theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

2 අවම කියවීම
ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්තස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

අනෙක් මව්වරුන් සමඟ ද මෙම ලිපිය බෙදාගන්න.

දුරකථනය විසින් ගිලගත් දෙමව්පියන්ගේ දරුවන් අවධානය සොයන්නන් බව පරීක්ෂණ පෙන්වා දෙනවා.

අද පරම්පරාවේ දෙමවුපියන් හා දරුවන් යන දෙපාර්ශ්වයම දුරකථනයෙන් ඉවතට ගැනීම ඉතා අසීරු වේ.

ඩිජිටෙල්  තාක්ෂණයට ඇබ්බැහි වූ තරුණ ජනයා ඍනාත්මක බලපෑම බොහොමයක් ලේඛන ගතකර තිබෙනවා.

සන්ධි අමාරු හා වේදනාවක්, පෙනීමේ ගැටලු, තිරය දිහා වැඩිපුර බලා සිටීම නිසා ඉහල ගිය ආක්‍රමණශීලී බව, දරුවන්ගේ සමාජ හැකියාවන් අඩුවීම ආදිය අඩුවීම ආදී ශාරීරික ප්‍රතිවිපාකද ඇති වෙනවා.

චිත්‍රපටයක් බැලීමට එළියට යෑම, යාළුවන් සමඟ කෑමට යාම හෝ විශ්වාසය ගොඩනැගීම සඳහා මිතුරන් සමඟ කරන අනෙක්  ක්‍රියාවලට  විරුද්ධව යමින් ඔබේ නව යොවුන් දරුවා තනිව ගෘහස්ථ ක්‍රීඩා වල යෙදීමට රුචියක් දක්වයි නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් බව සම්බන්ධතාවය පිළිබඳ විශේෂඥ Holland Hails ඇයගේ Consciously Connecting : A simple process to reconnect in a dissconnected world නැමති  පොතේ පවසා තිබෙනවා.

කොහොම නමුත් තාක්ෂණික ඇබ්බැහිවීම තරුණියන්ට පමණක් නොව ඕනෑම වයසක අයෙකුට බලපෑම් කළ හැකි බව ඇය තවදුරටත් පවසා සිටිනවා.

ඇත්තෙන්ම ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වූ දෙමාපියන් දරුවන්ට වඩාත් හානිකර විය හැක.

අධ්‍යයනයකට අනුව දරුවන්ගේ කටයුතු කරමින් ෆෝන් හරහා කෙටි පණිවුඩ යැවීම මගින්  දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් නොසලකා හැර ඇති බවක් දැනෙන්නට සලසනවා විතරක් නොවේ. ඔවුන් ඒ උපකරණය එරෙහිව තරඟයක යෙදී සිටින බව පවා දැනෙන්නට පුළුවන්.

බොස්ටන් මෙඩිකල් සෙන්ටර්හි ළමා සංවර්ධන විශේෂඥ ආචාර්ය Jenny Radesky අධ්‍යනයක නිරත වීම මගින් බොහෝ දෙමවුපියන් සිය ජංගම දුරකථනය  වෙනුවෙන් දරුවන් නොසලකා හරින බව සොයාගනු ලැබුවා.

ඇයගේ පරීක්ෂණය සම්පූර්ණ කිරීම මත Radesky නිගමනය  කරනවා. " දුරකථනය විසින් ගිලගත් දෙමාපියන්ගේ දරුවන් අවධානය සොයන්නන් බව" Parent Herald  වාර්තාව කියනවා. " ඒ වගේම පසුකාලීන ඔවුන්ගේ ජීවිත චිත්තවේගාත්මක බවට පත්වෙනවා."

ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ අවධානය උපාංගයෙන් පිටතට ගත් විට දෙමව්පියන් බොහෝ කෝපයට පත්වෙන අතර දරුවන්ට පහර දෙන්න පවා පෙළඹෙන බව ඇය  එම පොතෙහි පවසනවා.

ප්‍රතිඵලයක් වශයෙන් මේ ළමුන් දෙමාපියන්ගේ අවධානය ගැනීමට බොහෝ බොලද හා ඝෝෂාකාරී භාවයට පත්වෙනවා. ඔවුන් ඉතා පහසුවෙන් කෝපයට පත් වෙනවා.

විශේෂයෙන් දරුවන්ගේ වර්ධනයේ පළමු අවුරුදු හත තුළ  අවධිය ඔවුන්ගේ වර්ධනය තීරණාත්මක අවධිය වන නිසා එවැනි ඇබ්බැහි වීම් වලට තමාව යටපත් වීමට ඉඩ නොදීමට දෙමව්පියන් විශේෂයෙන් වගබලා ගත යුතුය.

" මේ අවධිය තුළ දෙමාපියන් දරුවන්ට මහත් සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා." Parent Herald පවසනවා. "සමහර දරුවන්ට ආදරය සත්‍ය වශයෙන් අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍යක් වෙනවා. ර් ඔවුන් වෙනුවෙන් අඛණ්ඩ කාලයක් ලබා දීම එය ප්‍රකාශ කිරීමක් වෙනවා."

එමනිසා දෙමව්පියනි ජංගම දුරකථනයට පමණක්ම  ඔබගේ අවධානය යොමු  නොකරමින් ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන ලෙස ආදරයෙන් මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත
බෙදාගන්න :
  • රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්

    රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්

    රාජකාරි ජීවිතයේ සමබර කරගන්න උදව් 8 ක්

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it