සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

ඔබේ බිරිඳගේ මනස ඔබ හිතන හැම වෙලාවකම නිදහස් නොවෙන්න පුළුවන්.

මෑතකදී මං කියවූ ලිපියක මව්වරුන් නිතර ඔවුන්ගේ සහ දරුවන්ගේ සෙල්ෆි ගන්න හේතුව ගැන සටහන් කර තිබුණා.

මේ ලිපියේ කතුවරිය විසින් ඔහුගේ මිතුරියක් ගැනත් එම මිතුරිගේ මවගේ වියෝවත් සඳහන් කර තිබුණා. ඇය ඇයගේ මව සමග ගත් ඡායාරූපයක් සොයන විට ඉතාම පැරණි පින්තූරයක් ඔහුට සොයාගන්නට ලැබී තිබුණා. නමුත් එය ඔහු ඉතා කුඩා කාලයේ ගත් එකක් වුණා.

මෙය ජීවිත කාලය තුළම අම්මා සමගින් ඔහු ගත් එකම පින්තූරයද?

අද කාලයේ කැමරා පහසුකම් ඇති විවිධ දුරකථන ඇති නිසා මවකට දරුවෙකු සමග පින්තූරයක් ගන්න අවසථාව තියෙනවා. විශේෂයෙන් සෙල්ෆි ගැනීම කරන්න පුළුවන්. එය සමහර විට මවකට දරුවන් සමග පින්තූර ගත හැකි එකම කාලය වෙන්නත් පුළුවන්. ඉතින් තාක්ෂණය නිසා හුඟක් අම්මලා ඒවා කරන අතර දැන් දරුවන්ව පවුලේ අයගේ ඡායාරූපයට ගැනීම අම්මලාට ලෙහෙසියි. නමුත් හැම වෙලාවකම එය එසේ විය යුතුද?

අම්මා කෙනෙකුගේ මේ ආදරණීය ඉල්ලීම ගැන තාත්තලා ටිකක් සිතා බලන්නත් වටීවි.

සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

ආදරණීය තාත්තලාටයි,

මම දන්නවා පිය පදවිය වගකීම් දරාගෙන ඔබ ඉතා කැපවීමෙන් පවුල වෙනුවෙන් දහදිය හෙලනවා. ඒ වගේම අවංකව හිතුවොත් ඔබේ බිරිඳත් දරුවන්ව ලොකු මහත් කරන්න හුඟක් වෙහෙසක් දරනවා. දරුවන් වෙනුවෙන්ම වෙහෙසෙන ඔවුන්ව හුඟක් වෙලාවට ඇගයෙන්නේ නැහැ කියලා තේරෙනවා.

දරුවන් නිසා, ගෙදර වැඩ නිසා කොයිතරම් වෙහෙසට පත්වෙලා දවසම ගැන කළකිරුණත් පුංචි පැටව් නින්දට වැටිලා ඉන්න හැටි දැක්කහම ඒ කළකිරීම සතුටක්, සමාව අයැදීමක් බවට පත්වෙන්නේ අම්මා හුඟක්ම සංවේදී නිසයි.

මෙවැනි මොහොතකම ඇගේ හිත උණු වුණ හැඟීම් ආදරය දෝර ගලන හැටි ඔබට පින්තූරයට නගන්න පුළුවන් නම්. ඇයට මෙය කරන්න බැහැ. ඇය තාමත් සංවේදී වෙලා.

සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

ඒ වෙනුවෙන් ඔබේ හිත ගැහෙනවා නම් මතු දිනයක දරුවන්ටත්, ඇයටත් එය හරි වටිනා තෑග්ගක් වෙනවා. දරුවන් නින්දට යද්දී වෙහෙසකර දවසක් අවසානයේ උණුසුම් තේ කෝප්පයක් සමගින් දවස ආවර්ජනය කරන ඇයගේ මුහුණේ ඉරියව් ඔබට පින්තූරයට නගන්න පුළුවන්.

පුංචි පැටියා පළවෙනි දවසේ පෙර පාසලට යනකොට තොරතෝංචියක් නැතිව ඔබ ඇගේ පින්තූර ගත්තා. ඉතින් මේ වෙලාවට දරුවගේ අම්මවත් අමතක කරන්න එපා. ඇයට ඒ අවස්ථා ඔබට වගේම වටිනවා. නමුත් ඇයට එය පින්තූරයකට නගාගන්න ඔබ උදවු කරන්න.

මෙවැනි අවස්ථාවක යමෙකුට කඳුළු පිහදාන ඇගේ ආකර්ෂණීය මුහුණේ ඉරියව් දකින්නට පුළුවන් ඔබටම විතරයි නේද?

ඇගේ මේ මොහොත ඔබේ කැමරාවේ සටහන් වූ අයුරු දුටුවොත් ඒ ගැන කාට වුනත් ඇසට කඳුළක් නැගෙනවා....

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි