"මගේ සැමියාගේ දෙමාපියන්ට මම කැමති නෑ. ඒත් මගේ දුව ඔවුන්ට ගොඩක් ආදරෙයි"

lead image

මාත් මගේ සැමියගේ දෙමාපියනුත් අතර තියෙන සම්බන්ධය මගේ දුවට බලපෑමක් නොවෙන්න මම මොනවද කරන්න ඕනේ ?

ලේලියක් විදිහට මගේ සැමියගේ දෙමාපියන් අතරත් මමත් අතර මොනවගේ සබඳතාවයක් තිබුණත් එය මගේ දියණියත් ඇගේ ආච්චි සීයත් අතර ප්‍රශ්නයක් කරන්න මම කැමති නැහැ.

මනාලියක් විදිහට ඔවුන්ගේ නිවසට ගියදා පටන් වසර දහයක් විතර මම ඔවුන්ගේ මේ එකඟ විය නොහැකි හැසිරීම් ඉවසා දරාගෙන හිටියා. ඒත් අන්තිමට ඉවසලා ඉවසලා මම ඒ ගැන කතා කළා.

මම ඔවුන්ට ඒ කියන්නේ මගේ සැමියා හා ඔවුන්ගේ දෙමාපියන්ට තවදුරටත් ඔවුන් මට මේ විදිහට සැලකුවොත් මම පොලිසි යනවා කියලා කිව්වා. මගේ හිත හොඳටම බිඳුනා. මගේ මේ හැඬීම් ඔවුන් දැනගත යුතුයි කියලා මම හිතුවා. ඇත්තටම එදා සිදුවීම කිසිම කෙනෙකුට ප්‍රසන්න දෙයක් නෙමෙයි. හැබැයි එදා ඉඳන් මොනවා වුනත් මම ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ.

නමුත් ඉන් ලැබුන ලොකුම වෙනස මගේ ලොකු දුව ඊට ප්‍රතික්‍රියා කරපු විදිහයි. තරමක් වැඩිවියට පත්වූ දරුවෙකු ලෙස මෙතන යමක් සිදුවී ඇති බව ඇයට තේරී තිබුණා. ආච්චිත් හුඟක් දුකින් ඉන්න බවත් ඒ වගේම එයාගේ අම්මත් කිසි විටක මේ වගේ නපුරු වෙනවා ඇය දැකලා තිබුනේ නැති බවත් ඇය කල්පනා කරලා තිබුණා. කොතැනක හෝ වැරදීමක් ඇති බව ඇයට වැටහී තිබුණා.

ඉතින් මේ සිද්ධියෙන් දින දෙක තුනකට පස්සේ ඇය මගෙන් ඇහුවා මොකද වුණේ කියලා. ඒ වගේම මට එයාගේ ආච්චිලත් එක්ක රණ්ඩුවක් ඇතිකරගත යුතුද ? මම ඒගොල්ලන්ට ආදරේද? කියලත් එයා ඇහුවා.

මම එයාගේ ආච්චි සීයටයි පොඩ්ඩක් වත් ආදරේ නැති බව ඇයට කිව්වා.

මට එයාට කියපු දේ ගැන ආඩම්බර වෙනවා නෙමේ. ඒත් මේ මම හිතුවා මේක තවත් හංගන්න කාලය නෙමෙයි කියලා. අනික් අතට ඇය යථාර්තය අවබෝධ  කරගත යුතු බව මම සිතුවා. සමහර වෙලාවට අපිට හැඟීම් ආරූඪ කරගන්න හුඟක් අමාරු වෙනවා. මම ඇයට ඇත්තම කිව්වා.  මම ආච්චිටයි සීයටයි ආදරේ නැති බවත්, අඩුතරමින් මම ඔවුන්ට කිසිම කැමැත්තක්වත් නැති බවත් කිව්වා. ඒ වගේම ඔවුනුත් ඒ වගේම බවත් මම ඇයට කිව්වා. ඔවුන් මට අකමැතියි. එසේම මට කිසිම ආදරයක් නැති බවත් කිව්වා. මේක ඉතා තිත්ත ප්‍රකාශයක්. අපි කොච්චර අකමැති වුනත් ආදරේ නැති වුනත් සමහර පුද්ගලයන්ට අපි අපේ මූලික ගෞරවය, සත්කාරය හා ඔවුන්ගේ උවමනා එපාකම් සොයා බලා කළයුතු බව මම ඇයට කිව්වා.

ඒ හින්දා ඔවුන්ට නිසි වෙලාවට කෑම, විවේකය වගේම මට පුළුවන් වෙලාවට හොඳින් කතා කරන බවත් මම ඇයට කිව්වා.

මට මොනතරම් ඔවුන් සමග ගැටළු තිබුනත් මට හැමවිටම ඔවුන්ට දුෂ්ට ලෙස සලකන්නේ නැහැ. එදා වුණ සිදුවීමේදී හැරෙන්න මම හඬ නගා ඔවුන් සමග කතාවට යන්නේ නැහැ වගේම එකට එක කියන්නත් යන්නේ නැහැ.

ඒ හින්දම මගේ දුවට ඒක අදහා ගන්න බැරි දෙයක් වෙන්න ඇති. ඒ වගේම තාත්තා ට වගේම ඇය හුඟක්ම මටත් ආදරේ කරන නිසා ඒ කියන්නේ එයාගේ අම්මිට එයාගේ ජීවිතේ තවත් වැදගත්ම පුද්ගලයන් වන ඇගේ ආච්චි සහ සීයට මම අකමැති වීම ඇයට ලොකු ගැටළුවක් බව මට වැටහුණා.

මට එහෙම හිතුනේ ඇයි කියලා ඇය ඇහුවා

සමහර වෙලාවට සමහර අයගේ අදහස් වලට අපි අකමැති වුනත් ඒවා ගැන කියන දේවල් අසා හිත හුඟක් රිදෙන්න පුළුවන් බව මම ඇයට කිව්වා. ඇය එය තේරුම් ගත්තා. ඉන් හුඟක් හිත රිදුනම ඒ අයට කතා කරන්න කට අරින්නවත් නොහිතෙන බව මම ඇයට කිව්වා. ඇය එය තේරුම් ගත්තා.

නමුත් මගේ පැත්තෙන් ඔවුන් ගැන මට මොන තරම් අපැහැදිලි දේවල් තිබුනත් ඇය එය ගැටළුවක් නොකරගත යුත්තේ ඇයට ඇගේ ආච්චි හා සීයා සමග ඇය කැමති ලෙස සබඳතා පවත්වාගෙන ගියත් ඊට මම කිසිවක් නොකියන බවත් නිසිතැන දෙන බවත් කිව්වා. මම දන්නෑ ඔබ මෙය කොයි විදිහට හසුරවනවද? ඊට මුහුණ දෙනවද? කියලා. මටත් ඒ ගැන කියනවද?

ඇගේ හඬ බොහෝ ආසියාතික කාන්තාවකගේ හඬට සමානයි. දහසක් බලාපොරොත්තු මැද කුලගෙට යන දුවරුන්ට ජීවිත කාලයටම ලෝකයට කියන්න බැරි රහස් ඉතිරි වන්නෙත් මේ නිසා වෙන්න පුළුවන්. theAsianparent Sri Lanka මේ සටහන ඒ සිත බිඳුණු මිතුරියන් වගේම එවන් දේ ඔබටත් සිදු නොවේවායි ප්‍රර්ථනා කරන අනෙක් කාන්තාවන් හටත් ආදරයෙනුයි.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ