පියෙක් වෙන්න පෙරුම් පුරනා ඔබට ආදරණීය මග පෙන්වීමක්

lead image

ළදරුවකු ලැබීම ගර්භණී අම්මා කෙනෙකුට අභියොගයක් විය හැකිය. නමුත් ගර්භණී සමයේදී ඇයගේ ස්වාමිපුරුෂයාගේ උදවි කරන්නේ නම්  ක්‍රියාවලිය පහසු වෙනු ඇත.

ගර්භණී සමයේදී ඔබේ ස්වාමිපුරුෂයා ගේ උපකාරය නිසා ඔබේ කනස්සල්ලෙන් බොහෝ දුරස් වෙන්න පුළුවන් .  හෝමෝන, හැගීම් සහ නොයෙකුත් භෞතික වෙනස්කම් සහිතව, මෙම ගමනේදී ඔබට ඔහු ඔබගේ සහයකයා වීම අවශ්‍ය වෙනවා.

ඇත්ත වශයෙන්ම, ඔබ දෙදෙනා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන විට, ඔබේ බැඳීම ශක්තිමත් වනවා පමණක් නොව, මේ මාස නවය තුළ ඔබේ දරුවා ගැන බොහෝ දේ ඉගෙන ගන්නවා. ඔබ එකට වැඩ කළත්, ඔබ දෙදෙනාටම ඔබේ වගකීම් තියෙනවා.

ඔබ දරුවා කුස දරාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙත්, ඔබේ ස්වාමිපුරුෂයාට ඔබව මෙම දුෂ්කර කාලය තුලින් රුගෙන යා හැකිය.

ගර්භණී සමයේදී කාන්තාවන්ට ස්වාමිපුරුෂයා ගේ සහය අවශ්‍ය වන්නේ ඇයි?

ඔබ දරුවා කුස දරා ලෙන සිටින අතර, ඔහුට වගකිව යුතු ය, ඔබේ ස්වාමිපුරුෂයා ට තමාගේම ආකාරයෙන් දායක විය හැකිය.

ඔබව වෙෙද්‍යවරයා වෙත ගෙන යෑම, ඔබ සමඟ කාලය ගත කිරීම, ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැනි බොහො කාර්යයන් ඇත. ඔබේ සැමියා කරන පුංචි දෙයක් වුනත් නිරෝගී සහ ප්‍රීතිමත් ගර්භණී කාලයක් සඳහා උපකාරී වේ.

එහෙනම්, කාන්තාවනි මෙම පෝස්ට් ඒක ඔබේ සැමියාට කියවන්න දෙන්න, ඒ එම ඔවුන් කියවීම අවශ්‍ය නිසයි. ස්වාමිපුරුෂයනි විවෘත මනසකින් යුතුව මෙය කියවා මතක තබා ගන්න. මෙය පියෙක් වෙන්න පෙරුම් පුරනා ඔබට ආදරණීය මග පෙන්වීමකි.

1. ගැබ් ගැනීම පිළිබඳ කියවන්න

අපේ පළමු යෝජනාව කියවීමයි. ඔබ පවුලක් ආරම්භ කරන විට හෝ දැනටමත් දරුවන් අපේක්ෂා කරන විට, ඔබට ගර්භණීවීම ගැන වැඩි විස්තර දැන ගැනීමෙන් ආරම්භ කළ හැකිය. සෑම මාස තුනක දී ඔබට අපේක්ෂා කළ හැකි දේ ගැන කියවන්න.

නිදසුනක් වශයෙන්, ගර්භණී මව්වරුන්ට ඔවුන්ගේ පළමු හා තෙවන තුන් මස තුලදී විඩාවක් දැනෙන බව ඔබ නොදන්නවා විය හැකිය. අනෙක් අතට ඔවුන්ගේ දෙවන තුන් මස තුල ඔවුන් ශක්තිමත්ව සිටියි.

හැකි තරම් දැනුමෙන් සන්නද්ධව, ඔබේ බිරිඳට වැදගත් කාරණා ගැන තීරණ ගැනීමට ඔබට උපකාර කළ හැකිය.

2. ඔබගේ භාර්යාවගේ වෙනස් වීම පිළිගන්න.

ගැබ් ගැනීම් කාන්තාවක් තුළ ශාරීරික වෙනස්කම් ඇති කරනවා පමණක් නොව ඇයගේ හැගීම් විවිධ හැලහැප්පීම් වල ලක් කරයි. ඇය තවදුරටත් ඇය නොවේ. විශේෂයෙන්ම ඇයගේ පළමු ගර්භනීභාවය නම් ඇය සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු විය හැකිය.

ඇය ඔබට කියනවා නම් ඔබ විසින් සාදන ලද ආහාර කන්න බැහැ කියා හෝ ඇගේ ප්‍රියතම ස්ථානයේ හිඳගෙන සිටීමට නොහැකියි කියා, අවම වශයෙන් ඇයට දයානුකම්පාව ලබා දිය හැකිය. ඇය දිවා භාගයේ ඇයගේ නින්දට යාමට අවශ්‍ය නම් ඒයට ඇයට ඉඩ දෙන්න. ඇයට විවේකය සදහා කාලයක් ලබා දිය හැකිය.

ගර්භිණිත්වය කාන්තාවන්ට ඉතා සංවේදී කාලය විය හැකිය. විශේෂයෙන් ඇයට පළමු හා දෙවන තෙමස් වලදී ඇයට විවේකය වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. ඇයට ඔබේ ආදරය පෙර කවරදාටත් වඩා අවශ්‍යයි.

3. විවේක ගැනීම සඳහා ඇයට  කාලය දෙන්න

මෑත අධ්‍යයනයකට අනුව, කාන්තාවන්ට පුරුෂයන්ට වඩා වැඩි නින්දක් අවශ්‍ය බව තහවුරු කර ඇත. කාන්තාවන් බහු කාර්යයවන නිසා  ඔවුන් තම පිරිමි අනුගාමිකයන්ට වඩා මොළ බලය භාවිතා කරනවා.

හොඳයි, ඒ කාන්තාවක් ගැබ් නොගෙන සිටින විට නම්, ඇය ගර්භණී වන විට ඇයට නින්ද කොතරම් අවශ්‍ය දැයි කියා සිතන්න.

ඒ නිසා ස්වාමිපුරුෂයෙනි, සවන් දෙන්න. ඔබේ බිරිදට අවශ්‍ය තරම් නිදාගැනීමට ඉඩ දෙන්න. දරුවා වර්ධනය වන විට, විශේෂයෙන් පළමු හා අවසාන තුන් මාසයන් තුලදී  ඇයගේ ශක්ති මට්ටම් පහත වැටෙනවා, ඇයට වැඩියෙන් විවේකය අවශ්‍ය වෙනු ඇත. හැකියාවක් ඇත්නම් නිවසේ ඇයගේ කටයුතු ඇය හා බෙදා ගන්න

.4. ඇයට දොලදුක මෙන්ම කෑම අප්‍රිය කිරීම තිබිය හැක

ඔබේ ගර්භණී භාර්යාව ආහාරවලට ඇලුම් කිරීමට හා කෑම අප්‍රිය කිරීමට පවා ඉඩ ඇති බව ඔබට අවබෝධ කර ගත යුතුය. නිදසුනක් වශයෙන්, පෙර ඇය ආස කල කෑමක් දැන් පේන්න වත් බැරුව තිබිය හැක.

නමුත් ඇය හිතාමතා එසේ කරන්නේ නැත. හෝමෝන ඉහල පහල යන වන විට, දොලදුක මෙන්ම කෑම අප්‍රිය කිරීම ඇයට සාමාන්‍ය දෙයක් බවට පත්වේ. එබැවින් ඇයගේ ආහාර තේරීම ගැන ගරු කරන්න.

යම් ආහාරයට ගැනීමට ඇය අකමැති නම් ඇය ආහාරයට ගන්න බල නොකළ යුතුය. එය ඇයට වමනය ඇතිවීමට හේතුවෙන්න පුළුවන්. ඇයට යම් ආහාරයක සුවඳ ඉවසිය නොහැකි නම්, සැලකිලිමත් වන්න. එය ගෙදරට ගෙනියන්නවත්, ඇය ඉදිරියේ කන්න වත් එපා.

5. ඇයට ඇහුම්කන් දෙන්න

ඇත්ත වශයෙන්ම, ඔබ මෙය හැමවිටම කළ යුතුයි. එහෙත් හැකි නම්, ඇය ගර්භණී කාලයේ දී විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

හෝමෝන වෙනස් වීම නිසා කාන්තාවක් බොහෝ හැගීම්බර හා සංවේදී විය හැක. එබැවින් ගර්භණී කාලයේ දී ඇයගේ ස්වාමිපුරුෂයාගේ උපකාරය ඇයට ඉතා වැදගත් ය.

සාමාන්‍යයයෙන් හේතුවක් නැතිව ඇය කණගාටු විය හැකිය. "මගේ දරුවා සෞඛ්‍ය සම්පන්නද? ඔහුට කිසියම් ගැටලුවක් තිබේද? මට සාමාන්‍ය දරු උපතක් සිදුවේද? මම හොඳ අම්මා කෙනෙක් වේවිද? "ඇය ඔබෙන් විමසනු ඇත. මේ සියල්ලම සැබෑ කරදරයි.

ඔවුන් නොසලකා හැරීම වෙනුවට  ඔබ ඇයගේ කරදර වලට සංවේදී වි ඇයට අවශ්‍ය සහතික කිරීම් ලබා දිය යුතු වේ.

ඔබට ඇයගේ උද්යෝගය බෙදාගත හැකි අතර දරුවා වෙනුවෙන් එක්ව සාප්පු සවාරි යන්නට පුළුවන්. ඔබට හරි මොහොත සොයා ගත හැකි නම් දරුවාගේ පුංචි පා පහරක් විදින්න පුළුවන්. වෙෙද්‍යවරයා හමුවීමට  එක්ව යන්න. මේ සෑම දෙයක්ම ඔබ සැමවිටම ඇය වෙනුවෙන් සිටින බව ඇයට දැනෙන්න හේතු වේවි.

6. වෙෙද්‍යවරයා හමුවීමට එක්ව යන්න

නැත්නම් අවම වශයෙන් උත්සාහ කරන්න. ඔබ ඔබේ බිරිද සියලුම නිසැකවම නිවැරදි දේ කරනවා. නමුත් ඔබට නොහැකි නම් අඩුම තරමින් වැදගත් ඒවාටවත් සහභාගී වන්න.

ඒවා ගැන කියවා බලන්න. ඔබේ දරුවාගේ හදවතේ ශබ්දය ඇසෙන 20 වන සතියේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකත්  ලොකු එකක් වෙනවා.

වෙෙද්‍යවරයා හමුවීම් වඩා වැඩි නම් ඇය පරීක්ෂණ වලට යනවිට ඇය හා යන්න. ඔබගේ පැමිණීම ඇයගේ චිත්ත ධෛර්යය වැඩි කරවන අතර ඇයට ආදරය සහ උපකාරය දැනෙනු ඇත.

ඔබේ දරුවාගේ ප්‍රගතිය මෙන්ම ඔබේ බිරිඳගේ සෞඛ්‍ය තත්වය ද දැනගැනීමට මෙය ඔබට උපකාර කරයි.

කෙසේවෙතත්, ගර්භණී සමයේදී ස්වාමිපුරුෂයාගේ උපකාරය සුළු දේවල් වලට සීමා නොවේ. ඔබේ බිරිඳගේ සහ දරුවාගේ සෞඛ්‍ය  ගැන ඔබට එක හා සමානව තීරණාත්මකය

7. එක්ව අනාගතය සැලසුම් කරන්න

ඔබේ ගර්භණි බිරිදට දරුවාට නම තේරීමේ සිට පෙරපාසැල් යැවීම සදහා කරන්න බොහෝ  දේවල් තියෙන්න පුළුවන්. ඇය රැකියාවට යන්නේ නම් ඇය නැවත රැකියාවට යන විට දිවා සුරැකුම් හා දරුවන් රැකබලා ගන්නන් ගැන සිතිය යුතු වේ. ඒ නිසා ඇයට මේ සියලු තීරණ ගන්න සහය දෙන්න.

එයට අමතරව ඇයට ගෘහ භාණ්ඩ මාරු කිරීම වැනි භෞතික කාර්යයන් සඳහා ඔබේ උපකාර අවශ්‍ය වනු ඇත. විශ්වාස කරන්න, ඔබ මේ සූදානම් කිරීම්වල කොටසක් විය යුතුයි. කවදා හෝ දවසක ඒවා ඔබ දෙදෙනා සඳහා මහත් මතකයන් ඉතිරි කරනු ඇත. ඒ නිසා එය එක්ව කරන්න.

8. ඇයට ආදරය හා සැනසීම දෙන්න

ගර්භණී සමයේදී ස්වාමිපුරුෂයාගේ සහය ලබා දීම යන්නෙන්  ඔබ ඔබේ බිරිදට ආදරය හා සැනසීම ලබා දීම අදහස් කරනවා. විශේෂ දින වල රාත්‍රී භොජනයකට හෝ චිත්‍රපටයකට ඇයව රැගෙන යන්න.ඇයට ආකර්ෂණයක් දෙන අලුත් ඇදුම් අරගන්න.

ඔබට තවත් බොහෝ දේ ඔබට කළ හැකිය. ඔබට ඇයව රූපලාවන්‍යාගාරයකට රුගෙන යන්න හැකිය. ඇය සාප්පු සාවාරියක් අරන් යන්න මිතුරියන් හා  ඇය කිරීමට කැමති දේවල් කරන්න.

මේ අවස්ථාවේදී ඇයට ඔබව වඩාත්ම අවශ්‍ය වන අතර ඔබ හා ගැවසෙන්න ආසා කරයි. ඒ නිසා එකිනෙකා සමඟ හැකි තරම් කාලයක් ගත කරන්න.

9. දරු උපත සදහා වු සායන සදහා එකට සහභාගී වෙන්න.

ගර්භණීභාවය පිළිබඳ කියවීම හැරෙන්නට, දරු උපත සදහා වු සායන වලට එකට සහභාගී විය හැකිය. මෙම සායන බොහොමයක් ගර්භණී මව සහකරු  සමඟ පැමිණීම අපේක්ෂා කරයි. එම සහකරු  ඔබ බව දැන ගැනීමෙන් ඔබ පුදුම වේවි.

මෙම සායන  ඔබේ බිරිඳට ඇගේ සුවිශේෂී දවස සඳහා සූදානම් වීමට උදව් කරනවා පමණක් නොව, එය සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඉගෙන ගැනීමටද උදව් වේ. දරු උපත මව්වරුන්ට පමණක් නොව, පියවරුන්ටද වෙහෙසකාරී  අත්දැකීමක් වෙනවා . ඔබ දෙදෙනාටම සහය අවශ්‍යයි.

දරු උපත සදහා වු සායන එය හා හරියටම කටයුතු කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඔබට උපකාර කරයි. ඔබ කටයුතු කරන ගමන් ගර්භණී සමයේදී ස්වාමිපුරුෂයාගේ මානසික සහයෝගය පමණක් නොව ශාරීරික සහයෝගයද බොහොම වැදගත්  බව  ඉගෙන ගනු ඇත.

10. එක්ව දරු උපත සැලසුම් කරන්න

ගර්භණී සමයේදී ස්වාමිපුරුෂයාගේ සහය සදහා   බිරිඳට දරු උපත සැලසුම් කිරීමද  ඇතුළත් වේ. ඔබේ දරුවා මේ ලෝකයට පැමිණිය යුතු ආකාරය ගැන සාකච්ඡා කරන්න.

ඔබ දෙදෙනාම එකම අදහස් වලද?ඔබේ බිරිඳට සීසේරියන් සැත්කමක් අවශ්‍ය නම්,  ඔබ ඇයට සහාය වන්නේ  කෙසේද? ඔබේ බිරිඳට මෙම අත්දැකීමට මුහුණ  දීමෙන් (ඇය බබාව පිටතට තල්ලු කරන විට) කතා කිරීමට නොහැකි වනු ඇත. ඒ නිසා ඔබ ඇය වෙනුවෙන් එය කරන්න.

තීරණය හදිසි සීසේරියන්  සැත්කමක්  නම්, එය ඔබ දැනුම්දිය යුතුය . එමනිසා, ඔබට පූර්වයෙන් දරු උපත් සැලැස්ම හුරු පුරුදු විය යුතුය.

11. දරු උපත වේලාවේදී ඇයට සහය දෙන්න.

බොහොමයක් පෞද්ගලික රෝහල්වල ස්වාමිපුරුෂයාට ප්‍රසුතිකා ගාරයේ ඉන්න ඉඩ ලබා දේ. ඔබට එම අවස්ථාව ලැබුනේ නම්,  ඔබ එය ඇය සැහැල්ලු  කිරීමට භාවිතා  කළ යුතුය. ගර්භණී සමයේදී ස්වාමිපුරුෂයාගේ සහාය උපරිමය ලැබෙන්නේ  අවසාන පැය කිහිපය තුළදී ය.

ඇයට ඇයගේ පිට  පිරිමදින්න , ඇගේ අත අල්ලාගෙන ඉන්න, ඇයට ඇදුම් ඇදගන්න උදව් කරන්න, හෝ සමහර විට ඇයට තනිවෙන්න ඉඩ දෙන්න පුළුවන් . ඔව්, ඔබට මේ සියල්ල කළ හැකිය.

මෙය සංවේදී අවස්ථාවක්   වන අතර, මෙම අවස්ථාවේදී ඇයට  ඔබ   අගය කළ නොහැකි වනු ඇත. ඒ නිසා එය පෞද්ගලිකවම ගන්න එපා. මේ මොහොතේදී ඇයට ඇගේ හැඟීම් හෝ ඇගේ සිරුර පාලනය කිරීමට නොහැකි බව දැන ගන්න. එබැවින් හැකි උපරිමයෙන්  සහය දෙන්න  උත්සාහ කරන්න.

ඔබේ දරුවා පිටතට පැමිණි  පසු ඇය  වඩා සැහැල්ලු වනු ඇත. ඇයට අවකාශය හා කාලය දෙන්න. එහෙත්, ඇය ඔබව  අවශ්‍ය  නම්, ඇය ලගින්ම රැඳී සිටින්න.

ගර්භණී සමයේදී හා ඉන්පසු  ස්වාමිපුරුෂයාගේ සහය ඉතා තීරණාත්මක වේ. එය ධනාත්මකව  ඔබේ දරුවාටද බලපානු ඇත. ඔබ  ඔහුගේ  මවට ලබාදෙන ආදරය දරුවාටද දැනෙනවා. ඒ වගේම එය  ඔබේ බැඳීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත. එබැවින් එය ජයග්‍රාහී  අවස්ථාවකි.

ඔබ කළ යුත්තේ මෙම සුන්දර වු  ගමන ඔබ ගමන් කරන විට ඔබගේ බිරිඳට සහයෝගය සහ ආදරය දෙන්න මතක තබා ගන්න.

තාත්තා කෙනෙක් වෙන්න පෙරුම්පුරන ඔබට මේ ආදරණීය මග පෙන්වීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී