ඔබේ සහකරු සමග දරුවන් ඉදිරියේ ඇතිවන තර්ක කිරීම් හසුරවා ගන්නේ කොහොමද ?

lead image

සමහර තර්කයන් දරුවන් ඉදිරියේ ඔබට හසුරවා ගන්න පුළුවන්...

සමහර තර්කයන් දරුවන් ඉදිරියේ ඔබට හසුරවා ගන්න පුළුවන්.

මේ ගැන මට හුඟක් කල් ඉඳලා ලියන්න උවමනා වුණා. අපි දරුවන් ඉදිරියේ කරන තර්ක විතර්ක හසුරවා ගන්නේ කොහොමද? මම විවාහ වෙලා දරුවන් දෙන්නෙක් ඉන්නවා. අපි විවාහ වෙලා දැනට වසර දහයක් විතර. ඔබේ මිතුරියන්ට වගේම මිනිසුන් විදිහට අපි කාටත් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. අනෙක් අතට අද අපි හැමෝම කාර්යබහුල වෙලා. එකිනෙකාගේ හැඟීම් අපිට වටහා ගන්න බැරිවෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්.

ගෙදරදී ඇතිවෙන තර්ක

දවසක් මගේ යාලුවෙක් එක්ක අපි හමුවුන වෙලාවක කාගේත් කතාබහට ලක් වුණේ ගෙදර ඇතිවෙන තර්ක විතර්ක දරුවන්ගේ ඉදිරියේ සිදුවූ විට වන දේවල් ගැනයි.

මගේ එක මිතුරියක් කිව්වා ඔවුන් දෙදෙනා අතර වුණ තර්කයක් සීමාව ඉක්මවා ගිහින් එය දරුවන් දැකීමෙන් පසුව ඇයට කෙතරම් පශ්චාත්තාපයක් ඒ ගැන දනුනාද කියලා. මෙය එකිනෙකාට නම් කියමින් බැන අඬගසා ගැනීමක් දක්වා දුර ගිය එකක් වුණ මගේ මිතුරියට මෙය එතරම් තේරුම් නොගියත් ඉන් දින 3 ක් වගේ යනතුරු දරුවන් ඔවුන් දෙදෙනාටම කතා නොකර හිඳ තිබුණා.

මම ඒ නිසාම තමයි අපි ඊට කළයුතු දේ කුමක්ද කියලා සාකච්ඡා කරන්න හිතුවේ. ඔබේ සහකරුට ඔබට දිය යුතු පණිවිඩය රණ්ඩුවක් දක්වා දුර ගියත් එය දරුවන් දැනගත යුතු නැහැ.

ඒ නිසා මේ සිත්ගන්නා ක්‍රමවේදයන් කිහිපය ගැන අපි සලකා බලමු.

  1. දරුවාට පැත්තක් ගන්න කියන්න එපා

පැත්තක ඉන්න දරුවා අවසානයේ ඔබේ හරි වැරැද්ද විමසා බලන්න ඇඳ ගන්න එපා. මෙය ඉතාම නරක පියවරක්. ඒ මගින් දරුවා හුඟක් ව්‍යාකූල වෙනවා. ඒක හරියට අම්මගෙනුයි තාත්තගෙනුයි හොඳම කෙනා තෝරා ගන්න දරුවට කියනවා වගේ දෙයක්.

  1. තර්ක කිරීම හොඳයි නමුත් ගෞරවය සුරකින්න

දරුවන් ඉදිරියේ තර්ක කර ගැනීම වැරදි යැයි සිතන නිසා එය ඉදිරියේ නොකර ඉන්න එපා. ඊට වඩා තර්ක කිරීම ඵලයක් ඇති ලෙස සිදුවීම නිසා පුද්ගලයෙකුගේ මත වල විවිධත්වයෙන් යුතු මතිමතාන්තර එළියට එනවා. ඔබ මේ තර්කයන් වලදී සීමාව ඉක්මවා නොයන්න මතක තබාගන්න.

  1. ප්‍රචණ්ඩත්වය එපා

ඔබේ තර්කය කෙතරම් උණුසුම් වුනත් එකිනෙකාට ගැසීම, අතට අසුවන දෙයින් දමාගැසීම වැනි දේවල් කරන්න එපා.

  1. බොරු කියන්න එපා

ඔබට තර්කය දිනන්න උවමනා වුනත් ඊට බොරු ගොතන්න උත්සාහ කරන්න එපා. ඔබ වැරදී නම් ඒ ගැන පිළිගෙන ඉන් ඔබේ සහකරු  අපහසුවට පත්කරන්න එපා.

  1. පැසුණු පුද්ගලයන් සේ හැසිරෙන්න

නිතරම දරුවන් ඉදිරියේ ඔබ ඔවුන්ට අනුගමනය කළහැකි චරිත විය යුතු බව මතක තබා ගන්න. ඔබේ තරහව හා වේදනාව වැදගත් ලෙස හික්මුණු ආකාරයෙන් ඉදිරිපත් කරන්න.

අපේ වැරදි තුළින් දරුවන්ගේ ජීවිත අඳුරු වන්නට ඉඩනොදෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ