සාරංග උමාලි පෙම් කතාවේ නිමාව

lead image

සාරංග හා උමාලිගේ විවාහය වසර දෙකක් යන්නටත් මත්තෙන් දෙකඩ වේ. අපගේ දරුවන්ට පටු ආකල්ප වලින්අ මිදී, විවාහයේ සැබෑ අරුත අවබෝධ කර දිය හැක්කේ මෙසේයි.

මිට වසර දෙකකට ඉහතදී අපි කවුරුත් ආදරේ කරන සාරංග සහ උමාලි නව පරපුරේ ආදරණිය යොවුන් කලාකරුවන් දෙදෙනා අති උත්කර්ෂවත් අන්දමින් සැමරුණු ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවය තුළ යුග දිවිය ඇරඹුවා. මෙම මනස්කාන්ත මංගල උත්සවය අපි කාගේත් සිත් වල රැඳුනේ ඔවුන් දෙදෙනාම කුසලතා වලින් පිරිපුන්, දැකුම්කළු යුවලක් නිසා පමණක් නොව, ඔවුන්ගේ මංගලෝත්සවයද ඇති උත්කර්ෂවත්, නොදුටු විරූ ඝනයේ එකක් වූ නිසයි.

මේ සියල්ල හුදෙක් සංදර්ශනයක් පමණක්ම කරමින් දැන් කනින් කොනින් අසන්නට ලැබෙන්නේ එම විවාහය අභාවයට යන බවයි. අද දෙරණ වෙබ් ගොසිප් අඩවියේ පළ වුනු මේ පුවතින් මෙතරම් කෙටි කලකින් දෙකඩ වන මෙම විවාහය ගැන හදවතට දැනුනේ කනස්සල්ල මුසු වූ දුකක්.

මේ අපගේ වර්තමාන පරපුරයි. මේ ගැන ඔබ වෙත අදහසක් ලිපියකට නගන්නට සිතුවේ අපගේ දු දරුවන් නොහොත් අපගේ අනාගත පරපුර වෙත විවාහයේ සැබෑ අරුත අවබෝධ කර දීම අපගේ පරම යුතුකමක් වන නිසාත් අනාගතයේ දෙකඩ වූ පවුල්, මවුපිය සෙනෙහස නොමැතිව වැඩෙන දරුවන් අල්ප කිරීමට දෙමාපිය අපට දායක විය හැකි නිසාත්ය.  

විවාහය කියන්නේ මනුෂ්‍ය සත්වයාට පමණක් පොදු ඉතා විශේෂ මෙන්ම උතුම් බැඳීමක්. අප්‍රාණික දෙයක් හා බැඳෙන අපට ඕනෑම වෙලාවක එය වෙනස් කිරීමට, මාරු කිරීමට හෝ විකුණා දැමීමට පුළුවන්. නමුත් තවත් මනුෂ්‍යයකු හා බැඳීම ඊට හාත්පසින්ම වෙනස්. විවාහ වූ පමණින් තම සහකරු තේරුම් ගැනීමට හැකි වේයැයි යමෙක් සිතනවා නම් එය අතිශයෝක්තියක්. ජිවත් වන තුරාවට තවත් මනුෂ්‍යයෙක් සියයට සියයක් තේරුම් ගැනීම කිසි සේත්ම කල නොහැකියි. නමුත් සහකරුවන්ගේ සිත් තුල ගොඩ නගාගත් වැරදි ආකල්ප නිසා තමයි බොහෝ විවාහයන් අකලට දෙදරා යන්නේ. ඉතින් මෙවැනි ආකල්ප කිහිපයක් හා ඒවා නිවැරදි කරගන්නා ක්‍රම කිහිපයක් ගැන මේ ලිපියෙන් ඕබ වෙත ගෙන එන්නේ වැඩිහිටි අපට මේවා තේරුම් ගැනීමටත්, අපගේ වැඩිමහල් වන දරුවන්ට මේ දේවල් කල්තියා වටහා දීමටත්ය.

විවාහයන් කලින්ම දෙදරා යාමට තුඩු දෙන වැරදි ආකල්ප කිහිපයක් හා ඒවා නිවැරදි කිරීමට පිළියම්

1. අපේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නැහැ.

යුග දිවියට පා තබන දෙදෙනෙකුගේ සුන්දරත්වය වන්නේ දෙදෙනාගේ වෙනසයි. නමුත් මෙය තේරුම් ගන්නට බොහොමයක් දෙනාට හැකි වන්නේ නැහැ. ඉතින් යුග දිවිය එළඹුණු මොහොතේ පටන් එකිනෙකාගේ වෙනස් කම් තේරුම් ගන්නට උත්සාහ කරනවා වෙනුවට සිදු වන්නේ එකිනෙකා වෙනස් කිරීමට උත්සාහ ගැනීමයි. මෙම පීඩනය නිසා බොහෝ විවාහයන් තම විවාහ චායාරුප මුද්‍රණය වීමටත් මත්තෙන් බිඳ වැටෙනවා. අන්‍යොන්‍ය වෙනස අවබෝධ කරගෙන එම වෙනස අගය කරන්නට යොමු වන්නට අපේ දරුවන්ව හැඩ ගැස්වීම යෝග්‍යයි.  

2. විවාහය කියන්නේ දෙදෙනාගේ 50 – 50 කැප කිරීමක්

බොහෝ තරුණ තරුණියන් විවාහ දිවියට යොමු වන්නේ ව්‍යාපාරික ගිවිසුමකට එළඹෙන අකාරයෙන්. විවාහ වන්නටත් ප්‍රථමයෙන් තමන්ගේ දින චරියා වල වෙනස් කම් නොකරන බවට ස්ථිර නිගමන වල යෙදී සිටින අයුරු ගැන අනෙකුන් හා පුරසාරම් බස් දොඩවනවා. දරුවන්ට අවබෝධ කර දිය යුත්තේ විවාහය ව්‍යාපාරයක් නොවන බවත්, එය ප්‍රේමය මත පදනම් වූවක් බවත්ය. තවද 100% ක කැප කිරීමක් මෙම උතුම් කර්තවයට යොදන්නට සුදානමින් විවාහ දිවියට ඇතුල් වීමෙන් එය බලාපොරොත්තු පෙරදැරි වුවකට වඩා බෙදා හදා ගැනීම හා ආදරය මත පදනම් වූ සාර්ථක සම්මුතියක් බවට පත් වනවා.

3. සතුටක් නැති විවාහයෙන් වැඩක් නැහැ

සතුට යනු ඉබේ ලැබෙන දෙයක් නොවන බව බොහෝ දු දරුවන් නොදන්නා කරුණක්. අප දරුවන්ව කියා දිය යුත්තේ සතුට වෙන කෙනක් මත නොරැඳවිය යුතු බවයි. විවාහ දිවියට හදවතේ සතුට ඇති කරවන්නට හැකියාව ලබා දීමෙන් එය එන තෙක් බලා නොහින්දීමට දරුවන් හුරු වනවා.

4. දැන් දරුවන් ඉන්න නිසා මටම කියල ජීවිතයක් නැහැ

විවාහය තුල, මව් පිය පදවි තුල අප අප වෙනුවෙන් කාලය යොදවා අපව සතුටු කරවන දෑ කිරීමෙන් අප දරුවන් පවා මාපිය පදවිය දකින්නේ සොඳුරු දෙයක් හැටියට. නමුත් අද කාලයේ බොහෝ මාපිය වරුන් ඉන්නේ මැසිවිලි කියා ගත්තු ගමන්. මෙයින් අප කරන්නේ දරුවන්ටත් විවාහ දිවිය්ස් එපා කරවන එක.

5. ඔහු තමා හම්බ කරලා දෙන්න ඕනෙ. ඇය තමා ගෙදර වැඩපල සේරම කරන්න ඕනෙ.

මුල් පැන ගිය යල් පැන ගිය අදහස් වලින් හිස පුරවාගත් පසු යථාර්තවාදීව හා සුහදව නිවසේ වැඩ, වියදම් යනාදිය බෙදා හදාගෙන කිරීමට බාදා ඇති වනවා. මෙවන් හණමිටි අදහස් වලින් මිදී දෙදෙනා එකමුතු කමින් ජිවිතයේ ඉදිරියට යාමෙන් දෙදෙනා අතර තරඟයක් නැතිව එකමුතු කමින් සාර්ථක විවාහයකට මුලා පුරන්නට හැකි වනවා.

දෙදරා යන බොහෝ විවාහ වල මුල් හේතු සොයා යාමේදී මෙවන් නිෂ්ඵල ආකල්ප හේතුකොට ගෙන  බොහෝ විරසක වීම්  ආරම්භ වන බවත්, එක්කෝ මේවා ලොවට නොපෙන්වා තනිව විඳ දරා ගැනීමෙන් දෙකඩ වන අතර එසේ නොමැති නම් මේවා සමතයකට පත් කිරීමට භාහිර උදව් බලාපොරොත්තු වීමේදී දෙදෙනාට එක් වීමට වඩා අනුබල ලැබෙන්නේ වෙන් වීමට බැවින් සුළු හේතුන් මත විවාහයන් දෙදරා යන බව අතිශයෝක්තියක්.

සාරංග, උමාලි දෙදෙනාටම ඉතා සුභ අනාගතයක් පතන අතර අපගේ දරුවන් හා ඉදිරි පරපුර අදට වඩා ශක්තිමත් පදනමක් මත තම විවාහ ජිවිත ගොඩනගා ගන්නට අවශ්‍ය මං පාදා දෙමු.