සහල් පොගවා ගත් වතුරෙන් ඔබේ රූපලාවන්‍ය සහ සෞඛ්‍යය වෙනුවෙන් රස රහසක්

lead image

සහල් වතුර පෞරාණික වන අතර  පරීක්ෂා කල රූපලාවන්‍ය ආලේපනයක්,හෙයාර් කන්ඩිෂනර් එකක් මෙන්ම  සෞඛ්‍ය  සම්පන්න බීමක් වෙනවා.  මෙහි ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳ තවත් දැනගන්න.

සියවස් ගණනාවක් පුරා සහල් වතුර  ආසියාව සතු වු හොඳම රහසක් විය.  කාර්යක්ෂම සම සදහා වු ටෝනර් එකක් සහ හිසකෙස් සෝදන දියරයක් වීම වැනි විවිධ රූපලාවන්‍ය  ප්‍රතිලාභ ලබා දීමට අමතරව එය සෞඛ්‍යයට හිතකර වේ.

සහල් වතුර යනු කාබනික සහල් පොගවා ගැනීමෙන් ලබාගන්නා  දියරයයි. සම ප්‍රාණවත් කිරීම  සඳහා අතිශයින් සුවදායී වන පිටෙරා මෙන්ම  විටමින් හා ඛනිජ ලවණද මෙහි අඩංගු වේ. ඇත්ත වශයෙන්ම, සමේ පැහැපත් කිරීමේ හා සහ පවත්වා ගෙන යෑම  සඳහා වන බොහෝ මිල අධික සම ආරක්ෂණ නිෂ්පාදන නිපදවනු ලබන්නේ පිටෙරා අඩංගු කර වේ.

සහල් වතුර මිල අඩු විකල්පයක් විය හැකි නමුත්  එය සම පිරිසිදු කරන , ටෝනර් කරන සහ තද අදුරු පැහැති ලප පැහැපත් කරන රූපලාවන්‍ය ආලේපනයක් තරම්ම  ඵලදායී වේ.

සහල් වතුර  පිළියෙල කරන්නේ කෙසේද?

අවශ්‍ය ද්‍රව්‍ය

•කාබනික සහල් කෝප්ප භාගයක් (පළිබෝධ නාශක වලින් තොර)

•ජලය

•පියනක් සහිත වීදුරු බඳුනක්

කාබන් සහල් කෝප්ප භාගයක් ගන්න. එය සම්පූර්ණයෙන්ම වැසෙන තුරු  ප්‍රමාණවත් ජලය එයට එකතු කරන්න. වතුරේ පැහැදිලි භාවය ඉවත් වී මිහිදුමක් සේ වන  තුරු එය පොඟවා ගන්න.

හාල් පිරිසිදු ද යන සැකය ඔබට ඇති වේ නම්, එය කිහිප විටක් පෙර සේ සකස් කර  ගන්න.

ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සහල් ජලය වෙනත් ඕනෑම ටෝනර් මෙන් භාවිතා කළ හැකිය. වලාකුළු මෙන් වු පසුව එය  වීදුරු බඳුනක බහා  ශීතකරණයේ ගබඩා කරන්න.

එය දින හතරක් සිට පහ දක්වා තබා ගත හැකිය.

ආලේප කිරීම සදහා , ඔබේ මුහුණ සෝදා ගන්න, ඉන්පසු සහල් වතුරේ කපු පුළුන් කැබැල්ලක්  පොඟවා එය ඔබේ මුහුණේ  ආලේප කරන්න.  මෙය මුහුණේ සිදුරු වසා දමමින්  ඔබේ යෞවන පෙනුම මේ මගින්  යලිත් ඇති කරනු ඇත.

හිසකෙස් ගැඹුරු පිරිසිදු කිරීමට හා සුසිනිදු වීමට සහල් වතුර භාවිතය සදහාද එම  ක්‍රියාවලියම  අදාළ වේ. ෂැම්පුකරණයෙන් පසුව සහල් ජලය යෙදීමෙන් හිසකෙස් ප්‍රත්‍යස්ථතාව වැඩි කිරීම, දුඹුරු පැහැය ඉවත් කිරීම, එය වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇතිවීම  සිදුවේ.

ඇත්ත වශයෙන්ම, චීනයේ කාන්තාවන් සහල් වල වතුර මගින්  ඔවුන්ගේ  හිසකෙස් දීප්තිමත්ව ,නිරෝගීව සහ දිගු ලෙස තබා ගන්නා බව සියවස් ගණනාවක් තිස්සේ විශ්වාස කර තියෙනවා.

International Journal of Cosmetic Science සඟරාවේ අධ්‍යනයනයකට අනුව ජපානයේ සහල් වල (Yu-Su-Ru යනුවෙන් හැඳින්වෙන)  වැඩිදියුණු කල ප්‍රත්‍යස්ථතාවය හා මතුපිට ඝර්ෂණය අඩු බව සොයාගෙන ඇත.

ඔබගේ සාමාන්‍ය  ෂැම්පු කිරීමෙන් අනතුරුව, සහල් වතුරෙන් හිසකෙස් සෝදා  එය විනාඩි කීපයක් තබා එය සම්පූර්ණයෙන්ම සෝදා හරින්න.

සහල් වතුර ඔබේ සමස්ත සෞඛ්‍යයට වාසිදායක වන්නේ කෙසේද?

සහල් ජලය පානය කිරීමෙන්  සෞඛ්‍ය  ප්‍රතිලාභ බොහෝ  ගණනාවක් ලැබේ. එහි අධික කාබෝහයිඩ්රේට් ප්‍රමාණය නිසා ඒ මගින් විශාල  ශක්තියක්  ඇති කරයි. සහල් වතුර ඔබ සෞඛ්‍ය සම්පන්නව තබන සියල්ල වර්ධනය කරන අත්‍යවශ්‍ය  ඇමයිනෝ අම්ල අටක් ද, විටමින් සහ පෝෂ්ය පදාර්ථ වලින් සමන්විත වී තිබේ.

මිල අඩු මේ රූපලාවන්‍යයට මෙන්ම සෞඛ්‍යයට වැදගත් රස රහස ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී