ඔබ අකමැත්තෙන් වුවද ඔබේ සහකරුවාට කාරුණික විය යුතු ආකාර 4ක්

කාරුණික වීම ඔබ තර්ක කරමින් සිටින විට පමණක් තෝරා ගත යුත්තක් නොවේ. ඔබ  ඔබේ සහකරුවාට සම්බන්ධතාවය පුරාම සලකන්නේ කෙසේද යන්න ඔබට සිහි නුවණින් කටයුතු කිරීමට සිදුවෙනවා.

ඔබේ සම්බන්ධතාවය යහපත්ව පවත්වා ගැනීම සදහා ඔබ සතුව තිබිය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වනුයේ ඔවුන් සමග අමනාපයෙන් සිටින විට කාරුණික වීමයි. ගොට්ටමන් නැමති ආයතනයට අනුව ඔබ අරගල හා කටයුතු කරන ආකාරය අනුව ඔබේ සම්බන්ධතාවය ගොඩනැගෙන්න හෝ බිදවැටෙන්න පුලුවන්.

නමුත් කාරුණික වීම පවසනවාට වඩා ක්‍රියාත්මක කිරීම අපහසුයි.  දුෂ්කර දේවල් මොනවාදැයි සිතමින්, නිවැරදි දේ කිරීමටත් ඉවසීමෙන් හා මෘදුව ක්‍රියා කිරීමේ ඉතා යහපත් අරමුණු ඇතිව අපි සම්බන්ධතාවයන් ගොඩනගනවා.

නමුත් එයට මුහුණ දෙන විට එම අරමුණු වලට පරාජය වෙමින් එය අවසන් කරනවා.අපි අපිටම හා අපේ සහකරුට රිදවීමෙන් පසු එය පාලනය කර ගන්නවා.

කාරුණික වීම ඔබ තර්ක කරමින් සිටින විට පමණක් තෝරා ගත යුත්තක් නොවේ. ඔබ  ඔබේ සහකරුවාට සම්බන්ධතාවය පුරාම සලකන්නේ කෙසේද යන්න ඔබට සිහි නුවණින් කටයුතු කිරීමට සිදුවෙනවා.

කාරුණික වීම ඔබ තුලම වගා කරගෙන දිගටම පවත්වා ගතයුතු ගුණාංගයක් වෙනවා.

ඔබට අකමැත්තෙන් වුවද කාරුණික වීමට ඉගි කිහිපයක් මෙන්න.

ඔබේ හැගීම් පිලිබඳ අවධානයෙන් පසුවන්න

ඔබට අකාරුණිකව හැසිරීමට සිතේ නම් ක්‍රියාකිරීමට පෙර සංසුන් වීමට කාලය ගන්න. ඔබව පාලනය කර ගන්න.

අවංක හා අව්‍යාජ වීමට ඔබේ මනසේ ඇති සියල්ල සහකරු සමග බෙදා ගත යුතුයැයි ඔබ හිතන්න ඉඩ තියෙනවා. නමුත් ඔබ නොදැනුවත්වම ඔවුන්ව රිදවනවා. විවෘත වීමට හිතට ගන්න. නමුත් අපරික්ෂාරී නොවන්න.

ඔබේ හැගීම් අවබෝධ කරගන්න (තක්සේරු කරගන්න)

ඔබට කෝපය හෝ කණගාටුව දැනෙන එක සමාන්‍යයයි. නමුත් සහකරුගේ වරදක් නොමැති විට පවා අපිට එසේ දැනෙන්න පුලුවන්. ඔබගේ වැරදි වැටහීම් මොනවාදැයි මොහොතක් නැවතී හිතන්න. ඔබේ දිනපොත ගෙන ඔබේ හැගීම් එහි ලියන්න ඔබට හිතෙන්නත් පුලුවන්.

ධනාත්මක එනම් ශුභවාදී සිතුවිලිත් එක්ක ජීවිතය ගෙවන්න.

ඔබ නිතරම  ඔබේ සහකරුගේ වැරදි හිතමින් ඉන්නවා නම් ශුභවාදී වීම තුලින් ඔබ ඔහු ගැන හිතන විදිය වෙනස් කරාවි. ඔබේ සම්බන්ධතාවය තුල ඔබේ හැගීම් ධනාත්මකව පවත්වා ගන්න. ඔබ දවස පුරා ඔබගේ සහකරුගේ හොද පැත්ත මතක් කරගන්න.

ඔබේ සම්බන්ධතාවය තුල විශ්වාසය ගොඩනගන්න.

ඔබේ සම්බන්ධතාවය ඉදිරියට ගෙන යෑමට  ඔබේ තර්කය විසදෙන තුරු බලා ඉන්න එපා. වෙනස් වීම වෙනුවට ක්‍රියාකාරකම් වල යෙදෙන්න. සහකරු සමග ගතකරන කාලය අන් අයගේ මතය  මත පිහිටා අවලංගු කරන්න එපා. ඔබේ සම්බන්ධතාවය ශුභවාදීව දකින්න.

සෙනෙහෙවන්ත වීම නවත්වන්න එපා. ඔවුන් සමග සුන්දර අත්දැකීම් විදිමින් ජීවිතයේ ඉදිරියට යන්න. ඔබේ මිතුදම සිහිකර ගන්න. සියල්ලට පසු සතුරෙක් සමග ප්‍රශ්න විසදා ගන්නවාට වඩා මිතුරෙක් සමග ප්‍රශ්න විසදාගැනීම  පහසුයි.

ඔබගේ හැමවිටම සහකරුවාට කාරුණික වන්න. ඔබ දෙපලගේ ආදරණීය සම්බන්ධතාවයේ ඉදිරි පැවැත්මට එය වැදගත් බව ඔබට මතක් කර දෙන්නේ හැමදාම ඔබ ලගින් ඉන්න The Asianparent Sri Lanka වෙතිනි.