"මා ජිවත් වන්නේ මගේ ස්වාමියාගේ ඥාතීන් සමඟ. දැන් නම් මට එපා වෙලා!"

lead image

"ලොකුම විහිලුව වන්නේ නිවසේ කාන්තාවන් අතර ඇති පලකට නැති තරඟයයි. මම අලුත් ඇඳුම් කැල්ලක් ඇන්දොත්, ඊළඟ දින මගේ අනෙක් නෑනාද සාප්පු යනවා."

මම ඉන්දියාවේ ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්. පවුල් වල නැන්දල මාමල, සොයුරු සොයුරියන්, ඥාතීන් සැවොම බොහෝ විට එක වහලක් ජිවිත් වීම අප සම්ප්‍රදායේ සාමාන්‍ය දෙයක් වුනා. මේ නිසා මට මංගල යෝජනාවකින් හඳුන්වා දුන් ඔහුත් වීශාල ව්‍යාපාරික පවුලකින් වීමවත් ඔවුන්ගේ ඥාතීන් සියලු දෙනා එක වහලක් යට ජිවත් වීමවත් මට ප්‍රශ්නයක් වූයේ නැහැ. අපගේ පවුල මෙන්ම දඟකාර මෙන්ම විනෝදජනක විශාල පවුලකට එකතු වන්නට මම ඇත්තෙන්ම හිටියේ අසාවෙන්.

මගේ ඥාති සොයුරන් අතරින් මම වැඩිමලා වූ නිසා මා බොහෝ විට ඔවුන්ගේ අම්මා ලෙස ක්‍රියා කලේ නිතැතින්. මේ ගතිය නිසා ඔවුන් මා වෙත නිරායාසයෙන්ම ඇදී ආවේ තාර අම්මා පසුපස හඹා යන තාර පැටවුන් රංචුවක් වගෙයි. මාගේ ඒ මාතෘක ගැටී ලක්ෂණ තුළින් ඔහුගේ පවුලේ අයගේ සිත් මා වෙත ඇද බැඳ ගත් හැකි බවට මට තිබුනේ ලොකු ආත්ම විශ්වාසයක්.

අපි මංගල යෝජනාවකින් හමු වූ නිසා විවාහයට පෙර ලොකු මිතුදමක් ගොඩනගාගන්න අපට හැකි වුනේ නැහැ. අපගේ වැඩිහිටියන් සැලසුම් කල පරිදි ඔහු කිහිප විටක් අප නිවසට මා හමුවීමට ආවේ බොහොම ආචාරශීලි ලෙස. වැඩිහිටියන් හමුවේ කතා බහ කල මට ඔහුගේ පවුලේ හා ඥාතීන්ගේ විකේන්ද්‍රිකතා දැනගන්නවා තබා ඔහු ගැන වත් හිතේ හැටියට විස්තර කතා කරන්නට අවකාශ ලැබුනේ නැහැ.

ඉතින් ඔහු හා අතිනත ගෙන ඔහුගේ නිවසට ගිය මා හට මුලදී නම් ජීවිතය මල් යහනාවක් මෙන් වූවා යැයි කිවොත් වැරදි නැහැ.  ඔහුගේ දෙමාපියන්, සොයුරන් තිදෙනා හා ඔවුන්ගේ දරු පවුල්, ඔහුගේ අවිවාහක සොයුරිය, අපි හැමෝම එක වහලක් යට ජිවත් වුනේ එකම කුස්සියක් පාවිච්චි කරමින්. ඇත්තෙන්ම කියනවා නම් මට කිසි විටෙකත් පාළුවක් කාන්සියක් නම් දැනුනේ නැහැ.

කෙමෙන් වෙනස් වූ පවුලේ ආදරය

මගේ විවාහයේ අලුත් බව කෙමෙන් මැකී යත්ම, පිටින් තිබෙන ඔපය ඇතුලාන්තයේ නැති බව මට කෙමෙන් වැටහෙන්නට ගත්තා. මගේ ස්වාමියා ටවුමේ රන් ආභරණ  ව්‍යාපාරය කලේ ඔහුගේ පියා හා සොහොයුරන් සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස.  සැම මාසෙකටම සැරයක් ඔවුන් ව්‍යාපාරය නිසි ලෙස ලාභ නොලබන විට ඒ ගැන එකිනෙකාට චෝදනා කළා. සඳු සරුවල් වුනා. මෙහි අතුරුපලයක් ලෙස නිවසේ කාන්තාවන් දින ගණන් යන තුරු එකිනෙකා සමඟ කතා බහ කලේ නැහැ. එසේත් නැතිනම් එකිනෙකාගේ අති පුද්ගලික දේවල් අල්ලාගෙන නින්දා අපහාස කරන්නට පටන් ගත්තා.

මට තේරුම් ගියේ තම ස්වාමියන් ව්‍යාපාර ලාභ අලාභ වෙනුවෙන් කුලල් කාගන්නා විට ඔවුන්ගේ බිරින්දෑවරුන් එම අප්‍රසන්නතාවය මුලුතන්ගේයටත් දරුවන් අතරටන් රැගෙන එන්නට පටන් ගත්තා.

කබලෙන් ලිපට වැටීම

දැන් අවුරුදු හතරක්  පුරා මා මේ ලෙස හැමෝමත් එක්ක එක ගෙයි ජිවත් වන අතර තත්වය දිනෙන් දින තව තවත් නරක අතට හැදෙනවා මිසක සුභදායි ප්‍රතිපලයක සේයාවක්වත් නැහැ. මා ගුරු වෘත්තියේ නියැලෙන අතර මගේ නෑනලා දෙදෙනා ගෘහණියන්. මා නිවසට ආ පසු මේ දෙදෙනා මට නොදැනෙන සේ අවලාද නැගුවේ ඔවුන් දාසියන් මෙන් වැඩ කරන නිසා මට නිවෙසට විත් සුවපහසුවෙන් සිටිය හැකි බවයි.

මගේ නැන්දම්මාත් තත්වය හොඳ අතට හැරෙන විධියට ක්‍රියා කලේ නැහැ. මගේ දෙහැවිරිදි දරුවාට මම කුමන දෙයක් මිලදී ගත්තත් ඇය ඒ සෑම විටකම පෙරලා කිවේ නිවසේ තවත් දරුවන් සිටින බවයි. හැම දරුවෙකුටම එක ලෙස සැලකිය යුතු බවට මා එකඟ වන අතර, මා එකඟ නොවන්නේ දත් බුරුසුවක් වැනි සුළු දෙයක් පවා මගේ දරුවාගේ අවශ්‍යතාවය වෙනුවෙන් මිල දී ගතහොත් අනෙක් දරුවන්ට අනවශ්‍ය වුවත් මා එය ගත යුතු බවට යන්නයි.

මේ හා තවත් ප්‍රයෝගික ප්‍රශ්න ගොඩයි. ව්‍යාපාරයෙන් සාධාරණ කොටසක් මගේ ස්වාමියාට ලැබුනත්, අප දෙදෙනාට හෝ තිදෙනාට පමණක් චිත්‍රපටියක් බැලීමටවත්, කෑමකට එළියට යාමටවත් පුළුවන් කමක් නැහැ. පවුලේ සියල්ලන් මේ දේවල් එකට කල යුතු බවට තිබෙන ආකල්පය මෙයට හේතුවයි.  ඉතින් මෙවැනි පිරිසකට එකවර එවන් වියදමක් දැරීමට අපට පුළුවන් කමක් නැහැ. ඔහුගේ පියා අපට පවසන්නේ හැමෝවම බැරිනම් අඩුම තරමින් දරුවන් සියලු දෙනවා වත් එලියට ගෙන යන ලෙසයි.

පුස්සක් වන් තරඟය

ලොකුම විහිලුව වන්නේ නිවසේ කාන්තාවන් අතර ඇති පලකට නැති තරඟයයි. මම අලුත් ඇඳුම් කැල්ලක් ඇන්දොත්, ඊළඟ දින මගේ අනෙක් නෑනාද සාප්පු යනවා. මගේ ස්වාමියා මට පුංචි හෝ ආභරණයක් අරන් දුන්නොත්, ඔහුගේ පියා ඇනුම් පද පවසන්නේ ව්‍යාපාරය පාඩු ලබන වෙලාවක මගේ ස්වාමියා අනවශ්‍ය වියදම් කර මුදල් නාස්ති කරන බවයි.

ඒ විතරක්යැ, මගේ ලාබාලම නෑනා ඇයට කැමති ඕනෑම තැනක් පාඩම් කිරීමට තෝරාගන්නවා. අපටම කියා කාමරයක් තිබුනත් ඈ අපේ කාමරයේ රෑ එලි වෙනකල් පාඩම් කරන්නේ අප දෙදෙනාව අසීරුතාවයට පත් කරමින්.

හවුලේ පවුල් කෑම කල හැක්කේ හැමෝටම තේරුම් ගැනීමේ හැකියාවක් ඇතිනම් පමණක් බවත් මේ තත්වය සුදුසු නැති බවත් මගේ සැමියාට තේරුම් කර දීමට මම ගොඩක් උත්සාහ ගන්නවා. නමුහ් පවුලේ වැඩිමලා ලෙස පවුලේ සැමගේ අසාවන් ඉටු කිරීම ඔහු වගකීමක් සේ සලකනවා.

මා කුඩා කල සිට හැදී වැදුණු මගේම පවුලේ මා අත්දුටු පරිදි මෙම පවුලේ හැමෝම එකා වගේ එකිනේකාට අත දෙනවා කියා මට මොහොතක්වත් දැනී නැහැ. දැනී ඇත්තේ මෙය එක්කෙනාට එක්කෙනා කැපී පෙනෙන්නර වෙර දරන සෙයකි.

එකඟ වුවත් ක්‍රියාවක් නැති තත්වයක්

ජීවිතය සතුටින් ගත කළ යුත්තක් බව මා තරයේ  විශ්වාස කරන දෙයක්. යම් තැනක එකිනෙකාගෙන් සතුටක් හෝ දියුණුවක් නැති නම්,  නිතර ඇති වන්නේ කනස්සල්ලක් පමණක් නම් කෙතරම් එකට සිටියද ඒ සබඳතා වලින් පලක් නැති බව මගේ විශ්වාසයයි.

අපේම කැදැල්ලකට ගොස් අපගේ පාඩුවේ ජිවත් වෙමු කියා මගේ ස්වාමියාට මා නිතර ඇවිටිලි කලත් ඉන් පවුලේ අය සිත් තැවුලට පත් වේයැයි ඔහු ඉන්නේ දෙගිඩියාවෙන්.

ඔහුගේ ලොකුම බිය වන්නේ ව්‍යාපාරයේ ඔහුටම කියා ස්වාධීනත්වයක් නැති බැවින්, මෙවන් තීරණයකදී ඔහු නෙරපා හරී යයි කියාය.

මගේ මේ අලුත් පවුල මා කුඩා කල සිට අත්දුටු පවුලට වඩා හාත්පසින්ම වෙනස්. දුකේදී සැපේදී එකට ඉන්නාවූ සාමුහික හැඟීමක් විනා මට හිතෙන්නේ දිනපතා එකිනෙකා සමඟ සැසඳීමක යෙදී තරඟපිටියක මා ජිවත් සෙයකි.

වෘත්තීය මවක් වීමේ අභියෝග

දියණියන් දෙදෙනෙකුගේ වෘත්තියක නියැලෙන මවක් ලෙස මවකගේ යුතුකම් පැහැර හරින මවක් ලෙස මා නිතරම කොන් වනවා, අවලාද ලබනවා. මට මගේ ස්වාමියා හා දරුවන් සමඟ එළියට ගොස් කල් ගත කිරීමට සිතුනහොත් ඒ මම යුතුකම් පැහැර හැරීමේ අඩුව පුරවන්නට යුදා ගත් උපක්‍රමයක් සේ හංවඩු ගැහෙනවා.

මා මගේ ස්වාමියට තෑග්ගක් අරන් දෙන්නේ නම් හෝ ඔහු මට යමක් අරන් දෙන්නේ නම්, එහි වියදම පවුලේ අය අතර බෙදාගත යුතු වනවා. අපි අඳින පළඳින, කන බොන දෑ පමණක් නොව එකිනෙකා සමඟ ගත කරන කාලය පවා අපට තීරණය කරගන්නට බැරි වීම මට දරාගන්නට බැහැ.

නිදි මරමින් සතිය පුරා රැකියාව කර සතිඅන්තයේ ටිකක් වැඩිපුර නිදා ගන්නට  මා අසාවෙන් බලා හිටියත්, මගේ නැන්දම්මා පාන්දරම කාමරයේ දොරට තඩිබාන්නේ මගේ නෑනාවරුන් කුස්සියේ තනිව මහන්සි වනවා යයි කියමින්.

ඇත්තෙන්ම මම දැන් හැමෝගෙම සතුට ගැන  හිතලා හෙම්බත් වෙලා ඉන්නේ. වැඩ ඇරී ගෙදර විත් පාවහන් ගලවා දමා, පුටුවක දිගා, සතුටින් රස තේ කහට එකක් සිත් සේ රස විඳීම මම පතාගෙන ඉන්නා සුන්දරම සිහිනයක්. නමුත් මා ගෙදර ආ විගස ඇඳුම් මාරු කර කුස්සියට කඩිනම් කල යුත්තේ උදේ සිට කන්තෝරුවේ සිටිමින් කුස්සියේ වැඩ නොකළ අඩුව මා පියවිය යුතු නිසා.

පවුලේ ඥාතීන් සමඟ එක වහලක් යට ජිවත් වීමේ අරමුණ කෙනෙක්ම මානසිකව හා ශාරීරිකව තලා පෙලා දැමීම නම් එම ජිවිතයේ ඇදගෙන යා යුත්තේ කා වෙනුවෙන්ද? මේ නිසා තමයි මා හිතන්නේ ඇතැම් ගතානුගතික සම්ප්‍රදායන් හුදු වචන වලට හා නමට පමණක්  සිමා වුවන් නිසා මේවායින් කිසි කෙනෙකුට අත්වන ඵලදායි ප්‍රතිපලයක් නැහැ.

මගේ ස්වාමියට මේ බව තේරුම් කිරීමට අදටත් මා උත්සාහ ගනිමින් සිටියත් ඊට කලින් මා මේ ඥාතීන් පිරිසට මෙය සාමකාමිව තේරුම් ගැනීමට අවකාශ සැලසිය යුතු වීම අභියෝගයක්.

(මෙය සත්‍ය සිදුවීමක් වන අතර නම් ගම් මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න.)  

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා