සැමියා බිරිදට නොදැන කරන වැරදි

"ඇයට ආදරය කිරීම යනු ඇයගේ දුර්වලතා වැලැක්වීම සහ පුද්ගලයෙකු ලෙස ඇයගේ වර්ධනය දිරිමත් කිරීමයි..."

කොතරම් හොදින් අදහස් කළත්, බොහෝ පිරිමින් තම භාර්යාවන්ට නොසැලකිල්ල හා අසතුටට දනවන සමහර දේවල් කිරීමට පෙලඹෙනවා.

සැමියා බිරිදට නොදැන කරන වැරදි පහක් මෙන්න

•අනිත් දේවල් වලට මුල් තැන දීම

ඔබේ පවුල වෙනුවෙන් උපයා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළත්, ඔබේ බිරිඳ සමඟ ඔබේ සම්බන්ධතාවයේ අසමතුලිතතාවයක් ඒ තුලින්  ඇති විය හැකිය.

එක් උදාහරණයක් වන්නේ ඇය ඇයගේ දවස ගැන කතා කරමින් සිටියදී ඔබ ඔබේ ඊ මේල් පරීක්ෂා කිරීමයි.

එසේත් නැතිනම් ඇය බරපතල දෙයක් ගැන කතා කරන විට ඔබ ඇයගේ ඇස් දෙස ගැඹුරු ලෙස බලනවා වෙනුවට ඔබගේ දුරකථනය දෙස බැලිමයි.

•කාලය හා මුදල්  හොඳින් කළමනාකරණය නොකිරීම

ඔබගේ දිනය තුල ඉතා ඉක්මනින් ඉටු කළ යුතු කාර්යයන් සහ සේවා වලින් පිරී තිබිය හැක. එහෙත් ඔබ ඔබේ අවධානය ඇය කෙරෙහි  යොමු කිරීම සඳහා ඔබගේ කාලසටහනෙහි ඉඩක් තබාගන්න.

ඔබේ බිරිඳ පවුල තුළ වැඩිපුර  මුදල්  ඉපයුවද, පවුලේ  අයවැය හිඟය පාලනය කිරීමට ඔබට නොහැකි නම් විවාහයේ පීඩනයක් ඇති විය හැකිය.

ඔබේ නිවස පාලනය කිරීම ගැන ඔබ සැලකිලිමත් වෙමින්   ඔබ ඇයට ආදරය හා අගය ලබා දෙන බව පෙන්වා දෙන්න.

•ශාරිරිකව ආදරය ලබා නොදීම

ශාරිරික සමීපතාව යනු ලිංගික සම්බන්ධකම් වලට වඩා බොහො එහා ගිය දෙයක් (ලිංගිකත්වයද වැදගත් වුවත්) වෙනවා.  

ඔබ රුකියාවට පිටත්වීමට පෙර ඇයව වැළද ගැනීමෙන් හා සිපගැනීමෙන් සෙනෙහස පෙන්විය හැකිය.

එය චිත්‍රපටියක් නරඹන විට ඇයගේ අතට අත තැබීම වැනි සරල ක්‍රියාවකින් පවා කල හැකිය.  නිදන කාමරයෙන් පිටත සිදු කරන මෘදු ක්‍රියාවන් ගෙන් නිදන කාමරයේ ඇතුළත ක්‍රියා වඩාත් අර්ථවත් කර ගත හැකිය.

•ඇගේ සිහිනය අධෛර්යමත් කිරීම

පැහැදිලිවම සැමියන්ට මෙහි වැරැද්දක්  නොදැනෙන අතර එය සුළු කාරණාවලට අයත් ය.

නිදසුනක් වශයෙන්, ඇය සතුටට පත්වන වර්තමාන විනෝදාංශයක් ගැන ඔබට පවසන විට ඔබ ඇයගේ අදහස ඉවත්  කරමින් ඇයගේ කාලය වෙනත් දෙයක් වෙනුවෙන් යොදවන ලෙස යෝජනා කරනවා නම්  ඔබ ඇයව නොදැනුවත්ව රිදවනු ඇත.

•සැබවින්ම ඇහුම්කන් දෙන්න උත්සාහ නොකිරීම

ඔබේ බිරිඳට පැවසීමට ඇති දේ ඇයගේ ජීවිතයේ ඕනෑම වේලාවක ඇහුම්කම් දීමට උත්සාහ කිරීම වැදගත් වේ.

අවුරුදු ගානක් ගතවෙලා ගිහින්  නිසා ඔබ අඩු උනන්දුවකින් වැඩ කළ යුතු බවත් , ඔබේ බිරිඳ තනි පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ යුතු බවත්, ඇයට තනි කෙනෙක්  වීමට ඉඩ දිය යුතු බවත් ඉන් අදහස් වෙන්නේ නැහැ .

ඇයට ආදරය කිරීම යනු ඇයගේ දුර්වලතා වැලැක්වීම සහ පුද්ගලයෙකු ලෙස ඇයගේ වර්ධනය දිරිමත් කිරීමයි. මේ පිළිබද ඔබගේ අදහස් අප හා බෙදා ගන්න.

සැමියා බිරිදට නොදැන කරන වැරදි වලින් වැලකී සිටින්න මේ තොරතුරු ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී