theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැපට, සනීපෙට හිස සේදීම රස විඳින මේ පැටියාව හැකිනම් හිනා නොවී බලන්න

3 අවම කියවීම
සැපට, සනීපෙට හිස සේදීම රස විඳින මේ පැටියාව හැකිනම් හිනා නොවී බලන්නසැපට, සනීපෙට හිස සේදීම රස විඳින මේ පැටියාව හැකිනම් හිනා නොවී බලන්න

මේ අලුත උපන් බිලිඳාගේ හිස සෝදන වීඩියෝව නැවත නැවතත් බලන්න පුළුවන් නේද?

දින කිහිපයක් පමණක් වයසැති මේ චුටියා වතුර නා ෂැම්පු ගෑම රස විඳින අපුරුව ඇයගේ විසි හැවිරිදි තාත්තා මහත් ආඩම්බරයෙන් රුගත කලේ පැටියාගේ මවට එය පෙන්වීම සඳහායි.  මෙම වීඩියෝව එක් රැයකින් මෙතරම් ප්‍රචලිත වුයේ මේ පැටියාගේ ප්‍රතිචාරය එතරම්ම රසවත් බැවිනි.

සැපට, සනීපෙට හිස සේදීම රස විඳින මේ පැටියාව හැකිනම් හිනා නොවී බලන්න

ටවියොන් ග්ලෙන්  (Taveon Glenn) ඔහුගේ අලුත උපන් දියණියගේ මුල්ම හිස සේදීම ෆේස්බුක් වීඩියෝවකින් මුදා හැරියේ තම මව ඇතුළු පවුලේ අයත්, මිතුරන් සමගත් එය බෙදා ගැනීමේ අරමුණින් පමණයි. ඒ පුංචි අමීරා සෑම තත්පරයකම හිස සේදීමේ සතුට, සනීපය විඳගන්න ආකාරය සැබවින්ම මනස්කාන්ත යැයි ඔහු සිතු නිසා.

20 හැවිරිදි ටවියොන් ග්ලෙන් Dayton.com වෙත පැවසු පරිදි. “මම සතුටු කඳුළු හෙලුවා. ඇය හරිම සුන්දරයි. ඇය මගේ පළමු දරුවායි.”

පුංචි අමිරා ඉවෝන් ග්ලෙන්ට මෙවන් ප්‍රතිචාරයක් ලැබේ යයි ටවියොන් ගලෙන් කිසි සේත්ම බලාපොරොත්තු වුනේ නැහැ. එහෙත්, එය එතරම් පිරිසිදු හා උද්යෝගිමත් මොහොතක් නිසා මිනිසුන් එයට ප්‍රතිචාර දැක්වූ බව ඔහු සිතනවා.

"මිනිස්සු කියන්නේ ඒක හොඳයි කියලයි. ටික කාලෙකට පස්සේ ධනාත්මක දෙයක් කියා දුටු අය කියනවා" කියා 20 හැවිරිදි පියා පැවසුවා.

අමීනාගේ මිත්තනිය ටීනා නිව් ටවියෝන්ගේ අදහසට එකඟ වෙමින් පැවසුවේ, "දැන් මේ රටේ සෑම දෙයක්ම විනාශයට පත් වී ඇති නිසා මෙවන් සතුට ගෙන දෙන වීඩියෝ පට බැලීමට එදිනෙදා පීඩනයෙන් ජිවත් වන මිනිසුන් හුඟක් කැමතියි."

ග්ලේන් රුගත කළ මේ විඩියෝපටය මිලියන 30 කට වඩා වැඩි ගණනක් දැක ඇති අතර 231,000 කට වඩා ප්‍රතිචාර දක්වා ඇත.  එය 414,000 වාරයක් ද බෙදාගෙන ඇත.

බබාගේ මේ ප්‍රතිචාරයට දායක වූ දරුවාගේ හෙදියගේ හිස සේදීමේ විශේෂ කුසලතාවත් අගය කල යුතයි.

බිලිඳා නැහැවිමේදී සැලකිලිමත් විය යුතු කාරනා කිහිපයක්

අලුත උපන් බිලිඳා නැහැවීම අභියෝගයක් ලෙස පෙනෙන්නට තිබුණත්, ඔබ නොසන්සුන් විය යුතු නැහැ. සන්සුන්ව ඊට සුදානම් වීමෙන් මෙම ක්‍රියාදාමය ඔබ දෙදෙනාටම විනෝදජනක අත්දැකීමක් වනවා නියතයි. පහසුවෙන්ම බිලිඳා නහවා ගන්නට උදව් වන කරනා කිහිපයක් ටෙස්කෝහි දෙමාපිය උපදෙස් ආශ්‍රයෙන් ඔබ වෙත ගෙනහැර පාමු.

1. නහවන වේලාව බිලිඳාගේ වෙලාවයි

හැම බබෙක්ම වෙනස්. බබාව නහවන වෙලාව කුමක්දැයි බබාගේ දෛනික ක්‍රියාකාරකම් හඳුනන ඔබට තීරණය කරන්න පහසුයි. ඔබ දෙද්නේඅටම පහසු උදෑසන කාලයේ වෙල්ලවක් මේ සඳහා ඔබට තෝරාගත හැකියි. එකම වෙලාවට මෙය හුරු කිරීමෙන් ඔබ දෙදෙනාටම මෙම ක්‍රියාදාමය මහත් පහසු එකක් වනවා නොඅනුමානයි.

2. දිනපතාම බිලිඳා නැහැවීම අත්‍යවශ්‍ය නැහැ

ඔබේ දරුවාගේ මුහුණ, අත් සහ පසුපස පිරිසිදු කිරීම සඳහා උණුසුම් රෙද්දක් භාවිතා කළ හැකිය. නමුත් දිනපතා ස්නානය කිරීම අත්‍යවශ්‍ය නොවේ.

3. උෂ්ණත්වය නිවැරදිව ලබා ගන්න

පළමුව සීතල ජලයෙන් බබා නහවන බේසම පුරවා ඉන්පසු සුවදායක උෂ්ණත්වයකට ජලය ලං වන තෙක් උණුසුම් ජලය එකතු කරන්න. උෂ්ණත්ව පරීක්ෂාව සඳහා ඔබට ඔබේ වැලමිට (ඔබගේ අත් වලට වඩා සංවේදී වන) භාවිතා කළ හැකිය.  

4. බිලින්දාට පහසු ලෙස වතුරෙහි බහාලන්න

ඔබේ දරුවාගේ ඇඳුම සහ ඩයපර් ඉවත් කළ පසු, ටිකෙන් ටික වතුරෙහි ඉන්දවන ආකාරයෙන් පටියා වතුර බේසමේ රඳවා ගන්න. 

5. කඩිනම් වන්න, නමුත් ප්‍රවේශමෙන්

පුංචි බිලිඳාට පහසුවෙන් සිතල ඇති වන්න පුළුවන්. ඉතින් බොහෝ වෙලාවක් වතුරේ නොතබා කඩිනම් කරන්නට ඕනේ. බබාට යම් අපහසුතාවක් ඇත්තේ යයි හැඟෙන්නේ නම් ගීයක් ගයා හෝ සෙල්ලම් බඩුවක් නාද කොට සෝදා අවසන් කරන තුරු ඇගේ අවධානය බිඳිය හැක.

6. මෘදු නිෂ්පාදන භාවිතා කරන්න

අලුත උපන් බිලිඳාට සබන් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය නැතත් බිලිඳු සැමට ඔබින මෘදු ආකෘතියක් භාවිතා කරන බවට වග බලා ගත යුතුය.

7. බිලිඳා පිස දමා ගන්න

සේදු පසු බබාව තුවායකින් හෝ බ්ලැන්කට්ටුවකින් ඔතන්න. බබාව මෘදුව පිස දමා ඉක්මනින් සුදුසු ඇඳුම් අන්දවාගන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • සැපට, සනීපෙට හිස සේදීම රස විඳින මේ පැටියාව හැකිනම් හිනා නොවී බලන්න
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it