සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

lead image

සාර්ථක දෙමාපියන් වීමට ඔබටත් රහස් තිබෙනවද?

ඔබේ දරුවා ඉගෙනීමට අදක්ෂ වන විටත්, ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරන විටත් ඔබට කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් අපිට උවමනා ලෙස දරුවන් හැඩ නොගැසීම ගැන ඔබ ආයෙත් සිතා ඇති. එසේ දරුවන්ගේ හැසිරීම් දක්ෂතා වෙනස් වන්නේ ඇයි?

 දරුවෙකු හදාවඩා ගන්න විට හැම අතම සිතිය යුතු වුවත් දරුවන්ගේ හැදියාවට අවසානයේ දෙමාපියන්ගෙන් ලොකු බලපෑමක් තිබෙනවා.

1. ඔබ දරුවා තුළ කිසිදු වැරද්දක් නැති බව විශ්වාස කරන්න

හුඟක් වෙලාවට දෙමාපියන් දරුවන් සමහර ක්‍රියාවන් නිසා ඔවුන්ගේ ගති ලක්ෂණ තීරණය කරනවා. දිගින් දිගටම දරුවන් එකම ආකාරයෙන් හැසිරෙනවා නම්  “එයා කම්මැලියි” කියලා කියන්න ගන්නවා.

නමුත් අපි දරුවන්ට ලේබල් ගැසීම තුළින් තවදුරටත් ඔවුන් ඒ ලේබලයේ ආකාරයට හැසිරෙනවා. නමුත් යථාර්තවාදීව සිතන දෙමාපියන් දරුවා කඩිසර උද්යෝගිමත් දරුවෙකු ලෙස නිතර සිතනවා. නරක හැසිරීම් හුඟක් වෙලාවට දරුවන් කරන්නේ තමන්ට උවමනා දේවල් කරගන්නයි. දරුවන්ව පිළිගැනීම හා ඔහුට කාලය පැවරීම තුළින් ඔවුන්ගේ හැසිරීම වෙනස් කරන්න දෙමාපියන්ට පුළුවන්.

2. දරුවා ඔබට වඩා වෙනස් බව තේරුම් ගන්න

ඔබත් දරුවාත් ලෝකය දකින ආකාරය දෙයාකාරයි. ඔබේ දරුවාට ඔබ දෙන අවවාද ඉතා කරදරයක් සේ දැනෙන්න පුළුවන්. ඔබ දරුවා ගැන සැලකිලිමත් වන ආකාරය අනුව ඔහුගේ ජීවිතය අසාධාරණ ලෙස පාලනය කරනවා යැයි සිතන්න පුළුවන්.

3. දරුවාගේ ලෝකයට ගෞරව කරන්න

අපි දරුවෙකුව අපේ මතයට අනුව හැඩ ගස්වනවාට වඩා ඔහු ජීවත්වන ලෝකය හඳුනා ගැනීම වැදගත්. හුඟක් වෙලාවට දරුවන් අප හිතන පතන ආකාරයට වඩා ආචාර ධර්ම වලට අභියෝග කරනවා දකින්නට ලැබෙනවා. ඔබේ දරුවා ඔබට ඇහුම්කන් දෙන දරුවෙකු වනවා දකින්නට කැමති නම් පළමුවෙන්ම ඔවුන් තුළ ඔබ ගැන විශ්වාසයක් ඇති කිරීම වැදගත්. කතා කරන විට “ඔව් ඇත්ත තමයි” “ මට තේරෙනවා” වගේ අදහස් වලින් ඔවුන්ගේ අදහස් වලට ඔබ ගරු කරන බව ඇහුම්කන් දෙන බව ඔවුන් වටහා ගන්නවා.

4. දරුවන්ගේ ආකල්ප හා හැසිරීම් නැවත හැදීමට නම්

දරුවන්ගේ ආකල්පය හා හැසිරීම හරි ආකාරයට හැදීමට නම් ඔවුන් ඊට බලෙන් තල්ලු නොකළ යුතුයි. ඔබේ දරුවා ලෝකය ගැන දකින ආකාරය හා ඔහුගේ හඬට ඉතා උවමනාවෙන් ඇහුම්කන් දීම තුළින් වගේම ඔබ අදහස් දැක්වීම තුළිනුත් ඔබට ඔවුන් ගෞරව කරනවා. උදාහරණයක් ලෙස දරුවෙකු විසින් ඉගෙනීමෙන් කිසි ඵලකට නැති බව කියපු විට “ ඔව් ඔයා කියන එක ඇත්ත. අපි ඉගෙන ගන්න හේතුව නොදැන එය කළොත් එය වැඩකට නැති දෙයක් තමයි.  නමුත් ඒ වගේම ගෞරවය ආදරය දිනාගන්න ඉහළ තැනකට යන්න නම් අපිට ඉගෙන ගන්න වෙන බව ඔහුට කියා දෙන්න. ඉන් ක්‍රමානුකූලව ඔහුගේ දැක්ම ගොඩනගන්න පුළුවන්. 

5. වෙනස්කර ගන්න නම් වෙනස් වෙන්න

හුඟක් වෙලාවට දෙමාපියන් වෙනස් වෙන්න කැමති නැහැ. සුදානම් නැහැ. දරුවන් තමන්ගේ නරක ගති නතර කරගත්තත් ආපහු ටික කාලයකින් පුරුදු තත්වයට පත්වෙන්නේ ඒ නිසයි. මොකද දෙමාපියන් පමණක් දරුවන්ගේ වෙනස්වීම් අපේක්ෂා කරන නිසා.

නමුත් සාර්ථක දෙමාපියන් තමන් තුළින් විශාල බලපෑමක් දරුවන්ට ඇතිවෙන බව විශ්වාස කරනවා.  ඒ නිසා දරුවන්ගේ නරක හා ඍණාත්මක හැසිරීම් වල වගකීම ඔවුන්ට ගන්න වෙනවා. ඔබේ තද ගති වෙනස් කරන්න බලන්න. සාර්ථකත්වය කරා යන්න උනන්දු කරවන්න. ඔහුට ගරු කරන්න. ඔබේ දරුවන්ට ගෞරවය ලැබෙන විට ඔහු තුළ හොඳ ආත්ම විශ්වාසයක් ලැබෙනවා. ඒ තුළින් ඔවුන් ජීවිතයේ වගකීම් ගන්නවා.

6. ඔබේ විධික්‍රම වෙනස් කරන්න

ඔබේ දරුවාට ඉගෙනීමේ කටයුතු කරන්න ඔබ හුඟක් උනන්දු කරවන්න. ඒත් ඒ නිසා ඔබේ ක්‍රියා පිළිවෙතත් සාර්ථක නැතැයි සිතා පසුගාමී වෙන්න එපා. නමුත් නිතර කන්කෙඳිරි ගෑම හොඳ දෙයක් සේ සිතන්න එපා. සාර්ථක දෙමාපියන් දන්නවා පරාජය ජයග්‍රහණයට යන මාවතක බව. ඒ නිසා ඔබේ ක්‍රමය වෙනස් කර බලන්න. ඔහු නිරායාසයෙන්ම සාර්ථකත්වය කරා යනවා.

7. ඔබේ දරුවා සමග නම්‍යශීලි වෙන්න

හුඟක් දෙමාපියන් දරුවන් සමග අනුගමනය කරන්නේ ක්‍රම 2 ක් පමණයි. එකක් ඉතා හොඳට කතා කිරීම හෝ අනික තර්ජනාත්මකව කතා කිරීම. නමුත් මේ දෙකෙන් එකක්වත් සාර්ථක නොවන විට ඔවුන් කුමක් කරන්න දැයි දන්නේ නැහැ. නමුත් සාර්ථක දෙමාපියන් අවස්ථාව අනුව ක්‍රියාත්මක වෙනවා. ඔබ නම්‍යශීලි නොවන විට දරුවන් ඉතා ආක්‍රමණශීලිව කලහකාරී ලෙස හැසිරෙනවා. එය දරුවන් හොඳින් වටහා ගන්නවා.

8. තමන්ගේ විශ්වාසයන් මත වලින් සිටින්න එපා

දරුවන් ඉක්මනින් සීමාවන් දමනවා. “මට කම්මැලියි” මට ඒක කරන්න බැහැ” ආදී වශයෙන් ඔවුන් කියනවා. ඔවුන්ට බලපාන වෙනත් හේතූන් ඔවුන් පරාජය වන්නට හේතු වෙතැයි සිතනවා වන්නට පුළුවන්. ඔබේ දරුවා ගණිතය අමාරු බව කියන විට ඔබ “නැහැ. එය ලේසියි” යැයි කියන්න පුළුවන්. එවිට ඔහු තුළ ඔහු ගැන චකිතයක් ඒ වගේම ඔහුට සරල දෙයක් කර ගැනීමට නොහැකිය යන අදහස වෙන්න පුළුවන්. ඔවුන්ගේ විශ්වසය ගොඩනැගෙන්නේ අතීතයේ අත්දැකීම් එක්කයි. එය වැදගත් නැති බව වටහා දීම තුළින් ඔවුන් එය විඳගන්නවා. ඔවුන්ගේ ඍණාත්මක චින්තනය වෙනස් වෙනවා.

9. සිහින දකින්න උනන්දු කරවන්න

සාර්ථක දෙමාපියන් දරුවන්ට ලොකු සිහින මවන්න ඉඩ දෙනවා. ඔවුන් කොතරම් අනුවණ ආකාරයට සිතුවත් එය එසේ වෙනවා. ඔවුන්ගේ සිහින වයස අනුව වෙනස් වුනත් ඒවා ජීවිතය තුළ පවතිනවා. සමහර අය ඔවුන්ට උවමනා දේ යොදාගන්නවා වෙන්න පුළුවන්. ඊට හේතුව ඔවුන්ට සිහින මවන්නට නිදහස අහිමි වීමයි. ඒ නිසා දරුවන්ට සිහින මවන්න ඉඩ හරින්න. ඉන් ඔවුන් ඔවුන්ට හිමි මග තෝරා ගන්නවා.

10. ප්‍රශ්නය සමග ඔවුන් වෙනස් වන්න උත්තරය නොකියා ඉන්න

දරුවන්ට යමක් කිරීමට පෙර කළයුතු ආකාරය පැහැදිළි කිරීම තුළින් ඔබ මුලින්ම බාධක දමනවා. ඊට වඩා වැදගත් වන්නේ ඔවුන් තුලින්ම ඊට පිළියම් මතුවීමයි. ඊට නිවැරදි ප්‍රශ්නය ඇසීම අපි කළයුතු වෙනවා. “ ඔයා මොකද හිතන්නේ?”  මෙහෙම කළොත් මොනවා වේවිද? නැත්නම් මොකද අපි කරන්නේ? මේ වගේ ප්‍රශ්න වලින් ඔහු නැවත සිතන්න හුරු වෙනවා වගේම ඔවුන්ටත් ඊට වෙලාවක් වගකීමක් ලැබෙන බව හැඟවෙනවා.     

දරුවන් ආදරයෙන් බලාගන්න උපායශීලි වන්නට වෙනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ