ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

කාන්තාවන් සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම් ඔවුන්ගේ විවාහය අමිහිරි වෙන්නත් පුළුවන් . මේ පුංචි පුංචි රණ්ඩු ලෝක යුද්ධයක් කර නොගන්නේ කෙසේද ?

ඔබ ඔබේ සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම් නිසා නිසැකවම ප්‍රීතිමත්  විවාහයක් ලබා නොදෙයි.

එහෙත්, ඔබ හා ඔබේ සැමියා  අතර අනාගතයේ ඇතිවිය හැකි  ගැටලු වළක්වා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ සම්බන්ධතාවයේ  ගැටුම්  ඇති කර යුතු දේවල් පිලිබඳ  සාකච්ඡා කිරීමට     සැලකිලිමත් විය යුතුය.

එබැවින් ඔබ සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම් සහ ඒවාට ඔබේ සම්බන්ධතාවය ඇත්තටම වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?

• ගැටුම : ඔබ ආදරය පෙන්වන්නේ  ලිංගික හැසිරීමක්  අවශ්‍ය වු විට පමණයි.

කාන්තාවන් ආදරය ලැබීමට  කැමති  වන අතර එය සෑම විටම ලිංගික හැසිරීමක් විය යුතු  නැහැ . එබැවින්, ඔබේ සැමියාට  ලිංගික හැසිරිමක්  අවශ්‍ය  වුවහොත් ඔහු  මල් ගෙන එන්නේ, අත් අල්ලන් ඉන්නේ, සිපගන්නේ හා වැළදගන්නේ අන්න ඒ නිසයි. ඔබට ඔබව භාවිතා කලා වැනි හැඟීමක් ඇතිවිය හැක.   දිගු කාලයක් යද්දි  ඔහු එනවා පෙනෙන විටත් ඔබට පීඩනයක් දැනෙන තරම් ඔහුගේ ලිංගික  ක්‍රියා ඔබට අසීරුතාවයකට පත් කරනු ලබයි. මෙම  ගැටලුවට විසඳුමක් ලෙස ස්පර්ශයකින් තොරව එකිනෙකා ආදරයෙන්  බැඳී  සිටින  ලිංගිකත්වයෙන්  තොර රාත්‍රීන්  ‍යොදා ගැනීම විශේෂඥයින් යෝජනා කරනවා.  ලිංගිකත්වයෙන් තොර  ශාරීරික සම්බන්ධතාවයක් සඳහා ඔබේ අවශ්‍යතාවය පවසන්න.   ඔහුගේ වැළදගැනීමකින් හෝ බැල්මකින් ඔබව ප්‍රීතියෙන් උතුරා යන බව විස්තර කරන්න.

සැමියා සමග ගැටුම්

ගැටුම : "ඔයා හැමතිස්සේම ඔයාගේ ෆෝන් එකේමයි."

එකිනෙකා ගෙන් වෙන්වී දවසේ බොහෝ වේලා ගත කල පසු , ඔබට ඔබේ සැමියා  සමඟ කථා කිරීමට අවශ්‍ය  වන අතර, ඔහුගේ අවධානය යමක් වෙත ඇදි  නොයෑම අවශ්‍ය වෙනවා. එය පහසුවෙන්  සිදු වී මෙය සීතල යුද්ධයක් බවට පත්වෙනවා. "

අපි කතා කරනවා නම්, ඔයා නිතරම ඉන්නේ ඔයාගේ  දුරකථනයේ, මාව ඔයාට වැදගත් නැහැ කියලා මට හිතෙනවා." යන්න ගැඹුරු හුස්මක් ගෙන සංසුන්ව කියන්න. නැතිනම්  ඔබ දෙපළට දවල් කෑම වේලාව, ඔබේ දවස ගැන ඔබ කථා කරන කාලය , රූපවාහිනිය නරඹන කාලය  වැනි දුරකථනයෙන් තොර කාලයක්  ‍යොදා ගත හැකිය.

ගැටුම : "ළමයින් ඉදිරිපිට මාගේ තීරණ වලට  එරෙහි  වෙන්න  එපා"

ඔබේ සැමියා නිතරම  දරුවන් ඉදිරියේ   ඔබේ තීරණ පාලනය කරන විට එය බැරෑරුම්ව ගන්න අසීරුයි.

එය ඔබ දරුවන්ට නින්දට යන ලෙස පැවසු විට  ඔබේ දරුවන්ට විනාඩි 15 ක වැඩි කාලයක් රූපවාහිනිය නැරඹීමට ඔහු  ඉඩ දීම  වැනි සරල දෙයක් විය හැකිය.

එවැන්නක් සිදු වන්නේ නම්, ළමයින් යම් දේවල් වලින් පලා යා හැකි බව  අවබෝධ කරගන්නවා. ඔබ ගෙන් එක් අයෙක් දරුවා ගැන තීරණයක් ගන්නවා නම් අනිත් කෙනා එම තීරණයට ගරු කල යුතු අතර කවුරු තීරණය ගත්තත් එයට සහය දැක්විය යුතුය.

විවිධ ආකාරයේ දරුවන්  රැකබලා  ගැනීමේ රටාවන්  තිබීම  ස්වභාවික ය. ළමයින් අවට නැති විට ඒ වෙනස්කම් ගැන සාකච්ඡා කරන්න. ඔවුන් ඉදිරියේ එකට සිටින්න. ඔබට   යමක් පරීක්ෂා කර බැලීමට ඔබේ සහකරු අසල නොමැති  නම්, ඔබ එකිනෙකා සමඟ සාකච්ඡා කරන තෙක් තීරනයක් නොගන්න.

ගැටුම :  "ඔයා හැම වෙලාවෙම වැඩ කරනවා"

මෙම දුෂ්කර රැකියා වෙළඳපොළ තුළ බොහෝ සැමියන්ට තම ප්‍රධානින්ගේ හොඳ හිත රැක ගැනීමට අතිශයින් වෙහෙස මහන්සි වී වැඩ කරන්න වෙන බව ඇත්තයි.

එසේත් නැතිනම් ඔහු ඔහුගේ රැකියාවට  ඇත්තටම  කැමතියි. හේතුව කුමක් වුවත්, ඔබේ සැමියාගේ  මේ දුරස් වීම  සියලු වැඩවලදී ඔබට ඔබ තනිකමක් ලබා දේ. ඒ ඔබ ඔහුව දකින්නේ කලාතුරකින් වීම නිසයි. ඒ නිසා ඔබ කරන්නේ කුමක්ද?

ඔබ ගැටුමක් ආරම්භ කර  ඔහුට එතරම්ම වැඩ කිරීම කොතරම් අප්‍රසන්න දැයි   පවසන්න.

ඔබ ඔබේ සැමියාට වැඩිපුර වැඩ නොකරන ලෙස පැවසු විට එය " මම මගේ පවුල වෙනුවෙන් කරන සියලු වැඩ වෙනුවෙන් ඔබ ගරු කරන්නේ නැහැ "ලෙස  ඔහුට ඇහෙන්න පුළුවන්.

"මෙම රේඛාවන් ඔස්සේ සටන් කිරීම වෙනුවට, ඔබ ඔහුට කොතරම් දුක්වුණාද කියා කියන්න උත්සාහ කරන්න.

වැඩි කාලයක් එක්ව ගතකිරීමට  ඔබට කළ හැකි දේ ගැන කථා කරන්න.  සාමාන්‍යයෙන්  ඔබ කෝපි හා උදේ ආහාර එක්ව ගැනීම සදහා  ඉක්මනින් අවදි වීම , ජිම් එකට එකතු වී යෑම හෝ නිතිපතා එක්ව රාත්‍රීන් ගත කිරීම   වැනි සැලකිලිමත් විය යුතු සරල කාරණා තියෙනවා.

ගැටුම : "ඔයාගේ පවුලේ අයට ,මිතුරන්ට මට ඒ විදිහට සලකන්න ඉඩ දෙන්න එපා."

ඔබගේ සැමියාගේ දෙමාපියන්  හෝ   මිතුරන් ඔබට කිසියම් අවස්ථාවක දී  රිදවීම  නිසැකවම නොවැළැක්විය හැකි අතර, ඔබ වෙනුවෙන් ඔබේ සහකරු පෙනී සිටීමට  අසමත් වීම ඔබව දැඩි ලෙස කෝපයට පත්  කල හැකිය.

නමුත් , ඔබේ ස්වාමිපුරුෂයා ඔබ මෙතරම් කෝපයට පත්ව ඇත්තේ ඇයිදැයි  පවා නොදනී. ඔබ මේ තත්වයේ  සිටින විට,  ඔබට  ගැඹුරු හුස්මක්  ගෙන ඔබේ සහකරු හා  වාඩි වී, ඔහුගේ පවුලේ අයගේ  මිතුරන්ගේ ක්‍රියාකලාපය  ඔබට වේදනාවක්  වී ඇත්තේ ඇයිද යන්න ගැන ඔහුට විස්තර කර දීම  විශේෂඥයන් නිර්දේශ කරනවා.

විශේෂයෙන් අනාගතයේ එවැනි තත්ත්වයන් මග හරවා ගත හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න.

නිදසුනක් වශයෙන්, ඔබේ නැන්දම්මා පවුල ඉදිරියෙහි ඔබේ දරුවන් රැකබලා ගැනීමේ ක්‍රමය විවේචනය කිරීම  කරනවා නම්, ඔබේ සැමියාට  ඇය සමඟ පෞද්ගලිකව එය  කථා කරන  ලෙස ඉල්ලා  සිටින්න.

ගැටුම : "ඔබ සැමවිටම පැමිණිලි කරනවා ."

ඇත්ත වශයෙන්ම,  ඔබේ  සහකරු  ආත්මීය සහකරුවෙකු වන අතර,ඔහුට  ඔබ සමග රැකියාවේදී හෝ  ජීවිතයේ ඇතිවෙන  ගැටලුවක් ගැන  කතා කළ හැකිය. කෙසේවෙතත්, ඔහු දිනපතා මෙය කරන විට  ඔහුගේ පැමිණිලි වලින් ඔබේ සම්බන්ධතාවයේ ප්‍රීතිය  මුලින් උපුටා දමනු  ඇත.

විශේෂඥයින් පවසන පරිදි, ඔබේ ස්වාමිපුරුෂයා පැමිණිලි නඟන විට, විනාඩි කිහිපයකින් ඔහුට අවධානයෙන් සවන් දෙන්න. ඔහු පවසා අවසාන වු විට, ඒවායේ  හොද පැත්තක් පෙන්වා දී වෙනත් යමක් ගැන කතා කිරීම සුදුසු  බව ඔහුට පවසන්න

ගැටුම : "ඔබ වැඩිපුර වියදම් කරනවා" " ඔයා ලෝභයි."

මුදල් ගැටළුව බොහෝ විට සහකරුවන් අතර තර්ක  ඇතිවීමට බොහෝ හේතු  වේ.

නමුත් වියදම් කිරීම ගැන විශාල ගැටුමක් ඇති කර ගැනීමට   පෙර, ඔබේ සහකරුගේ උත්තේජනය ගැන තේරුම් ගැනීමට  උත්සාහ කර බලන්න. විශේෂඥයින් පවසන්නේ වියදම් කරන්නන් මුදල් වියදම් කර  විනෝද වීමට  කැමති   වුවත් මුදල් ඉතිරි කරන්නන් මුදල් ඉතිරි කිරීමෙන්  ආරක්ෂාවක් ලබනවා.

ඔබට වැදගත් වන මුදල් ප්‍රශ්නය කුමක් වුවත් එය වර්ධනය  කරන්න එපා. අතීතයේ සිදු කළ මුදල් සම්බන්ධ තීරණ වලට  ඔබ නොයායුතු බවත් , ඔබ සහ ඔබේ සහකරු අනාගතය සදහා  නීති රීති සකස් කළ යුතු බවත් විශේෂඥයින් උපදෙස් දෙයි.  

සෑම මාසයකම කැමති දේ සදහා  වියදම් කිරීමට යම් ප්‍රමාණයක් දක්වා ඔබ දෙදෙනාම එකඟ විය හැකිය. ඊට අමතරව ඔබ ඔබේ සහකරු සමඟ සාකච්ඡා කළ යුතුය.

ගැටුම :  " හැම වෙලේම හැම දෙයක්ම මගේ කරපිට තියෙන බව දැනෙනවා"

ඔබ රැකියාවක් කරන හෝ නිවසේ රැදිසිටින මවක් වුවත් , යථාර්ථය වන්නේ නිවසේ වැඩ කටයුතු තවමත් ඔබ සිදු කළ යුතු බවයි.

ඔබ විසින් නිවසේ  කටයුතු කිරීමෙන් (විශේෂයෙන් ඔබ සහායකයෙකු නොමැති නම්) පැහැදිලිවම කායික වශයෙන් ඔබ වෙහෙසට පත් විය හැකි අතර  ඔබේ සැමියා ඔබ කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම ගැන සිතීම නිසා  මානසිකව විඩාවට පත්වෙනවා.

කෙසේ වෙතත් විශේෂඥයින් පවසන්නේ මෙය බොහෝ විට ඔහු එය  දකින ආකාරය නොවන බවත්, කාන්තාවන්ට බොහෝ විට තමන් මත බර පටවා ගැනීමේ හා කාරනා පෞද්ගලිකව ගැනීමේ ප්‍රවණතාවක් තිබෙන බවයි.

ඔබ ගෙදර දොරේ වැඩ කටයුතු කරන විට ඔබට සහාය නොදක්වන බවක් දැනෙනවා නම්, ඔබ ඔබේ සහකරු අමනාපය වීමට   පෙර ඒ ගැන කතා කරන්න.

ඔබේ මානසික පීඩනය  අඩු මට්ටමක තිබියදී සාකච්ඡා කිරීම ආරම්භ කිරීමටත් ඔබේ අවශ්‍යතා පැහැදිලිව පැවසීමටත් මතක තබාගන්න.

"මේ දේවල් තුන මට මතක් කරන්න ඉඩ තියෙන්නේ නැතුව ඔබ  කරනවා නම් ,  ඒක මට කරන ලොකු  උදව්වක්" යැයි කියන්න උත්සහ කරන්න.  

ඔහුට අමතක නම්  මෘදු ලෙස (නමුත් ස්ථිරවම) මතක් කරන්න. එවන් සරල (නිසැකවම ) ඉල්ලීම් කිරීම ඇත්ත වශයෙන්ම ඔබට  අවශ්‍ය නොවන බව ඔබ හිතුවත් සත්‍ය නම් බොහෝ විට සමහර සහකරුවන්ට  ඇගිල්ලෙන් ඇන කීම  අවශ්‍ය වෙනවා.

ගැටුම : "ඔබ වෛද්‍යවරයකු  වෙත යා යුතුයි".

සාමාන්‍යයෙන්  පුරුෂයන් වෛද්‍යවරුන්  වෙත යාමට  මැලි  බව අප සියලු දෙනා දන්නවා. සෞඛ්‍ය  ගැටලු සම්බන්ධයෙන් වෛද්‍යවරයා හමුවීමට ඇති අකැමැත්ත නිසා අපි අපගේ සැමියන් සමඟ පවා  තර්ක කරනවා.

විද්‍යාඥයන්ගේ උපදෙස් වන්නේ වෛද්‍යවරයාට  බිය ඔබේ  සැමියා අත් නොහරින්න යන්නයි. ඒ ගැන ගැටුම් ඇති කර ගැනීමට වඩා, ඔහු එතරම් පසුබට වන්නේ ඇයි කියා සොයා බැලීමට උත්සාහ කරන්න.

විශේෂඥයන් පවසන්නේ මිනිස්සු බොහෝවිට සෞඛ්‍ය ගැටලු නොසලකා සිට්න්නේ   ඔවුන්ට ඇති වුවහොත් එම  නරක පුවත්  හසුරුවන ආකාරය  නොදන්නා නිසා බවයි.  

මෙය ඔබේ සැමියාගේද ගැටළුව විය හැකිය. එය ගැටලුව වන්නේ එය නම් ඔබේ  සහකරු වඩාත්ම භීතියට පත්වන සෞඛ්‍ය  ගැටළු සඳහා වන ප්‍රතිකාර පිළිබඳ යම් පර්යේෂණ සිදු කරන්න .

ඊළඟට, ඔබ ඔහුගේ යහපැවැත්ම උදෙසා මෙම ගැටුම තෝරා ගන්නා බව ඔහුට පැහැදිලි කරන්න. ඔහු ගැන ඔබ  සැලකිලිමත් වන්නේද ඔබට ඔහු කොතරම් අවැසිද ඔබ ඔහුට කොතරම් ආදරෙයිද යන්න හා ඔහු  හා දිගු ගමනක් යන්න  අවශ්‍ය බව ඔහුට කියන්න .

ඔහුට ඇත්තටම ඒ ගැන තර්ක කළ නොහැක.

ඔබ ඔබේ සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම් මොනවාද? පහතින් සටහනක් යොදා අප හා අදහස් බෙදා ගන්න.

ඇත්තටම යම් යම් දේවල් හිතේ හංග ගෙන හිංසා නොකර ඒ දේවල් මේ විදියට සහකරුවාට ඉදිරිපත් කල යුතුය. මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී