින මිතුදම් කෙටි කාලීනද? 
 
මෙයින් කියැවෙන්නේ සහකරුගේ භාවමය බුද්ධියේ (EQහි) හීනතාවයි. 
 
චිත්තවේග බුද්ධිය ඉහළ මට්ටමක ඇති අයවළුන් දිගුකාලීන ශක්තිමත් මිතුදම් වලට හිමිකම් කියයි.     

4. ඔවුන්ගේ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ නොකිරීම

කලින් කී පරිදි අනෙකාගේ වචන, අංගචලන හා මුහුණු ලක්ෂණ තුළින් ඔවුන් තේරුම් ගැනීම, යහපත් සබඳතා පවත්වාගැනීමෙහි ලා ඉතාම වැදගත් වනවා. මෙසේ යහපත් සබඳතා පවත්වාගෙන යාමට ඉහළ EQ අගයක් (භාවමය බුද්ධි අගයක් ඇති අය සමත් වනවා) 
 
මීට අමතරව තමන්ගේ හැඟීම් නිසි ලෙස ප්‍රාශ කිරීමද ඒ හා සමානව වැදගත් වනවා. මෙසේ නිසි ලෙස හැඟීම් ප්‍රකාශ කළ නොඃඅකි වීමද භාවමය බුද්ධිය අඩු බව පෙන්වල ලක්ෂණයක් වනවා.

5. හැඟීම්වල සමාජීය පැතිකඩ තේරුම්ගත නොහැකි වීම

ඇතම් අවස්ථා වල ඔබගේ සහකරු මෙවැනි ආකාර වලට හැසිරී තිබෙනවාද?  

  • අවමංගල්‍යයකදී විහිළු කරනවාද?
  • සුළු කාරණා ගැන කෝපයට පත් වනවාද?
  • ඔවුන් අන් අය කෝපයට පත් කරන බව ඔවුන්ට නොදැනේද? 
ඔබේ සහකරුගේ මෙම හැසිරීම සාමාන්‍ය නම්, ඔහුට/ඇයට සමාජීය හැඟීම් ගැන තැකීමක් නැති බව ඉන් විදහා පෙනෙනවා. එවන් සමාජීය අවස්ථා වලදී ඔවුන්ගේ හැඟීම් නිසිලෙස පෙන්වීමේ හැකියාවද නොමැති බව පෙනී යනවා. භාවමය බුද්දිය අඩු අගයක පවතින බව පෙන්වන සාධක අතරට මේවාද ඇතුළත් වනවා. 

6. අනෙක් පුද්ගලයින්ගේ දුක දොම්නස තේරුම් ගැනීමට නොහැකි වීම 

අනෙක් අයගේ අභියෝග ගැටළු තේරුම් ගැනීමට හා ඒවාට නිසි ප්‍රතිචාර දැකිවීමේ නොහැකියාවද චිත්තවේගාත්මක බුද්ධියේ හීන බව පෙන්වන තවත් ලක්‍ෂණයක් වනවා. 

7. ඔබේ හඬ ස්වරයෙන් හා රටාවෙන් ඔබට යම් මොහොතක දැනෙන හැඟීම් තේරුම් ගත නොහැකි වීම

යමෙකුගේ නිරවද්‍ය හැඟීම් අවබෝධ කරගත හැකි ප්‍රධාන ආඅකරයක් වන්නේ එම පුද්ගලයාගේ හඬ ස්වර හා රටාවයි. 

මෙවන් හඬ ස්වර රටා වලින් සහකරුගේ හෝ සහකාරියගේ හැඟීම් තේරුම් ගත නොහැකි නම් එය අඩු මට්ටමේ භාවමය බුද්ධියක් පෙන්වන තවත් ලක්ෂණයක් වනවා. 

ඔබේ සහකරු චිත්තවේගීය බුද්ධියෙන් අඩු කෙනෙක් බව පෙන්වන ලක්ෂණ 12ක්

8. අන් අය සමඟ දුක බෙදාගැනීමේ නොහැකියාව චිත්තවේග බුද්ධිය

තව කෙනෙකුගේ චිත්තවේගයට ප්‍රතිචාර දැක්වීම තුළින් කෙනෙකුගේ මානුශීය භාවය ප්‍රදර්ශණය වනවා.

නමුත් අඩු චිත්තවේගීය මට්ටමක් ඇත්තන් හට මෙසේ මානුශීය භාවය පෙන්වීමේ හැකියාව ඉතා විරලයි.
 
එය සංකීර්ණ හැකියාවක් වන අතර එය ප්‍රගුණ කිරීමට පහසු නොවේ. 

9. චිත්තාවේගය පාලනය කිරීමට නොහැකි වීම චිත්තවේග බුද්ධිය

ශුභවාදී හෝ සෘනාත්මක චිත්තවේගීය ප්‍රතිචාර පමණට වඩා ඝෝශාකාරීව පෙන්වයි නම්,  එයින් අදහස් වන්නේ ඔබේ සහකරුට හැඟීම් කළමනාකරණය කිරීමට අපහසු බවයි. බෙය අඩු මට්ටමේ  චිත්තවේගාත්මක බුද්ධියක් ඇති බව පෙන්වන තවත් ලක්ෂණයක් වනවා.

10. චිත්තවේගී චිත්‍රපට වලට ප්‍රතිචාර නොදැක්වීම

ප්‍රේම පුරාන්ථ, තාසජනක දර්ශන ආදිය නරබන්නේ කිසිඳු හැඟීමක් නොපෙන්වමින්. මෙලෙස  ඔබේ සහකරු චිත්‍රපටයේ චිත්තවේගීය කම්පනයට යාබදව තම හැඟීම් ප්‍රදර්ශණය කරන්නේ නැතිනම්, එයින් අදහස් කරන්නේ ඔහුට/ඇයට චිත්තවේගීය බුද්ධියක් නොමැති බවයි.

11. යමක් ගැන හැඟීම්බර වීම වැදගත් දෙයක් ලෙස නොදැකීම

අඩු  මට්ටමේ චිත්තවේගාත්මක බුද්ධියක් ඇති කෙනා එය තමන් තුළ ඇති අඩුපාඩුවක් බව බොහෝ විට දැනගෙන සිටිනවා.

මේ නිසා චින්තවේගී හැඟීම් වලට යටත් නොවී තර්කානුකූලව හැම ඩෙයටම ප්‍රතිචාර දැක්වීමට ඔවුන් උත්සාහ කරනවා.

මෙය ස්ත්‍යයක් නොවේ. සන්නිවේදනය වැඩි දඉයුණු කිරීමටත්, සබඳතා පරිණත කරගැනීමටත්, තර්කානුකූල වනවා සේම එම සිධින් කෙරෙහි හැඟීම්බර වීමද ඉතා වැදගත් වනවා.
 
විශේෂයෙන් විශාල අවදානම් හෝ හදිසි අවස්ථා වලදී මෙය ඉතා වැදගත් වනවා.

12. ගෙදර සුරතල් සුනඛයාගේ හැඟීම් තේරුම්ගත නොහැකි වීමග බුද්ධිය

සුරතල් බල්ලන් යනු තමන්ට හැඟෙන දේ අන් අයට පහසුවෙන් පෙන්වන ජීවීන් කොටසකි. බල්ලන් වැනි සමාජ සතුන්ට විවිධාකාර හැඟීම් දැනිය හැකි අතර ඒවා පැහැදිලිව පෙන්විය හැකියි.

ඉතින් ඔබේ සුරතල් බල්ලාට හැඟෙන ආකාරය නොසලකා හරින කෙනෙකු චිත්තවේගීය බුද්ධියෙන් හීන කෙනෙකු බව පෙන්වන තවත් සලකුණකි.
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙරේරා

Written by

Niloufer Perera