පිළිකාවෙන් පෙළුණු ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි.

"ඇය කියු අවසන් වදන් වුයේ විවාහයේ ආදරණීය දිවුරුමයි ."

ඩේවිඩ් මොෂර් සමඟ විවාහ වීමට  වසරකට පමණ  පෙර දෙසැම්බර් 22 වනදා එක්සත් ජනපදයේ  කනෙක්ටිකට් හි හීදර් ලින්ඩ්සේ පියයුරු පිළිකාවක් ඇති බව සොයා ගත්තා.

සහකරු හෝ සහකාරිය අහිමි වීම...

කණගාටුදායක ලෙස, පැය 24 ක් ඇතුළත, පවුලේ සාමාජිකයන් පිළිකා රෝගය නිසා අලුත ගෙනා මනාලිය මිය ගොස් සිටින අයුරු දුටුවා.

ලස්සන  මංගල ගවුමකට ඇයගේ රෝහලේ හැද සිටි ගවුම මාරු කලා. ලින්ඩ්සේ  රෝහලේ පල්ලිය  තුළ විවාහ වුනා. ඩේවිඩ් ඇය අසලින්ම හිටියා. ඒ ඔහු ඒ සියල්ල සමග සිටි නිසයි. මනාලිය පවුලේ නැදෑයින්  සහ මිතුරන් සිටි උත්සවයක් දී 'මම එසේ කරනවා' කියා පැවසුවා.

"ඇය හරිම සුන්දර  වූ අතර ඇය කෙරෙන් පවුලක ආදරය  මට දැනුණා." කියා ඩේවිඩ් පැවසුවා.

හීදර්ට පියයුරු පිළිකාවක් ඇති බව දැනගත් වහාම ඩේවිඩ් විවාහ වෙන්න යෝජනා කලා. ඇය තනි වී නොමැති  බව කියන්න ඔහුට අවශ්‍ය වුනා .

ඔවුන් දෙදෙනා පළමු වතාවට පංතියකදී මුණගැසිණා. ඩේවිඩ්  හීදර් ආදරයෙන් වෙළුණ අතර ඔවුන් එකට ජීවත් වෙන්න පටන් ගත්තා. අවුරුදු  එකහමාරක් පස්සේ   හීදර් එයාගේ රෝගී  තත්ත්වය දැන  ගත්තා.

සියල්ල එසේ වුවත්   ඩේවිඩ් හීදර් සමග සිටිමින් අනෙකුත් සමීප  මිතුරන්  මෙන්ම ඇයගේ  දුෂ්කර කාලය ගෙවා ගැනීමට උපකාර කලා.

"ඇයට ගොඩාක්  බලාපොරොත්තු තිබුනා." බව හීදර්ගේ හොඳම යාළුවා ක්‍රීස්ටීන් කරස් විසින් NBC වෙත පැවසුවා. "අපි ඒ ගැන කතා කල විදිහ, ඔබට හැම විටම මෙය එය නොවන  බවක් දැනෙනවා."

2017 දෙසැම්බර් මස 30 වන දින මේ ආදරවන්තයින්  දෙදෙනා  විවාහ වුනා. ඒත් හීදර්ගේ තත්වය නරක අතට හැරීම නිසා  ඔවුන්ගේ විවාහ සාදය   සතියකින් කල් දැමීමට ඔවුන් තීරණය කලා.

පැය 24 ක් ඇතුලත අලුත්  මනාලිය මිය ගියා.

ඇයගේ සිහින විවාහ සිදු වීමෙන් හරියටම පැය 18 කට පස්සේ  හෙදර් සිය අවසන් නින්දට වැටුනා

" ඇය කියු  අවසන් වදන් වුයේ ඇයගේ විවාහ  පොරොන්දුවයි"  කනෙක්ටිකට් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමග  සම්මුඛ සාකච්ඡාවක දී එක් දෙවැනි මනාලියක් සිහිපත් කලා.

හෙදර් දෙසැම්බර් 30 වනදා සාමදානයෙන් සැතපුනා. අලුත් මනාලියගේ මරණයෙන් සියල්ලම කම්පිත වුනා. නිහැඩියාවක් විතරක් ඉතුරු වුනා.

අපේ හද පතුලෙන් නැගුණ ශෝකය හේදර්ගේ පවුලේ නෑදෑයන් මිතුරන් හා ඇයගේ ස්වාමියා වු ඩේවිඩ් මොෂර්ට පුද කරනවා.

සහකරු හෝ සහකාරිය අහිමි වීම: පසු කටයුතු 

මනෝ වෛද්‍ය  රෝමෝ විටෙලි පවසන ආකාරයට, විවාහය සිදු වී මොහොතක් වුවද දශක ගණනක් වුවද තනිවෙන සහකරු හෝ සහකාරියකට ඇති ලොකුම අභියෝගය වන්නේ, "තනිකමෙන් මිදීම සහ ඉදිරියට යාමයි".

සහකරු හා හැසිරීම් වලදී ගත යුතු පළමු වැදගත්ම පියවර වන්නේ එකිනෙකා ලංවීම හා එක් අයෙකුට හෝ ලෝකයෙන් ඈත්වීමට ඉඩ නොතැබීමයි.

එක් අධ්‍යයනයකදී විවාහක යුවළක් අතර ඇති සම්බන්ධය හා සහකරු හෝ සහකාරියගේ මරණය මත ඇති වන තනිකම අතර සම්බන්ධතාවයක් ඇති බව සොයා ගත්තා .

ඔබ ඇත්තටම ආදරය කරන කෙනෙකු අහිමි වීම සමඟ කටයුතු කිරීමේදී  නිවැරදිව සමාජ සහයෝගය ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ශෝකය, මානසික අවපීඩනය හා කෙටි ආයු අපේක්ෂාව වැනි රෝග වැනි බොහෝ සෞඛ්‍ය අවදානම් ඇතිවේ. මේ නිසා, සහකරු හෝ සහකාරිය  වෘත්තීය උපකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

වෛද්‍ය ප්‍රතිකාර කෙටි කාලීනව වේදනාව අඩු කර ගැනීමට උදව්  වුවද, චිකිත්සාව හා උපදේශනය මගින්  ඒ සමග  දිගුකාලීන කටයුතු කිරීමට ක්‍රම  සපයනවා.

අතීතයේ අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත්තේ, සහකරු හෝ සහකාරිය  අහිමි වීමෙන් දුම්බීම, මත්පැන්  හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි අනතුරුදායක හැසිරීම් වැඩි වීමක් සිදුවෙන බවයි.

සහකරු හෝ සහකාරිය අහිමි වීම වුනාට පසු ඇති වන ගැඹුරු ශෝකය  පැතිරෙමින් හා අකර්මණ්‍ය  වෙමින් පැවතිය  හැකිය. එය වසර ගණනාවක් වුවද පැවතිය හැකිය. ඒ වගේම කාලයත් සමඟම ඒ දුක පහසුවෙන් මැකි යාවි.

සහකරු හෝ සහකාරිය  අහිමි වීමෙන් පසු  දුකක් ඇතිවේ. විශේෂයෙන් අපි ආදරය කරන්නාගේ, ඒ තිත්ත ඇත්ත හා කටයුතු කරන්නට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී